Ad Space - leaderboard (728x90)

දරුවෝ ටික බිරිඳ අරන් ගියා... රස්සාවල් 10කින් දොට්ට දැම්මා... දිවි නසාගන්න ගිය අවුරුදු 65ක "සීයා" ලෝකයක් දිනපු හැටි! 🍗👴...

🔍 අභිරහස්
දරුවෝ ටික බිරිඳ අරන් ගියා... රස්සාවල් 10කින් දොට්ට දැම්මා... දිවි නසාගන්න ගිය අවුරුදු 65ක "සීයා" ලෝකයක් දිනපු හැටි! 🍗👴...

දරුවෝ ටික බිරිඳ අරන් ගියා... රස්සාවල් 10කින් දොට්ට දැම්මා... දිවි නසාගන්න ගිය අවුරුදු 65ක "සීයා" ලෝකයක් දිනපු හැටි! 🍗👴❤️

අද වෙද්දි අපේ රටේ ගොඩක් මිනිස්සු ඉන්නේ මනසින් වැටිලා. ආර්ථික ප්‍රශ්න නිසා, ණය බර නිසා, පවුල් ප්‍රශ්න නිසා ජීවිතේ එපා වෙච්ච මිනිස්සු දහස් ගණනක් අපි අතර ඉන්නවා. සමහරවිට මේ ලිපිය කියවන ඔයාටත් හිතෙනවා ඇති "ඇයි මටම මෙහෙම වෙන්නේ? මගේ ජීවිතේ දැන් ඉවරයි, මට ආයේ ගොඩ යන්න බෑ" කියලා.

ඔබට එහෙම හිතෙනවා නම්, මොහොතකට හිතන්න... ඔබට වයස අවුරුදු 65ක් වෙලා, අතේ රුපියලක්වත් නැතුව, ජීවිත කාලෙම කට්ට කාලා හදපු ව්‍යාපාරයත් බංකොලොත් වෙලා, ආයෙත් හිස් අතින්ම මහ පාරට වැටුණොත් ඔයා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම "දැන් නම් ජීවත් වෙලා වැඩක් නෑ" කියලා හිතෙයි නේද?

මේ කියන්න යන්නේ අන්න එහෙම වුණ, මුළු ලෝකයක්ම "පරාජිතයෙක්" විදියට අයින් කරපු මනුස්සයෙක්ගේ ඇත්තම කතාවක්.

ඔහුගේ නම හාර්ලන්ඩ් සැන්ඩර්ස්. නම කිව්වට සමහර විට ඔබ ඔහුව නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි කවුරුත් අද ආසාවෙන් කන KFC (Kentucky Fried Chicken) එකේ ලාංඡනය දිහා බැලුවම පේන, සුදු කෝට් එකක් ඇඳගෙන හිනාවෙලා ඉන්න ඒ ආච්චි සීයා කවුද කියලා ඔබ දන්නවා. අපි දකින්නේ ඒ සීයගේ හිනාව විතරයි. ඒත් ඔහු ඒ හිනාවට යටින් ජීවිත කාලයක් තිස්සේ විඳපු කඳුළු කන්දරාව ගැන කවුරුත්ම දන්නේ නැහැ. ඔහු පොඩි කාලේ ඉඳන්ම සැප විඳපු සල්ලිකාරයෙක් නෙවෙයි. ඔහුගේ ජීවිතය කියන්නේ උපතේ සිටම අවාසනාව විසින් ලුහුබැඳපු ඛේදවාචකයක්.

හාර්ලන්ඩ් සැන්ඩර්ස්ගේ කතාව කියන්නේ මල් යහනාවක් නෙවෙයි, උපතේ ඉඳන්ම කටු අත්තක පිපුණු ජීවිතයක්. ඔහුගේ අවාසනාව පටන් ගත්තේ වයස අවුරුදු පහේදීමයි. තමන්ට හෙවනක් වෙන්න හිටපු තාත්තා හදිසියේම මිය ගියාම, ඒ පුංචි පවුලට අහස කඩන් වැටුණා වගේ වුණා. තාත්තා නැති ගෙදර බර අදින්න අම්මා පාන්දරම රස්සාවට යද්දි, අවුරුදු පහේ පුංචි සැන්ඩර්ස්ට සිද්ධ වුණා ගෙදර උයන පිහන වැඩේ ඉඳන් තමන්ගේ බාල මල්ලිලා නංගිලා බලාගන්න වගකීම තනියම කරට ගන්න. අනිත් ළමයි සෙල්ලම් කරද්දි මේ පුංචි දරුවා ලිප ගිනි මෙලෙව්වා.

ඉගෙන ගන්න ඔහුට තිබුණේ පුදුම ආසාවක්. ඒත් දෛවය ඒකට ඉඩ දුන්නේ නෑ. ගෙදර තිබුණ දරාගන්න බැරි දුප්පත්කම සහ සුළු පියාගෙන් එල්ල වුණ පීඩනය නිසා වයස අවුරුදු 16 වෙද්දි ඔහුට පාසල් ගමනට ආයුබෝවන් කියන්න සිද්ධ වුණා. පොතක් පැන්සලක් අල්ලන්න ඕන ඒ මල් වයසේදී ඔහු මහ පාරට බැස්සේ ජීවිතේ ගැටගහගන්න. එතනින් පස්සේ ඔහු නොකරපු රස්සාවක් නැහැ. ඇඟේ පතේ හයිය තියෙන කාලේ කෝච්චි එන්ජින් වලට ගල් අඟුරු දාන්න ගියා, මූණ කට කළු කරගත්තා. බස් කොන්දොස්තර වැඩ කළා. රේල් පාරේ යකඩ එක්ක ඔට්ටු වුණා. ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඉන්ෂුවරන්ස් වික්කා. අන්තිමට නීතිඥයෙක් වෙන්න උත්සාහ කළා. නමුත් දෛවයේ සරදම කියන්නේ, ඔහු කරපු මේ හැම රස්සාවකින්ම ඔහුව දොට්ට දැම්මා. "තමුසෙට කිසිම දෙයක් හරියට කරන්න බැහැ... තමුසෙ වැඩකට නැති එකෙක්" කියලා හාම්පුත්තු ඔහුගේ මූණටම බැන්නා. හැමදාම රස්සාව නැතිවෙලා හිස් අතින් ගෙදර එද්දි ඔහුට දැනුණ වේදනාව වචනයෙන් කියන්න බෑ.

මේ ඔක්කොම ප්‍රශ්න අස්සේ ඔහුගේ හිතට තිබුණ එකම හයිය, එකම බලාපොරොත්තුව ඔහුගේ ආදරණීය පවුල් ජීවිතය විතරයි. ඔහු වයස අවුරුදු 18 දී විවාහ වුණා. 'රස්සාවල් නැති වුණාට කමක් නෑ, මට මගේ බිරිඳ ඉන්නවනේ' කියලා ඔහු හිත හදාගත්තා. නමුත් ඒ සතුට තිබුණේ අවුරුදු දෙකයි. සැන්ඩර්ස්ගේ මේ අසාර්ථක, ස්ථිර ආදායමක් නැති ජීවිතය දරාගන්න බැරි වුණ තැන, ඔහුගේ බිරිඳ ගත්ත තීරණයෙන් ඔහු සම්පූර්ණයෙන්ම අන්ත අසරණ වුණා.

දවසක් ඔහු වැඩ ඉවර වෙලා ගෙදර එද්දි දැක්කේ හිතාගන්න බැරි දෙයක්. ගෙදර බඩු මුකුත් නෑ... ගෙය පාළුවට ගිහින්. එයාගේ ආදරණීය බිරිඳ, තමන්ගේ පණ වගේ ආදරේ කරපු පුංචි දරුවවත් උස්සගෙන, ලියුම් කෑල්ලක්වත් ඉතුරු නොකර ඔහුව දාලා ගිහින් තිබුණා. තමන්ගේම කියලා හිටපු එකම කෙනාත්, තමන් වැටුණු වෙලාවේ අත දෙනවා වෙනුවට දාලා ගියාම මිනිහෙක්ට කොච්චර නම් දුකක් දැනෙනවා ඇද්ද? එදා රෑ ඒ පාළු ගෙදර ඔහු තනි වුණා. පරාජිතයෙක් වුණා. එතනින් පස්සේ අවුරුදු ගණනාවක් යනකම් ඔහු ජීවත් වුණේ හුස්ම ගන්න නිසා ජීවත් වෙන, නිකම්ම නිකන් මනුස්සයෙක් විදියට විතරයි."

කාලය ගෙවිලා ගියා. හාර්ලන්ඩ් සැන්ඩර්ස්ට වයස අවුරුදු 65 සම්පූර්ණ වුණා. එතනදි ඔහුට ආයෙත් අකුණු සැරයක් වැදුණා. ඔහු මෙච්චර කල් කරගෙන ආපු පුංචි රෙස්ටොරන්ට් එකත් පාරක් පුළුල් කිරීමක් නිසා වහලා දාන්න සිද්ධ වුණා. වයස 65 දි ඔහු ආයෙත් බංකොලොත් වුණා.

එදා ඔහුට රජයෙන් සමාජ ආරක්ෂණ දීමනාව විදියට ඩොලර් 105ක චෙක් එකක් ලැබුණා. ඒ චෙක් එක දිහා බලාගෙන එදා ඔහු ගහක් යට වාඩි වෙලා හොඳටම කල්පනා කළා. 'මම මොකටද ජීවත් වෙන්නේ? මට දැන් වයසයි. මම කරපු හැමදේම කෙළවුණා. මම සමාජයට බරක් විතරයි. මගේ ජීවිතේ ඉවරයි' කියලා ඔහුට හිතුණා. ඔහු හිටියේ ජීවිතේ අතාරින්න ඔන්න මෙන්න.

නමුත් ඒ මොහොතේ එකපාරටම ඔහුගේ හිතට පුංචි සිතුවිල්ලක් ආවා. "මම හැමදේම පැරදුණා තමයි... ඒත් මට එක දෙයක් පුළුවන් නේද? මට පුළුවන් මගේ අම්මා කියලා දුන්න විදියට රසට උයන්න. ඇයි මම ඒකෙන් ආයේ ගේමක් නොගහන්නේ?"

Ad Space - in-article (300x250)

පරාජය භාරගන්න ගිය ඒ මනුස්සයා එදා ආපහු නැගිට්ටා. ඔහු තමන්ගේ අන්තිම ඩොලර් ටිකත් වියදම් කරලා, ණය වෙලා කුළුබඩු වර්ග 11ක් එකතු කරලා අලුත් විදියකට කුකුල් මස් බැද්දා.

හැබැයි ඔහුට ඒක විකුණගන්න කඩයක් තිබුණේ නැහැ. ඔහු කළේ ඒ බැදපු කුකුල් මස් ටිකත් අරගෙන පාරවල් ගානේ, කඩවල් ගානේ ගියපු එකයි. ඔහු හෝටල් හිමියන් ළඟට ගිහින් බැගෑපත් වුණා. "මේ කුකුල් මස් කාලා බලන්න. මේක රසයි නම් මගේ රෙසිපි එක ඔයාලා ගන්න. හැබැයි විකුණන හැම කෑල්ලකටම මට පොඩි ගානක් දෙන්න" කියලා ඔහු ඉල්ලුවා. නමුත් කවුරුත් ඒ නාකියා ගණන් ගත්තේ නැහැ. "පලයන් මනුස්සයෝ යන්න, අපිට ඕවා වැඩක් නෑ" කියලා හැමෝම දොර වැහුවා. ඔහුට නිදාගන්න තැනක් තිබුණේ නැහැ. රෑට ඔහු නිදාගත්තේ තමන්ගේ පරණ කාර් එකේ පිටුපස සීට් එකේ ගුලි වෙලා. උදේට ආයේ කඩවල් ගානේ ගියා.

ඔබට පුළුවන්ද නිකමට හිතන්න... මේ මනුස්සයා එක පාරක් දෙපාරක් නෙවෙයි, වාර 1009ක් ප්‍රතික්ෂේප වුණා! මිනිස්සු 1009 දෙනෙක් 'අපිට එපා, ඕකත් අරන් පලයන්' කියලා ඒ අහිංසක වයසක මනුස්සයාගේ මූණටම දොරවල් වහලා දැම්මා. ඇඟේ පතේ හයිය තියෙන තරුණයෙක් වුණත් මේ වගේ වෙලාවක බිම දණ ගහනවා. ඒත් මේ වයසක සීයා තමන්ගේ හීනය අතෑරියේ නෑ. කාර් එකේ සීතලේ ගැහි ගැහි නිදාගත්තත්, ඔහු පහුවදා උදේ ආයෙමත් තමන්ගේ කුළුබඩු පෙට්ටිය උස්සගෙන පාරට බැස්සේ පුදුම ආත්ම විශ්වාසයකින්.

ඔහු 1010 වෙනි දොරටත් ගිහින් තට්ටු කළා. අන්තිමට දෛවයට සිද්ධ වුණා ඒ යකඩ වගේ උත්සාහය ඉස්සරහ දණ ගහන්න. අන්න එතනදි ඔහුට 'ඔව්' කියන උත්තරේ ලැබුණා. එකම එක හෝටලයක් ඔහුගේ රෙසිපි එකට කැමති වුණා. එදා ඒ ලැබුණ පුංචි අවස්ථාවෙන් පටන් ගත්ත ගමන, අද වෙද්දි රටවල් 150ක, ශාඛා 25,000ක් තියෙන දැවැන්ත 'KFC අධිරාජ්‍යය' බවට පත් වුණා. අද අපි ලෝකේ කොහේ ගියත් දකින ඒ සුදු ඇඳුම ඇඳපු හිනාවෙන සීයාගේ රූපය හැදුනේ එහෙමයි.

නිකමට හිතන්න... එදා ජීවිතේ ඔක්කොම නැතිවෙලා, ගහක් යට වාඩි වෙලා 'මම මැරෙනවා' කියලා ලියුම ලියපු ඒ අසරණ මනුස්සයා, මුළු ලෝකයක්ම ආදරය කරන මහා කෝටිපතියෙක් වෙද්දි වයස අවුරුදු 88යි!.

මචං, මේ කතාව කියවන උඹට තාම වයස අවුරුදු 25යි ද? 30යි ද? 40යි ද? උඹ පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් දැන් කියනවා "මගේ ජීවිතේ පරක්කුයි, මට කෙළවෙලා තියෙන්නේ, මට මැරෙන්න හිතෙනවා" කියලා. නිකමට හිතපන්, අවුරුදු 65ක් වෙනකම්ම පරාජය විතරක්ම ලබපු සීය කෙනෙක්ට පුළුවන් නම් ඒ වයසෙදි නැගිටලා මුළු ලෝකයක් දිනන්න, ඇඟේ පතේ හයිය තියෙන තරුණ උඹට බැරි ඇයි? උඹට රස්සාව නැති වුණාද? ණය වුණාද? ආදරේ කරපු කෙල්ල දාලා ගියාද? කමක් නෑ... අද රෑට හොඳට නිදාගන්න. හෙට උදේ නැගිටලා ආයේ අලුතින් පටන් ගන්න. මතක තියාගන්න, ඔබ පරදින්නේ ඔබ උත්සාහ කිරීම නතර කළ දවසට විතරයි. කර්නල් සැන්ඩර්ස් අපිට ඉගැන්නුවේ ඒ පාඩමයි.

වැටුණු මිනිස්සුන්ට නැගිටින්න මේ කතාව ශෙයා කරන්න. ❤️💪

1009 වතාවක් පරදිද්දිත් අතාරින්නේ නැතුව හිටපු ඒ හිතේ හයිය ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයා නම් කී පාරෙන් අතාරිනවද? 🤔👇

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#ColonelSanders #KFC #Motivation #NeverGiveUp #LifeLessons #SriLanka #Hope #SinhalaMotivation #NokeeKatha #නොකීකතා

දරුවෝ ටික බිරිඳ අරන් ගියා... රස්සාවල් 10කින් දොට්ට දැම්මා... දිවි නසාගන්න ගිය අවුරුදු 65ක "සීයා" ලෝකයක් දිනපු හැටි! 🍗👴... - 2
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

අපේ ලංකාවේ තියෙන, විද්‍යාවටවත් තවම හරියටම උත්තර හොයාගන්න බැරි වුණු අභිරහස් 10ක්! 😱 මේකෙන් ඔයාව ගොඩක්ම පුදුම කරේ කීවෙනි ...
🔍 අභිරහස්▶ Video

අපේ ලංකාවේ තියෙන, විද්‍යාවටවත් තවම හරියටම උත්තර හොයාගන්න බැරි වුණු අභිරහස් 10ක්! 😱 මේකෙන් ඔයාව ගොඩක්ම පුදුම කරේ කීවෙනි ...

අපේ ලංකාවේ තියෙන, විද්‍යාවටවත් තවම හරියටම උත්තර හොයාගන්න බැරි වුණු අභිරහස් 10ක්! 😱 මේකෙන් ඔයාව ගොඩක්ම පුදුම කරේ කීවෙනි එකද? යාලුවන්ටත් බලන්න Share කරන්න! 👇

උපන් දා සිට වසර 16ක්ම කරුවලේ හිරවී සිටි ලෝකයේ ලොකුම අභිරහස! 🤯
🔍 අභිරහස්

උපන් දා සිට වසර 16ක්ම කරුවලේ හිරවී සිටි ලෝකයේ ලොකුම අභිරහස! 🤯

උපන් දා සිට වසර 16ක්ම කරුවලේ හිරවී සිටි ලෝකයේ ලොකුම අභිරහස! 🤯 නිකමට හිතලා බලන්න... ඉපදුණු දා ඉඳන් අවුරුදු 16ක් යනකම් කිසිම එළියක් නැති, එකම එක අඳුරු කාමරයක තනියම හිරවෙලා ඉන්න වුණොත් මොනවා වෙයිද? ඔයා ...

ලෝකයම මවිත කළ, අදටත් නොවිසඳුණු අභිරහස! 🤯
🔍 අභිරහස්▶ Video

ලෝකයම මවිත කළ, අදටත් නොවිසඳුණු අභිරහස! 🤯

ලෝකයම මවිත කළ, අදටත් නොවිසඳුණු අභිරහස! 🤯 අවුරුදු 16ක් යනකම්ම කරුවලේ හිරකරගෙන හිටපු මේ ළමයා ඇත්තටම කවුද? සැඟවුණු රජ කුමාරයෙක්ද? නැත්නම් මුළු ලෝකයම රවට්ටපු කෙනෙක්ද? 1828 දී ජර්මනියෙන් මතුවෙලා අද්භූත වි...

1971 දී විද්‍යාඥයින් පිරිසක් කරපු පොඩි වැරැද්දක් නිසා අදටත් මේ කාන්තාරය මැද මහා ගින්නක් පත්තු වෙනවා. 😳 ලෝකයේ තියෙන භයාන...
🔍 අභිරහස්▶ Video

1971 දී විද්‍යාඥයින් පිරිසක් කරපු පොඩි වැරැද්දක් නිසා අදටත් මේ කාන්තාරය මැද මහා ගින්නක් පත්තු වෙනවා. 😳 ලෝකයේ තියෙන භයාන...

1971 දී විද්‍යාඥයින් පිරිසක් කරපු පොඩි වැරැද්දක් නිසා අදටත් මේ කාන්තාරය මැද මහා ගින්නක් පත්තු වෙනවා. 😳 ලෝකයේ තියෙන භයානකම තැන්වලින් එකක් විදිහට සැලකෙන මේ "අපායේ දොරටුව" ඇතුළේ ඇත්තටම තියෙන්නේ මොනවාද? ...

🚨 වසර 32කට පසු අතුරුදන් වූ දැරියක් ජීවතුන් අතර සිටියදී සොයාගත් අතිශය විශ්මිත පුවත!🚨
🔍 අභිරහස්

🚨 වසර 32කට පසු අතුරුදන් වූ දැරියක් ජීවතුන් අතර සිටියදී සොයාගත් අතිශය විශ්මිත පුවත!🚨

🚨 වසර 32කට පසු අතුරුදන් වූ දැරියක් ජීවතුන් අතර සිටියදී සොයාගත් අතිශය විශ්මිත පුවත!🚨 මෙය හොලිවුඩ් අභිරහස් චිත්‍රපටයක තිර රචනයක් යැයි ඔබට සිතුණත්, ඇත්ත වශයෙන්ම මෙය අප ජීවත් වන ලෝකයේ සිදුවූ අතිශය පුදුම...

🚨 ලංකා ඉතිහාසයේ සැඟවුණු අඳුරු රහස: ඇත්තටම නිට්ටෑවෝ කියන්නේ කවුද?🚨
🔍 අභිරහස්

🚨 ලංකා ඉතිහාසයේ සැඟවුණු අඳුරු රහස: ඇත්තටම නිට්ටෑවෝ කියන්නේ කවුද?🚨

🚨 ලංකා ඉතිහාසයේ සැඟවුණු අඳුරු රහස: ඇත්තටම නිට්ටෑවෝ කියන්නේ කවුද?🚨 අපේ රටේ ඉතිහාසය ගැන කතා කරද්දී අපි යක්ෂ, නාග, දේව, රාක්ෂ කියන ගෝත්‍ර ගැන අහලා තියෙනවා. ඒත්... ඔබ කවදාහරි අහලා තියෙනවද අපේ මහා වනාන්ත...