Ad Space - leaderboard (728x90)

තත්පරයකින් දෛවය වෙනස් කළ රුසියානු විද්‍යාගාරයේ අබිරහස: ආලෝකයේ වේගයෙන් මොළය පසාරු කරගෙන ගිය අදෘශ්‍යමාන මරුවා!" ☢️🧠🇷🇺

📰 වෙනත්2025 උඳුවප් 233 min read
තත්පරයකින් දෛවය වෙනස් කළ රුසියානු විද්‍යාගාරයේ අබිරහස: ආලෝකයේ වේගයෙන් මොළය පසාරු කරගෙන ගිය අදෘශ්‍යමාන මරුවා!" ☢️🧠🇷🇺

තත්පරයකින් දෛවය වෙනස් කළ රුසියානු විද්‍යාගාරයේ අබිරහස: ආලෝකයේ වේගයෙන් මොළය පසාරු කරගෙන ගිය අදෘශ්‍යමාන මරුවා!" ☢️🧠🇷🇺

හිසට එල්ල වන වෙඩි උණ්ඩයකින් කෙනෙකු මියයාම සාමාන්‍ය සිදුවීමකි. එහෙත්, ආලෝකයේ වේගයෙන් ගමන් කරන අධිබල ශක්ති කදම්බයක් (Particle Beam) හිස් කබල පසාරු කරගෙන ගොස්, වෛද්‍ය විද්‍යාව පවා අභියෝගයට ලක් කරමින් ජීවත් වන මිනිසෙකු ගැන ඔබ අසා තිබේද? මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොව, 1978 වසරේ සෝවියට් රුසියාවේ සිදු වූ සත්‍ය සිදුවීමකි.

මොහු නමින් ඇනටෝලි බුගෝර්ස්කි (Anatoli Bugorski) ය.

ඔහු සේවය කළේ සෝවියට් රුසියාවේ දැවැන්තම විද්‍යාත්මක ව්‍යාපෘතියක් වූ U-70 අංශු ත්වරකය (Synchrotron) තුළයි. මේ මැෂින් එක (U-70) කියන්නේ හරියට කිලෝමීටර් ගාණක් දිග 'යෝධ උමගක්' වගේ එකක්. මේ උමග ඇතුළේ ඇහැට පේන්නේ නැති, හැබැයි කරන්ට් එකටත් වඩා දරුණු 'ශක්ති කදම්බයක්' විදුලි වේගයෙන් කැරකි කැරකි තියෙනවා.

දවසක් මේ මැශින් එකෙ අව්ලක් ආවා. බුගෝර්ස්කි ඒ අවුල හදන්න මැශින් එක ඇතුලට රින්ගන්න හිතුවා. ඔහු හිතුවේ මැෂින් එකේ ස්විච් එක 'ඕෆ්' (Off) කරලා ඇති, දැන් මේක ඇතුළේ මුකුත් දුවන්නේ නෑ කියලා. ඒ නිසා එයා බය නැතුව මැෂින් එක ඇතුළට ඔළුව දාලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා.

හැබැයි එතන ආරක්ෂක සිස්ටම් එකේ අවුලක් නිසා, අර භයානක 'කිරණය' ඇතුළේ තාම දුව දුව තිබුණේ. එයා ඔළුව දාපු ගමන්, අර පේන්නේ නැති කිරණය හරියට පත්තු වෙච්ච තුවක්කුවකින් වෙඩි තිබ්බා වගේ එයාගේ හිස් කබලේ පිටුපසින් ඇතුළු වී නාසය දෙසින් පිටතට ගියේය.

ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කළ 'ප්‍රෝටෝන කදම්බයක්' (Proton Beam) ඔහුගේ හිස් කබලේ පිටුපසින් ඇතුළු වී නාසය දෙසින් පිටතට ගියේය. පසුව ඔහු පැවසූ පරිදි ඔහුට කිසිදු වේදනාවක් දැනී නැත. නමුත් ඔහු "සූර්යයන් දහසක් එකවර පායන්නාක් වැනි දීප්තිමත් එළියක්" දැක තිබුණි. සාමාන්‍ය මිනිසෙකු මරා දැමීමට අවශ්‍ය විකිරණ ප්‍රමාණය මෙන් සිය ගුණයක් ඒ මොහොතේ ඔහුගේ මොළය හරහා ගමන් කර තිබුණි.

මොස්කව් නුවර වෛද්‍යවරුන් ඔහු පරීක්ෂා කර පැවසුවේ "ඔහුට ඇත්තේ තව දින කිහිපයක් පමණක්" බවයි. ඔහුගේ මුහුණ විකිරණ හේතුවෙන් ඉදිමී විරූපී වී තිබුණි. නමුත් විද්‍යාව මවිත කරමින් බුගෝර්ස්කි මිය ගියේ නැත. ඔහු ක්‍රමයෙන් සුවය ලැබුවේය.

Ad Space - in-article (300x250)

නමුත් සැබෑ අභිරහස හෙළි වූයේ වසර ගණනාවකට පසුවයි.

කාලයත් සමඟ බුගෝර්ස්කි වයසට යද්දී, ඔහුගේ මුහුණේ කදම්බය නොවැදුණු දකුණු පස සාමාන්‍ය පරිදි රැලි වැටී වියපත් විය. එහෙත් කදම්බය වැදුණු වම් පස? එය පුදුමාකාර ලෙස වියපත් නොවී, තරුණ පෙනුමකින් යුතුව 'ගල් වී' (Frozen in time) තිබුණි. අධිබල විකිරණ පහර හේතුවෙන් එම පසෙහි ස්නායු සහ සෛල අක්‍රිය වීම ඊට හේතුව විය.

අදටත් ජීවතුන් අතර සිටින ඔහු, ලෝකයේ භයානකම විද්‍යාත්මක අනතුරකට මුහුණ දී, මරණය පෙනි පෙනී ආපහු පැමිණි එකම මිනිසා ලෙස ඉතිහාසගත වී අවසන්ය.

සදාකාලික තරුණකම ලැබෙනවා නම්, මේ වගේ භයානක අවදානමක් ගන්න කැමති අය ඉන්නවද? 😅

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

#AnatoliBugorski #ScienceMystery #TrueStory #UntoldStories #ParticlePhysics #Miracle

තත්පරයකින් දෛවය වෙනස් කළ රුසියානු විද්‍යාගාරයේ අබිරහස: ආලෝකයේ වේගයෙන් මොළය පසාරු කරගෙන ගිය අදෘශ්‍යමාන මරුවා!" ☢️🧠🇷🇺  - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න