අපි දාපු නීතියක්... අද අපිම කඩනවා! ඒ මේ මනුස්සයා වෙනුවෙන්. ❤️🤝
මේ පිටුව පටන් ගද්දී අපි හැමෝම එකඟ වුණා, "අපි වෙන අයගේ නිර්මාණ (Original Content) අපේ පිටුවේ Share කරන්නේ නෑ" කියලා. ඒ අනිත් නිර්මාණ නරක නිසා නෙවෙයි, අපි යන්න හදන ගමන වෙනස් නිසා.
හැබැයි අද, ඒ එකඟතාවය එක මොහොතකට බිඳින්න අපි තීරණය කළා.
ඒ වෙන කවුරුත් නිසා නෙවෙයි... Kenn Kihiu නිසා. කවුද මේ Kenn Kihiu?
ලොකු උපාධියක් තියෙන මහාචාර්යවරයෙක්ද? දාර්ශනිකයෙක්ද? නෑ... එයා කෙන්යාවේ ඉපදිලා, දැනට ඇමරිකාවේ Uber රියදුරෙක් විදිහට රස්සාව කරන සාමාන්‍ය මනුස්සයෙක්. ඔයාට හිතෙන්න පුළුවන්, "අපි මොකටද Uber ඩ්‍රයිවර් කෙනෙක් කියන බණ අහන්නේ?" කියලා.
අන්න එතන තමයි අපි වරද්ද ගන්නේ. "පොතේ උගත්කම" සහ "ජීවිත අවබෝධය (Wisdom)" කියන්නේ අහසයි පොළවයි වගේ දෙකක් කියලා තේරුම් ගන්න ලෝකේ තියෙන හොඳම උදාහරණය තමයි මෙයා. 🧠✨
Kenn ගේ තාත්තා මිය යන්නේ මහ මගදී සිදුවුණ රිය අනතුරකින්. ඒක නිකන්ම අනතුරක් නෙවෙයි, තවත් රියදුරෙක්ගේ පාලනය කරගන්න බැරි වුණු ක්ෂණික කේන්තිය (Road Rage) නිසා වෙච්ච විනාශයක්. 💔
මේ ඛේදවාචකය නිසා Kenn තමන්ගේ ජීවිතේ අරමුණ වෙනස් කරගත්තා.
ඔහු වෛරය වෙනුවට ආදරය තෝරගත්තා.
අද ඔහු TikTok සහ FB හරහා "මනුස්සකම, ඉවසීම, අනුන්ගේ දුක දැනෙන හැටි (Empathy)" ගැන කියලා දෙන පාඩම්, ලෝකේ පුරාම මිලියන ගණනකගේ හිත් සුවපත් කරනවා. අපි ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි.
විනාඩියක් අරගෙන මොහොතකට Kenn ගේ මේ අදහස් වලට ඇහුම්කන් දෙන්න.
ඔබේ හිතේ තියෙන කේන්තිය, ආතතිය නිවාගන්න විතරක් නෙවෙයි... "අපි කොහොමද වඩා යහපත් මනුස්සයෙක් වෙන්නේ?" කියලා තේරුම් ගන්න මේ මනුස්සයාගේ වචන ඔයාට ලොකු හයියක් වෙයි. මේ වීඩියෝ එක බලලා, ඔයාට හිතුණ දේ පහළින් කොටාගෙන යන්න. 👇 නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න #KennKihiu #Wisdom #LifeLessons #Humanity #Patience #Empathy #UntoldStories #SriLanka #Motivation





