Ad Space - leaderboard (728x90)

මුළු ජීවිත කාලයම ඉඳිකටු පාරවල් කෑවා... තමන්ගේ එක අතකින් දරුවන් "ලක්ෂ 24කගේ" ජීවිත බේරගත්තා! ලෝකයේ එකම "රත්තරන් ලේ" තිබූ ...

❤️ ආශ්වාදජනක කතා2025 උඳුවප් 154 min read
මුළු ජීවිත කාලයම ඉඳිකටු පාරවල් කෑවා... තමන්ගේ එක අතකින් දරුවන් "ලක්ෂ 24කගේ" ජීවිත බේරගත්තා! ලෝකයේ එකම "රත්තරන් ලේ" තිබූ ...

මුළු ජීවිත කාලයම ඉඳිකටු පාරවල් කෑවා... තමන්ගේ එක අතකින් දරුවන් "ලක්ෂ 24කගේ" ජීවිත බේරගත්තා! ලෝකයේ එකම "රත්තරන් ලේ" තිබූ දෙවියෙක් වන් මිනිසා සමුගනී! 🩸👶😭

ඔබ කවදාහරි විශ්වාස කරනවාද, තනි මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුළ දරුවන් ලක්ෂ 24ක (මිලියන 2.4ක) ජීවිත බේරගන්න පුළුවන් කියලා? මේ ලෝකේ ජීවත් වෙන ඒ මිලියන ගණනක දරුවන් අද හුස්ම ගන්නේ මේ මනුස්සයාගේ දකුණු අතේ නහර වලින් ගලාගෙන ගියපු ලේ ටික නිසා බව ඔබ දන්නවාද? නමින් ජේම්ස් හැරිසන් (James Harrison) වූ මේ අපූරු මිනිසාට ලෝකය කිව්වේ "The Man with the Golden Arm" (රත්තරන් අතක් ඇති මිනිසා) කියලයි. අවාසනාවට, ලෝකයක් ජීවත් කරවපු මේ රත්තරන් මනුස්සයා පසුගිය පෙබරවාරි මාසයේ අප අතරින් සදහටම වෙන් වුණා. මේ ඔහුගේ කතාවයි.

මේ ආශ්චර්යමත් කතාව පටන් ගන්නේ මීට අවුරුදු 70කට කලින්. 1951 වසරේදී ජේම්ස් අවුරුදු 14ක පුංචි කොල්ලෙක්. හදිසියේම එයාට පෙනහළු ආශ්‍රිත දරුණු අසනීපයක් හැදෙනවා. දොස්තරලා තීරණය කරනවා එයාගේ එක පෙනහල්ලක් ශල්‍යකර්මයකින් අයින් කරන්න ඕන කියලා. ඒ කාලේ හැටියට මේක මාරාන්තික ඔපරේෂන් එකක්. පැය ගණනාවක් තිස්සේ කරපු මේ සැත්කමේදී ජේම්ස්ගේ ඇඟෙන් ලේ ගොඩක් අයින් වුණා. එයාගේ ජීවිතේ බේරගන්න නම් පිටින් ලේ දෙන්නම සිද්ධ වුණා. එදා නොදන්නා මිනිස්සු ගොඩක් එයා වෙනුවෙන් ලේ පරිත්‍යාග කළා. හරියටම ලේ පයින්ට් 13ක් (ලීටර් 6ක් විතර) එයාගේ ඇඟට දාන්න වුණා. මාස 3ක් රෝහලේ ඉඳලා එයා අමාරුවෙන් ජීවිතේ බේරගත්තා.

සුව වෙලා ගෙදර යද්දි ජේම්ස්ගේ තාත්තා එයාට කිව්වා, "පුතේ, උඹ අද ජීවත් වෙන්නේ උඹ කවදාවත් දැකපු නැති, උඹව අඳුරන්නෙවත් නැති මිනිස්සු ටිකක් දීපු ලේ නිසා. ඒ ණය කවදාහරි ගෙවපන්" කියලා. එදා අවුරුදු 14 ජේම්ස් තමන්ටම පොරොන්දුවක් වුණා. "මම ලේ දෙන්න පුළුවන් වයසට (අවුරුදු 18ට) ආපු ගමන් මගේ ලේ දන් දෙනවා" කියලා.

හරියටම අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් ජේම්ස් ලේ බැංකුවට ගියා. එයා සාමාන්‍ය විදියට ලේ දුන්නා. හැබැයි දවස් කීපයකට පස්සේ දොස්තරලා කණ්ඩායමක් කලබලෙන් ජේම්ස්ව හොයාගෙන ආවා. "මිස්ටර් ජේම්ස්, ඔයා කවුද? ඔයා දන්නවද ඔයාගේ ඇඟේ දුවන්නේ නිකන්ම ලේ නෙවෙයි... දියමන්ති වගේ වටිනා ලේ වර්ගයක්" කියලා දොස්තරලා කිව්වා.

ඇත්තටම මොකක්ද වුණේ? ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ දරුණු ප්‍රශ්නයක් තිබුණා. අලුත උපදින දරුවන් දහස් ගණනක් එකපාරටම මැරෙනවා. සමහරු ඉපදෙද්දිම මැරිලා . සමහරුන්ට දරුණු මොළයේ ආබාධ. මේකට හේතුව තමයි "Rhesus Disease" කියන තත්ත්වය. සරලවම කිව්වොත්, අම්මාගේ ලේ වර්ගය RH නෙගටිව් වෙලා, බබාගේ ලේ වර්ගය RH පොසිටිව් වුණාම, අම්මාගේ ඇඟ ඇතුලෙදිම අම්මාගේ ප්‍රතිශක්තිය මගින් බබාව "විෂබීජයක්" කියලා හිතලා විනාශ කරනවා. මේකට ලෝකේ කිසිම බෙහෙතක් තිබුණේ නෑ. අම්මලා දහස් ගණන් ඇඬුවා මල දරු උපත් නිසා.

නමුත් දෙවියන්ගේ කැමැත්තට වගේ, ජේම්ස් හැරිසන්ගේ ලේ වල තිබුණා මේ ලෙඩේ නවත්තන්න පුළුවන් "Anti-D" කියන හරිම දුර්ලභ ප්‍රතිදේහය . දොස්තරලාට හිතාගන්න බැරි වුණා. ඔවුන් කිව්වා "ජේම්ස්, ඔයා කැමති නම් ඔයාගේ ලේ වලින් අපිට පුළුවන් මේකට වැක්සින් එකක් (Anti-D injection) හදන්න. හැබැයි ඒකට ඔයා නිතරම ලේ දෙන්න ඕන" කියලා.

එදා ජේම්ස් ගත්ත තීරණය මුළු ලෝකෙම වෙනස් කළා. එදා ඉඳන් එයා සති 2කට සැරයක් (සති 2න් 2ට ප්ලාස්මා දෙන්න පුළුවන්) ලේ බැංකුවට ගියා. අවුරුද්දක් නෙවෙයි, දෙකක් නෙවෙයි... අවුරුදු 60ක් තිස්සේ!

පුදුම හිතෙන කාරණය දන්නවද? ජේම්ස් කියන්නේ "ඉඳිකටු වලට පණ බය" (Needle phobia) මනුස්සයෙක්. එයා ඉඳිකටුවක් දිහා බලන්නවත් ආස නෑ. නමුත් එයා මේ අවුරුදු 60 පුරාවටම කළේ, නර්ස් එයාගේ අතට කටුව ගහද්දි අහක බලාගෙන, දත් මිට කාගෙන ඒ වේදනාව විඳගත්ත එකයි. "මගේ අතට කටුව අනිද්දි දැනෙන වේදනාවට වඩා, දරුවෙක් නැති වුණාම අම්මා කෙනෙක්ට දැනෙන වේදනාව වැඩියි" කියලා එයා නිතරම කිව්වා.

Ad Space - in-article (300x250)

ජේම්ස් තමන්ගේ ජීවිත කාලය තුළ 1,173 වතාවක් ලේ දන් දුන්නා. එයාගේ ශරීරයෙන් ගත්ත ලේ සහ ප්ලාස්මා වලින් හදපු එන්නත් (Anti-D Immunoglobulin) ලෝකය පුරාම බෙදා හැරියා. ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය ගණන් බලපු විදියට, එයාගේ මේ පරිත්‍යාගය නිසා මරණයෙන් බේරුණු බිළිඳුන් සංඛ්‍යාව ලක්ෂ 24ක් (මිලියන 2.4ක්)! ඒ අතර ජේම්ස්ගේම දුව වන ට්‍රේසිත් හිටියා. ඇයටත් දරුවෝ ලැබෙද්දි පාවිච්චි කළේ තමන්ගේ තාත්තාගේ ලේ වලින් හදපු බෙහෙත.

2018 වසරේදී වයස අවුරුදු 81 දී ඔහු සිය අවසන් ලේ දන් දීම සිදු කළා. එදා ලේ බැංකුවෙන් එළියට එන ඔහු වටා, ඔහු නිසා දරුවන් බේරාගත් අම්මලා සිය ගණනක් එකතු වෙලා හිටියා. ඔවුන් කඳුළු පිරුණු ඇස් වලින් ඔහුව බදාගෙන, තමන්ගේ දරුවන්ගේ ජීවිත බේරා දුන්නාට දෙවියෙක්ට වගේ ස්තුති කළා.

ලෝකයක් සුවපත් කළ මේ උතුම් මනුස්සයා, පසුගිය 2025 පෙබරවාරි 17 වෙනිදා වයස අවුරුදු 88 දී නිහඬවම මෙලොවින් සමුගත්තා. ඔහු මියගියේ සල්ලි මිටි පොදි බැඳගෙන නෙවෙයි. නමුත් ඔහු අවසන් හුස්ම හෙලද්දි ඔහු දැනගෙන හිටියා "මම නිසා අද ලෝකේ මිලියන ගාණක් හුස්ම ගන්නවා" කියලා. ඒ ආත්ම තෘප්තියම ඇති ඔහුට නිවන් දකින්න.

ජේම්ස් හැරිසන් මහත්මයාණෙනි, ඔබට සුබ ගමන්! ඔබ වීරයෙක් නෙවෙයි, මනුෂ්‍යත්වයේ දෙවියෙක්! ❤️🙏

කෝටි ගාණක් සල්ලි හෙව්වත් මැරෙනකොට ගෙනියන්න බෑ. හැබැයි මේ මනුස්සයා 'ජීවිත ලක්ෂ 24ක' පින අරගෙන යන්න ගියා. ඇත්තම සතුට තියෙන්නේ ලැබීමෙදි නෙවෙයි, දීමෙදි නේද? ❤️🙏

නොකී කතා - Untold Stories| තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#JamesHarrison #BloodDonation #GoldenArm #RealHero #Australia #TrueStory #Inspiration #SriLanka #Sinhala #NokeeKatha #නොකීකතා

මුළු ජීවිත කාලයම ඉඳිකටු පාරවල් කෑවා... තමන්ගේ එක අතකින් දරුවන් "ලක්ෂ 24කගේ" ජීවිත බේරගත්තා! ලෝකයේ එකම "රත්තරන් ලේ" තිබූ ... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න