Ad Space - leaderboard (728x90)

අඩි 10,000ක් (කිලෝමීටර් 3ක්) ඉහළ අහසේ සිට, පුටුවක බැඳිලා පොළොවට වැටුණත් ඇය මැරුණේ නෑ! - ලෝකයම මවිත කළ ජුලියෑන්ගේ ආශ්චර්ය...

❤️ ආශ්වාදජනක කතා2025 ඉල් 244 min read
අඩි 10,000ක් (කිලෝමීටර් 3ක්) ඉහළ අහසේ සිට, පුටුවක බැඳිලා පොළොවට වැටුණත් ඇය මැරුණේ නෑ! - ලෝකයම මවිත කළ ජුලියෑන්ගේ ආශ්චර්ය...

අඩි 10,000ක් (කිලෝමීටර් 3ක්) ඉහළ අහසේ සිට, පුටුවක බැඳිලා පොළොවට වැටුණත් ඇය මැරුණේ නෑ! - ලෝකයම මවිත කළ ජුලියෑන්ගේ ආශ්චර්යමත් කතාව" 😱✨

ජීවිතේ ප්‍රශ්න වැඩියි කියලා ඔබට හිතෙනවාද? සමහර වෙලාවට උදේට නැගිටලා වැඩට යන්න, ඉගෙන ගන්න යන්න හිතෙන්නේ නෑ නේද? "ඇයි මටම මෙහෙම වෙන්නේ" කියලා හිතෙන වාර අනන්ත ඇති. නමුත් ඔබේ ජීවිතේ කොච්චර අමාරු වුණත්, මම මේ කියන්න යන කතාව ඇහුවම ඔබට හිතෙයි "මගේ ප්‍රශ්න මොනවද" කියලා. මේ කතාව අහම්බයක්ද, දෛවයද, එහෙම නැත්නම් හාස්කමක්ද කියලා තීරණය කිරීම ඔබට බාරයි.

කාලය 1971 වසරේ දෙසැම්බර් 24 වැනිදා. නත්තලට කලින් දවස. පේරු (Peru) රටේ ලිමා ගුවන් තොටුපල එදා හරිම කාර්යබහුලයි. අවුරුදු 17ක් වයසැති ජුලියෑන් කෝප්කේ (Juliane Koepcke) නම් පාසල් සිසුවිය ඇගේ මව සමඟ LANSA Flight 508 දරණ ගුවන් යානයට ගොඩ වුණේ හරිම සතුටින්. ඔවුන් ගමන් කළේ ඇගේ පියා මුණගැසී නත්තල සමරන්න. ජුලියෑන් එදා ඇඳගෙන හිටියේ ලස්සන ගවුමක්. ඇය ජනේලය අයිනේ සීට් එකේ වාඩි වෙලා, වලාකුළු දිහා බලාගෙන හීන මැව්වා. යානය ගුවන්ගත වුණා. එහි මගීන් 91 දෙනෙක් හිටියා. හැමෝම හිටියේ නත්තල් මූඩ් එකේ.

නමුත් විනාඩි 30ක් යද්දී මුළු අහසම කළු කරගෙන මහා කුණාටුවක් ආවා. යානය හරියට යෝධයෙක් අතට ගත්ත පොඩි සෙල්ලම් බඩුවක් වගේ උඩ විසි වෙන්න ගත්තා. බඩු මුට්ටු බිම වැටුණා. මිනිස්සු කෑ ගහන්න ගත්තා. ජුලියෑන්ගේ අම්මා බයෙන් වෙව්ලමින් දුවගේ අත තද කරලා අල්ලගත්තා. ඊළඟ තත්පරයේ සිදු වුණේ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු දෙයක්. එක පාරටම ජනේලයෙන් එළියෙ මහා එළියක් විහිදුණා. අකුණක්! ඒ අකුණ කෙලින්ම වැදුණේ ගුවන් යානයේ ඉන්ධන ටැංකියට. "දඩස්" ගාන සද්දෙත් එක්කම ගුවන් යානය කෑලි කෑලි වලට කැඩුණා.

ඊළඟ මොහොතේ ජුලියෑන් දැක්කේ ඇදහිය නොහැකි දසුනක්. ඇය හිටපු සීට් පේළිය යානයෙන් වෙන් වෙලා, තනිවම අහසට විසි වුණා. ඇය තනිවම... සීට් බෙල්ට් එක දාගෙනම... අඩි 10,000ක් (කිලෝමීටර් 3ක්) ඉහළ අහසේ ඉඳන් පහළට වැටෙන්න පටන් ගත්තා. ඇය වටේට දැක්කේ වලාකුළු විතරයි. ඊට පස්සේ ඈතින් පෙනෙන තද කොළ පාට ඇමසන් වනාන්තරය ඇය දෙසට වේගයෙන් එනවා ඇය දැක්කා. ඇගේ කන් අගුල් වැටුණා. හුළඟේ වේගය ඇගේ හම ඉරාගෙන ගියා. "මම අද මැරෙනවා" ඇය හිතුවා. ඊට පස්සේ සියල්ලම කළුවර වුණා.

ඇයට සිහිය එද්දී... ඇය හිටියේ පොළොවේ. වටේම මහා ඝන කැලෑවක්. කුරුල්ලන්ගේ සද්දේ ඇහෙනවා. ඇය හිටියේ තමන් වාඩි වෙලා හිටපු ගුවන් යානා සීට් එකටම හිර වෙලා. නිකමට හිතන්න, අඩි 10ක් උඩ ඉඳන් වැටුණත් අපේ අත පය කැඩෙනවා. ඒත් කිලෝමීටර් 3ක් උඩ ඉඳන් වැටුණු මේ ගැහැණු ළමයා පණ පිටින්! ඇය නැගිට්ටා. ඇගේ උරහිස් අස්ථියකැඩිලා තිබුණා. ඇගේ එක ඇහැක් ඉදිමිලා පෙනීම නැති වෙලා තිබුණා. ඇඟ පුරාම කැපුම් තුවාල. ඒත් ඇය පණ පිටින්. විද්‍යාඥයින් කියන්නේ ඇමසන් වනාන්තරයේ ගස්වල උඩ අතු වල වැදිලා වේගය බාල වුණු නිසාත්, ඇගේ සීට් එක වැටුණු කෝණය නිසාත් ඇය බේරුණා කියලයි.

නමුත් සැබෑ සටන පටන් ගත්තේ එතැනින්. ඇය වටපිට බැලුවා. අම්මා නෑ. යානය නෑ. කිසිම කෙනෙක් නෑ. ඇය දවස් 11ක් තිස්සේ ලෝකයේ භයානකම වනාන්තරය වන ඇමසන් කැලේ මැද තනි වුණා. ඇගේ තුවාල වලට මැස්සෝ වහලා පණුවෝ ගැහුවා. ඇයට කන්න මුකුත් නෑ. බොන්න වතුර නෑ. වටේම විෂ සර්පයෝ සහ කිඹුල්ලු. නමුත් ඇයට එක දෙයක් මතක් වුණා. ඇගේ තාත්තා ඇයට පොඩි කාලේ කියලා දීපු පාඩමක්: "දුවේ, කැලේක අතරමං වුණොත් පොඩි දොළ පාරක් හොයාගන්න. ඒක දිගේ පහළට යන්න. ඒක ලොකු ගඟකට වැටෙනවා. ගඟ දිගේ ගියොත් අනිවාර්යයෙන්ම මිනිස්සු ඉන්න තැනක් හම්බෙනවා."

Ad Space - in-article (300x250)

කැඩුණු ඇටකටු වල වේදනාව දරාගෙන, පණුවෝ ගහපු තුවාල එක්ක, ඇය දවස් 11ක් තිස්සේ ඇවිද්දා. සමහර වෙලාවට බඩගාගෙන ගියා. 11 වැනි දවසේ ඇයට ගඟක් අයිනේ නවත්තලා තිබුණු බෝට්ටුවක් හමු වුණා. ඒක දැක්කම ඇයට අදහාගන්න බැරි වුණා. එතැනට ආපු ලී කපන මිනිස්සු දැක්කේ යක්ෂණියක් වගේ පෙනුම තියෙන ගැහැණු ළමයෙක්ව. ඔවුන් ඇගේ තුවාලවල හිටපු පණුවන්ව පෙට්‍රල් දාලා අයින් කළා. ඇයව රෝහලට අරන් ගියා.

යානයේ හිටපු මගීන් 91 දෙනාගෙන් 90 දෙනෙක්ම මිය ගියා. ඇගේ අම්මත් මිය ගියා. දිවි ගලවා ගත්තේ ජුලියෑන් විතරයි. ඇය පස්සේ කාලෙක කිව්වා "මම අහසින් වැටුණාට වඩා බය වුණේ, මගේ අම්මා නැතුව කැලේ තනි වුණු වෙලාවේ" කියලා.

ඉතින් යාලුවනේ, ඔබට කවදා හරි ජීවිතේ එපා වුණොත් මේ ගැහැණු ළමයව මතක් කරගන්න. අඩි 10,000ක් උඩින් වැටුණත්, දවස් 11ක් තනියම කැලේ බඩගෑවත්... ජීවත් වෙන්න වාසනාව තියෙනවා නම්, හිතේ ධෛර්යය තියෙනවා නම් අපිව වට්ටන්න කාටවත් බෑ. ප්‍රශ්න දිහා බලලා පැනලා යන්න එපා. ජුලියෑන් වගේ ඒ ප්‍රශ්න මැදින්ම ඇවිදගෙන යන්න. ජයග්‍රහණය තියෙන්නේ එතැන ගන්න.

ජුලියෑන් කෝප්කේගේ සත්‍ය ඡායාරූප පහළ comment තිරuව බලන්න

👇 ඔබ දෛවය (Luck) විශ්වාස කරනවාද? මේ කතාව ගැන මොකද හිතෙන්නේ?

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

අඩි 10,000ක් (කිලෝමීටර් 3ක්) ඉහළ අහසේ සිට, පුටුවක බැඳිලා පොළොවට වැටුණත් ඇය මැරුණේ නෑ! - ලෝකයම මවිත කළ ජුලියෑන්ගේ ආශ්චර්ය... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න