අවුරුදු 9 දී දරුවන්ව අතහැර ගිය අම්මා, අවුරුදු 20 කට පසු දුවගේ මරණයෙන් කෝටි ගණන් හම්බ කරගනී! ලෝකයක් හඬවමින් Goo Hara ගේ අයියා දිනාගත් අසහාය ජයග්‍රහණය 💔
"අම්මා" කියන වචනය තරම් සුන්දර වචනයක් මේ ලෝකේ තවත් නෑ කියලයි අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ. දරුවෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ වුනත් දෙන්න අම්මා කෙනෙක් දෙපාරක් හිතන්නේ නෑ. ඒත් මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ම එහෙමද? තමන්ගේම කුසින් උපන් දරුවාට වඩා තමන්ගේ සැප පහසුව සහ "සල්ලි" වටින අම්මලාත් මේ ලෝකේ ඉන්න පුලුවන්ද? මේ කියන්න යන්නේ දකුණු කොරියාවේ ජනප්‍රිය K-pop තරුවක් වුනු, මුළු ලෝකයක් ආදරය කරපු "Goo Hara" ගේ හදවත කම්පා කරවන ඇත්තම කතාවයි.
Goo Hara කියන්නේ දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය වුනු "KARA" කියන සංගීත කණ්ඩායමේ හිටපු දක්ෂම ගායිකාවක්. පිටින් බලන කෙනෙක්ට එයාගේ ජීවිතේ හරිම ලස්සනයි. කීර්තිය, ප්‍රසිද්ධිය, සල්ලි මේ හැමදේම එයාට තිබුණා. ඒත් ඒ හිනාව පිටිපස්සේ තිබුණේ කවුරුත් නොදන්න ලොකු කඳුලක්. ඇයට අවුරුදු 9ක් වෙද්දී සහ එයාගේ අයියාට අවුරුදු 11ක් වෙද්දී එයාලගේ අම්මා මේ දරුවෝ දෙන්නව අතහැරලා දාලා ගෙදරින් යන්න යනවා. පුංචි දරුවෝ දෙන්නෙක්ව හදාගන්න බැරිව තාත්තා අන්ත අසරණ වෙනවා. තාත්තාට සිද්ධ වෙනවා දරුවන්ට කන්න දෙන්න දවස පුරාම රට වටේ ගිහින් වැඩ කරන්න. අන්තිමේදී මේ දරුවෝ දෙන්නා හැදෙන්නේ ආච්චිත් එක්ක. අම්මාගේ උණුසුමක් නැතුව, අම්මා කෙනෙක්ගේ ආදරයක් නැතුව තමයි Goo Hara තමන්ගේ මුළු ළමා කාලයම ගෙවන්නේ.
කාලය ගත වුණා. Goo Hara තමන්ගේ දක්ෂතාවයෙන් මුළු ලෝකයක් දන්න තරුවක් වුණා. ඒත් 2019 නොවැම්බර් මාසයේදී, කාටත් දරාගන්න බැරි ආරංචියක් එනවා. ඒ තමයි වයස අවුරුදු 28 දී Goo Hara සියදිවි නසාගෙන මිය ගියා කියන පුවත. මුළු කොරියාවම ඒ වෙලාවේ කම්පා වුණා. හැබැයි ඊටත් වඩා පිළිකුල් සහගත දේ වුණේ ඇයගේ අවමංගල්‍ය දවසේදීයි. අවුරුදු 20ක් තිස්සේ දරුවා ගැන බලන්නවත් නොආපු අම්මා, හදිසියේම අවමංගල්‍යයට කඩා පාත් වුණා. හැබැයි ඒ ඇවිත් අඬන්න නෙවෙයි. එතන හිටපු ප්‍රසිද්ධ කලාකරුවන් එක්ක "Selfie" ගහන්නත්, තමන්ගේ දුවගේ මරණය වීඩියෝ කරන්නත් ඇය උත්සාහ කළා.
ඒ විතරක් නෙවෙයි, දවස් කීපයක් යද්දී නීතීඥයෝ මාර්ගයෙන් ඇය මහා පුදුම ඉල්ලීමක් කළා. "Goo Hara ගේ දේපල වලින් 50% ක් මට අයිතියි. මොකද මම එයාගේ අම්මා!" කියලා ඇය තර්ක කළා. කොරියාවේ පවතින නීතිය අනුව දෙමාපියන් දරුවන්ට සැලකුවත් නැතත්, දරුවා මිය ගියොත් දේපල දෙමාපියන්ට උරුම වෙනවා. මේ හිඩැසෙන් රිංගලා, තමන් නොහදපු දරුවා හම්බකරපු කෝටි ගණන් සල්ලි ටික ගන්න මේ අම්මා උත්සාහ කළා. මේ අසාධාරණයට එරෙහිව Goo Hara ගේ අයියා උසාවි ගියත්, කොරියාවේ එදා තිබුනු නීතියට අනුව ඔහුට සම්පූර්ණ සාධාරණයක් ලැබුනේ නෑ.
2020 දී උසාවිය තීරණය කලේ දේපල වලින් 40% ක් අර අම්මාට ලබා දිය යුතු බවයි. අවුරුදු 20ක් තිස්සේ දරුවන්ව කුණු කානුවට දාලා ගිය ඒ කාන්තාව, තමන්ගේ දුවගේ මරණයෙනුත් කෝටි ගණන් මුදල් අරගෙන ගියා.
තමන්ට මුදල් අහිමි වුනත් අයියා නිකන් හිටියේ නෑ. "තවත් දරුවෙක්ට මේ වගේ අසාධාරණයක් වෙන්න බෑ" කියලා එයා පාර්ලිමේන්තුවට ගිහින් දිගින් දිගටම සටන් කළා. ඒ සටනේ ප්‍රතිඵලයක් විදියට, 2024 අගෝස්තු මාසයේදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව "Goo Hara Act" පනත සම්මත කළා! ඒ අනුව, මින් ඉදිරියට දකුණු කොරියාවේ දරුවන්ව අතහැරලා දාලා යන, දරුවන්ට වධ දෙන දෙමාපියන්ට, දරුවා මිය ගිය පසු දේපල වලට අයිතිවාසිකම් කියන්න බැහැ.
මේ නීතිය එන්න පරක්කු වැඩි වුනු නිසා Goo Hara ට එයින් වාසියක් ලැබුනේ නෑ. මේ අලුත් නීතිය අතීතයට බල නොපාන නිසා ඇයගේ අම්මා ලබා ගත් මුදල් නැවතත් ලබා ගැනීමට බැරි උනා. ඒ අනුව . ඇයගේ අම්මා ඇයව දෙවෙනි පාරටත් මරාගෙන සල්ලි අරන් ගියා.
නමුත් Goo Hara සහ ඇයගේ අයියා නිසා අනාගතයේදී අසරණ වෙන දහස් ගණන් දරුවන්ගේ දේපල මේ නීතිය නිසා ආරක්ෂා වේවි. මේ කතාවෙන් අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරනවා.
"වැදූ මව" වූ පමණින්ම කෙනෙක්ට අයිතිවාසිකම් කියන්න පුලුවන්ද? දරුවෙක්ට අයිතිවාසිකම් කියන්න නම් ඒ දරුවා වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරලා තියෙන්න ඕනෙ නැද්ද?
ඔයාලගේ අදහස මොකක්ද? මේ වගේ අම්මලාට දරුවන්ගේ සල්ලි වලට අයිතියක් තියෙනවද? පහලින් Comment කරන්න. 👇
#UntoldStories #GooHara #Kpop #Law #Justice #UnknownFacts #History #LifeLessons #SriLanka #Trending #Viral







