Ad Space - leaderboard (728x90)

ජපානයේ ඉස්කෝලවල කැන්ටිමක් නැත්තේ ඇයි? ලෝකයේ හොඳම දිවා ආහාර ක්‍රමවේදය - "Kyushoku" (කියුෂොකු) ගැන ඔබ නොදත් කතාව! 🇯🇵🍱

📰 වෙනත්2026 නවම් 13 min read
ජපානයේ ඉස්කෝලවල කැන්ටිමක් නැත්තේ ඇයි? ලෝකයේ හොඳම දිවා ආහාර ක්‍රමවේදය - "Kyushoku" (කියුෂොකු) ගැන ඔබ නොදත් කතාව! 🇯🇵🍱

ජපානයේ ඉස්කෝලවල කැන්ටිමක් නැත්තේ ඇයි? ලෝකයේ හොඳම දිවා ආහාර ක්‍රමවේදය - "Kyushoku" (කියුෂොකු) ගැන ඔබ නොදත් කතාව! 🇯🇵🍱

ජපානයේ පාසල් දරුවන් ලෝකයේ නිරෝගීම දරුවන් වුණේ ඉබේ නෙවෙයි. 1954 සිට ක්‍රියාත්මක වන "පාසල් දිවා ආහාර පනත" (School Lunch Act) නිසා. මේ ක්‍රමවේදය නිකම්ම බත් කටක් කවනවාට වඩා එහා ගිය ලොකු විද්‍යාවක්.

මේ සිස්ටම් එක නීතියක් වුණේ 1954 වුණාට, මේකේ මුල 1889 දක්වා යනවා. Yamagata ප්‍රදේශයේ පන්සලක වැඩ සිටිය "Sato Reizan" නම් හිමිනමක් දුප්පත් දරුවන්ට නොමිලේ බත්, මාළු සහ අච්චාරු දීලා තමයි මේ පින්කම මුලින්ම පටන් ගත්තේ. ඒ වගේම දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ළමයින්ගේ මන්දපෝෂණය නැති කරන්න රජය මේක නැවත පටන් ගත්තා.

මෙන්න ජපානය මේක කරන නිශ්චිත ක්‍රමවේද. :

1️⃣ මෙනු එක හදන්නේ කවුද?

මේ කෑම වේල තීරණය කරන්නේ පාසලේ විදුහල්පති නෙවෙයි. ඒ සඳහා රජයෙන් පත් කළ විශේෂ සුදුසුකම් ලත් පෝෂණවේදීන් (Nutrition Teachers) ඉන්නවා.

ඔවුන් දරුවාගේ වයස අනුව අවශ්‍ය කැලරි ප්‍රමාණය, ලුණු ප්‍රමාණය, ප්‍රෝටීන් සහ විටමින් ග්‍රෑම් ගණනට මැනලා තමයි මාසික මෙනු එක හදන්නේ.

ඒ නිසා එක දවසකවත් පෝෂණය අඩු වැඩි වෙන්නේ නෑ.

ඔබ දන්නවාද? 1970 ගණන් වලදී ලාභදායී ප්‍රෝටීන් ප්‍රභවයක් නිසා ජපානයේ පාසල් දරුවන්ට "තල්මස් මස්" (Whale Meat) පවා දීලා තියෙනවා. අද ඒක නැ.

2️⃣ කෑම හැදෙන්නේ කොහොමද?

බොහෝ පාසල්වලට තමන්ගේම මුළුතැන්ගෙයක් තියෙනවා. නැත්නම් ළඟම තියෙන මධ්‍යම මුළුතැන්ගෙයකින් උයලා ගේනවා.

විශේෂම දේ: මේ කෑම උයන්නේ දරුවන් කන්න පැය කිහිපයකට කලින් විතරයි. උදේ පාන්දර උයලා පෙට්ටිවල දාපු "පරණ කෑම" ජපානයේ පාසල්වලට තහනම්.

මේ කෑම හදන්න ගන්න දේවල් වලින් 56%ක්ම ගන්නේ ඒ අවට ප්‍රදේශයෙන්මයි. සමහර පාසල් වල දරුවෝ තමන්ගේම පාසල් වත්තේ වවන එළවළු, තමන්ම කඩලා, හෝදලා, උයන්න දෙනවා. කෑමවල අගය දරුවන්ට දැනෙන්නේ එහෙමයි.

3️⃣ කෑම බෙදන්නේ කවුද?

මෙන්න වැදගත්ම තැන. කෑම බෙදන්න වෙනම සේවකයෝ නෑ. ඒක කරන්නේ දරුවොමයි!

හැම සතියකම පන්තියේ කණ්ඩායමක් "Lunch Duty" එකට තෝරාගන්නවා.

ඔවුන් සුදු කබා, තොප්පි සහ මාස්ක් දාගෙන, තමන්ගේ යාළුවන්ට කෑම බෙදනවා.

මේකෙන් ඔවුන් වගකීම, පිරිසිදුකම සහ සේවය කිරීමේ ගරුත්වය ඉගෙන ගන්නවා.

Ad Space - in-article (300x250)

ඔවුන්ගේ "Mottainai" සංකල්පය තාම තියෙනවා. ඒ කියන්නේ "නාස්තිය මහා පාපයක්." ජපානයේ පාසල් වල කෑම අහක දාන ප්‍රතිශතය 6.9%ක් වගේ ඉතාම අඩු අගයක්!.

4️⃣ කන්නේ කොහෙද?

ජපානයේ පාසල්වල කෑම කන ශාලා (Cafeterias) නෑ. දරුවන් කන්නේ තමන් ඉගෙන ගන්න පන්ති කාමරයේමයි.

ගුරුවරයාත් දරුවන් එක්කම වාඩි වෙලා, ඒ කෑම එකම කනවා.

කෑම කන්න කලින් සියලු දෙනාම "Itadakimasu" (මේ කෑමට ස්තූතියි) කියලා එකටම කන්න පටන් ගන්නවා. මේක පුදුම විනයක්.

අතීතය අමතක නොකරන්න, අවුරුද්දකට සැරයක් ඔවුන් "Onigiri Kyushoku" කියලා දවසක් සමරනවා. එදාට ලැබෙන්නේ ඉතාම සරල බත් ගුලියක් විතරයි. අමාරු කාලේ මිනිස්සු කාපු හැටි දරුවන්ට මතක් කරලා දෙන පාඩමක් ඒක.

කෑම කාලා ඉවර වෙලා හැමෝම එකට "Gochisousama" (ස්තූතියි, හරිම රසයි!) කියලා කියන්නත් අමතක කරන්නේ නෑ

5️⃣ වියදම දරන්නේ කවුද?

මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන දෙයක් නෙවෙයි.

දෙමාපියන්: කෑම සඳහා යන අමුද්‍රව්‍ය (හාල්, එළවළු, මාළු) වල වියදම විතරක් ගෙවනවා (මාසෙකට යෙන් 4000ක් - 5000ක් වගේ මුදලක්).

රජය: උයන වියදම, ගෑස්, විදුලිය සහ සේවක වැටුප් සම්පූර්ණයෙන්ම දරනවා.

මේ ක්‍රමය නිසා දුප්පත් පොහොසත් භේදයකින් තොරව හැමෝටම එකම කොලිටි එකේ කෑමක් ලැබෙනවා.

ජපානයේ මේ කෑම වේල කොච්චර ජනප්‍රියද කියනවා නම්, Saitama වල මේ වෙනුවෙන්ම හදපු "School Lunch History Museum" එකක් පවා තියෙනවා. ඒ වගේම තමන්ගේ ළමා කාලේ රස ආයෙත් විඳින්න ඕන වැඩිහිටියන් වෙනුවෙන්, මේ කෑම විතරක් විකුණන රෙස්ටොරන්ට් පවා ජපානයේ තියෙනවා!. අපිට ගන්න තියෙන පාඩම

ජපානය දරුවන්ට උගන්වන්නේ "Shokuiku" (Food Education) හෙවත් ආහාර මගින් අධ්‍යාපනය ලබා දීමයි. කෑම පිඟාන පවා පාසල් විෂය නිර්දේශයේ කොටසක් කරගත්තු එකම රට ජපානය වෙන්න ඇති.

අපේ රටේ දරුවන්ගේ පෝෂණය ගැනත් මීට වඩා විද්‍යාත්මකව හිතන්න කාලය හරි නේද?

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි.

ජපානයේ ඉස්කෝලවල කැන්ටිමක් නැත්තේ ඇයි? ලෝකයේ හොඳම දිවා ආහාර ක්‍රමවේදය - "Kyushoku" (කියුෂොකු) ගැන ඔබ නොදත් කතාව! 🇯🇵🍱 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න