Ad Space - leaderboard (728x90)

ලෝකයේම මතය වෙනස් කරන්න ඒ කුමරියට ඕන වුණේ එකම එක තත්පරයි! 👑❤️

❤️ ආශ්වාදජනක කතා2026 දුරුතු 152 min read
ලෝකයේම මතය වෙනස් කරන්න ඒ කුමරියට ඕන වුණේ එකම එක තත්පරයි! 👑❤️

ලෝකයේම මතය වෙනස් කරන්න ඒ කුමරියට ඕන වුණේ එකම එක තත්පරයි! 👑❤️

1987 අවුරුද්ද... ලෝකයම "HIV/AIDS" කියන වචනෙට පවා බය වෙලා හිටපු කාලයක්.

ඒ කාලේ සමාජය විශ්වාස කළේ ඒඩ්ස් කියන්නේ ස්පර්ශයෙන් බෝවෙන, ළඟටවත් යන්න හොඳ නැති මාරාන්තික වසංගතයක් කියලා. සමහර රෝහල්වල කාර්ය මණ්ඩලය පවා ඒඩ්ස් රෝගීන්ට කෑම දීලා තියෙන්නේ දොරේ යටින් තියෙන පොඩි හිඩැසකින්. පවුලේ අය පවා තමන්ගේ දරුවන්ව අතහැරලා දාලා තිබුණා.

ඔන්න ඔය වගේ අඳුරු කාලෙක තමයි ලන්ඩන් වල "Middlesex" රෝහලේ පළමු ඒඩ්ස් ඒකකය විවෘත කරන්න ඩයනා කුමරිය එන්නේ. මුළු මාධ්‍ය ලෝකයම බලාගෙන හිටියේ ඇය මොනවා කරයිද කියලා.

හැමෝම හිතුවේ ඇය ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන, අත්වැසුම් (Gloves) දාගෙන රෝගීන් දිහා දුර තියා බලයි කියලා.

හැබැයි සිද්ධ වුණේ කවුරුත්ම හිතපු නැති දෙයක්.

ඇය කෙළින්ම ගියේ නන්නාඳුනන ඒඩ්ස් රෝගියෙක් ළඟට. ඊළඟ මොහොතේ ඇය තමන්ගේ අත්වල තිබුණු අත්වැසුම් ගලවලා දැම්මා.

කිසිම පැකිලීමක් නැතුව ඇය ඒ රෝගියාගේ අත තදින් අල්ලගත්තා. 🤝

ඒ වෙලාවේ මුළු කාමරේම සද්දේ නතර වෙන්න ඇති. කැමරා ෆ්ලෑෂ් විතරක් ක්‍රියාත්මක වුණා.

"HIV තියෙන කෙනෙක්ව ආදරයෙන් වැළඳ ගත්තට, අතින් ඇල්ලුවට ඒක බෝවෙන්නේ නෑ. ඔවුන්ටත් ඕන කරන්නේ අපේ ආදරය.." කියලා ඇය වචනයෙන් කියනවට වඩා, ඒ එකම එක ක්‍රියාවෙන් මුළු ලෝකයටම ඔප්පු කළා.

Ad Space - in-article (300x250)

ලෝකයේ බලවත්ම රාජකීය කාන්තාවක්, සමාජය විසින් පිළිකුල් කරපු මනුස්සයෙක්ගේ අතින් අල්ලපු ඒ ෆොටෝ එක පහුවදා ලෝකයේම පත්තරවල මුල් පිටුවේ ගියා.

ඒ ක්‍රියාව ලෝක මාධ්‍ය තුළ විශාල පුවතක් බවට පත් වෙලා, "HIV ස්පර්ශයෙන් බෝවෙන්නේ නෑ" (HIV is not spread by touch) කියන සත්‍යය සාමාන්‍ය ජනතාවට පැහැදිලි වෙන්න ලොකු බලපෑමක් කළා. ඒත් එක්කම මිනිස්සුන්ගේ බොරු බිය නැති වෙන්න පටන් ගත්තා.

ඇය එදා ඇල්ලුවේ එක රෝගියෙක්ගේ අතක් විතරක් නෙවෙයි, ඇය එදා ස්පර්ශ කළේ මුළු ලෝකයේම මනුස්සකම.

ඔටුන්නක් දාපු රැජිනකට වඩා, හදවත් දිනපු "මනුස්ස දුවක්" විදිහට ඇය අදටත් මිනිස්සුන්ගේ හිත්වල ඉන්නේ අන්න ඒ නිසයි.

මනුස්සකම කියන්නේ ලෙඩකට වඩා බලගතු දෙයක්. ❤️

ඔයාට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. 👇

මේ වගේ වටිනා කතා අනිත් අයටත් බලන්න Share කරන්න.

දිගටම මේ වගේ නොකී කතා දැනගන්න ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා තියාගන්න.

#PrincessDiana #Humanity #UntoldStories #History #Love #Compassion #DianaSpencer #HIVAwareness #NokeeKatha

ලෝකයේම මතය වෙනස් කරන්න ඒ කුමරියට ඕන වුණේ එකම එක තත්පරයි! 👑❤️ - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න