ලෝකෙම සාමයේ පණිවිඩය අරන් එද්දී, මේ ගමේ මිනිස්සු සාමය හොයාගන්නේ 'මරාගෙන'! 😱👊🩸
නත්තල් දවස කියන්නේ ලෝකෙම එකම මල් යායක් වෙන, සාමය සතුට පිරෙන දවසක්නේ. ඒත් පේරු (Peru) රාජ්‍යයේ, ඇන්ඩීස් කඳුකරයේ තියෙන Santo Tomas කියන පුංචි ගම්මානයට දෙසැම්බර් 25 වෙනිදා ඉර පායන්නේ වෙනස්ම විදියකට.
එදාට මේ ගමේ නත්තල් සීයා නෑ. තෑගි බෝග නෑ. එදාට තියෙන්නේ "ටකනකුයි" (Takanakuy). ඒ කියන්නේ දුව දුව ගහගන්න "ගුටි පූජාවක්"! 💥
ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ? 🤔 මේක නිකන්ම විනෝදෙට ගහගන්න එකක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන්නේ පුදුම හිතෙන හේතුවක්. මේ පළාත්වලට නීතිය, පොලිසිය නැතුවා නෙවෙයි. හැබැයි උසාවි වල නඩු කිය කිය රස්තියාදු වෙනවට වඩා, තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගන්න ක්‍රමයක් මේ ගම්වාසීන්ට තියෙනවා. ඉඩකඩම් ප්‍රශ්න, මුදල් ප්‍රශ්න වගේ දේවල් නිසා අවුරුද්ද පුරාම හිතේ තියෙන කේන්තිය පිටකරගන්න එයාලා පාවිච්චි කරන්නේ මේ දවස.
දෙසැම්බර් 25 වෙනිදා මුළු ගමම එකතු වෙලා සිින්දු කියලා, නටලා ලොකු උත්සවයක් ගන්නවා. එතනදී කාට හරි කා එක්ක හරි තරහක් තියෙනවා නම්, එළිපිට අභියෝග කරලා වළියට කතා කරනවා. මේකට පිරිමි විතරක් නෙවෙයි, කාන්තාවනුත් සහභාගී වෙනවා.
මේකට බාල මහලු, ගැහැණු පිරිමි භේදයක් නෑ. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. විශේෂ ඇඳුම් ඇඳගෙන, මත්පැන් පානය කරලා, සිින්දු කියලා නටලා තමයි මේ සටන පටන් ගන්නේ. හැබැයි මේ ගුටි කෙළියටත් නීති තියෙනවා. බිම වැටුනට පස්සේ ගහන්න බෑ, හපා කන්න බෑ. විනිසුරුවරුත් ඉන්නවා.
ලස්සනම දේ වෙන්නේ අන්තිමට... ❤️ ලේ පෙරාගෙන, හති වැටෙන්න ගහගත්තට පස්සේ... අර හතුරෝ දෙන්නා ආයේ නැගිටලා, තදින් බදාගෙන, අතට අත දීලා හිනා වෙලා වෙන් වෙනවා. අවුරුද්දක් පරණ වුණ වෛරය එතනින්ම ඉවරයි! එයාලා අලුත් අවුරුද්ද පටන් ගන්නේ හිතේ කිසිම බරක් නැතුව.
"අවුරුදු ගණන් හිතේ තියාගෙන විඳවනවට වඩා, විනාඩි 5ක් ගහගෙන ප්‍රශ්නේ ඉවර කරගන්න එක සැපක්" කියලයි මේ මිනිස්සු කියන්නේ.
යාලුවනේ මම ගියා පේරු වල මේ කියන ලස්සන ගමට මේ දරුණු සටන් උත්සවය බලන්න. හරිම පුදූම උත්සවයක්. අපේ youtube චැනල් එකට ගිහින් ඕගොල්ලොත් බලන්න. Subscribe කරන්න අමතක කරන්න එපා. ලින්ක් එක comment සෙක්ෂන් එකේ 😁.
නිකමට හිතන්න ලංකාවෙත් මේ වගේ දවසක් නීත්‍යානුකූල කළොත්, මේ ගුටි පූජාව මුලින්ම තියන්න ඕන කොතනද? (උදා: පාර්ලිමේන්තුව ඉස්සරහ ද? ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහ ද?) 😂 කියන් යමු බලන්න 👇
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා .
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා
#UntoldStories #Takanakuy #Peru #StrangeTraditions #ViralStory #LifeLessons #Lanka #SinhalaBlog







