Ad Space - leaderboard (728x90)

අඩි කිහිපයක් එහායින් තියෙන "හෙට දවස" - ඇස් අදහාගත නොහැකි කාලයේ අභිරහස! ⏳😱

📰 වෙනත්2026 දුරුතු 92 min read
අඩි කිහිපයක් එහායින් තියෙන "හෙට දවස" - ඇස් අදහාගත නොහැකි කාලයේ අභිරහස! ⏳😱

අඩි කිහිපයක් එහායින් තියෙන "හෙට දවස" - ඇස් අදහාගත නොහැකි කාලයේ අභිරහස! ⏳😱

හිතන්න... ඔබ වෙරළක ඉඳගෙන ඉස්සරහ තියෙන දූපත දෙස බලනවා. ඒ දූපත ඔබට පේන්නේ හරියට ඔබේ ඇස් පනාපිට තියෙනවා වගේ ඉතාම සමීපවයි.

හැබැයි පුදුමය තමයි, ඔබ ඉන්නේ ඉරිදා දවසේ වුණත්, ඔබ ඒ දකින දූපතේ මිනිස්සු ඉන්නේ සඳුදා දවසේ වීම! ඒ කියන්නේ ඔබ ඒ බලන්නේ ඔබේ "අනාගතය" දෙසයි.

මේක සිනමා පටයක කතාවක් නෙවෙයි. මේ තමයි රුසියාව සහ ඇමරිකාව අතර පිහිටි ඩයෝමීඩ් දූපත් (Diomede Islands) යුගලයේ සැබෑ තත්ත්වය.

📍 මොකක්ද මේ දූපත් දෙක?

බෙරිං සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති මේ දූපත් දෙකෙන් ලොකු දූපත (Big Diomede) රුසියාවටත්, කුඩා දූපත (Little Diomede) ඇමරිකාවටත් අයිතියි. මේ දෙක අතර දුර කිලෝමීටර් 4කටත් අඩුයි (සැතපුම් 2.4).

⏰ කාලය අතරමං වුණු හැටි

මේ දූපත් දෙක මැදින් හරියටම අන්තර්ජාතික දින රේඛාව (International Date Line) ගමන් කරනවා. මේ නිසා දූපත් දෙක අතර දුර විනාඩි කිහිපයක ගමනක් වුණත්, කාලය අතින් පැය 21ක දැවැන්ත වෙනසක් තියෙනවා.

• ඔබ ඇමරිකාවට අයිති දූපතේ ඉඳන් රුසියාව දෙස බැලුවොත් ඔබට පේන්නේ "හෙට දවස" (Tomorrow Island).

• ඔබ රුසියාවට අයිති දූපතේ ඉඳන් ඇමරිකාව දෙස බැලුවොත් ඔබට පේන්නේ "ඊයේ දවස" (Yesterday Island).

Ad Space - in-article (300x250)

❄️ ශීත කාලයේ "කාල තරණය

දැඩි ශීත කාලයට මේ දූපත් දෙක අතර මුහුද අයිස් තට්ටුවක් බවට පත් වෙනවා. එවිට ඔබට රුසියාවේ සිට ඇමරිකාවට පයින්ම ඇවිදගෙන යන්න පුළුවන් ( ඒක ප්‍රායෝගිකව කරන්න බෑ රටවල් දෙකක් නිසා 😀). ඔබ එසේ යනවා නම් ඔබ ඇත්තටම කරන්නේ අනාගතයේ සිට අතීතයට පිය නැගීමක්!

උදාහරණයක් ලෙස, ඔබ අලුත් අවුරුද්ද ජනවාරි 1 වැනිදා රුසියාවේ සමරලා, පැය භාගයක් පයින් ඇවිදගෙන ඇමරිකාවට ගියොත්, ඔබට එහේදී තවමත් දෙසැම්බර් 31 නිසා දෙවැනි වතාවටත් අලුත් අවුරුද්ද සමරන්න පුළුවන්! 🥳

අයිතිකරුවන් දෙදෙනෙක් - ලෝක දෙකක්!

මේ දූපත් දෙක එකම දර්ශන තලයක තිබුණත්, භාෂාව, සංස්කෘතිය සහ දේශපාලනය අතින් අහසට පොළොව වගේ වෙනස්. රුසියාවට අයිති දූපතේ මිනිස්සු පදිංචියක් නැති අතර එහි ඇත්තේ හමුදා කඳවුරක් පමණයි. ඇමරිකාවට අයිති දූපතේ කුඩා ගම්මානයක් පිහිටා තිබෙනවා.

ලෝකය කියන්නේ කොයිතරම් අමුතු තැනක්ද කියලා දැන් හිතෙනවා නේද?

මේ වගේ තවත් ඔබ නොඇසූ අපූරු කතා දැනගන්න අපේ පිටුව "Follow" කරන්න. මේ තොරතුර ඔයාගේ යාළුවන්ටත් දැනගන්න දැන්ම "Share" කරන්න! 👇

#UntoldStories #DiomedeIslands #TimeTravel #WorldSecrets #Mystery #Nature #Srilanka #නොකීකතා

අඩි කිහිපයක් එහායින් තියෙන "හෙට දවස" - ඇස් අදහාගත නොහැකි කාලයේ අභිරහස! ⏳😱 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න