දුව වෙනුවෙන් 'තාත්තා' කෙනෙක් වූ අම්මා! 👨👧❤️ - වසර 36ක් පිරිමියෙක් ලෙස වෙස්වලාගෙන මුළු ලෝකයක් රැවටූ පෙච්චියම්මාල්ගේ (මුත්තුගේ) ඇඟ හිරිවැටෙන කතාව 👇
අඩුම තරමේ තමන් එක්ක එකට වැඩ කරන, එකට තේ බොන මිනිස්සුවත් දැනගෙන හිටියේ නෑ මේ සරම ඇඳගත්තු, රළු පරළු මිනිහා ඇතුලේ හිටියේ කවුද කියලා.
මුළු ලෝකයක් රැවටූ මේ රහස එළියට එද්දී මුළු තමිල්නාඩුවම එක මොහොතකට ගල් ගැහුණා.
මේක නිකන්ම වෙස් මාරු කරගත්ත කතාවක් නෙවෙයි. මේක දරුවෙක් වෙනුවෙන් තමන්ගේ මුළු ආත්මයම මරා දාපු අම්මා කෙනෙක්ගේ කතාවක්.
ඇගේ නම පෙච්චියම්මාල්. හැබැයි ලෝකයා ඇයව අඳුරන්නේ "මුත්තු" කියලා.
හරියටම මීට අවුරුදු හතළිහකට විතර කලින් ඇය දකුණු ඉන්දියාවේ හිටපු හරිම හැඩකාර තරුණියක්. වයස අවුරුදු 20දී ඇය බොහොම ආසාවෙන් දීග ගියා.
හැබැයි ඒ හීන මැකිලා යන්න ගියේ හරියටම දවස් 15යි.
මගුල් ගෙදර සතුට මැකෙන්නත් කලින් ඇගේ සැමියා හදිසියේම මිය ගියා. දෛවයේ නපුරුම සරදම කියන්නේ, ඇය තනි වෙද්දී ඇගේ කුස ඇතුලේ තවත් ජීවිතයක් ලේ මස් ද්වලින් හැදෙමින් තිබුණා.
අවුරුදු 20ක තරුණ වැන්දඹුවක් දිහා මේ සමාජය බලන විදිය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඇය පාරේ බැහැලා යද්දී පිරිමි ඇය දිහා බැලුවේ කෑදරකමෙන්. සමහරු ඇගේ ගෙදරට රෑට රෑට එන්න උත්සාහ කළා.
තමන්ගේ දුව ඉපදුණාට පස්සෙත් මේ කරදර ඉවර වුණේ නෑ. ඇය දරුවා ජීවත් කරවන්න තේ කඩවල, හෝටල්වල, පෙදරේරු වැඩවලට ගියා. ඒ යන යන තැන ඇයට ලිංගික හිංසනයන්ට මුහුණ දෙන්න වුණා.
"මම රස්සාවට ගියාම මගේ දරුවට මොනවා වෙයිද?"
මේ බය ඇගේ හිත පතුලටම කිඳා බැස්සා. අන්තිමට ඇය තීරණය කළා ආයේ කවදාවත් ගැහැණියක් විදියට ජීවත් වෙන්නේ නෑ කියලා.
ඇය කෙළින්ම ගියේ තිරුචෙන්දූර් කෝවිලට.
තමන් ආසාවෙන් වවාගෙන හිටපු දිගු කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපලා දැම්මා. ඇඟේ තිබුණු සාරිය ගලවලා විසිකරලා, පිරිමි කමිසයක් සහ සරමක් ඇඳගත්තා. නළලට ලොකු තිලකයක් තියාගත්තා.
එදා "පෙච්චියම්මාල්" මිය ගියා. එතැනින් එළියට ආවේ "මුත්තු" කියන පිරිමියා.
මේක දවස් දෙක තුනකට කරපු රඟපෑමක් නෙවෙයි. වසර 36ක්... ඔව් වසර 36ක් තිස්සේ ඇය ජීවත් වුණේ පිරිමියෙක් විදියට.
බස් එකේ යද්දී වාඩි වුණේ පිරිමි අසුනේ. පාවිච්චි කළේ පිරිමි වැසිකිලි. බර වැඩ කළේ පිරිමිත් එක්ක කරට කර ඉඳගෙන.
හැඳුනුම්පතේ, බැංකු පොතේ, ඡන්ද කාඩ් එකේ පවා ඇය නම වෙනස් කළේ "මුත්තු" කියලා.
මේ හැමදේම කළේ, තමන්ගේ දුවට පියෙක් නැති අඩුව දැනෙන්න නොදී, සමාජයේ උකුසු ඇස් වලින් දුවව බේරගන්න. "මගේ දුවට තාත්තෙක් නෑ කියල කවුරුත් කියන්න හොඳ නෑ" ඇය නිතරම හිතුවේ එහෙම.
දැන් ඇගේ දුව ලොකු මහත් වෙලා විවාහ වෙලා. දැන් ඇයට වයස අවුරුදු 60ක් විතර වෙනවා. ඉස්සර වගේ බර වැඩ කරන්න දැන් "මුත්තු"ට හයියක් නෑ.
ඒ නිසා රජයෙන් දෙන වැන්දඹු දීමනාව ගන්න ඇය ගියාම තමයි නිලධාරීන් ඉස්සරහ මේ රහස හෙළි වුණේ.
"ඔබේ හැඳුනුම්පතේ තියෙන්නේ පිරිමි නමක්නේ... පිරිමියෙක්ට කොහොමද වැන්දඹු දීමනාවක් දෙන්නේ?" නිලධාරීන් අහද්දී ඇය ඇගේ කතාව කිව්වා.
මුළු ඔෆිස් එකම නිශ්ශබ්ද වුණා.
අදටත් ඇය ඉන්නේ පිරිමි ඇඳුමෙන්. මාධ්‍යවේදීන් ඇවිත් "දැන් දුව බැඳලානේ... දැන්වත් සාරියක් අඳින්නේ නැද්ද?" කියලා අහද්දී ඇය දෙන උත්තරෙන් පපුව හෝස් ගාලා පිච්චිලා යනවා.
"මට ආයේ ගැහැණියක් වෙන්න ඕනේ නෑ. මගේ දුවව ආරක්ෂා කළේ මේ පිරිමි ඇඳුම. මම මැරෙනකම්ම 'මුත්තු' විදියට ඉඳලා මැරිලා යන්නයි කැමති. මොකද මේ පිරිමි වෙස්ගැනීම තමයි මට මගේ දරුවව දුන්නේ."
අම්මා කෙනෙක්ගේ ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියන්නේ නිකන් නෙවෙයි. දරුවා වෙනුවෙන් තමන්ගේ ගැහැණුකම පවා කුරුසක තියලා ඇණ ගහගන්න පුළුවන් එකම කෙනා අම්මා විතරයි.
මේ කතාව කියවද්දී මේ අම්මා ගැන ඔයාගේ හිතට දැනුණු දේ වචනයකින් හරි කියාගෙන යන්න. ඇගේ මේ කැපවීමට අපි හැමෝගෙම ගෞරවය හිමි වෙන්න ඕනේ නේද? 👇❤️
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා .
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි







