Ad Space - leaderboard (728x90)

අඩි 3000ක් අහසේ... එන්ජින් දෙකම නතර වූ නිහඬ මරණයේ හෝරාව!

❤️ ආශ්වාදජනක කතා2026 දුරුතු 125 min read
අඩි 3000ක් අහසේ... එන්ජින් දෙකම නතර වූ නිහඬ මරණයේ හෝරාව!

අඩි 3000ක් අහසේ... එන්ජින් දෙකම නතර වූ නිහඬ මරණයේ හෝරාව!

වේලාව දහවල් 3:27 යි. නිව්යෝර්ක් නගරයට එදා පුදුමාකාර සීතලක් තිබුණේ. හරියටම කිව්වොත් අයිස් මිදෙන සීතලක්.

US Airways ෆ්ලයිට් අංක 1549 දරණ ගුවන් යානය ලගාඩියා ගුවන්තොටුපළෙන් අහසට නැග්ගේ තවත් එක් සාමාන්‍ය ගුවන් ගමනක් අරඹමින්. යානය ඇතුලේ මගීන් 150 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් හිටියා. කවුරුත් දැනගෙන හිටියේ නෑ තමන් මේ පටන් ගත්තේ ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වුණු භයානකම ගුවන් ගමනකට කියලා.

ගුවන් ගත වෙලා ගත වුණේ හරියටම තත්පර 90 යි!

එකපාරටම යානය ඉදිරියෙන් "ඩොක්... ඩොක්... ඩොක්..." ගාලා මහා සද්දයක් ඇහුණා. හරියට කවුරුහරි යානයට ගල් මුල් වලින් ගහනවා වගේ. ඒත් එක්කම මුළු යානයම දරුණු විදියට ගැස්සිලා ගියා.

මගීන්ට දැනුණේ කරුණු දෙකයි. පළවෙනි එක, පිළිස්සුණු මස් ගඳක් යානය ඇතුළට එනවා. දෙවෙනි එක තමයි කාටවත් හිතාගන්න බැරි වුණු ඒ දේ.

එච්චර වෙලා ගුවන් යානයේ තිබුණු යෝධ එන්ජින්වල ගර්ජනාව එකපාරටම නතර වුණා!

ඔව්, අහස උඩ... අඩි 3000ක් උඩදී යානයේ එන්ජින් දෙකම එකවර ක්‍රියා විරහිත වුණා. මේක කවදාවත් වෙන්න පුළුවන් දෙයක් කියලා කවුරුත් විශ්වාස කලේ නෑ. නමුත් කැනඩා පාත්තයින් රංචුවක් (Geese) එන්ජින් දෙකේම ගැටීම නිසා, ඒ යෝධ එන්ජින් දෙකම ඒ මොහොතේම "මිය ගිහින්" ඉවරයි.

දැන් ඒක ගුවන් යානයක් නෙවෙයි. ටොන් ගණනක් බර යකඩ ගොඩක් විතරයි. නිව්යෝර්ක් අහසේ පාවෙන යකඩ මිනී පෙට්ටියක්!

නියමු කුටියේ හිටියේ කැප්ටන් චෙස්ලි "සලී" සලන්බර්ගර්. අවුරුදු ගාණක අත්දැකීම් තියෙන ප්‍රවීණයෙක්. එයාගේ සහායක නියමුවා ජෙෆ්රි ස්කයිල්ස්.

"My aircraft... (මගේ පාලනයට)" සලී සන්සුන්ව කිව්වා.

හිතන්න... එන්ජින් දෙකම නෑ. ආපහු එයාපෝට් එකට යන්න තරම් බලයක් නෑ. යටින් පේන්නේ අහස උසට ඉදිවුණු නිව්යෝර්ක් නගරයේ යෝධ බිල්ඩිම්. පොඩ්ඩක් හරි මිස් වුණොත් මේ යානය කඩා වැටෙන්නේ දහස් ගණන් මිනිස්සු ඉන්න නගර මධ්‍යයට. ඒක 9/11 ප්‍රහාරය වගේ තවත් මහා විනාශයක් වෙන්න තිබුණා.

පාලක මැදිරියෙන් (ATC) කෑ ගහනවා... "ආපහු හැරෙන්න... ආපහු ලගාඩියා වලට එන්න..." කියලා.

ඒත් සලීගේ හිතේ මැවුණේ වෙනම පින්තූරයක්. එයා ගණිතමය විදියට තත්පරෙන් තත්පරේ ගණන් හැදුවා. "නෑ... අපිට එතනට යන්න බැහැ. අපිව කඩා වැටෙයි" සලී තීරණය කළා.

එයාට තිබුණේ එකම එක විකල්පයයි. ඒ තමා තමන්ට පල්ලෙහායින් ගලාගෙන යන හඩ්සන් ගඟ!

හිතන්න පුළුවන්ද? ගුවන් පථයක් (Runway) නැතිව, ගලන වතුරක් උඩට මේ යෝධ ගුවන් යානයක් පාත් කරනවා කියන එක? ඒක සියදිවි නසාගැනීමක් වගේ වැඩක්. වතුරේ වැදුණු ගමන් යානය කෑලි කෑලි වලට කැඩිලා යන්න පුළුවන්. නැත්නම් වතුරට යට වෙලා හැමෝම හුස්ම හිර වෙලා මැරෙන්න පුළුවන්.

ඒත් සලීට වෙන පාරක් තිබුණේ නෑ.

"Brace for impact! (ගැටීමකට සූදානම් වන්න!)" කැප්ටන් සලීගේ කටහඬ ස්පීකර් එකෙන් ඇහෙද්දී මගීන්ගේ ලේ වතුර වෙන්න ඇති. පොඩි ළමයි, අම්මලා, තාත්තලා තමන්ගේ ආදරණීයයන්ව අන්තිම වතාවට බදාගත්තා. සමහරු දෙවියන්ට යාච්ඤා කළා.

යානය ජෝර්ජ් වොෂින්ටන් පාලම උඩින් පියාසර කළේ අඩි 900ක් විතර පහළින්. පාලමේ හිටපු මිනිස්සු දැක්කේ තමන්ගේ ඔලුවට උඩින් මහා යකඩ යක්ෂයෙක් කඩාගෙන වැටෙනවා වගේ දර්ශනයක්.

තත්පර ගාණයි තිබුණේ.

වේගය පාලනය කරගෙන, යානයේ සමබරතාවය මිලිමීටරයක්වත් වෙනස් නොවී, සලී ඒ යෝධ යානය හඩ්සන් ගඟේ වතුර මතුපිටට ගෙනාවා.

"බුම්ම්ම්ම්ම්.....!!!!"

Ad Space - in-article (300x250)

වතුර පාර කොන්ක්‍රීට් එකක් වගේ යානයේ යට පැත්තේ වැදුණා. වතුර බිඳිති වීදුරු ජනේල වහගෙන ගියා. හැමතැනින්ම ඇහුණේ මරණ බියෙන් කෑ ගහන මිනිස්සුන්ගේ සද්දේ.

නමුත්... යානය කැඩුනේ නෑ!

සලී කියන ඒ අසහාය නියමුවා, ගුවන් යානයක් වතුර මත "ලිස්සලා යන්න" (Glide) සැලැස්සුවා. ඉතිහාසයේ කවදාවත් නොවුණු විදියට යානය වතුර මත පාවෙන්න ගත්තා.

ඒත් අනතුර ඉවර නෑ. දැන් තමයි ඊළඟ සටන.

එළියේ උෂ්ණත්වය සෘණ අගයක්. ගඟේ වතුර අයිස් වගේ සීතලයි. යානය ඇතුළට හිමින් හිමින් වතුර පිරෙනවා. මිනිස්සු තෙරපෙමින් දොරවල් ඇරගෙන එළියට පැන්නා.

මේ පින්තූරේ දිහා හොඳට බලන්න. මිනිස්සු යානයේ පියාපත් දෙක උඩට වෙලා එකාට එකා තුරුල් වෙලා ඉන්න හැටි. එදා ඒ සීතල වතුරට පැන්නා නම් විනාඩි කිහිපයක් ඇතුළත ඒ අය හයිපෝතර්මියාව (Hypothermia) හැදිලා මැරෙනවා. ඒ නිසා ඔවුන් පියාපත් උඩට වෙලා බලාගෙන හිටියා සහන කණ්ඩායම් එනකල්.

මෙතනදී තමයි මේ කතාවේ "වීරයා"ගේ නියම ස්වභාවය එළියට එන්නේ.

හැම මගියෙක්ම එළියට ගියාට පස්සේ, වතුර පිරෙමින් තිබුණු, ගිලෙමින් තිබුණු යානය ඇතුලේ අන්තිම වතාවටත් ඇවිදගෙන ගියේ කැප්ටන් සලී.

එයා බැලුවේ තව එක මගියෙක් හරි සීට් එකක් අස්සේ හිරවෙලා ඉන්නවද කියලා. එයාගේ යුනිෆෝම් එක තෙමීගෙන, සීතල වතුර කකුල් වලට දැනෙද්දීත් එයා යානය පීරලා බැලුවා. තමන්ගේ වගකීම අකුරටම ඉෂ්ට කළාට පස්සේ තමයි එයා අන්තිමයා විදියට යානයෙන් එළියට බැස්සේ.

මගීන් 150 යි. කාර්ය මණ්ඩලය 5 යි. ඔක්කොම 155 යි. එක්කෙනෙක්වත් මිය ගියේ නෑ. හැමෝම බේරුණා!

මුළු ලෝකයම මේ සිද්ධිය හැඳින්වූයේ "හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය" (Miracle on the Hudson) කියලා.

විශේෂඥයන් පස්සේ කාලෙක කිව්වේ, එදා ඒ වෙලාවේ නියමු කුටියේ හිටියේ සලී නෙවෙයි නම්, ඒ තීරණය ගන්න තත්පරයක් හරි පරක්කු වුණා නම්, අද මේ කතාව ලියවෙන්නේ මහා ඛේදවාචකයක් විදියට කියලා.

තාක්ෂණය කොච්චර දියුණු වුණත්, මොලයක් සහ හදවතක් තියෙන මනුස්සයෙක් ඒ යන්ත්‍රය පාලනය කරන එක කොච්චර වැදගත්ද කියන එකට මේක හොඳම උදාහරණයක්.

යානයක් කඩාවැටෙන එක නවත්වන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ කඩාවැටෙන මොහොතේදී පවා මරණය පරාජය කරන්න ධෛර්යය තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.

කැප්ටන් සලී එදා ගොඩබෑවේ ගුවන් යානයක් නෙවෙයි... එයා එදා ආරක්ෂා සහිතව ගොඩබෑවේ මිනිස්සු 155 දෙනෙක්ගේ "අනාගතය".

ඔබට මතකද මේ සිද්ධිය ගැන චිත්‍රපටියකුත් ආවා? මේ කතාව කියවද්දී ඔබට හිතුණේ මොකක්ද?

නිකමට හිතන්න... ඔය යානයේ ජනේලයක් අයිනේ සීට් එකක එදා ඔබත් හිටියා නම්, "අපි කඩාවැටෙන්න යන්නේ" කියලා දැනගත්ත ඒ අන්තිම තත්පර කිහිපයේදී ඔබට මුලින්ම මතක් වෙන්නේ කාවද?

කමෙන්ට් එකක් දාගෙන යමු.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා . ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#MiracleOnTheHudson #Sully #TrueStory #Survival #AviationMystery #UntoldStories

අඩි 3000ක් අහසේ... එන්ජින් දෙකම නතර වූ නිහඬ මරණයේ හෝරාව! - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න