Ad Space - leaderboard (728x90)

ඇය යන්න ගියා... හැබැයි ඇගේ 'නම' අදටත් දරුවන් දහස් ගණනක් ජීවත් කරවනවා! ෆෝන් එකට එන 'Amber Alert' තාක්ෂණය උපන් කඳුළු කතාව....

❤️ ආශ්වාදජනක කතා2025 උඳුවප් 164 min read
ඇය යන්න ගියා... හැබැයි ඇගේ 'නම' අදටත් දරුවන් දහස් ගණනක් ජීවත් කරවනවා! ෆෝන් එකට එන 'Amber Alert' තාක්ෂණය උපන් කඳුළු කතාව....

ඇය යන්න ගියා... හැබැයි ඇගේ 'නම' අදටත් දරුවන් දහස් ගණනක් ජීවත් කරවනවා! ෆෝන් එකට එන 'Amber Alert' තාක්ෂණය උපන් කඳුළු කතාව. 👧📲

සමහර මරණ තියෙනවා නිකම්ම අමතක වෙලා යන. හැබැයි සමහර මරණ තියෙනවා මුළු ලෝකයේම ඉරණම වෙනස් කරන. මේ කියන්න යන්නේ මීට අවුරුදු 29 කට කලින් සිද්ධ වෙච්ච, අදටත් ඇමරිකාවම කම්පා කරවන ඒ බිහිසුණු සිදුවීම ගැනයි.

වර්ෂය 1996. දිනය ජනවාරි 13 වෙනිදා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ආලිංග්ටන් කියන නගරයේ හිටපු හරිම සුරතල්, ලස්සන පුංචි කෙලි පොඩ්ඩක් තමයි ඇම්බර් හැගර්මන් (Amber Hagerman). එයාට වයස අවුරුදු 9යි. එදා සෙනසුරාදා දවසක් නිසා ඇම්බර් එයාගේ පොඩි මල්ලි රිකී එක්ක සෙල්ලම් කර කර හිටියා. එයාලා ආච්චිගේ ගෙදර ඉඳන් බයිසිකල් පදින්න පාරට බැස්සා. ගෙදර ඉඳන් පොඩි දුරකින් තිබුණ අතහැර දාපු ග්‍රොසරි ස්ටෝර් එකක පාකින් එකට වෙලා මේ දෙන්නා බයිසිකල් පැද්දා. ටික වෙලාවකින් මල්ලි රිකීට ගෙදර යන්න ඕන වුණා. එයා බයිසිකලේ හරවාගෙන ආච්චිගේ ගෙදර පැත්තට ගියා. ඇම්බර් අයියෝ මල්ලි තව ටිකක් ඉඳලා යමුකෝ කියලා එතන තනි වුණා.

ඒ මුළු සිදුවීමම වෙන්න ගියේ විනාඩි 8ක් වගේ පුංචි කාලයක්. මල්ලි ගෙදර ගිහින් ආයෙත් අක්කාව එක්කගෙන එන්න එද්දි එතන හිටියේ නෑ. එතන තිබුණේ ඇම්බර්ගේ වැටිච්ච බයිසිකලේ විතරයි.

සිද්ධ වෙලා තිබුණේ මහා ඛේදවාචකයක්. අසල්වැසියෙක් දැකලා තිබුණා කළු පාට පිකප් ට්‍රක් රථයකින් (Black pickup truck) ආපු නාඳුනන මිනිහෙක්, එකපාරටම ඇම්බර්ව බයිසිකලෙන් ඇදලා අරගෙන, බලෙන්ම වාහනේට දාගත්ත හැටි. ඒ පුංචි කෙල්ල බේරෙන්න කෑ ගහද්දි අර තිරිසනා එයාව දාගෙන වේගයෙන් පැනලා ගියා.

විනාඩි කිහිපයක් ඇතුළත පොලිසිය, එෆ්.බී.අයි (FBI) නිලධාරීන් සහ ගමේ මිනිස්සු දහස් ගණනක් පාරට බැස්සා. හෙලිකොප්ටර් වලින් හෙව්වා. ඇම්බර්ගේ අම්මා රූපවාහිනියට ඇවිත් හදවත පැලෙන විදියට ඇඬුවා. "අනේ මගේ දරුවා මට ගෙනත් දෙන්න, එයා තාම පොඩි ළමයෙක්, එයාට රිද්දන්න එපා" කියලා ඒ අම්මා කියපු කතාවට මුළු ඇමරිකාවම ඇඬුවා. දවස් 4ක් තිස්සේ මුළු පළාතම පීරලා හෙව්වා.

නමුත් ඒ කතාවේ අවසානය ඉතාම අවාසනාවන්තයි. දවස් 4කට පස්සේ, ඇම්බර්ව පැහැරගත්ත තැන ඉඳන් සැතපුම් කීපයක් එහායින් තිබුණ වතුර පිරුණු ඇළක් අයිනේ තිබිලා ඇගේ පුංචි මළ සිරුර හමුවුණා. ඇයව දූෂණය කරලා, බෙල්ල කපලා මරා දාලා තිබුණා. (අද වෙනකම් ඇයව මරපු ඒ මිනීමරුවා කවුද කියලා හොයාගන්න බැරි වුණා. ඒක තාමත් නොවිසඳුණු අබිරහසක්).

මේ සිද්ධියෙන් පස්සේ ප්‍රදේශයේ මිනිස්සුන්ට ආවේ පුදුම කේන්තියක්. අම්මලා තාත්තලා පාරට බැහැලා ප්‍රශ්න කරන්න ගත්තා. "ඇයි අපිට මේ ගැන දැනගන්න ලැබුණේ රෑ නිව්ස් වලට? එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. පැහැරගෙන විනාඩි කිහිපයක් ඇතුළත, අර කළු පාට වෑන් එක ඒ පැත්තෙන් පැනලා යන්න කලින් මුළු ප්‍රදේශයම දැනුවත් කරන්න සිස්ටම් එකක් තිබුණා නම්, අදටත් ඇම්බර් අපේ දරුවෙක් විදියට ජීවත් වෙනවා නේද?" කියලා ඔවුන් ඇහුවා.

එතන හිටපු ඩයනා සයිමන් කියන අම්මා කෙනෙක් රේඩියෝ ස්ටේෂන් එකකට කතා කරලා කිව්වා අපූරු කතාවක්. "අපි කාලගුණය ගැන, ටොනාඩෝ එකක් එනවා නම් තත්පර ගාණෙන් මුළු රටම දැනුවත් කරනවා. ඇයි අපිට බැරි දරුවෙක්ව පැහැරගත්තම ඒ වගේම ඉක්මනට රටම දැනුවත් කරන්න?"

Ad Space - in-article (300x250)

අන්න ඒ කතාව නිසා, පුංචි ඇම්බර්ගේ මරණය පදනම් කරගෙන ලෝකයට හඳුන්වා දුන්නා "AMBER Alert" (America's Missing: Broadcast Emergency Response) කියන තාක්ෂණය.

මේ තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ හරිම පුදුම විදියට. අද ඇමරිකාවේ හරි දියුණු රටක හරි ළමයෙක්ව පැහැරගත්තා කියලා පොලිසිය තහවුරු කරගත්ත ගමන්, ඒ ප්‍රදේශයේ ඉන්න හැමෝගෙම මොබයිල් ෆෝන් වලට එකපාරටම ලොකු සද්දයක් (Emergency Alarm) එක්ක විශේෂ මැසේජ් එකක් එනවා. අපි ඩේටා ඔන් කරලා හිටියත් නැතත්, සද්දේ අඩු කරලා (Silent) හිටියත් මේ "මරණීය සයිරන්" එක වදිනවා. ඒ මැසේජ් එකේ වැටෙනවා "ළමයාගේ වයස, ඇඳන් ඉන්න ඇඳුම සහ පැහැරගත් වාහනයේ පාට සහ නම්බර් එක".

ඒ විතරක් නෙවෙයි, හයිවේ වල තියෙන ඩිජිටල් බෝඩ් වල, ටීවී චැනල් වල, රේඩියෝ වල එකපාරටම වැඩසටහන් නතර වෙලා මේ නිවේදනය යනවා. මේ නිසා පැහැරගන්නාට පැනලා යන්න බැහැ. මිනිස්සු දහස් ගණනක් පාරේ ඇස් ඇරගෙන ඉන්නේ. මේ සිස්ටම් එක නිසා මේ වෙනකොට ලෝකය පුරා දරුවන් 1200කට වැඩි පිරිසක් මරණයෙන් බේරගෙන තියෙනවා. සමහර වෙලාවට එලාම් එක වදිද්දි පැහැරගත්ත මිනිස්සු බය වෙලා ළමයව දාලා දුවන අවස්ථා ඕන තරම් තියෙනවා.

ලංකාවෙ අපිට තාම අර ෆෝන් එකට එකපාරටම සයිරන් එකක් එන, මුළු රටම තත්පරෙන් දැනුවත් කරන SMS Broadcast සිස්ටම් එකක් නෑ.

"පුංචි ඇම්බර්" එදා ජීවිතෙන් වන්දි ගෙවලා ලෝකෙටම පාඩමක් ඉගැන්නුවා. ඇය අද ජීවතුන් අතර නැති වුණත්, ඇය නිසා හැදුණු තාක්ෂණයෙන් අදටත් ලෝකේ කොහේ හරි දරුවෙක්ගේ ජීවිතයක් බේරෙනවා. අපේ රටෙත් දරුවෙක් නැති වුණාම ෆේස්බුක් පෝස්ට් එකක් ෂෙයාර් වෙනකම්, රෑ නිව්ස් යනකම් බලාගෙන ඉන්නවට වඩා, මේ වගේ ඉක්මන් තාක්ෂණයක් තිබුණා නම් තවත් අහිංසක ජීවිත කීයක් බේරගන්න තිබුණාද?

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#AmberAlert #ChildSafety #AmberHagerman #MissingKids #Technology #TrueStory #SriLanka #Sinhala #NokeeKatha #නොකීකතා

ඇය යන්න ගියා... හැබැයි ඇගේ 'නම' අදටත් දරුවන් දහස් ගණනක් ජීවත් කරවනවා! ෆෝන් එකට එන 'Amber Alert' තාක්ෂණය උපන් කඳුළු කතාව.... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න