Ad Space - leaderboard (728x90)

වෙද නලාවෙන් අහන්න බැරි වුණු 'හදවතේ කතාව' ඇඟිලි තුඩු වලින් කියවපු ගැහැනිය - නිල් බබාලාට (Blue Babies) ජීවිතය දුන් හෙලන් ...

❤️ ආශ්වාදජනක කතා2026 දුරුතු 154 min read
වෙද නලාවෙන්  අහන්න බැරි වුණු 'හදවතේ කතාව' ඇඟිලි තුඩු වලින් කියවපු ගැහැනිය - නිල් බබාලාට (Blue Babies) ජීවිතය දුන් හෙලන් ...

වෙද නලාවෙන් අහන්න බැරි වුණු 'හදවතේ කතාව' ඇඟිලි තුඩු වලින් කියවපු ගැහැනිය - නිල් බබාලාට (Blue Babies) ජීවිතය දුන් හෙලන් ටවුසිග් !

ඒක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මුහුණ දෙන දරුණුම අත්දැකීමක්. ඉපදිලා දවස් ගාණයි. දරුවා හුස්ම ගන්න දඟලනවා. ටිකෙන් ටික දරුවාගේ රෝස පාට හම නිල් පාටට හැරෙනවා. හරියට තීන්තක් වත් කළා වගේ තද නිල් පාටක්!

1940 ගණන් වෙනකම් ලෝකේ පුරාම දහස් ගණන් අම්මලා තාත්තලා මේ විදියට තමන්ගේ දරුවෝ නිල් පාට වෙලා මැරිලා යන හැටි අසරණව බලාගෙන හිටියා. වෛද්‍යවරු මේකට කිව්වේ 'Blue Baby Syndrome' කියලා. කාටවත් මේකට හරිහමන් උත්තරයක් තිබුණේ නෑ.

හැබැයි මේ අභියෝගය ජයගන්න දෛවය තෝරාගත්තේ, ජීවිතේ තමන්ට අහිමි වුණු දේවල් ගැන අනුකම්පා කර කර හිටපු නැති, යකඩ ගැහැනියක්ව.

ඇය හෙලන් ටවුසිග් (Helen Taussig).

හෙලන්ගේ ගමන කවදාවත් ලේසි වුණේ නෑ. පොඩි කාලේ ඉඳන්ම ඇයට ඉගෙනීමේ ගැටලු (Learning difficulties) තිබුණා. අකුරු සහ වචන දකින විදිය අනිත් අයට වඩා වෙනස් නිසා, පාසල් වැඩ ඇයට ලොකු අභියෝගයක් වුණා.

ඒ මදිවට ඇය ජීවත් වුණේ "දොස්තරකම පිරිමින්ට විතරක් අයිති" ලෝකයක. ඇය හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගී වුණත්, ඇය කාන්තාවක් වූ පමණින් ඇයට උපාධිය (MD) ලබා දීම හාර්වර්ඩ් පාලනාධිකාරිය ප්‍රතික්ෂේප කළා.

"ගෑනු ළමයෙක්ට කොහොමද දොස්තර උපාධි දෙන්නේ?" සමාජය ඇයව එහෙම ප්‍රතික්ෂේප කරද්දිත් ඇය නැවතුනේ නෑ. ඇය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙන් කොහොමහරි තමන්ගේ සිහිනය ජයගත්තා.

නමුත් ලොකුම අභියෝගය ආවේ ඊට පස්සේ.

වෛද්‍යවරියක් විදියට වැඩ පටන් අරන් ටික කාලයක් යද්දී, ඇයගේ කන් ඇසීම ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගත්තා (Progressive hearing loss). හිතලා බලන්න, දරුවන්ගේ පපුවට නලාව තියලා හදවතේ සද්දෙ අහන එක තමයි හදවත් රෝග විශේෂඥයෙක්ගේ ප්‍රධානම රාජකාරිය. ඒත් ඇයට ඒ හීන් සද්දේ ඇහෙන්නේ නැතුව ගියා.

හැමෝම හිතුවේ ඇය දැන් වෘත්තියෙන් අයින් වෙයි කියලා.

ඒත් හෙලන් කියන්නේ පරාජය භාරගන්න කෙනෙක් නෙවෙයි. කන් ඇසීම දුර්වල වෙද්දී, ඇය තමන්ගේ 'ස්පර්ශය' (Touch) දියුණු කරගත්තා.

ඇය අලුත් විදියකට ලෙඩ්ඩු බලන්න පුරුදු වුණා. දරුවන්ගේ පපුවට ඇඟිලි තුඩු තියලා දැනෙන සියුම් කම්පන (Palpation) සහ එක්ස්-රේ තාක්ෂණය (Fluoroscopy) පාවිච්චි කරලා, අනිත් අයට නලාවෙන්වත් අහගන්න බැරි දේවල් ඇය තේරුම් ගත්තා.

අර නිල් පාට වෙලා මියයන දරුවන්ගේ පපුවට අත තියපු ඇයට තේරුණා, මේ දරුවන්ගේ පෙනහලු වලට ලේ අරන් යන නහර හිර වෙලා (Pulmonary artery stenosis) කියලා. මේ නිසා ලේ පිරිසිදු වෙන්න පෙනහලු වලට යන්නේ ඉතාම අඩුවෙන්. ඔක්සිජන් මදි වුණු ලේ ඇඟ පුරාම දුවන නිසයි මේ දරුවෝ නිල් පාට වෙන්නේ.

මේ වෙලාවේ හෙලන්ගේ හිතට ආවේ ඒ කාලේ හැටියට කාටවත් හිතාගන්නවත් බැරි විසඳුමක්.

"ස්වභාවධර්මය විසින් මේ දරුවන්ගේ පෙනහලු වලට ලේ යන පාර වහලා නම් තියෙන්නේ... ඇයි අපි ඒකට අලුත් පාරක් කපන්නේ නැත්තේ?"

ඇය කල්පනා කළා වතුර බටයක් හිර වුණාම අපි අමතර බටයක් දාලා (Bypass) වතුර ගෙනියනවා වගේ, ඇඟේ තියෙන වෙනත් ලේ නහරයක් පෙනහලු වලට සම්බන්ධ කරන්න පුළුවන් නේද කියලා.

මේක න්‍යායාත්මකව සුපිරි අදහසක්. නමුත් ප්‍රායෝගිකව කරන්න ගියොත් දරුවා මැරෙන්න පුළුවන්. අනික හෙලන් කියන්නේ ශල්‍ය වෛද්‍යවරියක් නෙවෙයි. ඇයට පිහිය අල්ලන්න බෑ. ඇය ළඟ 'ප්ලෑන්' එක තිබුණා, ඒත් ඒක කරන්න 'අත් දෙකක්' තිබුණේ නෑ.

හෙලන් උත්සාහය අත ඇරියේ නෑ. ඇය මේ අභියෝගය භාරගන්න පුළුවන් එකම කෙනා ළඟට ගියා. ඒ, දක්ෂ ශල්‍ය වෛද්‍ය ඇල්ෆ්‍රඩ් බ්ලැලොක් (Alfred Blalock).

Ad Space - in-article (300x250)

ඇය තමන්ගේ තර්කය බ්ලැලොක්ට ඒත්තු ගැන්නුවා. "ඔබට පුළුවන් නම් නහරයක් මහන්න... මට පුළුවන් මේ දරුවන්ව ජීවත් කරවන්න."

ඔවුන් මේ සැත්කමේ තාක්ෂණික පැත්ත දියුණු කරන්න විවියන් තෝමස් (Vivien Thomas) කියන දක්ෂ සහයකයාවත් එකතු කරගත්තා.

අවසානයේ ලෝකයම බලාගෙන ඉද්දි ඔවුන් ඒ අවදානම ගත්තා.

දිනය 1944 නොවැම්බර් 29.

ශල්‍යාගාරය ඇතුලේ හිටියේ අයිලීන් සැක්සන් (Eileen Saxon) කියන මාස 15ක් වයස පුංචි බබා. එයා හොඳටම නිල් වෙලා, ජීවිතයත් මරණයත් අතර සටනක හිටියේ. හෙලන් තමන්ගේ පර්යේෂණ ගැන කොච්චර විශ්වාසද කියනවා නම්, ඇය ශල්‍යාගාරයේ පිටිපස්සට වෙලා බලාගෙන හිටියා.

බ්ලැලොක් දරුවාගේ හදවතට සම්බන්ධ නහරවල අලුත් මාවතක් හැදුවා.

සැත්කම ඉවර වුණා. ටික වෙලාවකින් අර තද නිල් පාට වෙලා තිබුණු පුංචි දරුවාගේ තොල් පෙති, අත් කකුල් ලා රෝස පාටට හැරෙන්න පටන් ගත්තා!

එදායින් පස්සේ හෙලන් ටවුසිග් හොයාගත්තු මේ ක්‍රමය නිසා දරුවෝ දහස් ගණනක් කෙලින්ම මරණයෙන් බේරුණා. පසුකාලීනව මේ තාක්ෂණය දියුණු වෙලා ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට ජීවිතය ලැබුණා.

ඇය එතනින් නතර වුණේ නෑ. පසුකාලීනව 'තැලමයිඩ්' (Thalidomide) කියන ඖෂධය නිසා අත් කකුල් නැති දරුවෝ ඉපදෙනකොට,Frances Kelsey සමඟ එක්ව එය ඇමෙරිකාවේ නවතා දැමීමට මූලික වූයේත් ඇයයි.

හෙලන් අපිට උගන්නන පාඩම හරිම සරලයි. ඇයට ඉගෙනීමේ ගැටලු තිබුණා, සමාජයෙන් ප්‍රතික්ෂේප වුණා, කන් ඇසීම දුර්වල වුණා. හැබැයි ඇය ඒ කිසිම දෙයක් තමන්ගේ ගමන නවත්තන්න හේතුවක් කරගත්තේ නෑ. ඇය තමන්ට නැති දේවල් ගැන පසුතැවෙන්නේ නැතුව, තමන්ට තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගත්තා.

අප මේ උතුම් කාන්තාවට සදා ණයගැතියි .

ඉතින් යාලුවනේ,

අපි අපේ ජීවිතේ පොඩි බාධාවක් ආපු ගමන් "මට බෑ" කියලා කොච්චර ඉක්මනට අත ඇරලා දානවද? ඒත් ඇත්තටම අපිට බැරිද? නැත්නම් අපි උත්සාහ කරන්න කම්මැලිද?

පහළින් Comment එකක් දාගෙන යමු.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා .

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#UntoldStories #HelenTaussig #BlueBabySyndrome #MedicalHistory #Inspiration #Determination #WomenInScience

වෙද නලාවෙන්  අහන්න බැරි වුණු 'හදවතේ කතාව' ඇඟිලි තුඩු වලින් කියවපු ගැහැනිය - නිල් බබාලාට (Blue Babies) ජීවිතය දුන් හෙලන් ... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න