ආදරණීය හරිත මල්ලි... (අලකිරිබෝල)
"මම කන්ටෙන්ට් නවතිනවා..." කියලා උඹ කියපු වචන ටික ඇහෙද්දි, ඇත්තටම පපුවේ එක පැත්තක් හිරි වැටිලා ගියා වගේ දැනුණා මල්ලි. මොකද, උඹේ ඔය හිනාව පිටිපස්සේ හංගගෙන ඉන්න කඳුළු කතාව, නිර්මාණකරුවෙක් විදියට මට මගේ පපුවටම දැනෙනවා.
මල්ලි,
මේ ෆෝන් එක අතට අරන් අපි මේ කරන දේ හරිම අමාරුයි බං. එක පැත්තකින්, තමන්ගේ නමවත්, මූණවත් දාගන්න කොන්දක් නැති, ෆේක් ප්‍රොෆයිල් අස්සේ හැංගිලා වස විස වමාරන "මානසික රෝගීන්". අනිත් පැත්තෙන්, අපි නිදි මරාගෙන හදන දේ කිසිම හිරිකිතයක් නැතුව 'Copy Paste' කරලා දාගන්න බුද්ධිමය දේපළ ගැන මෙලෝ දැනුමක් නැති හොරු.
මේ ජරා ජීර්ණ වෙච්ච සිස්ටම් එක ඇතුලේ, උඹ වගේ සුදු හදවතක් තියෙන කොල්ලෙක් කලකිරෙන එක අහන්න දෙයක්ද බං?
හැබැයි මල්ලි... උඹට යන්න දෙන්න බැරි ලොකුම හේතුවක් තියෙනවා. ඒ තමයි උඹේ ඔය "අවංකකම".
කැමරාව ඉස්සරහා "පොරක්" වෙලා රඟපාන චරිත අස්සේ, උඹ මාරම පොළවෙ පය ගහලා ඉන්න චරිතයක් වුණා.
මේ කාලේ මිනිස්සු ඉන්නේ මාර පීඩනයක මල්ලි. දේශපාලනය, ආර්ථිකය, පවුල් ප්‍රශ්න එක්ක ඔලුව ගිනි අරන් ඉන්න මිනිස්සුන්ට, හිතේ බරක් නැතුව හිනාවෙන්න තියෙන තැන් හරිම අඩුයි. අන්න ඒ මිනිස්සු තමන්ගේ දහසක් ප්‍රශ්න අමතක කරලා, පුංචි හරි මානසික සුවයක් ලැබුවේ උඹේ ඔය අවංක, සරල වීඩියෝ කෑල්ලක් බලලා.
උඹේ කෑම එකේ රසට වඩා මිනිස්සුන්ට දැනුණේ උඹේ මනුස්සකමේ රස.
ඉතින් මල්ලි,
බුරන බල්ලන්ට බයේ කවදාවත් සිංහයෝ කැලේ අතෑරලා ගියේ නෑ. උඹව වට්ටන්න බලන් ඉන්න කුහකයන්ට රතිඤ්ඤා පත්තු කරන්න ඉඩ දීලා උඹ යන්න එපා. උඹ ගියොත් ඒක ලොකුම පාඩුව වෙන්නේ, උඹ දිහා බලලා හිත නිවාගත්ත අර අහිංසක මිනිස්සුන්ට.
ඒ මිනිස්සුන්ගේ ආදරේ, අර වෛරයට වඩා මහ මෙරක් තරම් ලොකුයි. ඒ නිසා... ඒ ආදරේ වෙනුවෙන්, හයිය අරන් ආයේ වරෙන්.
අපි මඟ බලන් ඉන්නවා මල්ලි! ❤️
නොකී කතා Untold Stories
#HarithaMalli #Alakiribulla #StayStrong #HeartToHeart #UntoldStories #SupportRealCreators #SriLanka







