Ad Space - leaderboard (728x90)

හොටෙල් කාමරේ ලයිට් එක දාපු ගමන් මුළු ලෝකෙම ඔබ දිහා බලාගෙන ඉන්නවා නම්?

📰 වෙනත්2026 නවම් 155 min read
හොටෙල්  කාමරේ ලයිට් එක දාපු ගමන් මුළු ලෝකෙම ඔබ දිහා බලාගෙන ඉන්නවා නම්?

හොටෙල් කාමරේ ලයිට් එක දාපු ගමන් මුළු ලෝකෙම ඔබ දිහා බලාගෙන ඉන්නවා නම්?

ඔන්න නිකමට හිතන්න, ඔබ බොහොම මහන්සි වෙලා, නිවාඩුවක් ගත කරන්න ලස්සන හොටෙල් කාමරයකට යනවා. දොර ඇරලා ඇතුලට ගිහින්, අර කාමරේ ලයිට් ඔක්කොම පත්තු වෙන 'Key Card' එක බිත්තියේ තියෙන පොඩි මැෂින් එකට ඔබනවා.

ටාන් ගාලා කාමරේ ලයිට් පත්තු වෙනවා. AC එක වැඩ කරන්න පටන් ගන්නවා. ටීවී එකේ වෙල්කම් මැසේජ් එක වැටෙනවා.

හැබැයි, ඔබ නොදන්නවා වුණාට ඒ කාඩ් එක ඔබපු තත්පරේම, ඒ කාමරේ තව දෙයක් 'On' වුණා.

ඔබ හිතන්නේ ඔබ ඉන්නේ තනියම, නැත්නම් ඔබේ ආදරවන්තිය හෝ බිරිඳ එක්ක විතරයි කියලා. ඒත් ඇත්තටම ඒ වෙලාවේ ඉඳන් කාමරේ බිත්තිය අස්සේ හැංගිලා ඉන්න ඇස් දෙකක් ඔබ දිහා බලාගෙන ඉන්න පටන් අරන් ඉවරයි.

ඒ විතරක් නෙවෙයි, ඒ දර්ශනය ඒ වෙලාවෙම තවත් දහස් ගාණක් දෙනා තමන්ගේ ෆෝන්වලින් සජීවීව බලන්න පටන් ගන්නවා. ඔව්, මේක ත්‍රාසජනක චිත්‍රපටියක කතාවක් නෙවෙයි. මේ දවස්වල ලෝකයම හොලවපු, BBC ආයතනය විසින් කරපු භයානක හෙළිදරව්වක ඇත්ත කතාවක්.

මේක නිකම්ම නිකන් "හිඩන් කැමරා" (Hidden Camera) කතාවක් නෙවෙයි. ඊට එහා ගියපු, හිතාගන්නවත් බැරි තරම් දියුණු, ඒ වගේම මහා කුරිරු ව්‍යාපාරයක් ගැන කතාවක්.

සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ කාමරයක කැමරාවක් හැංගුවොත්, ඒකේ බැටරි බහිනවා, මෙමරි කාඩ් පිරෙනවා වගේ ප්‍රශ්න එනවා කියලනේ. ඒ නිසා ගොඩක් අය හිතනවා ටික දවසකින් ඒ කැමරා වැඩ නැතුව යනවා කියලා.

ඒත් මේ අලුත්ම ජාවාරම ඊට වඩා භයානකයි. මේ ජාවාරම්කාරයෝ කරන්නේ හෝටල් කාමරවල තියෙන ප්ලග් සොකට් (Sockets), ස්මෝක් ඩිටෙක්ටර්ස් (Smoke Detectors) එහෙමත් නැත්නම් බිත්තියේ තියෙන පොඩි හිඩැස් අස්සේ මේ කැමරා හයි කරන එක.

වැදගත්ම දේ තමයි, මේවා කෙලින්ම කරන්ට් එකට (Main Power Supply) සම්බන්ධ කරලයි තියෙන්නේ. ඒ කියන්නේ කවදාවත් බැටරි බහින්නේ නෑ. මාස ගණන්, අවුරුදු ගණන් වුණත් එක දිගට වැඩ.

අර මුලින් කිව්වා වගේ ඔබ කාමරේට ඇවිත් 'Key Card' එක ගහලා කරන්ට් එක දෙන තත්පරේම, මේ කැමරාවත් පණ ලබනවා. ඒක කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් එකට.

BBC එකේ ගවේෂණ කණ්ඩායම හොයාගත්ත විදියට, චීනය ඇතුළු රටවල් ගණනාවක මේ ජාවාරම මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. ටෙලිග්‍රෑම් (Telegram) වගේ ඇප් හරහා මේවට වෙනම ගෲප් හැදිලා තියෙනවා.

මේ ගෲප්වල ඉන්න අයට පුළුවන් මාසිකව ගාණක් ගෙවලා "Subscription" එකක් ගන්න. හරියට නෙට්ෆ්ලික්ස් ගන්නවා වගේ. සල්ලි ගෙව්වම එයාලට පුළුවන් ඒ වෙලාවේ ලෝකේ වටේ තියෙන හෝටල් කාමර සිය ගාණක සිද්ධ වෙන දේවල් "Live" බලන්න.

හිතන්න කොච්චර අප්‍රසන්නද කියලා? ඔබ ඔබේ පාඩුවේ, ඔබේ පුද්ගලික නිදහස භුක්ති විඳින හැටි, ඇඳුම් මාරු කරන හැටි, ඔබේ අතිශය පුද්ගලික ක්‍රියාකාරකම් සියල්ලම, තවත් රටක ඉන්න කවුරුහරි කෙනෙක් එයාගේ ෆෝන් එකෙන් බලන් ඉන්නවා.

මේ කතාවේ හිත කීරි ගැහෙනම කොටස තමයි "එරික්" සහ "එමිලි" ගේ කතාව (මේවා ඔවුන්ගේ ඇත්ත නම් නෙවෙයි). එරික් කියන්නේ හොංකොං වල ඉන්න තරුණයෙක්. මෙයා දවසක් අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් දැකපු වීඩියෝ එකකින් එයාගේ ඇඟ සීතල වෙලා ගියා.

ඒ වීඩියෝ එකේ හිටියේ එයා. එයා එයාගේ පෙම්වතිය එක්ක මීට සති කිහිපයකට කලින් ගියපු හෝටල් කාමරයක දර්ශන පෙළක් ඒකේ තිබුණා.

Ad Space - in-article (300x250)

විනාඩියක් දෙකක් නෙවෙයි, පැය ගාණක් තිස්සේ ඔවුන් කාමරේ ඇතුලේ හැසිරුනු විදිය, කතා කරපු දේවල්, ඔවුන්ගේ ආදරණීය මොහොතවල් ඔක්කොම රෙකෝඩ් වෙලා. එරික්ට දැනුනේ තමන්ගේ මුළු ජීවිතේම කවුරුහරි මංකොල්ල කෑවා වගේ හැඟීමක්.

මේ සිද්ධිය නිසා එමිලි කොච්චර කම්පනයට පත් වුණාද කියනවා නම්, එයා පාරේ යන්නත් බය වුණා. කවුරුහරි තමන්ව අඳුරගනීවි කියන බයට එයා එළියට බැස්සේ මූණ වහගෙන, වෙස් වළාගෙන. ඒ තරම් මානසික පීඩනයක් මේ සිද්ධියෙන් ඔවුන්ට ඇති වුණා.

BBC එකේ මාධ්‍යවේදීන් මාස ගාණක් තිස්සේ වෙස් වළාගෙන මේ ජාලය ඇතුලට රිංගලා කරපු පරීක්ෂණයේදී ඔවුන්ට හම්බවෙනවා මේ කැමරා හයි කරන එක 'ටෙක්නික්' එකක්. සමහර කැමරා කොච්චර පොඩිද කියනවා නම්, ඒක පැන්සලක තුඩක් තරම් පුංචියි.

සාමාන්‍යයෙන් අපි හෝටලයකට ගියාම කැමරා තියනවද කියලා බලන්න ෆෝන් එකේ ටෝච් එක ගහලා බලනවනේ. ඒත් මේ අලුත්ම කැමරා තාක්ෂණය කොච්චර දියුණුද කියනවා නම්, සමහර වෙලාවට එහෙම ටෝච් එළියටවත් අහු නොවෙන විදියට හයි කරන්න මේ ජාවාරම්කාරයෝ දක්ෂ වෙලා තියෙනවා.

විශේෂයෙන්ම ටීවී එක ළඟ තියෙන වයර් ගොඩ අස්සේ, රවුටර් එක ඇතුලේ, එහෙමත් නැත්නම් බාත් රූම් එකේ තියෙන හීටර් එකේ පොඩි හිඩැසක් අස්සේ වුණත් මේවා හයි කරලා තියෙන්න පුළුවන්.

මේ ජාවාරම කරන අය කියන්නේ මේක එයාලට නිකන් "සෙල්ලමක්" වගේ දෙයක් කියලා. එයාලා හෝටල් කාමර වලට රිංගලා, මේවා හයි කරලා, ඊට පස්සේ පැත්තකට වෙලා සල්ලි හම්බ කරනවා. අහිංසක මිනිස්සුන්ගේ පුද්ගලිකත්ව විකුණලා කෝටි ගණන් උපයනවා.

ලංකාවේ අපි තාම මේ ගැන ලොකුවට කතා නොකලට, අපි හෝටල් කාමරවලට යද්දී කොච්චර පරිස්සම් වෙන්න ඕනේද කියන එකට මේක හොඳම උදාහරණයක්.

තාක්ෂණය දියුණු වෙන්න වෙන්න, අපේ පුද්ගලිකත්වය කියන දේ තවදුරටත් අපිට අයිති දෙයක් නෙවෙයි කියන තැනට ලෝකය පත් වෙලා ඉවරයි. අපි හිතාගෙන ඉන්නේ දොර වහගත්තම අපි ආරක්ෂිතයි කියලා. ඒත් ඒ දොර වහගෙන අපි කරන දේවල් දිහා, ඒ දොරේ යතුර හිලෙන් එබිලා බලන් ඉන්න අය දැන් අන්තර්ජාලය පුරාම ඉන්නවා.

මේක කියවන ඔබ ඊළඟ වතාවේ හෝටල් කාමරයකට ගිහින් Key Card එක ගහන්න කලින්, පොඩ්ඩක් වටපිටාව ගැන සැලකිලිමත් වෙයි කියලා මම හිතනවා. මොකද, ඔබේ නොදැනුවත්කම තව කෙනෙක්ගේ විනෝදාංශයක් වෙන්න ඉඩ තියෙන නිසා.

දැන් ප්‍රශ්නය මේකයි:

තාක්ෂණය මේ තරම් භයානක විදියට අපේ ඇඳ ළඟටම ඇවිත් තියෙන කාලෙක, ඇත්තටම අපිට "Private Life" එකක් එහෙමත් නැත්නම් පුද්ගලිකත්වයක් කියලා දෙයක් ඉතුරු වෙලා තියෙනවද? නැත්නම් අපි හැමෝම නොදැනුවත්වම ලොකු "Reality Show" එකක නළුවෝ වෙලාද?

ඔබ මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

හොටෙල්  කාමරේ ලයිට් එක දාපු ගමන් මුළු ලෝකෙම ඔබ දිහා බලාගෙන ඉන්නවා නම්? - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න