Ad Space - leaderboard (728x90)

"අපි මේක ඉවර කරමු පුතේ..." මුළු ලෝකෙම අඩවපු, ඔලිම්පික් ඉතිහාසයේ සංවේදීම විනාඩි කිහිපය... 🥺❤️👟

❤️ ආශ්වාදජනක කතා2026 නවම් 84 min read
"අපි මේක ඉවර කරමු පුතේ..." මුළු ලෝකෙම අඩවපු, ඔලිම්පික් ඉතිහාසයේ සංවේදීම විනාඩි කිහිපය... 🥺❤️👟

"අපි මේක ඉවර කරමු පුතේ..." මුළු ලෝකෙම අඩවපු, ඔලිම්පික් ඉතිහාසයේ සංවේදීම විනාඩි කිහිපය... 🥺❤️👟

නිකමට හිතන්න... ඔයා මුළු ජීවිත කාලෙම එක හීනයක් වෙනුවෙන් මහන්සි වෙනවා.

කන්නේ නෑ, බොන්නේ නෑ, හරියට නින්දක් නෑ. අවුරුදු 4ක් තිස්සේ උදේ ඉඳන් රෑ වෙනකම් දහඩිය හෙලන්නේ ඒ එකම එක මොහොත වෙනුවෙන්.

දැන් ඔයා ඉන්නේ ඒ හීනේ හැබෑ කරගන්න තත්පර ගාණක් ඈතින්.

මේ කතාව වෙන්නේ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී. 400 තරඟයේ සෙමි ෆිනල් එක.

ඩෙරෙක් රෙඩ්මන්ඩ් (Derek Redmond). බ්‍රිතාන්‍යයේ හිටපු වේගවත්ම ධාවකයා. එදා මීටර් 400 තරඟයේ රත්තරන් පදක්කම දිනන්න වැඩිම ඉඩක් තිබුණේ එයාට.

ස්ටේඩියම් එකේ මිනිස්සු 65,000ක් බලාගෙන ඉන්නවා. ලෝකෙ වටේම කැමරා එයාගේ මූණට එල්ල වෙලා. ඩෙරෙක් හිටියේ එයාගේ ජීවිතේ උපරිම ෆෝම් එකේ.

"On your marks... Set... GO!"

වෙඩි හඬ ඇහුණා විතරයි ඩෙරෙක් ඊතලයක් වගේ ඉස්සරහට පැන්නා. පළවෙනි මීටර් 100 එයා විදුලි වේගයෙන් පහු කළා. එයා හිටියේ ඉස්සරහින්ම. පදක්කම අතේ දුරින්.

ඒත්...

මීටර් 150ක් යද්දි එකපාරටම ඩෙරෙක් එකපාරටම කෑ ගහගෙන දකුණු කකුල අල්ලගත්තා. එයාගේ මූණ වේදනාවෙන් ඇඹරුණා. එයා දුවන වේගෙටම ට්‍රැක් එක මැද ඇදගෙන වැටුණා.

එයාගේ දකුණු කකුලේ මස් පිඬුවක් ඉරිලා (Hamstring tear).

ඒ මොහොතේ... එයාගේ අවුරුදු ගාණක මහන්සිය, එයාගේ හීන, එයාගේ බලාපොරොත්තු ඔක්කොම වතුරේ ගියා. අනිත් දුවපු අය එයාව පහු කරගෙන ෆිනිෂ් ලයින් එකට ගියා.

දොස්තරලා ස්ට්‍රෙචර් එක අරගෙන ඩෙරෙක් ළඟට දිව්වා.

සාමාන්‍යයෙන් වෙන්නේ ක්‍රීඩකයාව ඒකේ දාගෙන එළියට අරන් යන එකනේ.

හැබැයි ඊළඟට සිද්ධ වුණ දේ කාටවත්ම හිතාගන්න බැරි වුණා.

ඇස් වලින් හෝ ගාලා කඳුළු බේරෙද්දි, දරාගන්න බැරි වේදනාවෙන් කෑ ගගහා ඩෙරෙක් ආයෙමත් නැගිට්ටා!

දොස්තරලා "එපා එපා" කියද්දි එයා එයාලව අතින් තල්ලු කළා.

"මට රේස් එක ඉවර කරන්න ඕනේ..." එයා තනියම මුමුණ ගත්තා.

කකුල බිම තියන්නවත් බෑ. ඒත් එයා තනි කකුලෙන් පැන පැන, අඬ අඬ ඉස්සරහට යන්න ගත්තා.

මේක දැක්කම ස්ටේඩියම් එකේ හිටපු මිනිස්සුන්ගේ පපුව හෝස් ගාලා පත්තු වුණා. සමහරු අත්වලින් මූණ වහගත්තා. "අනේ දෙවියනේ නවතින්න, ඔයාට ඕක කරන්න බෑ" කියලා මිනිස්සු හිතුවා.

ඒ වෙලාවේ ස්ටෑන්ඩ් එකේ උඩම හිටපු එක මනුස්සයෙක්ට මේක බලන් ඉන්න බැරි වුණා.

එයා පිස්සුවෙන් වගේ ආරක්ෂක වැටවල් කඩාගෙන, ගාඩ් ලා දෙනෙන්නෙක්ව තල්ලු කරගෙන ට්‍රැක් එක මැද්දට පැන්නා.

ආරක්ෂක නිලධාරීන් හිතුවේ මේ කවුරුහරි පිස්සෙක්, ක්‍රීඩකයාට කරදරයක් කරන්න දුවනවා කියලා. එයාලා මේ මනුස්සයා පස්සෙන් එළෙව්වා.

ඒත් කාටවත් එයාව නවත්තන්න බැරි වුණා. එයා කෙලින්ම ගිහින් අර තනි කකුලෙන් පැන පැන යන ඩෙරෙක්ව බදාගත්තා.

ඩෙරෙක් බය වුණා. එයා හැරිලා බැලුවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි. එයාගේ තාත්තා... ජිම් රෙඩ්මන්ඩ් (Jim Redmond).

ඩෙරෙක් තාත්තව දැක්ක ගමන් පොඩි ළමයෙක් වගේ තාත්තගේ පපුව අස්සේ මූණ ඔබාගෙන අඬන්න ගත්තා.

Ad Space - in-article (300x250)

තාත්තා එයාගේ කනට කරලා මෙහෙම කිව්වා.

"පුතේ... ඔයාට මේක කරන්න ඕනේ නෑ. ඔයා දැනටමත් වීරයෙක්. අපි නවතිමු."

ඩෙරෙක් ඉකි ගගහා, ඒත් හරිම වේදනාවෙන් මෙහෙම කිව්වා.

"නෑ තාත්තේ... මට මේක ඉවර කරන්නම ඕනේ. මම පටන් ගත්තා නම්, මම මේක ඉවර කරනවා."

තාත්තා තත්පරයක් තමන්ගේ පුතාගේ ඇස් දිහා බලාගෙන හිටියා. එයා දැක්කා ඒ ඇස් වල තියෙන දිරිය.

තාත්තා හිනා වුණා.

"හරි... එහෙනම් අපි දෙන්නා එකතු වෙලා මේක ඉවර කරමු!"

ඊට පස්සේ මුළු ලෝකෙම දැක්කේ ඔලිම්පික් ඉතිහාසයේ සංවේදීම දර්ශනය.

තාත්තා පුතාව කරට ගත්තා. පුතා තාත්තාගේ ඇඟට වාරු වුණා. තාත්තා අතින් ආරක්ෂක නිලධාරීන්ට කිව්වා "අහකට පලයන්, මේ මගේ පුතා... මම මගේ පුතාව ෆිනිෂ් ලයින් එකට අරන් යනවා" කියලා.

මීටර් 100ක්... මීටර් 50ක්... මීටර් 10ක්...

ඒ දෙන්නා හෙමින් හෙමින් ඉස්සරහට ගියා.

ස්ටේඩියම් එකේ හිටපු 65,000ක් සෙනඟ එකපාරටම තමන්ගේ ආසන වලින් නැගිට්ටා. ඔවුන් අත්පුඩි ගහන්න පටන් ගත්තා. සමහරුන්ට ඉබේම ඇඬුණා.

රත්තරන් පදක්කම දිනපු කෙනාටවත් ලැබුණේ නැති ගෞරවයක්, ආදරයක් එදා ඒ තාත්තටයි පුතාටයි ලැබුණා.

අන්තිම අඩිය වෙනකම්ම තාත්තා පුතාව අතෑරියේ නෑ. වේදනාවෙන් කෑ ගගහා හිටපු පුතාව බදාගෙනම, තාත්තා ඒ ෆිනිෂ් ලයින් එක පැන්නා.

ඩෙරෙක් අන්තිම අඩිය තිබ්බා.

එයා තරඟෙන් අන්තිමයා. එයාට මෙඩ්ල් එකක් ලැබුණේ නෑ. එයාගේ නම රෙකෝඩ් පොත් වල ලිව්වේ "Did Not Finish" කියලා.

හැබැයි එදා ගෙදර ගියපු හැම මනුස්සයෙක්ගෙම හදවතේ රත්තරන් පදක්කම ගැහුවේ ඩෙරෙක් සහ එයාගේ තාත්තා.

අපි හැමෝටම ජීවිතේ දුවන්න රේස් තියෙනවා. සමහර වෙලාවට අපි ඇදගෙන වැටෙනවා. ආයේ නැගිටින්න බැරි තරම් රිදෙනවා.

අන්න ඒ වෙලාවට "ඔයාට මේක තනියම කරන්න ඕනේ නෑ, වරෙන් මාත් එක්ක යමු" කියලා ඔයාව කරට ගන්න පුළුවන් තාත්තෙක් (හෝ තාත්තා වගේ කෙනෙක්) ළඟ ඉන්නවා නම්...

සිරාවටම ඔයා පරාද නෑ. ඔයා දිනුම්! ❤️

අපිට දිනන්න බැරි වුණත්, පැරදිලා හරි ගේම ගහන්න හයියක් වුණ, වැටුණාම අත දුන්න "ජිම් රෙඩ්මන්ඩ්" වගේ කෙනෙක් ඔයාගේ ජීවිතෙත් ඉන්නවද?

තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන මීට වඩා දෙයක් කියන්න ඕනෙ නෑ... 🥺❤️ මේ කතාව කියවද්දි ඔයාට මතක් වුණේ කාවද? 👇

මේ සිදුවීමේ වීඩියෝව පලමු කොම්මෙන්ටුවෙ බලන්න.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#UntoldStories #DerekRedmond #FathersLove #Olympics #NeverGiveUp #Emotional #Sinhala #SriLanka #TrueStory

"අපි මේක ඉවර කරමු පුතේ..." මුළු ලෝකෙම අඩවපු, ඔලිම්පික් ඉතිහාසයේ සංවේදීම විනාඩි කිහිපය... 🥺❤️👟 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න