"මූණේ ක්‍රීම් ටිකක් ගාලා දුවන්න... මේක Prank එකක්!" - ලෝකයම රැවටූ, ලෝකයම හෙල්ලූ "මැලේසියානු එයාර්පෝට් ඝාතනයේ" ඇත්ත කතාව
නිකමට හිතන්න... ඔයා ෂොපින් මෝල් එකක ඇවිදගෙන යද්දි කවුරුහරි ඇවිත් ඔයාට යෝජනාවක් කරනවා. "නංගී, අපි මේ පොඩි ටීවී ප්‍රෑන්ක් ෂෝ (Prank Show) එකක් කරනවා. ඔයාට තියෙන්නේ අර එන මනුස්සයාගේ මූණේ මේ ක්‍රීම් ටික ගාලා, 'හායි' ගාලා දුවගෙන එන්න විතරයි. එහෙම කළොත් ඔයාට ඩොලර් 100ක් දෙනවා. වැඩේට කැමතිද?"
කැමරාවකුත් පේන්න තියෙනවා නම්, සල්ලිත් දෙනවා නම්, නිකම්ම නිකම් ක්‍රීම් ටිකක් ගාන එක සිම්පල් වැඩක්නේ. ඔයා හිනාවෙලා ගිහින් ඒක කරනවා. හැබැයි... ඒ ක්‍රීම් ටික මනුස්සයෙක්ගේ ඇඟේ ගෑවුණු තත්පරේම ඒ මනුස්සයා මැරෙනවා නම්? ඔයා නොදැනුවත්වම මිනීමරුවෙක් වෙලා නම්?
මේක ෆිල්ම් එකක සීන් එකක් නෙවෙයි. 2017 අවුරුද්දේ මුළු ලෝකෙම කට ඇරගෙන බලාගෙන හිටපු ඇත්තම සිද්ධියක්.
දවස 2017 පෙබරවාරි 13. තැන මැලේසියාවේ කාර්යබහුලම තැනක් වෙන ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ. හැමතැනම මිනිස්සු. කවුරුත් කා ගැනවත් අවධානයක් නෑ. ඔය අස්සේ හොඳට කිට මරපු, ටිකක් මහත, වයස අවුරුදු 45ක විතර මනුස්සයෙක් තමන්ගේ පාඩුවේ ෆ්ලයිට් එකකට යන්න ඇවිදගෙන එනවා. එයා වටපිට බලන්නේ නෑ, හරිම සාමාන්‍ය මගියෙක් වගේ තමයි යන්නේ.
එකපාරටම කොහෙන්දෝ මතුවුණු ගෑනු ළමයි දෙන්නෙක්, හරියට යාලුවෝ දෙන්නෙක් වගේ හිනාවෙලා දුවගෙන ඇවිත් මේ මනුස්සයාගේ මූණට පැනලා, එයාගේ මූණේ මොනවදෝ දියරයක් ඇතිල්ලුවා. වැඩේ ඉවර වුණු ගමන් මේ කෙල්ලෝ දෙන්නා "හරි ෂෝක් වැඩේ" කියල හිතලා වගේ හිනාවෙලා දෙපැත්තට දුවලා ගියා.
ඒ මනුස්සයා පුදුම වෙලා වගේ වටපිට බැලුවා. එයා හිතුවේ කවුරුහරි විහිළුවක් කළා කියලා වෙන්න ඇති. එයා එයාර්පෝට් එකේ පොලිස් නිලධාරියෙක් ගාවට ගිහින් කිව්වා "කවුදෝ ගෑනු ළමයෙක් මගේ මූණේ මොනවදෝ ජාතියක් ගාලා ගියා, ඇස් දනවා වගේ" කියලා. එතකොට වෙලාව උදේ 9.00යි.
හරියටම විනාඩි 20යි ගියේ. අර නිකම් හිටපු මනුස්සයාට දාඩිය දාන්න ගත්තා. ඇස් පෙනීම බොඳ වෙලා ගියා. කකුල් පණ නැති වුණා. එයාර්පෝට් එකේ ක්ලිනික් එකට ගෙනියද්දිම එයාගේ කටින් සෙම දාන්න පටන් ගත්තා. එයාට හුස්ම ගන්න බැරි වුණා. හරියටම විනාඩි 20ක් ඇතුළත, කිසිම ලේ පැල්ලමක් නැතුව, වෙඩි සද්දයක් නැතුව ඒ මනුස්සයා අවසන් ගමන් ගියා.
දැන් තමයි කතාවේ භයානකම කොටස පටන් ගන්නේ.
මේ මැරුණේ නිකම්ම මනුස්සයෙක් නෙවෙයි. එයා තමයි උතුරු කොරියාවේ නායක, ලෝකෙම බය කරන කිම් ජොන් අන් (Kim Jong-un) ගේම අර්ධ සහෝදරයා, "කිම් ජොන් නම්" (Kim Jong-nam). උතුරු කොරියාවේ රජකම ලැබෙන්න තිබුණේ ඇත්තටම මෙයාට. ඒත් මෙයා සෙල්ලක්කාර ජීවිතේට ආස නිසා රටින් පිට වෙලා නිදහසේ ජීවත් වුණා. එයාගේ මල්ලි, ඒ කියන්නේ කිම් ජොන් අන් නිතරම හිතුවා කවදාහරි අයියා ඇවිත් මගේ පුටුව ගනීවි කියලා.
එතකොට අර කෙල්ලෝ දෙන්නා කවුද? එයාලා දරුණු ඝාතකයෝද? නින්ජාවරු වගේ පුහුණු කරපු අයද?
නැහැ. එක්කෙනෙක් ඉන්දුනීසියාවේ ගමක ඉඳන් ආපු "සිටි අයිෂා". අනිත් කෙනා වියට්නාමයේ ඉඳන් ආපු "දොන් ති හුන්ග්". මේ දෙන්නම මැලේසියාවට ආවේ මසාජ් පාර්ලර් වල වැඩ කරලා කීයක් හරි හොයාගෙන ගෙදර යවන්න. මේ දෙන්නගේම හීනය වෙලා තිබුණේ කවදාහරි නිළියක් වෙන එක. අන්න ඒ හීනය තමයි මේ මිනීමැරුමේ යතුර වුණේ.
පොලිසියෙන් පරීක්ෂණ කරද්දි හෙළි වුණු දේවල් අහද්දි පොලිසියේ අයගෙත් ඔළුව අවුල් වුණා.
මේ කෙල්ලෝ දෙන්නට මාස කීපයකට කලින් ජපානයේ, කොරියාවේ "ප්‍රඩියුසර්ලා" කියලා අඳුන්වා ගත්ත පිරිමි කීප දෙනෙක් මුණ ගැහිලා තියෙනවා. (ඇත්තටම මේ උතුරු කොරියාවේ ඔත්තු සේවා නිලධාරීන්). එයාලා මේ කෙල්ලන්ට කියලා තියෙන්නේ "අපි ජපන් යූටියුබ් චැනල් එකකට ප්‍රෑන්ක් වීඩියෝ කරනවා. ඔයාලට තියෙන්නේ ෂොපින් මෝල් වලට එන මිනිස්සුන්ගේ මූණේ බේබි ඔයිල් (Baby Oil) ටිකක් ගාලා දුවන්න. අපි ඒක වීඩියෝ කරනවා" කියලා.
මාස ගාණක් තිස්සේ මේ කෙල්ලෝ දෙන්නා මැලේසියාවේ ෂොපින් මෝල් වල, පාක් වල නොදන්න මිනිස්සුන්ගේ මූණේ බේබි ක්‍රීම් ගාලා මේ වැඩේ "ප්‍රැක්ටිස්" කරලා තියෙනවා. ඒ හැම වාරයක් පාසාම එයාලට ඩොලර් 100, 200 වගේ ගාණක් අතට ලැබුණා. ඉතින් මේ අහිංසක කෙල්ලෝ හිතුවේ "මේක මාර ජොබ් එකක්නේ, මම දැන් නිළියක්" කියලා.
පෙබරවාරි 13 වෙනිදා උදේ, අර ප්‍රඩියුසර්ලා මේ කෙල්ලන්ට කතා කරලා කිව්වා "අද අපි ලොකු වැඩක් කරමු. අර එයාර්පෝට් එකේ එන මහත මනුස්සයා දැක්කද? අන්න එයාට තමයි ගේම දෙන්න ඕනේ. හැබැයි අද අපි දෙන ක්‍රීම් එක ටිකක් වෙනස්. මේක ගාලා ඔයාලා ඉක්මනට ගිහින් අත හෝදගන්න ඕනේ" කියලා.
කෙල්ලෝ දෙන්නා "හා" කියලා හිනාවෙලා ගියා. ගිහින් අර මනුස්සයාගේ මූණේ ඒ දියරය ඇතිල්ලුවා.
එයාලා දැනගෙන හිටියේ නෑ ඒ අතේ තියෙන්නේ "බේබි ඔයිල්" නෙවෙයි, ලෝකයේ තියෙන භයානකම රසායනික අවියක් වන "VX Nerve Agent" කියන විෂ ද්‍රව්‍ය කියලා. මේකේ එක බින්දුවක් ඇති අලි 10 දෙනෙක්ව වුණත් මරලා දාන්න. මේක හදන්න පුළුවන් හමුදා ලැබ් වල විතරයි.
උතුරු කොරියන් ඔත්තුකාරයෝ පාවිච්චි කළේ මාර ට්‍රික් එකක්. කෙල්ලෝ දෙන්නගේ අත් වලට දුන්නේ විෂ වර්ග දෙකක්. තනි තනියම ගත්තම ඒ දෙක විෂ නෑ. ඒත් ඒ දියර දෙක මනුස්සයෙක්ගේ මූණ මතදී එකට එකතු වුණු ගමන් තමයි ප්‍රතික්‍රියා කරලා "VX" විෂ හැදෙන්නේ. ඒකයි අර කෙල්ලෝ දෙන්නා මැරෙන්නේ නැතුව බේරුණේ. හැබැයි එයාලා ඉක්මනට අත හෝදගත්තේ නැත්නම් එයාලත් එතනම ඉවරයි.
වැඩේ වුණු ගමන් අර "ප්‍රඩියුසර්ලා" ටික එයාර්පෝට් එකෙන්ම ප්ලේන් එකක නැගලා උතුරු කොරියාවට පැනලා ගියා. කෙල්ලෝ දෙන්නා ගෙදර ගිහින්, රෑට හොඳට කාලා ෆේස්බුක් එහෙම බලලා නිදාගත්තා. එයාලා හිතාගෙන හිටියේ "අද හොඳ ප්‍රෑන්ක් එකක් කළා" කියලා.
පහුවදා පොලිසියෙන් පැනලා මේ දෙන්නව අත්අඩංගුවට ගන්නකොට තමයි මේ කෙල්ලෝ දන්නේ තමන් අතින් මැරුණේ ලෝකෙම හොල්ලපු දේශපාලන චරිතයක් කියලා. උසාවියේදී මේ දෙන්නා අඬ අඬා කිව්වේ "අනේ දෙවියනේ අපි දන්නේ නෑ... අපි හිතුවේ මේක ප්‍රෑන්ක් එකක් විතරයි, ඒක බේබි ඔයිල් විතරයි" කියලා.
මුළු ලෝකෙම මේ නඩුව දිහා බලාගෙන හිටියා. සමහරු කිව්වා "පිස්සුද, මුන් බොරු කියන්නේ. හොඳට ට්‍රේන් කරපු ඝාතකයෝ" කියලා. තවත් සමහරු කිව්වා "නෑ මුන් පව්, මුන්ව අමු අමුවේ රවට්ටලා" කියලා. ඇත්තටම බැලුවොත්, මහ මොළකාරයෝ ටික රටින් පැනලා යද්දි, මේ ගෑනු ළමයි දෙන්නා විතරක් එල්ලුම් ගහට නියම වෙලා හිටියා.
අවුරුදු දෙකක් හිරේ දුක් විඳලා, ලෝකෙම ඇතිවුණු බලපෑම් නිසා අන්තිමට මේ දෙන්නා නිදහස් වුණා. හැබැයි ඒ වෙද්දි එයාලගේ ජීවිතේ හොඳම කාලය විනාශ වෙලා ඉවරයි. තමන් නිළියක් වෙන්න ගිහින් මිනීමරුවෙක් වුණා කියන කැලල කවදාවත් එයාලට මකන්න බෑ.
මේ කතාවෙන් අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරනවා.
ඔයාට හිතෙන්නේ අර කෙල්ලෝ දෙන්නා ඇත්තටම නිර්දෝෂී ද? පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න
සිද්ධියේ cctv දර්ශන -https://www.facebook.com/share/v/1FQesdpLfp/?mibextid=wwXIfr
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි







