Ad Space - leaderboard (728x90)

මුළු ලෝකයක් හෙල්ලූ "ටෑන්ක් මෑන්" ෆොටෝ එකේ ඇත්තම කතාව මෙන්න! 🩸🇨🇳

❤️ ආශ්වාදජනක කතා2026 දුරුතු 63 min read
මුළු ලෝකයක් හෙල්ලූ "ටෑන්ක් මෑන්" ෆොටෝ එකේ ඇත්තම කතාව මෙන්න! 🩸🇨🇳

මුළු ලෝකයක් හෙල්ලූ "ටෑන්ක් මෑන්" ෆොටෝ එකේ ඇත්තම කතාව මෙන්න! 🩸🇨🇳

මේ ෆොටෝ එකේ ඉන්න මනුස්සයා දිහා බලන්න.

නිකම්ම නිකම් ෂොපින් බෑග් දෙකක් අතේ තියාගෙන, යකඩ යක්කු වගේ එන යුධ ටැංකි පෝලිමක් ඉස්සරහ හරිම සැහැල්ලුවෙන් එයා හිටගෙන ඉන්නවා.

මේ ෆොටෝ එක දැක්කම ඔයාට නිකමටවත් හිතුණාද, "මේ මනුස්සයාට පිස්සුද? නැත්නම් ජීවිතේ එපා වෙලාද?" කියලා.

ඇත්තටම මේ ෆොටෝ එකට පස්සේ තියෙන කතාව ඊට වඩා ගොඩක් බරපතලයි. මේ සිද්ධිය වෙන්නේ 1989 අවුරුද්දේ චීනයේ.

එකල චීනයේ තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ලක්ෂ ගණනක් පාරට බැස්සා. එයාලගේ ඉල්ලීම වුණේ එකම දෙයයි. ඒ "ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස".

හරියට අපේ රටේ අරගලය තිබුණා වගේ, සති ගණනක් පුරා බීජිං නුවර "ටියුනන්මන්" කියන විශාල චතුරශ්‍රයේ මේ තරුණයෝ කෑගැහුවා, සින්දු කිව්වා, නිදහස ඉල්ලුවා.

මේක මුලදී හරිම සාමකාමීයි.

හැබැයි චීන ආණ්ඩුව මේක දිහා බලාගෙන හිටියේ වපර ඇහින්. දවස් ගෙවෙද්දී ආණ්ඩුවේ ඉවසීම නැති වුණා.

1989 ජුනි මාසේ 3 වෙනිදා රෑ... ආණ්ඩුව තීරණය කළා මේ "ප්‍රශ්නය" ඉවරයක් කරන්න.

හැබැයි පොලිසිය එවලා කඳුළු ගෑස් ගහලා නෙවෙයි. එයාලා එව්වේ හමුදාව. යෝධ යුධ ටැංකි සහ ස්වයංක්‍රීය ගිනි අවි අරගෙන.

මුළු නගරයේම ලයිට් නිවලා දැම්මා. ඝන අන්ධකාරය මැද්දේ ඊළඟට ඇහුණේ වෙඩි සද්ද සහ අහිංසක මිනිස්සුන්ගේ මර ලතෝනි විතරයි.

නිදහස ඉල්ලපු දහස් ගණන් දරුවෝ එදා රෑ ඒ චතුරශ්‍රය ඇතුළේ මැරී වැටුණා. සමහරුන්ව යුධ ටැංකි වලට යට කරලා දැම්මා. පහුවදා උදේ වෙද්දි ඒ බිම තිබුණේ ලේ විලක් විතරයි.

මේ සිද්ධිය වෙලා හරියටම දවසකට පස්සේ, ඒ කියන්නේ ජුනි 5 වෙනිදා උදේ තමයි මේ ෆොටෝ එකේ සිද්ධිය වෙන්නේ.

Ad Space - in-article (300x250)

ලේ ගංගාවක් උඩින් ගියපු මේ හමුදා ටැංකි පෙළක් ආපහු නගරය මැදින් එමින් තිබුණා.

තමන්ගේ යාළුවෝ, සහෝදරයෝ මරලා දාපු මේ යකඩ යක්කු දිහා බලාගෙන ඉද්දී කාටද ලේ රත් නොවෙන්නේ?

පාර අයිනේ හිටපු, සුදු කමිසයක් ඇඳගත්ත නාඳුනන මනුස්සයෙක් එකපාරටම පාර මැද්දට පනිනවා. එයාගේ අතේ ආයුධ නෑ. තිබුණේ ෂොපින් බෑග් දෙකක් විතරයි. ( මේ ඇත්ත වීඩියෝව අපේ Youtube චැනල් එකේ තියෙනවා)

එයා කෙලින්ම ගිහින් අර යෝධ යුධ ටැංකියේ කට ඉස්සරහ හිටගත්තා.

ටැංකිය එයාට ඉඩ දීලා යන්න වමට කැපුවා. මිනිහා වමට පැන්නා. ටැංකිය දකුණට කැපුවා. මිනිහා දකුණට පැන්නා.

තමන්ගේ රටේ මිනිස්සු දහස් ගණනක් මරලා දාපු හමුදාවක් ඉස්සරහට ගිහින්, "පුළුවන්නම් මාවත් මරපන්" කියන අභියෝගය එයාගේ ඇස්වල තිබුණා.

ඒ ගැම්ම කොච්චරද කියනවා නම්, අර යෝධ යුධ ටැංකියට සිද්ධ වුණා එන්ජිම නවත්තන්න.

එතනින් එහාට මේ මනුස්සයාට මොකද වුණේ කියන එක අදටත් අභිරහසක්. ආරක්ෂක අංශ ඇවිත් එයාව ඇදගෙන ගියාට පස්සේ ආයේ කවුරුත් එයාව දැක්කේ නෑ.

හැබැයි එක දෙයක් සහතිකයි.

ආයුධවලින් මිනිස්සුන්ව මරන්න පුළුවන් වුණාට, මිනිස්සුන්ගේ ආත්මය මරන්න බෑ කියන පාඩම එදා මුළු ලෝකෙටම කියලා දුන්නේ නම ගමක් නොදන්න මෙන්න මේ මනුස්සයා.

ඉතිහාසය ඔහුට දුන්න නම තමයි "Tank Man".

ඔයාට මොකද හිතෙන්නේ? එදා අණ දෙන නිලධාරියා අණ කරද්දිත් මේ මනුස්සයාව යට කරගෙන යන්නේ නැතුව ටැංකිය නවත්තපු ඒ 'සොල්දාදුවා' ගැන ඔයාගේ අදහස මොකක්ද? එයා වීරයෙක්ද ද්‍රෝහියෙක්ද? පහළින් කමෙන්ට් කරන් යමු.

#TiananmenSquare #TankMan #History #Mystery #UntoldStories #BraveHeart #ViralSL

මුළු ලෝකයක් හෙල්ලූ "ටෑන්ක් මෑන්" ෆොටෝ එකේ ඇත්තම කතාව මෙන්න! 🩸🇨🇳 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න