"බැන්දට පස්සේ දවස් 3ක් යනකම් ටොයිලට් යන්න තහනම්!" - ඉන්දුනීසියාවේ තියෙන අමාරුම මංගල්‍යය! 🇮🇩🚽🚫
සාමාන්‍යයෙන් වෙඩින් එකක් දවසේ මනමාල යුවළ ඉන්නේ පුදුම සතුටකින්නේ. හැබැයි ඉන්දුනීසියාවේ Tidong ගෝත්‍රික මිනිස්සුන්ට නම් වෙඩින් එක දවස කියන්නේ යුද්ධයක් වගේ!
මොකද එයාලගේ අමුතුම නීතියක් තියෙනවා. කසාද බැඳපු වෙලාවේ ඉඳන් දවස් 3ක් සහ රාත්‍රී 3ක් යනකම් මනමාලයාටවත්, මනමාලියටවත් ටොයිලට් (Toilet) එකට යන්න තහනම්! 😱
පොඩි වැඩකටවත්, ලොකු වැඩකටවත් යන්නම බෑ!
මේක ෂේප් එකේ හොරෙන් කරන්නත් බෑ. මොකද පවුලේ අය දවස් 3ම මුර දාගෙන බලන් ඉන්නවා කවුරුහරි හොරෙන් ටොයිලට් යනවද කියලා. මේ දවස් 3 ඇතුළත මේ දෙන්නට කන්න බොන්න දෙන්නෙත් බොහොම චුට්ටයි (බඩගිනි නොවෙන්න විතරක්).
ඇයි යකෝ මෙහෙම කරන්නේ? 🤔 එයාලා විශ්වාස කරනවා මේ දවස් 3 ඉවසගෙන හිටියේ නැත්නම්, ඒ කසාදේ අසාර්ථක වෙනවා, ඉක්මනින් දික්කසාද වෙනවා, නැත්නම් ලැබෙන දරුවෝ අවාසනාවන්ත වෙනවා කියලා.
ඉතින් මේ අලුත් ජෝඩුව දවස් 3ක් දත් මිට කාගෙන මේක ඉවසනවා. 3 වෙනි දවසට පස්සේ තමයි එයාලට නාන්න වතුර ටිකක් ලැබෙන්නේ!
පපුවට අත තියලා ඇත්ත කියන්න... ඔයාගේ ආදරේ වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කරන්න ඔයාට පුළුවන්ද? 👇
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
#Indonesia #TidongTradition #WeddingFacts #UntoldStories #FunnyRituals #Culture







