Ad Space - leaderboard (728x90)

අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද?

📰 වෙනත්2025 ඉල් 205 min read
අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද?

අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද?

මෑත දිනවල නවසීලන්තයේ සිට තනිව සංචාරිකාවක් ශ්‍රී ලංකාවේදී අත්විඳින ලද අප්‍රසන්න සිදුවීමක් සමාජ මාධ්‍ය පුරා විසිරී ගියා. ශ්‍රී ලාංකික තරුණයෙක් ප්‍රසිද්ධ ස්ථානයක දී තම පුරුෂ ලින්ගය ඇයට පෙන්වලා තියෙනවා. මේ වගේ සිදුවීමක් අපේ රටේ නමටත්, සංචාරක කර්මාන්තයටත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතයටත් කොච්චර විශාල හානියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒත් මේක හුදෙක් එක පුද්ගලයෙක්ගේ වරදක් විතරක් නෙමෙයි - මේක අපේ සමාජයේ තියෙන ගැඹුරු ගැටළුවක සලකුණක්. අපි බලමු මේ වගේ දේවල් සිදු වෙන්නේ ඇයි, මේ පිටුපස තියෙන මනෝවිද්‍යාව මොකක්ද, සත්‍ය තත්වය කුමක්ද කියලා.

මේ වගේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද?

මනෝවිද්‍යාවේදී මේ වගේ හැසිරීමට කියන්නේ "Exhibitionism" කියලා. මේක සාමාන්‍ය ලිංගික හැසිරීමක් නෙමෙයි - මේක මනෝචිකිත්සක ග්‍රන්ථවල ලියා ඇති, හඳුනාගත් මානසික ආබාධයක්. මේ ආබාධය තියෙන පුද්ගලයන්ගේ මොළයේ ලිංගිකත්වය සහ තෘප්තිය සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස්ව වැඩ කරනවා. ඔවුන්ට ලිංගික තෘප්තියක් හෝ උද්දීපනයක් ලැබෙන්නේ තමන්ගේ ලිංගික අවයව අනුන්ට - විශේෂයෙන්ම නොදන්න අයට - පෙන්වීමෙන්.

හැබැයි මේ තෘප්තිය ලැබෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය ලිංගික සම්බන්ධතාවක් අන්‍යෝන්‍ය එකඟතාවයකින්, ගෞරවයකින්, දෙපාර්ශවයම සතුටු වෙන විදිහට වෙනවා. ඒත් exhibitionism වල තෘප්තිය ලැබෙන්නේ වෙනම ආකාරයකින්. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ, තමන්ගේ ලිංගික අවයවය දකින තැනැත්තා කම්පනයට, බියට, shock එකට, අපහසුතාවයට පත් වෙන ප්‍රතික්‍රියාව දැක්ම. ඒ ප්‍රතික්‍රියාව තමයි ඔවුන්ගේ ලිංගික උද්දීපනය සම්පූර්ණ කරන්නේ. එකෙන් තමයි තෘප්තිය ලැබෙන්නේ.

මේ පුද්ගලයින් අනුන් බිය ගැන්වීමෙන්, shock කිරීමෙන්, අපහසුතාවයට පත් කිරීමෙන් බලය ලබා ගන්න උත්සාහ කරනවා. විදේශීය කාන්තාවකට ලින්ගික අවයවය පෙන්වන මොහොතේ, ඔහුගේ මනසේ දැනෙනවා "මම බලවත්, මම මේ තත්වය පාලනය කරනවා, මේ කාන්තාව මට ප්‍රතික්‍රියා දක්වනවා". මේක ඉතා කෙටි කාලීන, විකෘති බලයක් - හැබැයි ඔවුන්ගේ මොළයට ඒක ඇත්ත බලයක් වගේ දැනෙන

මනෝවිද්‍යාවේදී මේක හඳුන්වන්නේ "compensatory behavior" හෝ "වන්දි හැසිරීම්" විදිහට. ජීවිතයේ හිඟ යමක් සඳහා වන්දි ගෙවන්න, පූරණය කරන්න උත්සාහ කරන විකෘති ක්‍රම. කාන්තාවක් සමඟ සාමාන්‍ය සම්බන්ධතාවක් ගොඩ නගන්න නොහැකි වූ විට, ඇය shock කරලා, බිය ගැන්නුවාම ඔහුට තමන් "ඇයට බලපෑමක් කළ කෙනෙක්" වගේ දැනෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි, විකෘති thinking pattern එකක් - හැබැයි මේ පුද්ගලයින්ගේ මොළවල් ඔහොම වැඩ කරන්න conditioning වෙලා තියෙනවා.

මේ හැසිරීම ක්‍රමයෙන් addiction එකක් බවට පත් වෙනවා. පළමු වතාවේ කළ විට මොළය තුළ dopamine නමැති රසායනික ද්‍රව්‍යයක් මුදා හැරෙනවා - මේක සතුට, තෘප්තිය සමඟ සම්බන්ධ රසායනික ද්‍රව්‍යයක්. දෙවන වතාවේ එම තෘප්තිය අත්විඳීමට මොළය තවත් ඒ හැසිරීම කරන්න කියලා සංඥා යවනවා. කාලයත් සමඟ මේක නිරන්තර චක්‍රයක් බවට පත් වෙනවා, නවත්වන්න ඉතා අපහසු වෙනවා. සමහර විට මේ පුද්ගලයන්ට තමන් කරන දේ වැරදියි කියලා දන්නවා, හැබැයි නතර කරන්න තරම් ශක්තියක් නැහැ. මේක හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වගේ - මොළයේ රසායනික වෙනසක් නිසා ඇති වෙන තත්වයක්.

සමාජීය කුසලතා හිඟය සහ rejection fear

තවත් වැදගත් කාරණයක් තියෙනවා - බොහෝ exhibitionist වරුන්ට social skills හෝ සමාජීය කුසලතා අඩුයි. ඔවුන් කාන්තාවක් එක්ක ස්වාභාවිකව කතා කරන්න දන්නේ නැහැ. සමාජයේ අන්‍ය පුද්ගලයින් එක්ක සම්බන්ධ වෙන්න දන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය සම්බන්ධතාවක් ගොඩ නගන්න උත්සාහ කරද්දී rejection එකට (ප්‍රතික්ෂේප කිරීමට) මුහුණ දෙන්න වෙනවා. මේ rejection හැඟීම කාලයත් සමඟ trauma එකක් බවට පත් වෙනවා. "කිසිම කාන්තාවක් මට කැමති වෙන්නේ නැහැ, මට අවස්ථාවක් නැහැ" කියන මානසිකත්වයක් හැදෙනවා.

Ad Space - in-article (300x250)

එතකොට ඔවුන් සොයන්නේ rejection රහිත මාර්ගයක්. exhibitionism තුළ, ඔවුන්ට rejection එකක් නැහැ - කාන්තාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, ඔව් නොකියන්නේ නැහැ, මන්දයත් ඇයට විකල්පයක් නැහැ. ඔහු හැසිරෙන්නේ ඉතා හදිසියේ, අනපේක්ෂිත ලෙස. කාන්තාවට ප්‍රතික්‍රියා කරන්න, පලා යන්න, කෑගහන්න විතරයි පුළුවන්. හැබැයි ඒ කෙටි මොහොත තුළ, exhibitionist යාට දැනෙනවා ඔහු "සාර්ථක" වුණා කියලා - rejection එකක් නැතිව ඔහුට අවශ්‍ය දේ සිදු කළා කියලා. මේක ඉතා ආත්මාර්ථකාමී, කුරිරු ආකාරයෙන් හිතන එකක් - හැබැයි මේ පුද්ගලයින්ගේ මොළවල් conditioning වෙලා තියෙන්නේ ඔහොමයි. විකෘති ලිංගික අධ්‍යාපනය - pornography වල බලපෑම

අද ශ්‍රී ලංකාවේ තරුණයින් බොහෝමයක් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නේ කොහෙන්ද? පාසලෙන්ද? දෙමාපියන්ගෙන්ද? නැහැ. ඔවුන් ඉගෙන ගන්නේ pornography වලින්. මේක තනි විනෝදාත්මක දෙයක් විතරක් නෙමෙයි - මේක තරුණ මොළවල් programming කරන බලවත් මාධ්‍යයක්. 13, 14, 15 වයසේ පිරිමි ළමයින් පළමු වතාවේ pornography බලන විට, ඔවුන්ගේ මොළය තව හදා ගැනීමේ අවධියේ. ඒ මොළයට ලිංගිකත්වය ගැන, කාන්තාවන් ගැන, සම්බන්ධතා ගැන මුල්ම පාඩම ඉගෙන ගන්නේ මේ විකෘති මාධ්‍යයෙන්.

Pornography වල කාන්තාවන් හැමදාම "ඔව්" කියනවා. ඔවුන්ට හැමදාම තමන්ට කරන දේ ආසයි වගේ පෙන්නන්න වෙනවා. එහි කිසිම එකඟතාවයක් (consent) නැහැ, ගෞරවයක් නැහැ, හැඟීම් නැහැ. කාන්තාවන් භාණ්ඩ විදිහට පෙන්නුම් කරනවා - භාවිතා කරන දේවල් විදිහට. තරුණ මොළයක් මේ දේවල් දකිද්දී, කාන්තාවන් ගැන ඇති වෙන අදහස සම්පූර්ණයෙන්ම විකෘතියි. ඔවුන් හිතනවා සැබෑ ජීවිතයේත් කාන්තාවන් ඔහොමයි කියලා. මේ තරුණයින්ට තේරෙන්නේ නැහැ කාන්තාවක් ශාරීරිකව සහ මානසිකව සුවපත් වෙන්න ඕනේ, එකඟතාවය ලබා දෙන්න ඕනේ, සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ කියලා.

තවත් විශාල ගැටළුවක් තියෙනවා - විදේශීය කාන්තාවන් ගැන pornography තුළ ඇති කරන මිථ්‍යා. බොහෝ වෙබ්අඩවිවල "Asian men with white women", "Tourist girls" වගේ categories තියෙනවා. මේ වලින් තරුණයින්ට හදා ගන්න අදහස තමයි විදේශ කාන්තාවන් - විශේෂයෙන් සුදු කාන්තාවන් - "ලිංගිකව විවෘත", "පහසු", "adventure සොයන" අය කියන එක. solo travel කරන කෙල්ල දැක්කම හිතනවා "අනේ මේකි ඒ pornography වල තියෙන වගේ එකෙක්, සාධචාරයක නැති කෙල්ලක්" කියලා. මේක සම්පූර්ණයෙන්ම මානසික විකෘතියක්.

තවත් භයානක දෙයක් තියෙනවා - pornography නැරඹීම නිතර නිතර කළ විට, සාමාන්‍ය ලිංගික දේවල් exciting නැති වෙනවා. එතකොට වැඩි "extreme" දේවල් සෙවීමට පටන් ගන්නවා. මේ තරුණයින්ට තමන්ගේ pornography addiction එක සැබෑ ජීවිතයේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඔවුන් අමතක කරනවා අනිත් පැත්තේ ඉන්න කාන්තාව සැබෑ මිනිස්සෙක්, හැඟීම් තියෙන කෙනෙක්, අදහස් තියෙන කෙනෙක් කියලා. ඇය වටිනාකමක් නැති භාණ්ඩයක් බවට පත් වෙනවා - ඔවුන්ගේ fantasy එක ක්‍රියාත්මක කරන මෙවලමක් බවට. මානසික ආබාධ සහ ප්‍රතිකාර නොමැතිකම

අවසාන වශයෙන්, විශාල ගැටළුවක් තියෙනවා - ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා ඉතා දුර්වලයි. Exhibitionism වගේ මානසික ආබාධ තියෙන පුද්ගලයින්ට ප්‍රතිකාර ලබා ගන්න ක්‍රම හෝ ස්ථාන මදි. මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලැබුණ නම්, cognitive behavioral therapy ලැබුණ නම්, මේ පුද්ගලයින්ට තමන්ගේ හැඟීම් තේරුම් ගන්න, සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් express කරන්න, විකෘති හැසිරීම් නවත්වන්න උදව් වෙන්න තිබුණා.

මේ ගැටළුව විසඳන්න අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා.දරුවන්ට කුඩා කල සිටම නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ - කාන්තාවන්ට ගෞරව කිරීම, එකඟතාවය (consent) ගැන, නිරෝගී සම්බන්ධතා ගැන. pornography වල බලපෑම ගැන විවෘතව කතා කරන්න ඕනේ. මේ වගේ හැසිරීම් දැක්කම නිහඬව ඉන්න එපා. හඬක් නඟන්න. මැදිහත් වෙන්න. විදේශීය කාන්තාවන් "පහසු targets" කියලා හිතන මානසිකත්වය අභියෝග කරන්න. "පිරිමි එහෙමයි" කියලා අතහැර දාන culture එක නතර කරන්න ඕනේ.

දිගටම නොකී කතා - Untold Stories පිටුව follow කරන්න! 📖

අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද? - 2
අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද? - 3
අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද? - 4
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න