බඩගින්නට තමන්ගේ බල්ලව ඩොලර් 25ට විකුණූ "හිඟන්නා", ලෝකයක් දණ ගැස්සූ හැටි! - සිල්වෙස්ටර් ස්ටැලෝන් 🥊🐶🔥
උපතින්ම එයාගේ මූණේ පැත්තක් පණ නෑ. කතා කරද්දි වචන පැටලෙනවා. කටහඬ ගොරෝසුයි. මේ පෙනුම නිසාම කිසිම චිත්‍රපටයක රඟපාන්න එයාට චාන්ස් එකක් ලැබුණේ නෑ. අධ්‍යක්ෂකවරු එයාට බැනලා එලවගත්තා. "තමුන් වගේ කැත මූණක් තියෙන, කතා කරන්න බැරි එකෙක්ව කවුද ෆිල්ම් වලට ගන්නේ?" කියලා ඔවුන් මූණටම කිව්වා.
එයා ගාව සත පහක් තිබුණේ නෑ. දවස් ගාණක් නිදාගත්තේ නිව්යෝර්ක් වල බස් ස්ටෑන්ඩ් එකේ. කන්න සල්ලි නැති නිසා එයාගේ පණ වගේ හිටපු බල්ලා "බට්කස්" (Butkus) ව කන්න බොන්න දීලා බලාගන්න එයාට විදියක් තිබුණේ නෑ. තමන් බඩගින්නේ හිටියට කමක් නෑ, බල්ලා බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න බැරිම තැන, එයා තීරණය කළා තමන්ගේ ආදරණීය බල්ලව නාඳුනන කෙනෙක්ට විකුණන්න. එයා බල්ලව දුන්නේ ඩොලර් 25කට. එදා බල්ලව දීලා එයා පොඩි දරුවෙක් වගේ මහ පාරේ ඇඬුවා.
ඒත් එයාගේ හිතේ තිබුණ හීනය එයා අතෑරියේ නෑ. දවසක් එයා මොහොමඩ් අලිගේ බොක්සිං මැච් එකක් බලලා ගෙදර ඇවිත්, දවස් 3ක් එක දිගට නිදි මරාගෙන ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ලිව්වා. ඒකේ නම "රොකී" (Rocky).
එයා මේක අරන් ස්ටූඩියෝ ගාණක රස්තියාදු වුණා. අන්තිමට එක ස්ටූඩියෝ එකක් මේ කතාවට පිස්සු වැටුණා. ඔවුන් ස්ටැලෝන්ට යෝජනාවක් කළා.
"අපි මේ ස්ක්‍රිප්ට් එක ගන්නම්. අපිට ඕන මේකේ ප්‍රධාන නළුවා විදියට ප්‍රසිද්ධ කෙනෙක්ව දාන්න. ඒ නිසා අපි ඔයාට ස්ක්‍රිප්ට් එකට විතරක් ඩොලර් 360,000ක් (කෝටි ගාණක්) දෙන්නම්. හැබැයි ඔයා රඟපාන්න බෑ!"
නිකන් හිතන්න... අතේ සතේ නෑ, බල්ලව විකුණලා ඉන්නේ, බස් හෝල් වල නිදාගන්නේ. ඒ වෙලාවේ අතට එන කෝටි ගාණක සල්ලි කවුද එපා කියන්නේ?
ඒත් ස්ටැලෝන් ඒ සල්ලි ප්‍රතික්ෂේප කළා!
"මේක මගේ කතාව. මේකේ වීරයා වෙන්න ඕන මම විතරයි. නැත්නම් මම මේක දෙන්නේ නෑ." එයා බඩගින්නේ හිටියත් තමන්ගේ වටිනාකම පාවා දුන්නේ නෑ.
අන්තිමට ස්ටූඩියෝ එක කැමති වුණා. හැබැයි කොන්දේසියක් උඩ. "හරි උඹම රඟපාපන්. හැබැයි අපි උඹට ස්ක්‍රිප්ට් එකටයි රඟපානවටයි දෙකටම ගෙවන්නේ ඩොලර් 35,000යි. කැමති නම් ගනින්."
අර ලැබෙන්න තිබුණ ලක්ෂ ගාණ අතෑරලා, තමන්ගේ හීනය වෙනුවෙන් එයා මේ ඩොලර් 35,000 ඉල්ල ගත්තා.
ඔන්න එයාගේ ජීවිතේ වෙනස් වුණ තැන!
ස්ටූඩියෝ එකෙන් ඒ ඩොලර් 35,000ක අත්තිකාරම් මුදල අතට ලැබුණ ගමන්, ෆිල්ම් එක ෂූට් කරන්නත් කලින් එයා කෙලින්ම දිව්වේ අර බල්ලව විකුණපු මනුස්සයා හොයාගෙන.
දවස් 3ක් එතන රස්තියාදු වෙලා, ඩොලර් 25ට විකුණපු තමන්ගේ බල්ලව එයා ආපහු ඉල්ලුවා. අර මනුස්සයා බල්ලව දෙන්න කැමති වුණේ නෑ. අන්තිමට ස්ටැලෝන් තමන්ට අමාරුවෙන් ලැබුණ සල්ලි වලින් ඩොලර් 5,000ක් දීලා ආපහු බල්ලව සල්ලි දීලා ගත්තා. ❤️
තවත් මාරම දෙයක් තියෙනවා. ඔයාලා "රොකී" (Rocky) ෆිල්ම් එක බලලා තියෙනවා නම්, ඒකේ රොකී හුරතල් කරන බල්ලා ඉන්නේ? අන්න ඒ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, මේ "බට්කස්" (Butkus) ම තමයි! ෆිල්ම් එකට වෙන පුහුණු කරපු බල්ලෙක් ගන්න තරම්වත් බජට් එකක් ස්ටැලෝන්ට තිබුණේ නැති නිසා, එයා ආපහු සල්ලි දීලා ගත්ත තමන්ගේම බල්ලව තමයි ෆිල්ම් එකට ගත්තේ. ෆිල්ම් එකේ අන්තිමට නම වැටෙද්දිත් "Butkus Stallone" කියලා නම දාලා එයා ඒ සතාට ගෞරව කළා.
ප්‍රතිඵලය?
"රොකී" චිත්‍රපටය ලෝකෙම හෙල්ලුවා! ඔස්කාර් සම්මාන 3ක් දිනාගත්තා. හිඟන්නෙක් වගේ හිටපු ස්ටැලෝන් මුළු ලෝකෙම දන්න වීරයෙක් වුණා.
ජීවිතේ කියන්නේ ඔයාට කොච්චර හයියෙන් වැටෙනවද කියන එක නෙවෙයි. ඔයාට වැදිලා වැටුණම, ආපහු නැගිටලා ඉස්සරහට යන්න පුළුවන්ද කියන එකයි. ලෝකෙම බැහැ කිව්වත්, ඔයා ඔයාව විශ්වාස කරන්න. දිනනකම් අතාරින්න එපා!
හැමවිටම හිතන්න : "මම ඉපදුනේ පරදින්න නෙවෙයි, දිනන්න!
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#SylvesterStallone #Rocky #Motivation #NeverGiveUp #LifeStory #Winner







