Ad Space - leaderboard (728x90)

එදා එයා බය වෙලා "ඔව්" කිව්වා නම්, අද අපි කවුරුත් මේ පොළොවේ නෑ... ලෝක විනාශය තනි අතින් නතර කළ නිහඬ වීරයා! ⚓☢️🌍

❤️ ආශ්වාදජනක කතා2025 උඳුවප් 94 min read
එදා එයා බය වෙලා "ඔව්" කිව්වා නම්, අද අපි කවුරුත් මේ පොළොවේ නෑ... ලෝක විනාශය තනි අතින් නතර කළ නිහඬ වීරයා! ⚓☢️🌍

එදා එයා බය වෙලා "ඔව්" කිව්වා නම්, අද අපි කවුරුත් මේ පොළොවේ නෑ... ලෝක විනාශය තනි අතින් නතර කළ නිහඬ වීරයා! ⚓☢️🌍

අපි හිතන්නේ ලෝකයේ වීරයෝ කියන්නේ ෆිල්ම් වල ඉන්න සුපර් මෑන්ලා, බැට්මෑන්ලා කියලා. ඒත් ඇත්තම වීරයෝ ඉන්නේ තිරයෙන් පිටුපස, කරුවල කාමරවල. 1962 ඔක්තෝබර් 27 වෙනිදා කියන්නේ මුළු ලෝකයම විනාශයේ අද්දරටම ගිය දවසක්. ඇමරිකාවයි රුසියාවයි අතර න්‍යෂ්ටික යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න තිබුණ ඒ මොහොතේ, අපි කවුරුත් නොදන්නවා වුණාට ඔබේ සහ මගේ ජීවිත තීරණය වුණේ මහ මුහුද යට තිබුණ, රස්නයෙන් සහ බයෙන් පිරුණු එක පුංචි සබ්මැරීනයක් ඇතුලේ. කියුබාව අසල මුහුදේ හිරවෙලා තිබුණ රුසියානු B-59 සබ්මැරීනය වටකරගෙන ඇමරිකානු නැව් වලින් දිගින් දිගටම බෝම්බ දාන්න පටන් ගත්තේ ඔවුන්ව උඩට මතු කරගන්න. ඒ වෙලාවේ සබ්මැරීනය ඇතුලේ තත්ත්වය අපායක් වගේ. ඒසී (AC) වැඩ කළේ නෑ, උෂ්ණත්වය සෙල්සියස් 50 පැනලා, හුස්ම ගන්න බැරි තරම් කාබන් ඩයොක්සයිඩ් පිරිලා, නාවිකයෝ සිහිය නැතුව ඇදගෙන වැටෙන මරණීය වාතාවරණයක් එතන තිබුණේ.

සබ්මැරීනයේ ප්‍රධාන කැප්ටන් වුණ "වැලන්ටින් සවිට්ස්කි" හිතුවේ උඩ ලෝකයේ යුද්ධය පටන් අරන් කියලා. මොකද දවස් ගාණකින් මොස්කව් වලින් කිසිම පණිවිඩයක් නෑ, වටේටම බෝම්බ පිපිරෙනවා. කැප්ටන්ට යකා නැග්ගා. එයා තීරණය කළා තමන් මැරෙන්න කලින් හතුරන්ව විනාශ කරන්න. "අපි මැරෙන්න කලින් උන්ව ඉවර කරමු! න්‍යෂ්ටික ටෝපිඩෝව (Nuclear Torpedo) ලෝඩ් කරපන්! අපි ඔක්කොම යමු, හැබැයි උන්වත් අරගෙනම යමු!" කියලා එයා අණ දුන්නා. මේ ටෝපිඩෝව හිරෝෂිමා බෝම්බය වගේ බලවත් එකක්. මේක ගැහුවා නම් ඇමරිකානු නැව් ඔක්කොම විනාශ වෙනවා, ඊට පස්සේ ඇමරිකාව රුසියාවට ගහනවා, ඊට පස්සේ... ලෝකයම අළු ගොඩක් වෙනවා.

මේක හරියට නූල් පොටකින් ජීවිතේ බේරුණා වගේ වෙලාවක්. රුසියානු නීතියට අනුව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්න නම්, සබ්මැරීනයේ ඉන්න ප්‍රධානම නිලධාරීන් තුන්දෙනාගේම කැමැත්ත ඕන වුණා. කැප්ටන් "ඔව්" කිව්වා. දේශපාලන නිලධාරියාත් "ඔව්" කිව්වා. මුළු ලෝකෙම විනාශ කරන්න තව ඕන වුණේ එකම එක "ඔව්" කියන වචනය විතරයි. හැමෝම බලාගෙන හිටියේ තුන්වෙනි නිලධාරියා දිහා. ඒ තමයි වසීලි ආකිපොව් (Vasili Arkhipov). මුළු සබ්මැරීනයම යුද්ධයට ලෑස්ති වෙද්දි, වසීලි තනි වුණා. හැබැයි එයා බය වුණේ නෑ. එයා කැප්ටන්ගේ මූණටම කිව්වා "නෑ! මම මේකට ඉඩ දෙන්නේ නෑ!" කියලා. කැප්ටන් කෑගැහුවා, රණ්ඩු වුණා, තර්ජනය කළා. ඒත් වසීලි හෙලවුණේ නෑ. "මේක යුද්ධයක් නෙවෙයි, මේක අනතුරු ඇඟවීමක් විතරයි. අපි උඩට යන්න ඕන, සාකච්ඡා කරන්න ඕන" කියලා එයා තර්ක කළා.

විනාඩි ගාණක් තිස්සේ ඇතුලේ තිබුණ ඒ බිහිසුණු වාදයෙන් අන්තිමට වසීලි දිනුවා. සබ්මැරීනය වතුරෙන් උඩට ආවා. න්‍යෂ්ටික ටෝපිඩෝව පත්තු වුණේ නෑ. යුද්ධය නතර වුණා. නිකමට හිතන්න... එදා ඒ පීඩනය අස්සේ වසීලි පොඩ්ඩක් හරි බය වෙලා, එහෙමත් නැත්නම් කේන්ති ගිහින් "හා යවමු" කියලා කිව්වා නම්, අද 2025 වෙද්දි අපි කවුරුත් මේ පොළොවේ නෑ. ලංකාව තියා ලෝකයක්වත් නෑ. මේ වීරයා මැරෙනකම්ම ලෝකෙට තමන් කරපු දේ ගැන කෑගහලා කිව්වේ නෑ.

මේ මහා වීරයාගේ අවසානය හරිම වේදනාකාරීයි. වසීලි ආකිපොව් 1998 අගෝස්තු 19 වෙනිදා මෙලොව හැර ගියේ වයස අවුරුදු 72 දී. ඔහු මිය ගියේ වකුගඩු පිළිකාවක් (Kidney Cancer) නිසා. දෛවයේ සරදම කියන්නේ, ඒ පිළිකාව ඔහුට හැදුණේ නිකම්ම නෙවෙයි. කියුබානු අර්බුදයට අවුරුද්දකට කලින් (1961 දී), K-19 කියන තවත් සබ්මැරීනයක ඇතිවුණ දරුණු විකිරණ කාන්දුවකින් (Radiation leak) තමන්ගේ සෙබළුන්ව බේරගන්න මැදිහත් වුණ වෙලාවේ, ඔහුගේ ඇඟට ඇතුළු වුණ විෂ විකිරණ තමයි අවුරුදු ගාණක් තිස්සේ ඇතුළෙන් ඔහුව දිය කරලා මැරුවේ.

ලෝකය බේරාගන්න තමන්ගේ ජීවිතේම දිය කරපු මේ මිනිසා මිය යනකොට, ලෝකයේ කවුරුත්ම දැනගෙන හිටියේ නෑ එදා 1962 දී න්‍යෂ්ටික යුද්ධය නතර කළේ මෙන්න මේ මනුස්සයා කියලා.

2002 දී ඒ රහස ලෝකෙට හෙළි වෙනකොට, අපිට ජීවිතය දුන්න වීරයා සදහටම දෑස් පියාගෙන ඉවරයි. අදටත් ඔහුව හඳුන්වන්නේ "ලෝකය බේරාගත් මිනිසා" (The Man Who Saved the World) කියලා. අද ඔබ නිදහසේ හුස්ම ගන්නේ, එදා ඒ මිනිසා ගත්තු තීරණය නිසයි!

වසීලි ආකිපොව් අපිට උගන්නන පාඩම හරිම ගැඹුරුයි. ලෝකෙම ඔයාට විරුද්ධ වුණත්, වටේ ඉන්න හැමෝම 'ලේසියට' වැරදි දේ තෝරගත්තත්, ඔයාගේ හෘද සාක්ෂිය කියනවා නම් 'මේක තමයි හරි දේ' කියලා... ඒ වෙනුවෙන් තනියම හිටගන්න කවදාවත් බය වෙන්න එපා.

Ad Space - in-article (300x250)

සමහරවිට ඒ වෙලාවට ඔයා තනිවෙයි. හැමෝම ඔයාට බනීවි. පිස්සෙක් කියාවි. හැබැයි මතක තියාගන්න, ඉතිහාසය වෙනස් කළේ රැල්ලට ගියපු අය නෙවෙයි, රැල්ලට එරෙහිව පීනපු මිනිස්සු.

අපේ රටේ, අපේ සමාජයේ, අපේ ඔෆිස් එකේ වුණත් 'වැරැද්ද' රජ වෙද්දි, කොන්ද කෙලින් තියාගෙන 'මේක වැරදියි' කියලා කියන්න පුළුවන් එක මිනිහෙක් හරි ඉන්නවා නම්, එතන ලොකු වෙනසක් කරන්න පුළුවන්.

ලෝකෙම 'ඔව්' කියද්දි, හරි දේ වෙනුවෙන් 'නෑ' කියන්න පුළුවන්කම තමයි පිරිමියෙක් සතු විය යුතු නියම පෞරුෂය. මොකද රෑට නිදාගන්න ඇඳට ගියාම 'මම කාටවත් බයේ මගේ ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ' කියලා දැනෙන ඒ සැනසීම, කෝටි ගාණක් දුන්නත් කඩෙන් ගන්න බෑ!"

"තනිවෙන්න බය වෙන්න එපා... සිංහයෝ කොහොමත් ඇවිදින්නේ තනියම!" 🦁🔥

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#VasiliArkhipov #TheManWhoSavedTheWorld #CubanMissileCrisis #History #Hero #NuclearWar #TrueStory #NokeeKatha #නොකීකතා #Gratitude

එදා එයා බය වෙලා "ඔව්" කිව්වා නම්, අද අපි කවුරුත් මේ පොළොවේ නෑ... ලෝක විනාශය තනි අතින් නතර කළ නිහඬ වීරයා! ⚓☢️🌍  - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න