"මට සමාවෙන්න... මට තාම ඇහෙනවා ඒ දරුවා අඬන සද්දේ..." මුළු ලෝකෙම ඔහුට සම්මාන දෙද්දී, ඔහු කළේ සියදිවි නසාගන්න එක... 📸🦅😢
මේ ෆොටෝ එක දිහා හොඳට බලන්න. එක පැත්තක බඩගින්න නිසා පණ අදින, ඇටසැකිල්ලක් වගේ පුංචි දරුවෙක්. අනිත් පැත්තේ ඒ දරුවා මැරෙනකම් බලාගෙන ඉන්න යෝධ ගිජුලිහිණියෙක්.
මේක තමයි ලෝකේ වැඩිම කතාබහට ලක්වුණු ඡායාරූපය. මේක ගත්තේ කෙවින් කාටර් (Kevin Carter) කියන ඡායාරූප ශිල්පියා 1993දී අප්‍රිකාවේ සුඩානයට ගිය වෙලාවක.
මේ ෆොටෝ එක පත්තරේ ගිය ගමන් මුළු ලෝකෙම ඇලලී ගියා. කෙවින්ට ලෝකේ වටිනාම සම්මානය "පුලිට්සර් සම්මානය" (Pulitzer Prize) ලැබුණා. හැමෝම එයාට අත්පුඩි ගැහුවා. "උඹ මාර වැඩක් කළේ, ලෝකේ දුක උඹ පෙන්නුවා" කියලා කිව්වා.
හැබැයි... ටික දවසකින් එක ප්‍රශ්නයක් එන්න පටන් ගත්තා. Phone-in වැඩසටහනකදී එක මනුස්සයෙක් කෝල් කරලා කෙවින්ගෙන් ඇහුවා... "මිස්ටර් කෙවින්, ෆොටෝ එක සුපිරියි. හැබැයි මට කියන්න අර පොඩි ළමයට අන්තිමට මොකද වුණේ?" කියලා.
කෙවින් කිව්වා... "මට ෂුවර් නෑ... මම ෆොටෝ එක ගත්ත ගමන් එතනින් දුවලා ගියා ප්ලේන් එක අල්ලගන්න..." කියලා.
එතකොට අර මනුස්සයා අහපු දේ නිසා මුළු ලෝකෙම කට වහගත්තා. "එතන ගිජුලිහිණියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක් අර සතා. අනිත් එක්කෙනා තමයි කැමරාව අතේ තියාගෙන හිටපු ඔබ..."
මේ වචන ටික කෙවින්ගේ පපුව පසාරු කරගෙන ගියා. සම්මාන, සල්ලි, ප්‍රසිද්ධිය හැමදේම එයාට එපා වුණා. "ඇයි මම ඒ දරුවව උස්සගෙන ආවේ නැත්තේ?" කියන පසුතැවීම එයාට වද දුන්නා.
සම්මානය ලැබිලා මාස 3ක් යන්න කලින්, වයස අවුරුදු 33දී කෙවින් කාටර් සියදිවි නසාගත්තා. එයා මැරෙන්න කලින් ලියපු ලියුමේ තිබුණේ මෙහෙම...
"මට සමාවෙන්න... ඒ දරුවන්ගේ අඳෝනාව මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා... මම යන්නම්..."
වෘත්තීය ජීවිතයද? මනුස්සකමද? සමහර වෙලාවට අපි අපේ රස්සාව ඇතුලේ ජීවත් වෙන්න හදනකොට, අපි ළඟ ඉන්න "මනුස්සයා" මැරිලා යනවා අපිටම නොදැනීම... 🥀
(මේ සිද්ධිය ගැන ඔයා මොකද හිතන්නේ? කෙවින් වැරදිද? නැත්නම් එයා කළේ එයාගේ රස්සාවද? පහළින් Comment කරන්න)
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#KevinCarter #TheVultureAndTheLittleGirl #PulitzerPrize #SadTruth #Humanity #Mystery #NokeeKatha #නොකීකතා #Heartbreaking









