"පුතේ... උඹට දුවන්න වාරු නැත්නම් වරෙන්... තාත්තා උඹේ කකුල් දෙක වෙන්නම්!" 😭💔 🏃♂️
මේ ඉන්නේ රිකී... දෛවය විසින් අන්ත අසරණ කරපු දරුවෙක්.
1962 දී රිකී මේ ලෝකෙට එනකොටම එයාගේ තාත්තට හරිම දොස්තරලා කිව්වේ අකාරුණික කතාවක්.
"මිස්ටර් හෝයිට්, මේ දරුවා ගැන අදහස අතාරින්න. මෙයාට කවදාවත් ඇවිදින්න බෑ, කතා කරන්න බෑ... මෙයා නිකන්ම නිකන් අබ්බගාත ලමයෙක් විතරයි. ඒ නිසා මෙයාව ආයතනයකට බාර දෙන්න." 💔
ලේ කැටි දරුවව කුණු කූඩෙට දාන්න වගේ අහක දාන්න කියද්දී, ඒ තාත්තාගේ පපුව පිච්චිලා යන්න ඇති. ඒත් ඩික් හෝයිට් කියන ඒ අපූරු මනුස්සයා දොස්තරලට දුන්නේ එකම එක උත්තරයයි.
"නෑ... මේ මගේ ලේ... මම මගේ පුතාව අතාරින්නේ නෑ!"
කාලය ගෙවිලා ගියා. කතා කරන්න බැරි රිකී කොම්පියුටරයක් ආධාරයෙන් අකුරු ගලපන්න ගත්තා. දවසක් රිකී තාත්තගෙන් අහස පොළොව ගැටලෙන ඉල්ලීමක් කළා.
"තාත්තේ... මට අර මැරතන් තරඟෙට දුවන්න ඕන..."
ඇවිදගන්න තියා හුස්ම ගන්න වාරු නැති පුතා එහෙම කියද්දී සාමාන්‍ය තාත්තා කෙනෙක් නම් "පුතේ ඔයාට ඇවිදින්න බෑනේ" කියලා හිත හදල පැත්තකට වෙයි. ඒත් මේ තාත්තා තමන්ගේ පුතාගේ මූණ දිහා බැලුවා.
"හරි පුතේ... අපි දුවමු! උඹට දුවන්න වාරු නැත්නම්, මම උඹේ කකුල් දෙක වෙන්නම්."
තාත්තා රිකීව රෝද පුටුවේ තියාගෙන කිලෝමීටර් ගාණක් ඒ පුටුව තල්ලු කරගෙන දිව්වා. එදා රේස් එක ඉවර වුණාම කතා කරගන්න බැරි රිකී අමාරුවෙන් අකුරු අමුණලා තාත්තට මෙහෙම කිව්වා.
"තාත්තේ... තාත්තා මාව තල්ලු කරගෙන දුවද්දී... මට දැනුනේ මම ආබාධිතයෙක් නෙවෙයි වගේ... මට දැනුනේ මමත් හරියට නිකන් කුරුල්ලෙක් වගේ..." 🥺😭
අන්න ඒ වචන ටික තාත්තගේ හිත කීරි ගැහුවා. පුතාට ඒ සතුට දෙන්න, තාත්තා තීරණය කළා පුතා වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම පූජා කරන්න.
එදා ඉඳන් මේ තාත්තා මැරතන් තරඟ 1,000 කට වඩා දිව්වා. තමන්ගේ පුතාව බෝට්ටුවක දාගෙන ඉණේ බැඳගෙන කිලෝමීටර් ගණන් මහා මුහුදේ පීනුවා. 🌊 පුතාව ඉස්සරහ සීට් එකේ තියාගෙන බයිසිකල් පැද්දා. 🚴♂️
මේ තාත්තා ක්‍රීඩකයෙක් නෙවෙයි. වයසට ගිහිල්ලා පපුවේ අමාරු හැදෙද්දිත් දොස්තරලා එපා කියද්දිත් එයා කිව්වේ "මට පුතාව දුවවන්න ඕන, මගේ පුතා සතුටින් ඉන්නේ එයා දුවනකොට විතරයි" කියලා විතරයි.
අන්තිමේදී අවුරුදු ගාණක් පුතාව කර තියාගෙන දුවපු ඒ යකඩ මිනිහා, 2021 දී තමන්ගේ පුතාව තනි කරලා ජීවිත ගමනින් සමුගත්තා. 🕊️
ලෝකේ ගොඩක් අය "මට බෑ" කියලා පොඩි දේටත් ජීවිතේ අතාරිද්දී, ඇවිදින්න බැරි පුතෙක් වෙනුවෙන් තමන්ගේ පණ ටික දුන්න මේ තාත්තා ලෝකයටම පෙන්නුවේ එක දෙයක් විතරයි.
"දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ" ❤️👑
අම්මාවරුන් විතරක් නෙවෙයි, මෙහෙම තාත්තලාත් මේ ලෝකේ බුදු වෙනවා සත්තයි! 🙏
මේ ආදරේ ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. 👇
මේ වගේ තවත් ලෝකෙම හොල්ලපු නොකී කතා දැනගන්න ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා තියාගන්න.
#TeamHoyt #FathersLove #Motivation #UntoldStories #IronMan #Inspiration #Love #NokeeKatha #fyp #viral #srilanka #thaththa #sinhalawadan











