"අපි හුස්ම ගන්න හැම වාරයක් පාසාම මේ මනුස්සයාට පින් දෙන්න ඕන! - මුළු ලෝකයක් බේරගන්න තනියම යුද්ධ කරපු අපේ කාලේ වීරයා." 🌍❤️
අපි හැමෝම ෆිල්ම්වල "සුපිරි වීරයෝ" දැකලා තියෙනවා. ලෝකෙම විනාශ වෙන්න යද්දි අයන් මෑන් එනවා, ස්පයිඩර් මෑන් එනවා. හැබැයි ඇත්ත ලෝකයේ අපේ ජීවිත බේරගත්ත වීරයෝ කවදාවත් ටීවී එකේ පෙන්නන්නේ නෑ. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ අසහාය මනුස්සයෙක් ගැන. නිකමට හිතන්න, අද ඔයා පාරේ යද්දි වාහන දුම වැදුනට ඔයාට පිස්සු හැදෙන්නේ නෑ, ඔයාගේ පොඩි දරුවාගේ මොළේ සෛල මැරෙන්නේ නෑ. අපි අද මෙහෙම පිරිසිදු හුස්මක් ගන්නේ මීට අවුරුදු ගාණකට කලින් ඇමරිකාවේ හිටපු එක හිතුවක්කාර විද්‍යාඥයෙක්, තමන්ගේ මුළු ජීවිතේම පරදුවට තියලා කරපු මහා සටනක් නිසා. එයාගේ නම ක්ලෙයාර් පැටර්සන්.
කතාව පටන් ගන්නේ මෙහෙමයි. ඉස්සර වාහනවලට ගහන පෙට්‍රල්වලට "ඊයම්" (Lead) කියලා ජාතියක් කලවම් කළා. මේක කළේ වාහනේ එන්ජින් එකේ සද්දේ අඩු කරන්න. තෙල් සමාගම් දැනගෙන හිටියා මේ ඊයම් කියන්නේ මාරාන්තික විසක් කියලා. ඒක හුස්ම ගත්තම මිනිස්සුන්ට පිස්සු හැදෙනවා, වකුගඩු නරක් වෙනවා, විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ මොළේ වැඩ කරන එක අඩු වෙනවා කියලා ඒ ගොල්ලෝ දැනගෙන හිටියා. ඒත් සල්ලි තණ්හාවට ඒ සමාගම් මේ අපරාධය දිගටම කරගෙන ගියා.
මේක මුලින්ම අතටම අල්ලගත්තේ අපේ කතාවේ වීරයා, පැටර්සන්. එයා පෘථිවියේ වයස හොයන්න පරීක්ෂණයක් කරද්දි දැක්කා මේ මුළු පරිසරයම ඊයම්වලින් විෂ වෙලා තියෙන්නේ කියලා. එයා තේරුම් ගත්තා අපි හුස්ම ගන්න හැම තත්පරේකම අපේ ඇඟට විස දාගන්නවා කියලා. එයා බය නැතුව ලෝකෙටම කිව්වා "මේක නවත්තන්න! ඔයාලා මිනිස්සුන්ව මරනවා!" කියලා.
අන්න එතකොටම ලෝකේ ලොකුම තෙල් සමාගම් ටික පැටර්සන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. ඔවුන් මුලින්ම බැලුවේ සල්ලි දීලා පැටර්සන්ගේ කට වහන්න. පැටර්සන් ඒකට කැමති වුණේ නෑ. ඊටපස්සේ ඒ ගොල්ලෝ බලපෑම් කරලා එයාගේ රස්සාව නැති කරන්න හැදුවා. පර්යේෂණවලට දෙන සල්ලි කැපුවා. එයාව පිස්සෙක් විදිහට ලෝකෙට පෙන්නන්න හැදුවා. හිතන්න, එක පැත්තකින් ඩොලර් කෝටි ගාණක් තියෙන යෝධ සමාගම්. අනිත් පැත්තේ පොඩි ලැබ් එකක ඉන්න අහිංසක මනුස්සයෙක්. ඕනම කෙනෙක් නම් බයේ පස්ස බලන් දුවනවා. ඒත් පැටර්සන් සැලුනේ නෑ. එයා තනියම ඒ හැමෝටම අභියෝග කළා.
තෙල් සමාගම් කිව්වේ "මේ ඊයම් කියන්නේ ස්වභාවික දෙයක්, පෙට්‍රල්වල අවුලක් නෑ" කියලා. මේ බොරුව ඔප්පු කරන්න පැටර්සන් කළේ පුදුම වැඩක්. එයා ග්‍රීන්ලන්තයට සහ ඇන්ටාක්ටිකාවට ගියා. ගිහින් අඩි ගණන් ගැඹුරට අයිස් හාරලා, මීට අවුරුදු දහස් ගණනකට කලින් තිබුණු පිරිසිදු අයිස් ගොඩ ගත්තා. ඒ අයිස් පරීක්ෂා කරලා එයා ඔප්පු කළා වාහන හැදෙන්න කලින් ලෝකේ ඊයම් තිබුණේ නෑ කියලා. මේ විෂ වීම කරන්නේ තෙල් සමාගම්මයි කියලා සාක්ෂි ඇතුව ඔප්පු කළා.
අවුරුදු 20ක් තිස්සේ උසාවිවල, කොමිෂන් සභාවල එයා තනියම කෑගැහුවා. අන්තිමේදී එයා දිනුවා. එදා ඔහු පත්තු කරපු ඒ විප්ලවය නිසා ඇමරිකාව 1986 වෙද්දි ඊයම් භාවිතය සීමා කරලා, 1996 වෙද්දි සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ රැල්ල කොච්චර බලවත් වුණාද කියනවා නම්, අද වෙද්දි මුළු ලෝකයම ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා.
එදා පැටර්සන් ඒ සටන දිනපු නිසා, අද වෙද්දි ඇමරිකානුවන්ගේ ලේවල තියෙන ඊයම් ප්‍රමාණය 80%කින් අඩු වෙලා. ලෝකේ පුරාම ඉන්න දරුවන්ගේ බුද්ධි මට්ටම ආරක්ෂා වුණා. ක්ලෙයාර් පැටර්සන් කෝටිපතියෙක් වුණේ නෑ. එයාට නොබෙල් තෑගි ලැබුණේ නෑ. හැබැයි එයා කවදාවත් දැකපු නැති, නූපන් දරුවන් වෙනුවෙන් (ඒ කියන්නේ අපි වෙනුවෙන්) තමන්ගේ මුළු ජීවිතේම කැප කළා.
"තනි මනුස්සයෙක්ට ලෝකයක් වෙනස් කරන්න පුළුවන්ද?" කියලා කවුරුහරි ඇහුවොත් දෙන්න පුළුවන් ලස්සනම උත්තරේ තමයි ක්ලෙයාර් පැටර්සන්. ඇත්තටම අපි එයාට ණයගැතියි නේද? ❤️🙌
තවත් දැනගැනීමට follow කරන්න නොකී කතා - Untold Stories
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#ClairPatterson #RealHero #LeadFree #OneManArmy







