Ad Space - leaderboard (728x90)

කවුරු හරි ඔයාට "උඹට බෑ" කිව්වොත්, මේ කතාව මතක් කරගන්න!

❤️ ආශ්වාදජනක කතා2026 නවම් 103 min read
කවුරු හරි ඔයාට "උඹට බෑ" කිව්වොත්, මේ කතාව මතක් කරගන්න!

කවුරු හරි ඔයාට "උඹට බෑ" කිව්වොත්, මේ කතාව මතක් කරගන්න!

අපි කවුරුත් දන්න 'ලැම්බෝගිනි' කාර් එක හැදුණේ ලේසි පහසු විදිහට නෙවෙයි. ඒක හැදුණේ දරුණු පලිය ගැනීමකින්. හැබැයි ඒ පලිය ගැනීම ලේ වලින් කරපු එකක් නෙවෙයි... තමන්ගේ සාර්ථකත්වයෙන් කරපු එකක්.

මේ කතාව පටන් ගන්නේ 1960 ගණන් වල ඉතාලියෙන්.

එතකොට ඉතාලියේ හිටියා ට්‍රැක්ටර් හදලා කෝටිපතියෙක් වුණ මනුස්සයෙක්. නම ෆෙරුචියෝ. මෙයාට ඕන වුණා එයා හම්බ කරපු සල්ලි වලින් ලෝකේ තියෙන හොඳම කාර් එක පදින්න. ඉතින් එයා ගියා ෆෙරාරි (Ferrari) සමාගමට. සල්ලි මිටියක් දීලා අලුත්ම ෆෙරාරි කාර් එකක් ගත්තා.

ෆෙරුචියෝ කියන්නේ දක්ෂ මිකැනික් කෙනෙක්. එයා මේ කාර් එක පදිනකොට දැක්කා මේකේ පොඩි අවුලක් තියෙනවා කියලා. ක්ලච් එක එච්චර හොඳ නෑ. කාර් එක ගැස්සෙනවා.

එයා මේක ගැන කියන්න කෙලින්ම ගියා ෆෙරාරි අයිතිකාරයාව හම්බවෙන්න. එයා හිතුවා "මම වගේම වාහන හදන කෙනෙක් නිසා, මෙයා මගේ අදහස පිළිගනීවි" කියලා.

හැබැයි වුණේ හිතාගන්න බැරි දෙයක්.

ෆෙරාරි අයිතිකාරයා ෆෙරුචියෝ දිහා බලලා මහ ලොකු උඩඟුකමකින් මෙහෙම කිව්වා.

"තමුසෙ නිකන් ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක්නේ. තමුසෙ කොහොමද ෆෙරාරි වගේ කාර් එකක් ගැන තේරුම් ගන්නේ? මේවා ස්පෝට්ස් කාර්. මේවා පදින්න තමුසෙට තේරෙන්නේ නෑ. ගිහින් තමුසෙගෙ පාඩුවේ ට්‍රැක්ටර් එලවගන්නවා!"

මුළු ඔෆිස් එකම මීයට පිම්බා වගේ වුණා.

වෙන කෙනෙක් නම් එතන රණ්ඩු වෙලා, කුණුහරුපෙන් බැනලා එන්න තිබුණා. හැබැයි ෆෙරුචියෝ එහෙම කරේ නෑ. එයා ඒ වෙලාවේ තමන්ගේ හිතේ ඇතිවුණ කේන්තිය, දරුණු අධිෂ්ඨානයක් බවට පත් කරගත්තා.

එයා කාර් එකට නැගලා ගෙදර එන ගමන් හිතුවා... "උඹ මට ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කිව්වා නේද? හරි... මේ ට්‍රැක්ටර් ඩ්‍රයිවර් උඹට පෙන්නන්නම් ලෝකේ හොඳම ස්පෝට්ස් කාර් එක හදන්නේ කොහොමද කියලා."

ගෙදර ගියපු ගමන් ෆෙරුචියෝ එයාගේ ෆැක්ටරියේ හිටපු හොඳම ඉංජිනේරුවෝ ටික එකතු කරා.

"අපිට ෆෙරාරි එකට වඩා වේගෙන් යන, ෆෙරාරි එකට වඩා සැපපහසු, ෆෙරාරි එකට වඩා ලස්සන කාර් එකක් හදන්න ඕන. හැබැයි මේකේ ක්ලච් එක කවදාවත් කැඩෙන්න බෑ!"

Ad Space - in-article (300x250)

ගොඩක් අය ෆෙරුචියෝට හිනා වුණා. "ට්‍රැක්ටර් හදන කෙනෙක් කොහොමද ෆෙරාරි එක්ක හැප්පෙන්නේ?" කියලා හැමෝම ඇහුවා.

හැබැයි මාස කීපයකට පස්සේ...

ඉතාලියේ කාර් ප්‍රදර්ශනයකදී රෙද්දකින් වහලා තිබුණ අලුත් වාහනයක් එලියට දැම්මා. ඒක දැක්කහම ෆෙරාරි අයිතිකාරයාගේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම ඇස් උඩ ගියා.

ඒ කාර් එක ෆෙරාරි එකට වඩා හැම අතින්ම ඉස්සරහින් හිටියා.

ෆෙරාරි එකේ ලාංඡනය වුණේ "කකුල් දෙකෙන් හිටගෙන ඉන්න අශ්වයා". ෆෙරුචියෝ එයාගේ කාර් එකට ලාංඡනය විදිහට තෝරගත්තේ එයාගේ හිතේ තිබුණ දරුණු කම පෙන්නන සතෙක්ව.

ඒ තමයි, කුලප්පු වුණ "ගොන් වස්සා" (Bull).

එදා එන්සෝ ෆෙරාරි කරපු ඒ එක අපහාසය නිසා, ලෝකෙට "ලැම්බෝගිනි" (Lamborghini) බිහි වුණා.

එදා එන්සෝ ෆෙරාරි එහෙම නොකිව්වා නම්, අදටත් ෆෙරුචියෝ නිකන්ම නිකන් ට්‍රැක්ටර් මුදලාලි කෙනෙක් විතරක් වෙන්න තිබුණා. එන්සෝගේ ඒ වචන ටික තමයි ෆෙරුචියෝගේ ඇතුලේ හිටපු යක්ෂයාව එලියට ගත්තේ.

පලිය ගන්න ඕන නම් ගහලා මරාගෙන වැඩක් නෑ යාලුවනේ. හොඳම පලිය ගැනීම තමයි, තමන්ට හිනා වුණ උන්ගේ ඇස් නිලංකාර වෙලා යන තරම් දියුණුවක් පෙන්නන එක.

සද්ද නැතුව වැඩ කරන්න. ඔයාගේ සාර්ථකත්වයට ඉඩ දෙන්න සද්දෙ දාන්න!

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

කවුරු හරි ඔයාට "උඹට බෑ" කිව්වොත්, මේ කතාව මතක් කරගන්න! - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න