Ad Space - leaderboard (728x90)

ඇයව අහිමි වූ මොහොතේ, මුළු ලෝකයක් ඉදිරියේ ඇගේ "ආත්ම ගෞරවය" රැකදුන් ඔහු... ❤️👑

❤️ ආශ්වාදජනක කතා2026 නවම් 24 min read
ඇයව අහිමි වූ මොහොතේ, මුළු ලෝකයක් ඉදිරියේ ඇගේ "ආත්ම ගෞරවය" රැකදුන් ඔහු... ❤️👑

ඇයව අහිමි වූ මොහොතේ, මුළු ලෝකයක් ඉදිරියේ ඇගේ "ආත්ම ගෞරවය" රැකදුන් ඔහු... ❤️👑

ප්‍රේමයක් පවතින තාක් කල් ඕනෑම කෙනෙකුට අනෙකා වෙනුවෙන් පෙනී සිටිය හැකිය. එය අරුමයක් නොවේ. නමුත් සැබෑ මනුස්සකම උරගා බැලිය හැක්කේ, ඒ ප්‍රේමය බිඳ වැටුණු මොහොතේ ඔහු හෝ ඇය හැසිරෙන ආකාරය මතය.

අද කාලයේ බොහෝ සම්බන්ධතා නතර වන්නේ පොලිසිවලින් හෝ අන්තර්ජාලයේ කුණු කූඩවලිනි. "මට එපා නම් වෙන එකෙක්ටවත් එපා" යන පහත් මානසිකත්වයෙන්, තමන් මෙතෙක් කල් ආදරය කළ කෙනාගේ පෞද්ගලික දේවල්, රහස්, හෝ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් වින්දනයක් ලබන මිනිසුන් අතරේ,විරාට් කෝලි නම් ඒ ආදරණීය මිනිසා ලෝකයට කියාදුන් පාඩම අතිශය උත්කෘෂ්ටය.

මේ කතාව දිව යන්නේ 2016 වසරටයි.

එක්තරා පෞද්ගලික හේතුවක් මත විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා තමන්ගේ සම්බන්ධතාවය නතර කිරීමට (Breakup) තීරණය කළහ. අනුෂ්කා ඔහුගෙන් ඈත් විය. දෛවයේ සරදමකට මෙන්, මේ වකවානුවේදීම විරාට්ගේ ක්‍රිකට් දිවියද දරුණු කඩාවැටීමකට ලක් විය. ඔහු පිට පිට තරඟවල ඉතා අඩු ලකුනු වලට දැවී ගියා.

සිදුවූයේ කිසිවෙක් නොසිතූ දෙයකි. ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගේ උමතු ආදරය, එක මොහොතකින් දරුණු වෛරයක් වී පුපුරා ගියේ අනුෂ්කා ෂර්මාගේ හිස මතය. ක්‍රිකට් පිටියේ විරාට් අඩු ලකුනු වලට දැවීයන හැම අවස්තාවක් පාසාම සමාජ මාධ්‍ය තුළ ඇයව "කෝලිගේ විනාශ කරපු ගැහැනිය " ලෙස හංවඩු ගැසෙන්නට විය.

"යකෝ මූ ක්‍රිකට් කෑවේ අර මූසලී හින්දා... ඒකි තමයි මූට හෙණේට පත්වුණේ..."

ලක්ශ ගනක් ඉන්දියානුවන් සමජ මාද්‍ය හරහා ගෙවෙන හැම තප්පරයකම ඇගෙ ආත්මගෞරවය ඉතා අමනුශික ලෙස විනාශ කරන්න උනා. ෆේස්බුක්, ට්විටර් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය වල ඇයව හැඳින්වූයේ "Iron Leg"හෙවත් "කෝලිගේ පය පාමුලට පැමිණි අවාසනාව" ලෙසය. ආදරය කර වෙන්ව ගිය ගැහැනියකට, තමන්ගේ හිටපු පෙම්වතාගේ අසාර්ථකත්වය හමුවේ මුළු රටක්ම එකතුවී "ගල් ගසද්දී" ඇය විඳි වේදනාව වචනයෙන් විස්තර කළ නොහැක. ඇයට තිබූ එකම වරද, ඇය ඔහුට ආදරය කිරීම පමණි. නමුත් සමාජය ඇගේ චරිතය ඝාතනය කළේ අන්ත අසරණ විදිහටය.

මේ වෙලාවේ විරාට්ට තිබුණේ ඉතාම පහසු, ආත්මාර්ථකාමී තේරීමකි.

ඒ තමයි "මරණීය නිහඬතාවය".

ඇය දැන් ඔහුගෙන් වෙන්ව ගොස් අවසානය. ඇය විඳින නින්දාව ගැන වදවීමට ඔහුට කිසිදු බැඳීමක් නැත. ඇයට අපහස වෙන්නට ඉඩදී නිහඩව සිටිය හැක. තම ආදරය ප්‍රතික්ශෙප කල එම ගැහැනියව විනශ වීමට හැර ඒ දෙස සතුටින් බල සිටිමට තිබුනා.

අනෙක් අතට, තමන්ගේ ක්‍රිකට් අසාර්ථකත්වයේ කුරුසය තමන්ගේ කර මතින් ඉවත් වී, අහිංසක ගැහැනියකගේ පිට මතට පැටවෙද්දී, එයින් නිදහස් වී ඇඟ බේරාගැනීමට විරාට්ට ඕනෑ තරම් ඉඩ තිබුණි. ඕනෑම සාමාන්‍ය පිරිමියෙකු කරන්නේද එයයි. "ඔව්, ඒකි ගියාට පස්සේ තමයි මට හරි ගියේ නැත්තේ" යැයි කියමින්, එතරම් බුද්දිමත් නැති හැගීම්බර ඉන්දියන් ක්‍රිකට් රසිකයයන් රවටමින් ඇයව බිල්ලට දී තම අඩුපාඩු වහගෙන තමන්ගේ ප්‍රතිරූපය බේරාගැනීමට ඔහුට ඕනෑ තරම් ඉඩකඩ තිබුණි.

නමුත් විරාට් කෝලි යනු සාමාන්‍ය මිනිසෙක් නොවේ.

Ad Space - in-article (300x250)

ඔහු වහාම ක්‍රියාත්මක විය. තම නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා "SHAME" (ලැජ්ජයි) යනුවෙන් සඳහන් කරමින් ඔහු මුළු ඉන්දියාවටම රිදෙන්නට කණට ගැසූ පිළිතුරක් දුන්නේය.

"ලැජ්ජා වෙයල්ලා! අනුෂ්කාට බනින එක නවත්තපල්ලා. මගේ ක්‍රිකට් අසාර්ථක වීමට ඇගේ කිසිම සම්බන්ධයක් නෑ. ඇය මට හැමදාම දුන්නේ ධනාත්මක දේවල් විතරයි. තමන් ආදරය කරපු කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගනිල්ලා..."

ඔහු තමන්ව අතහැර ගිය පෙම්වතිය වෙනුවෙන් දිගටම තනිවම පෙනී සිටියේය. ඇගේ ගෞරවය ඉදිරියේ මහා පවුරක් ලෙස නැගී සිටියේය.

ඒ මොහොතේ ඔහු දිනාගත්තේ ලෝක කුසලානයක් නොවේ. ඊට වඩා වටිනා දෙයක් වන "ඇගේ හදවත" ඔහු නැවත දිනා ගත්තේය. විරාට්ගේ මේ උතුම් ගුණාංගය දුටු අනුෂ්කා, නැවත ඔහු වෙත පැමිණියාය. අදටත් විරාට් කෝලි වැටෙන වැටෙන හැම මොහොතකම, ඔහු පසුපස යෝධ සෙවනැල්ලක් මෙන් හිඳින්නේ එදා ඔහු රැකගත් ඒ ආදරයයි. ඇය අද ඔහුගේ බිරිඳයි.

ඊට අවුරුදු ගාණකට පස්සේ (2020-2022) විරාට් ලොකු මානසික වැටීමක (Depression) හිටියා. කවුරුත් ඔහුට උදව් කළේ නෑ. අන්න එදා අනුෂ්කා තමයි තමන්ගේ වෘත්තිය පවා පැත්තක තියලා විරාට්ගේ හයියට හිටියේ. අද විරාට් ඉන්න තැනට එන්න ලොකුම හේතුව ඇයයි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි;

ප්‍රේමයක් බිඳ වැටුණු තැන, ඉතිරි විය යුත්තේ වෛරය හෝ පළිගැනීම නොවේ; 'ගෞරවය' යි. එදා ඔබේ ලෝකය එළිය කළ ඒ මනුෂ්‍යයාට, අද මුළු ලෝකයම එරෙහි වුවත්, ඔවුන් වෙනුවෙන් තනිවම හෝ පෙනී සිටීමට තරම් ඔබේ හදවත ශක්තිමත් විය යුතුය. එයයි සැබෑ පරිනතකම, එයයි උතුම් මනුෂ්‍යත්වය. මන්ද, ඔබ රකින්නේ තවකෙකුගේ චරිතය නොව, එදා ඔබම පණට වඩා විශ්වාස කළ ඔබේම ආදරයයි.

වෛරයෙන් තොරව සමුදෙන මිනිසුන්ට, දෛවය විසින් පෙරලා පුදුමකරන සුළු දේවල් තෑගි කරනු ඇත. විරාට් සහ අනුෂ්කා යනු එහි ජීවමාන සාක්ෂියයි.

"අවාරයේ මැකී ගිය ප්‍රේමයට, වෛරයකින් තොරව සමුදෙන්න..." ❤️🌸

නොකී කතා -Untold Stories

#UntoldStories #TrueLove #ViratKohli #AnushkaSharma #Respect #Relationships #LifeLessons #Humanity

ඇයව අහිමි වූ මොහොතේ, මුළු ලෝකයක් ඉදිරියේ ඇගේ "ආත්ම ගෞරවය" රැකදුන් ඔහු... ❤️👑 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න