"මුළු ලෝකෙම සාමයෙන් ඉද්දි... අවුරුදු 29ක් තිස්සේ කැලයක් ඇතුලේ තනියම ලෝක යුද්ධ කරපු මිනිහා!" 🇯🇵⚔️🌴
1945 දී දෙවෙනි ලෝක යුද්ධය ඉවර වුණා කියලා අපි කවුරුත් දන්නවනේ. හැබැයි ජපානයේ හිටපු එක සොල්දාදුවෙක් විතරක් ඒක විශ්වාස කළේ නෑ. එයා 1974 වෙනකම්ම හිතාගෙන හිටියේ "තාම යුද්දේ යනවා, මම යටත් වෙන්නේ නෑ!" කියලා.
මේ තමයි හිරෝ ඔනොඩා (Hiroo Onoda) . සිද්ධිය වෙන්නේ මෙහෙමයි. 1944 දී ජපාන හමුදාව ඔනොඩාව පිලිපීනයේ ලුබෑන්ග් (Lubang) දූපතට යවනවා විශේෂ රහස් මෙහෙයුමකට. එයාගේ අණ දෙන නිලධාරියා එයාට කියන්නේ එක දෙයයි: "මොන දේ වුණත් යටත් වෙන්න එපා. තමන්ගේ පණ තියෙනකම් සටන් කරන්න. අපි ආයේ එනවා ඔයාව ගන්න."
ටික දවසකින් ඇමරිකාව දිනලා යුද්ධේ ඉවර වුණා. හැබැයි කැලේ හිටපු ඔනොඩාට මේ නිවුස් එක ආරංචි වුණේ නෑ. ගුවන් යානා වලින් පත්‍රිකා දැම්මා "යුද්ධේ ඉවරයි, එළියට එන්න" කියලා. ඒත් ඔනොඩා හිතුවේ මේක සතුරන්ගේ උගුලක් (Trap) කියලා.
එදා ඉඳන් අවුරුදු 29ක් යනකම් මොහු ඒ කැලේ ඇතුලේ තනියම "යුද්ධ" කළා! ගස්වල ගෙඩි කමින්, ගොවීන්ගේ හරක් මරන් කමින් ජීවත් වුණා. කැලේට එන ගම්වාසීන්ව "සතුරෝ" කියලා හිතලා වෙඩි තිබ්බා. (මිනිහා අතින් අහිංසක මිනිස්සු 30ක් විතර මැරුණා).
පොලිසියෙන් දැම්මා, හමුදාවෙන් දැම්මා, ඔනොඩාව අල්ලන්න බෑ! ඔහු ගරිල්ලා සටන් කලාවේ වැඩ්ඩෙක්.
අන්තිමට 1974 දී, Norio Suzuki කියන තරුණ ගවේෂකයා කැලේදී ඔනෝඩව හොයාගත්තා. Suzuki කිව්වා "ඔනොඩා, යුද්ධේ ඉවර වෙලා දැන් අවුරුදු 29ක් වෙනවා! යමු රටට" කියලා. ඒත් ඔනොඩා ගේ උත්තරය වුණේ: "බෑ! මගේ අණ දෙන නිලධාරියා (Commander) ඇවිත් අණ කරනකම් මම මේ රයිෆල් එක බිම තියන්නේ නෑ."
අන්තිමට ජපන් රජයට සිද්ධ වුණා, විශ්‍රාම ගිහින් පොත් සාප්පුවක් කර කර හිටපු ඔනොඩා ගේ පරණ ප්‍රධානියා (Major Taniguchi) ව ආපහු ෆිලිපීනයට ගෙන්නන්න. ඒ මහළු නිලධාරියා කැලේට ගිහින්, නිල ඇඳුම ඇඳලා අණ කළාම තමයි ඔනොඩා තමන්ගේ දිරාගිය රයිෆල් එක බිම තිබ්බේ.
රටට ආපු Onodaව ජනතාව පිළිගත්තේ "වීරයෙක්" විදිහට. හැබැයි අවුරුදු 29ක් කැලේ හිටපු එයාට, දියුණු වුණු ජපානයේ ඉන්න අමාරු වුණා. ඒ නිසා එයා අන්තිමේදී බ්‍රසීලයට ගිහින් ගොවිතැන් කරන්න පටන් ගත්තා. ලෝකයක් මවිත කළ මේ අසහාය මිනිසා, 2014 දී වයස අවුරුදු 91දී ජීවිතයෙන් සමුගත්තා.
අවුරුදු 29ක් තිස්සේ තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ ප්‍රධානියාට දුන්න පොරොන්දුව වෙනුවෙන් ඔනොඩා කරපු කැපවීම දැක්කම ඇඟ හිරිවැටෙනවා.
මේක පිස්සුවක්ද? නැත්නම් ලෝකයේ දරුණුම කැපවීමද? 👇
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
#HirooOnoda #Japan #History #Survival #Loyalty #UntoldStories #WarHistory











