Ad Space - leaderboard (728x90)

අවුරුදු 65ක් යනකම් එයාට නමක් තිබුණේ නෑ... පෙට්ටියක් ඇතුලේ කැලේ දාලා ගිය ඒ පුංචි දරුවා කවුද? - ලෝකයම හඬවපු 'The Boy in th...

❤️ ආශ්වාදජනක කතා2025 ඉල් 274 min read
අවුරුදු 65ක් යනකම් එයාට නමක් තිබුණේ නෑ... පෙට්ටියක් ඇතුලේ කැලේ දාලා ගිය ඒ පුංචි දරුවා කවුද? - ලෝකයම හඬවපු 'The Boy in th...

අවුරුදු 65ක් යනකම් එයාට නමක් තිබුණේ නෑ... පෙට්ටියක් ඇතුලේ කැලේ දාලා ගිය ඒ පුංචි දරුවා කවුද? - ලෝකයම හඬවපු 'The Boy in the Box' අභිරහස විසඳෙයි!" 💔😭

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවාට නමක් තියන්නේ කොච්චර ආසාවෙන්ද? දරුවාට පුංචි තුවාලයක් වුණත් දෙමාපියන්ගේ පපුව පිච්චෙනවා. ඒත් මේ ලෝකේ සමහර අවාසනාවන්ත දරුවෝ ඉන්නවා, උපන් දා ඉඳන් විඳවලා, මැරුණට පස්සෙත් නමක් ගමක් නැතුව අනුන්ගේ රටක මහ පොළොවට පස් වෙලා යන. මේ එවැනි කතාවක්. මේ කතාව කියවලා ඉවර වෙද්දී ඔබට ඔබේ දරුවාව බදාගෙන අඬන්න හිතෙයි.

කාලය 1957 වසරේ පෙබරවාරි මාසයයි. ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා (Philadelphia) නගරයේ ඝන කැලෑවක් මැදින් ගිය මනුස්සයෙක්ට දකින්න ලැබුණේ අමුතු දෙයක්. කැලේ මැද පාර අයිනේ ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් (Cardboard Box) දාලා තිබුණා. ඒක කලින් බබාලා නිදාගන්න තොටිල්ලක් (Bassinet) ගෙනාපු පෙට්ටියක්. ඔහු ඒක ඇරලා බැලුවා.

ඔහුගේ හදවත නතර වුණා.

පෙට්ටිය ඇතුලේ හිටියේ අවුරුදු 4ක් විතර වයස, රත්තරන් පාට කොණ්ඩයක් තියෙන, නිල් පාට ඇස් තියෙන හරිම ලස්සන පිරිමි දරුවෙක්ගේ මළ සිරුරක්.

ඒ දරුවාගේ ඇඟ පුරාම තැලුම් පාරවල් තිබුණා. කවුරු හරි අමානුෂික විදියට ගහලා. කොණ්ඩේ අපිළිවෙලට කපලා. ඒ මූණේ තිබුණේ දරාගන්න බැරි වේදනාවක්.

පොලීසිය ඇවිත් පරීක්ෂණ පටන් ගත්තා. ඔවුන් හිතුවේ "මේ ළඟ ගෙදරක ළමයෙක් වෙන්න ඇති, හෙට වෙද්දී දෙමාපියෝ එයි" කියලා.

නමුත් දවසක් ගියා... සතියක් ගියා... මාසයක් ගියා... අවුරුද්දක් ගියා.

කවුරුත්ම ආවේ නෑ. "මේ මගේ දරුවා" කියලා කියන්න එක අම්මෙක්වත් තාත්තෙක්වත් ආවේ නෑ.

මුළු ඇමෙරිකාවම මේ දරුවා වෙනුවෙන් ඇඬුවා. පත්තරවල, ටීවී වල මේ දරුවාගේ මූණ ගියා. "කවුද මේ දරුවා?" කියලා හැමෝම ඇහුවා. ඒත් උත්තරයක් නෑ.

අන්තිමට පොලීසිය ඒ දරුවාව වැළලුවා. සොහොන් කොතේ නම වෙනුවට ලිව්වේ මෙච්චරයි:"Heavenly Father Bless This Unknown Boy" (දෙවි පියාණනි, මේ නාඳුනන දරුවාට ආශිර්වාද කරන්න).වසර ගණනාවක් තිස්සේ මිනිස්සු මේ දරුවාව හැඳින්වූයේ "The Boy in the Box" (පෙට්ටියේ සිටි දරුවා) කියලයි. නමක් නැති මළ සිරුරක් විදියට එයා ඉතිහාසයට එකතු වුණා.

Ad Space - in-article (300x250)

නමුත්... විද්‍යාව දියුණු වුණා. අවුරුදු 65කට පස්සේ, ඒ කියන්නේ ගිය අවුරුද්දේ (2022 දී) පොලීසිය තීරණය කළා අලුත් DNA තාක්ෂණය පාවිච්චි කරලා මේ දරුවා කවුද කියලා හොයන්න. ඔවුන් සොහොන හාරලා, දරුවාගේ දතකින් DNA අරගෙන ලෝකේ තියෙන DNA බැංකු එක්ක සැසඳුවා.

හාස්කමක් වුණා!

වසර 65කට පස්සේ, 2022 දෙසැම්බර් 8 වෙනිදා පොලීසිය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා මුළු ලෝකෙටම මෙහෙම කිව්වා:"The Boy in the Box is no longer unknown. His name is Joseph Augustus Zarelli." (පෙට්ටියේ හිටපු දරුවා තවදුරටත් නාඳුනන කෙනෙක් නෙවෙයි. එයාගේ නම ජෝසප් ඔගස්ටස් සරෙලි).

එතකොටයි මේ කතාවේ අඳුරුතම සහ දුක්බරම ඇත්ත එළියට ආවේ. මේ දරුවා ඉපදිලා තියෙන්නේ ඉතාම දුප්පත් පවුලක. තාත්තා කවුද කියලා කවුරුත් දන්නේ නෑ. අම්මාට මේ දරුවාව හදාගන්න වත්කමක් තිබුණේ නැති නිසා, ඇය කළේ දරුවාව වෙනත් පවුලකට (Foster Family) හදාගන්න දීපු එකයි. ඇය හිතුවේ ඒ පවුලේ අය දරුවාට හොඳට සලකයි කියලා. නමුත් වුණේ මහා අපරාධයක්.

ඒ හදාගත්ත පවුලේ අය මේ පුංචි දරුවාට සැලකුවේ තමන්ගේ දරුවෙක්ට වගේ නෙවෙයි, වහලෙක්ට වගේ. ඔවුන් මේ අහිංසකයට සත්තුන්ට වගේ වධ දුන්නා. කන්න දුන්නේ නෑ. පොඩි වරදක් කළත් අමානුෂික විදියට ගැහුවා. අන්තිමට ඒ ගුටි පාරවල් දරාගන්න බැරුව, බඩගින්නේම මේ මල් කැකුළ පරවෙලා ගියා. ඔවුන් කළේ මැරුණු දරුවාව පෙට්ටියක දාලා, කවුරුත් නොදකින කැලේකට විසි කරලා පැනලා ගිය එකයි. ඒ නරුම දෙමාපියෝ දෙන්නම දැන් මිය ගිහින්. ඔවුන් නීතියෙන් බේරුණත්, සොබාදහමේ දඬුවමෙන් බේරෙන්න නැතුව ඇති.

වසර 65ක්... ඔව්, අවුරුදු 65ක් තිස්සේ මේ පුංචි දරුවා සීතල පොළොව යට තනිවෙලා හිටියා. එයාට නමක් තිබුණේ නෑ. එයා වෙනුවෙන් අඬන්න අම්මෙක් තාත්තෙක් හිටියේ නෑ. එයාගේ සොහොන් කොතේ තිබුණේ "නාඳුනන දරුවා" කියලා විතරයි. නමුත් 2022 දෙසැම්බර් 8 වෙනිදා, ඒ පාළු සොහොන් කොත වෙනස් වුණා. එදා මුළු ලෝකෙම බලාගෙන ඉද්දී, අලුත් සොහොන් ගලක් එතැන තැන්පත් කළා. එහි ලොකු අකුරෙන් මෙහෙම කොටලා තිබුණා: "Joseph Augustus Zarelli" (ජෝසප් ඔගස්ටස් සරෙලි).

ඒ නම ගහද්දී, එතැන හිටපු පොලිස් නිලධාරීන්ගේ පවා ඇස්වලට කඳුළු ආවා. අවුරුදු 65කට පස්සේ ඒ පුංචි දරුවාට එයාගේ නම ලැබුණා. එදා මුළු ලෝකෙම හුස්ම ගත්තේ ලොකු සැනසීමකින්. මේ සිද්ධියෙන් අපිට එක දෙයක් ඔප්පු වුණා. දරුවෙක්ට දෙමාපියෝ නැති වුණාම, ඒ දරුවා තනි වෙන්නේ නෑ. ඒ දරුවා මුළු ලෝකෙටම අයිති දරුවෙක් වෙනවා.

බලන්න ඇමරිකානු සමාජය ඒ දරුවාට දීපු වටිනාකම . වසර 65 ගිහිනුත් ඔවුන් ඒ දරුවා වෙනුවෙන් සටන් කරා. ඒක කොතරම් ආදරනීයද?❤️

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

අවුරුදු 65ක් යනකම් එයාට නමක් තිබුණේ නෑ... පෙට්ටියක් ඇතුලේ කැලේ දාලා ගිය ඒ පුංචි දරුවා කවුද? - ලෝකයම හඬවපු 'The Boy in th... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න