Ad Space - leaderboard (728x90)

"තමුන් කොහොමද මනුස්සයෝ තවමත් හුස්ම ගන්නේ?" කැඩුණු මුතු මාලය සහ තාත්තා කෙනෙක්ගේ ලේ වැකුණු පළිගැනීම! 🩸🎻

❤️ ආශ්වාදජනක කතා2025 උඳුවප් 236 min read
"තමුන් කොහොමද මනුස්සයෝ තවමත් හුස්ම ගන්නේ?" කැඩුණු මුතු මාලය සහ තාත්තා කෙනෙක්ගේ ලේ වැකුණු පළිගැනීම! 🩸🎻

"තමුන් කොහොමද මනුස්සයෝ තවමත් හුස්ම ගන්නේ?" කැඩුණු මුතු මාලය සහ තාත්තා කෙනෙක්ගේ ලේ වැකුණු පළිගැනීම! 🩸🎻

මේක නිකම්ම ගුවන් අනතුරක් ගැන කතාවක් නෙවෙයි. මේක දෛවය, තාක්ෂණය, මිනිස් අතපසුවීම් සහ දරාගන්න බැරි පිය සෙනෙහසක් එකට ගැටුණු, ලෝක ඉතිහාසයේ එදා මෙදා තුර සිදුවුණු අතිශය සංවේදීම ඛේදවාචකයයි.

වසර 2002 ජූලි මස 01 වැනිදා. වෙලාව රාත්‍රී 11:00 පහු වෙලා. ජර්මනිය සහ ස්විට්සර්ලන්ත දේශසීමාවට ඉහළින් තිබුණු අහස හරිම නිස්කලංකයි. පොළොවේ මිනිස්සු සුව නින්දේ පසුවෙද්දි, අඩි 35,000ක් උඩ අහසේ ලොකු විනාශයක් නිර්මාණය වෙමින් තිබුණා.

මේ කතාවේ අහිංසකම ගොදුරු බවට පත් වුණේ රුසියාවේ බැෂ්කෝර්ටෝස්තාන් (Bashkortostan) ප්‍රාන්තයේ ඉගෙනුම ලැබූ පාසල් දරුවන් පිරිසක්. මොවුන් නිකම්ම ළමයි නෙවෙයි; ගණිතයට, කලාවට සහ ක්‍රීඩාවට උපන් හපන්කම් තිබුණු, ඒ පළාතේ හිටපු "විශිෂ්ටතම දරුවන්" (Prodigies). ඔවුන්ගේ දක්ෂතා නිසාම යුනෙස්කෝව මගින් ඔවුන්ට ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවරට යන්න විශේෂ නිවාඩුවක් ලැබිලා තිබුණා.

හැබැයි දෛවය මුල ඉඳන්ම හරස් වුණා. ඇත්තටම ඔවුන් යන්න හිටපු ෆ්ලයිට් එක දවස් දෙකකට කලින් තිබුණේ. ඒත් ඔවුන්ව මොස්කව් වල වැරදි එයාපෝට් එකකට එක්කන් ගිය නිසා ඒ ගමන මග හැරුණා. දරුවන්ගේ හිත් හැදෙන්නත් එක්ක, ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් සූදානම් කරපු Bashkirian Airlines Flight 2937 කියන යානය එදා රෑ මොස්කව් වලින් පිටත් වුණා. යානයේ මගීන් 60යි. එයින් 52ක්ම අර පුංචි දරුවෝ.

මේ වෙලාවෙම ඉතාලියේ ඉඳන් බෙල්ජියම බලා පියාසර කරමින් තිබුණා DHL Flight 611 කියන භාණ්ඩ ප්‍රවාහන යානය (Boeing 757). එහි නියමුවන් වුණේ පෝල් ෆිලිප්ස් සහ බ්‍රැන්ට් කැම්පියෝනි. අති නවීන තාක්ෂණය තිබුණු මේ යානය උතුරු දෙසට වේගයෙන් එමින් තිබුණා.

මේ යානා දෙකම එකිනෙක දෙසට, එකම උසකින් (අඩි 36,000ක) ගමන් කරමින් තිබුණේ. හරියටම කිව්වොත් ජර්මනියේ ඌබර්ලින්ගන් (Überlingen) නගරයට ඉහළින් ඔවුන්ගේ ගමන් මාර්ග ඡේදනය වීමට (Cross වෙන්න) නියමිතව තිබුණා.

හරියටම මේ තීරණාත්මක මොහොතේ යානා දෙකම ගමන් කළේ අඩි 36,000ක් උඩින්, එකම උසක. යානා දෙක එකිනෙක ළං වුණා. යානා දෙකේම තිබුණු "ගුවන් ගැටුම් වැළැක්වීමේ පද්ධතිය" (TCAS) එකපාරටම පණ ගැන්වුණා.

DHL යානයට : "වහාම පහළට යන්න!" (DESCEND, DESCEND)

දරුවෝ හිටපු යානයට (රුසියානු) : "වහාම ඉහළට යන්න!" (CLIMB, CLIMB)

වශයෙන් " ගුවන් ගැටුම් වැළැක්වීමේ පද්ධතිය (TCAS) " නියමිත පරිදි නිවැරදි උපදෙස් ලබා දුන්නා.

මේ යානා දෙකේම ඉරණම විසඳන්න පොළොවේ හිටියේ එකම එක මනුස්සයයි. ඒ ස්විට්සර්ලන්තයේ "ස්කයිගයිඩ්" (Skyguide) පාලක මැදිරියේ හිටපු පීටර් නීල්සන් (Peter Nielsen).

සාමාන්‍යයෙන් රේඩාර් තිරය බලන්න දෙන්නෙක් ඉන්න ඕන වුණත්, එදා රෑ නීල්සන්ගේ සහායකයා විවේක ගන්න ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි, එදා රෑ පාලක මැදිරියේ අලුත්වැඩියා කටයුත්තක් නිසා ප්‍රධාන රේඩාර් සිග්නල් එන්න පරක්කු වුණා. මදිවට ෆෝන් ලයින් වැඩ කළෙත් නෑ. ජර්මනියේ හිටපු අනිත් පාලකයෝ මේ අනතුර දැකලා නීල්සන්ට කතා කරන්න හැදුවත්, ෆෝන් ලයින් කැඩිලා තිබුණු නිසා ඒක හරියන්නේ නෑ. නීල්සන් මුළු ලෝකයෙන්ම තනි වෙලයි හිටියේ.

මේ වෙලාවෙම කලබල වුණු පීටර් නීල්සන් අර දරුවෝ හිටපු යානයට අණ කළා "පහළට යන්න!" කියලා.

රුසියානු නියමුවාට හිතාගන්න බෑ. "ගුවන් ගැටුම් වැළැක්වීමේ පද්ධතිය උඩට යන්න කියනවා... පීටර් නීල්සන් පහළට යන්න කියනවා...". අන්තිමට ඔහු පීටර් නීල්සන් ගේ වචනය විශ්වාස කළා.

පීටර් නීල්සන්ගේ අණට කීකරු වූ රුසියානු නියමුවා, පරිගණක උපදෙස් පසෙක ලා පීටර් නීල්සන කියපු විදිහට යානය පහත් කරන්නට තීරණය කළා. ඒ අනුව අඩි 36,000ක එකම උසක හිටපු මේ යාන දෙකම, වේගයෙන් ඉදිරියට ඇදෙන ගමන්ම, එකම වෙලාවේ පහළට බහින්න පටන් ගත්තා. ප්‍රතිඵලය වුණේ බේරෙන්න තිබුණු උස පරතරය නිර්මාණය නොවී, දෙදෙනාම හරියටම අඩි 34,890 දී එකිනෙක මුණගැසීමයි. එකම තීරණයක්, එකම තත්පරයක්... ජීවිත 71ක් අළු දූවිලි කරන්නට ප්‍රමාණවත් වුණා.

රාත්‍රී 11:35:32 ට මුළු අහසම දෙදරවාගෙන මහා ශබ්දයක් ඇහුණා. DHL යානයේ වලිගය, රුසියානු යානයේ බඳ මැදින් කපාගෙන ගියා. තත්පරයකින් රුසියානු යානය කෑලි හතරකට කැඩිලා ගියා.

Ad Space - in-article (300x250)

අර අහිංසක දරුවන් 52 දෙනා, ඔවුන්ගේ සිහින, බලාපොරොත්තු එක්කම අහසේදීම අළු දූවිලි බවට පත් වුණා. ගිනි ගත්තු යානා කොටස්, දරුවන්ගේ සෙල්ලම් බඩු, සහ සිරුරු කිලෝමීටර් ගාණක් ඈතට වැස්සක් වගේ කඩාගෙන වැටුණා. කිසිම කෙනෙක් බේරුණේ නෑ. 71 දෙනෙක් එතනම මිය ගියා.

මේ වෙලාවේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා එයාපෝට් එකේ විටාලි කලෝයෙව් (Vitaly Kaloyev) කියන රුසියානු ගෘහ නිර්මාණ ශිල්පියා මල් පොකුරක් අතේ තියාගෙන බලන් හිටියේ තමන්ගේ බිරිඳ (Svetlana), අවුරුදු 10 පුතා (Konstantin) සහ අවුරුදු 4ක් වයස පුංචි දුව (Diana) එනකම්.

"විටාලි... ඔයාගේ පවුල එන යානය අනතුරට ලක් වුණා. කවුරුත් ඉතුරු නෑ." මේ පණිවිඩය ඇහුවම ඔහුට දැනුන වේදනාව වචනයෙන් කියන්න බෑ. ඔහු කෙලින්ම ජර්මනියේ අනතුර වුණු තැනට දිව්වා.

පොලිසිය ඔහුව නවත්තන්න හැදුවා. "එතනට යන්න එපා, ඔයාට ඒක දරාගන්න බැරි වෙයි" කියලා. ඒත් මේ තාත්තා කැලේ පීරගෙන ගියා. අන්තිමට ඔහු දැක්කා හදවත නතර වෙන දසුනක්.

තමන්ගේ පණ වගේ හිටපු පුංචි දුව "ඩයනා" ගස් දෙබලක් අස්සේ පණ නැතුව වැටිලා ඉන්නවා. ඈතින් වැටිලා තිබුණා ඇගේ කැඩුණු "මුතු මාලය". විටාලි දණගහලා අඬ අඬා ඒ මුතු ඇට එකින් එක ඇහිඳගත්තා. ඔහුගේ ඇස්වල කඳුළු හිඳිලා තිබුණේ. ඒ වෙනුවට හිතේ තිබුණේ මහා කෝපයක්.

විටාලිට ඕන වුණේ වන්දි සල්ලි නෙවෙයි. ඔහුට ඕන වුණේ තමන්ගේ මුළු ලෝකෙම නැති කරපු ඒ "වැරැද්දට" සමාව ගන්න කෙනෙක්. ස්කයිගයිඩ් ආයතනය ඔහුට මුදල් දෙන්න හැදුවා. "මේ සල්ලි වලින් මගේ දරුවෝ ආයේ එනවද?" කියලා විටාලි ඒවා ප්‍රතික්ෂේප කළා. ඔහු අවුරුදු දෙකක් බලන් හිටියා. නමුත් පාලක මැදිරියෙන් හරි හමන් වචනයක්වත් ලැබුණේ නෑ. ඔහුගේ ගෙදර දැන් සොහොන් පිටියක් වගේ. හැමතැනම දරුවන්ගේ ෆොටෝ. ඔහු රැවුල වවාගෙන පිස්සෙක් වගේ ඒ දිහා බලන් හිටියා.

2004 පෙබරවාරි 24. විටාලි කලෝයෙව් ස්විට්සර්ලන්තයට ආවා. ඔහු අර පාලකවරයා (පීටර් නීල්සන්) ගේ ලිපිනය හොයාගත්තා. සාක්කුවේ දාගත්තේ දේවල් දෙකයි. තමන්ගේ මැරුණු දරුවන්ගේ ෆොටෝ එකක් සහ අඟල් 8ක පිහියක්.

ඔහු නීල්සන්ගේ ගෙදරට ගිහින් දොරට තට්ටු කළා. පීටර් නීල්සන් දොර ඇරියා. විටාලි අර පින්තූර ටික නීල්සන්ට පෙන්නුවා. ඔහුට ඕන වුණේ එකම එක දෙයයි. "බලන්න ඔබ මගේ දරුවන්ට කරපු දේ. මට සමාවෙන්න කියන්න."

නමුත් බියට පත්වුණු නීල්සන් අතින් ඒ පින්තූර බිමට වැටුණා (හෝ ඔහු ඒවා තල්ලු කළා). ඒ මොහොතේ විටාලිගේ ඉවසීමේ සීමාව පැන්නා. තමන්ගේ දුවගේ මුතු මාලය මතක් වුණා.

විටාලි අර පිහිය ඇදලා අරන් පීටර් නීල්සන්ගේ පපුවට සහ බඩට කිහිප සැරයක්ම ඇන්නා. නීල්සන් තමන්ගේ බිරිඳ සහ දරුවන් ඉදිරිපිටම ලේ විලක් මැද ඇදගෙන වැටුණා. පොලිසිය එද්දි විටාලි හෝටලයේ කාමරේට වෙලා කල්පනා කර කර හිටියා. ඔහු කිසිම විරෝධයක් පෑවේ නෑ.

ස්විට්සර්ලන්ත උසාවිය විටාලිව හිරේට යැව්වා. ඒත් අවුරුදු කීපයකින් ඔහු නිදහස් වෙලා රුසියාවට ගියාම මිනිස්සු ඔහුව පිළිගත්තේ "වීරයෙක්" විදිහට. "තමන්ගේ පවුල වෙනුවෙන් සටන් කරපු තාත්තා කෙනෙක්" විදිහට ඔවුන් ඔහුව දැක්කා.

මේ සිද්ධියෙන් පස්සේ ලෝකයේ ගුවන් නීති වෙනස් වුණා. අදටත් ප්ලේන් එකක TCAS එක (ගුවන් ගැටුම් වැළැක්වීමේ පද්ධතිය) යමක් කිව්වොත්, ගුවන් ගමන් පාලකයා මොනවා කිව්වත් නියමුවා අහන්නේ ගුවන් ගැටුම් වැළැක්වීමේ පද්ධතිය එක කියන දේ විතරයි. ඒ නීතිය හැදුණේ අර දරුවන් 52 දෙනාගේ ජීවිත වලට පින් සිද්ධ වෙන්න.

අදටත් ඒ අනතුර වුණු තැන ලස්සන ස්මාරකයක් තියෙනවා. ඒකේ තියෙන්නේ කැඩුණු මුතු මාලයක්. ඒ, කවදාවත් ගෙදර යන්න නොලැබුණු, තාත්තා කෙනෙක්ට ජීවිතේ එපා කරපු ඒ පුංචි ඩයනාගේ මුතු මාලය සිහිවෙන්නයි.

⚠️ ප්‍රශ්නය: විටාලි කලෝයෙව් කළේ මිනීමැරුමක්ද? නැත්නම් පද්ධතියෙන් සාධාරණයක් ඉටු නොවුණු තැන තාත්තා කෙනෙක් ගත්තු සාධාරණ පළිගැනීමක්ද? ඔයාගේ අදහස මොකක්ද? පහළින් ලියන්න. 👇

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

"තමුන් කොහොමද මනුස්සයෝ තවමත් හුස්ම ගන්නේ?" කැඩුණු මුතු මාලය සහ තාත්තා කෙනෙක්ගේ ලේ වැකුණු පළිගැනීම! 🩸🎻 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න