🌊 "අම්මේ මම යනවා..." - මරණය පෙනි පෙනී පවුලම බේරාගත් 13 හැවිරිදි "පුංචි වීරයා" ❤️
අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා වෙනුවෙන් ගන්න පුළුවන් දරුණුම, හදවත කීරි ගැසෙන තීරණය මොකක් වෙන්න ඇත්ද?
ඕස්ට්‍රේලියාවේ ක්වින්ඩලප් වෙරළ තීරය එදා හරිම සාමකාමීයි. 47 හැවිරිදි ජොෑන් ඇපල්බී, තමන්ගේ දරුවන් තුන්දෙනත් එක්ක මුහුදට බැස්සේ 'පැඩල් බෝඩ්' (Paddleboards) පදිමින් පොඩි විනෝදයක් ගන්න. මුලදී හැමදේම හරිම ලස්සනට තිබුණා. ඒත් ඒ හිනාව කඳුළක් වෙන්න ගත වුණේ තත්පර කිහිපයයි.
හිටි හැටියේම ආ මූසල හුළඟක් එක්ක මුහුද රළු වෙන්න ගත්තා. යෝධ රළ පහරක් ඇවිත් මේ අහිංසක පවුලව පාලනය කරගන්න බැරි වේගයකින් ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන්න පටන් ගත්තා. ඔවුන් අත තිබුණු හබල් ටිකත් රළ පහරට අහුවෙලා මුහුදට බිලි වුණා.
ඇසි පිය ගහන සැණින් ඔවුන් වෙරළෙන් ඈතට... ගොඩක් ඈතට ගසාගෙන ගියා. දැන් වටේම පේන්න තියෙන්නේ නිල් පාට ගැඹුරු වතුර විතරයි. වෙරළ පේන මානයකවත් නෑ.
රළ සැර වැඩි වෙද්දී අම්මාගේ ඉවට දැනුණා ලොකු අනතුරක් එන බව. හැමෝම එකට හිටියොත් මුළු පවුලම මුහුදේ ගිලිලා මැරෙන බව ඇය තේරුම් ගත්තා. ඒ වෙලාවේ මරණය ඇස් ඉස්සරහ පෙනි පෙනී ඒ අම්මාට ගන්න වුණේ පපුව පැලෙන තීරණයක්.
"පුතේ, ඔයා යන්න... ඔයාට විතරයි අපිව බේරගන්න පුළුවන්..."
තමන්ගේ 13 හැවිරිදි වැඩිමහල් පුතාව, මෝරුන් පිරුණු ඒ මරණාන්තික මහ මුහුද මැදින් තනිවම උදව් ඉල්ලගෙන පීනන්න ඇය පිටත් කළා. තමන්ගේ පණ වගේ දරුවා ආයෙත් දකින්න ලැබෙයිද කියලවත් නොදැන, ඔහු ඈතට පීනලා යන හැටි බලන් ඉද්දී ඒ අම්මා කොච්චර නම් මැරි මැරී උපදින්න ඇත්ද?
එතැන් සිට පටන් ගත්තේ පුංචි ඔස්ටින්ගේ ජීවිතයත් මරණයත් අතර සටන.
වේගයෙන් පීනන්න බාධාවක් වුණු නිසා එයා තමන්ගේ ජීවිතේ බේරන 'ලයිෆ් ජැකට්' එකත් ගලවලා මුහුදට විසි කළා. හිතන්න, අවුරුදු 13ක පුංචි දරුවෙක්, ආරක්ෂක කබායක්වත් නැතිව, රළ ගෙඩි එක්ක තනියම පොරබදන හැටි!
පැය 4ක්... ඔව්, පැය 4ක් තිස්සේ එයා නොනවත්වා පීනුවා. අත් කකුල් හිරි වැටෙද්දී, මහන්සියට ඇඟට පණ නැති වෙද්දී, එයා ජේසුස් වහන්සේව සිහි කරමින් සින්දු කිව්වා. "කොහොම හරි අම්මවයි නංගිලා දෙන්නවයි බේරගන්න ඕනේ" කියන සිතිවිල්ල විතරයි එයාගේ හිතේ තිබුණේ.
කිලෝමීටර් 4ක් මහ මුහුදේ පීනලා ගොඩට එද්දී එයාට කෙලින් හිටගන්නවත් වාරු නෑ. ඒත් එයා නතර වුණේ නෑ. තෙත බරිත ඇඳුම් එක්කම, හීතලෙන් වෙවුල වෙවුල එයා තවත් කිලෝමීටර් 2ක් පාර දිගේ දිව්වා.
අවසානයේ ලැගුම්හලට ගිහින් හදිසි ඇමතුමක් දීලා විස්තරේ කිව්වා විතරයි, දරාගන්න බැරි මහන්සියට එයා සිහිසුන්ව ඇදගෙන වැටුණා.
ඔස්ටින්ගේ ඒ වීර ක්‍රියාව නිසා රෑ වෙද්දී අම්මවයි නංගිලා දෙන්නවයි බේරගන්න සහන කණ්ඩායම්වලට පුළුවන් වුණා. විශ්වාස කරන්න, ඒ වෙද්දී ඔවුන් වෙරළේ ඉඳන් කිලෝමීටර් 14ක් ඈතට ගසාගෙන ගිහින්.
එදා මේ පුංචි කොලු පැටියා තමන්ගේ පණ ගැන නොහිතා රළත් එක්ක හැප්පුනේ නැත්නම්, අද මේ මුළු පවුලම මුහුද පතුලේ.
සැබෑ වීරයෙක් වෙන්න වයස බලපාන්නේ නෑ කියන්න මීට වඩා තවත් උදාහරණයක් කොයින්ද?
මේ කතාව කියෙව්වම ඔයාට හිතුණේ මොකක්ද? ඔයා ඒ අම්මා වුණා නම්, දරුවෙක්ව තනියම මුහුදට යවන්න තරම් හිතක් හදාගන්න ඔයාට පුළුවන් වෙයිද? පහළින් කමෙන්ට් කරන්න. 👇
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි







