Ad Space - leaderboard (728x90)

බිරිඳගේ ලේ පැල්ලම් මැකෙන්න නොදී, ඒ අඳුරු කාමරයට අවුරුදු 26ක් කුලිය ගෙවපු සැමියාගේ ඇඟ හිරිවැටෙන කතාව...

❤️ ආශ්වාදජනක කතා2026 නවම් 264 min read
බිරිඳගේ ලේ පැල්ලම් මැකෙන්න නොදී, ඒ අඳුරු කාමරයට අවුරුදු 26ක් කුලිය ගෙවපු සැමියාගේ ඇඟ හිරිවැටෙන කතාව...

බිරිඳගේ ලේ පැල්ලම් මැකෙන්න නොදී, ඒ අඳුරු කාමරයට අවුරුදු 26ක් කුලිය ගෙවපු සැමියාගේ ඇඟ හිරිවැටෙන කතාව...

සාමාන්‍ය විදියට වැඩට ගිහින් හවස ගෙදර එද්දී, තමන් පණ වගේ ආදරය කරපු බිරිඳ ලේ විලක් මැද වැටිලා ඉන්නවා දැක්කොත් මනුස්සයෙක්ට මොනවා හිතෙයිද?

මේක නිකම්ම නිකං කතාවක් නෙවෙයි. මෑතකදී ජපානයම හොල්ලපු, ඇත්තටම සිද්ධ වෙච්ච අතිශය සංවේදී වගේම ඇඟ හිරිවැටෙන සිදුවීමක්.

වර්ෂය 1999 නොවැම්බර් මාසේ. ජපානයේ නගෝයා නගරයේ ජීවත් වුණු 'සතෝරු තකබා' කියන්නේ බොහොම සාමාන්‍ය විදියට ජීවිතේ ගෙනිච්ච, තමන්ගේ පවුලට ආදරේ කරපු කෙනෙක්. එයාගේ බිරිඳ නමිකෝ, වයස අවුරුදු 32ක ලස්සන, ආදරණීය ගෘහණියක්.

මේ දෙන්නට හිටියා අවුරුදු දෙකක පුංචි පුතෙක්. එදා උදේ නමිකෝ තමන්ගේ උණ හැදිලා හිටපු පුංචි පුතාවත් අරගෙන දොස්තර ගාවට ගිහින් ආයෙමත් ගෙදර ආවේ දවල් දොළහට විතර.

සතෝරු හිටියේ වැඩට ගිහින්. නමිකෝ ගෙදර ඇවිත් පුතාව සෙල්ලම් කරන්න තියලා, ගේ අස් කරන්න පටන් ගත්තා. ඒත් ඒක තමයි ඇයගේ ජීවිතේ අවසාන මොහොත වෙයි කියලා ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

එකපාරටම කවුදෝ කෙනෙක් ගෙදර දොරට තට්ටු කරනවා. නමිකෝ ගිහින් දොර අරින්නේ කිසිම සැකයක් නැතුව. ඒත් දොරෙන් ඇතුළට ආවේ මනුස්සයෙක් නෙවෙයි, මරණයේ දූතයෙක්.

ආපු කෙනා තමන්ගේ අතේ ගෙනාපු තියුණු පිහියකින් නමිකෝගේ බෙල්ලට සහ අත්වලට කිහිප සැරයක්ම දරුණු විදියට අනිනවා. තමන්ගේ ජීවිතේ බේරගන්න ඇය කොයිතරම් සටන් කරන්න ඇත්ද කියන එක ඒ දරුණු තුවාලවලින්ම පේන්න තිබුණා.

අන්තිමේදී අධික ලෙස ලේ ගැලීම නිසා ඇය ඒ සීතල බිම උඩම අවසන් හුස්ම හෙළනවා. හැබැයි මේ මිනීමරුවා ඒ පුංචි දරුවාගේ ඇඟේ ඇඟිල්ලක්වත් තියන්නේ නැතුව, ලේ ගෑවුණු අත් ටිකත් හෝදගෙන එතනින් පැනලා යනවා.

හවස ගෙදර ආපු සතෝරුට දකින්න ලැබෙන්නේ තමන්ගේ මුළු ලෝකයම සුනුවිසුනු වෙලා ගියපු දසුනක්. තමන්ගේ බිරිඳ ලේ විලක් මැද වැටිලා ඉන්නවා. ඒ අසලම අවුරුදු දෙකේ පුංචි පුතා කිසිදෙයක් නොතේරෙන කමින් බලාගෙන ඉන්නවා.

පොලිසිය ආවා, පරීක්ෂණ කළා. මිනීමරුවාගේ ලේ පැල්ලම්, දොරකඩ තිබුණු සෙන්ටිමීටර් 24ක ලේ ගෑවුණු අඩි පාරවල්, අමුතු බීම බෝතලයක් වගේ දේවල් කිහිපයක්ම එතන තිබුණා.

හැබැයි කොච්චර හෙව්වත් මේ අපරාධකාරයා කවුද කියලා හොයාගන්න පොලිසියට බැරි වුණා. කාලයත් එක්ක මේ කතාව ටිකෙන් ටික යට යන්න පටන් ගත්තා.

සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වුණාම ඕනෙම කෙනෙක් කරන්නේ ඒ ගෙදරින් අයින් වෙලා වෙන කොහේහරි ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න එක. මුලින්ම සතෝරුත් හිතුවේ එහෙම කරන්න.

ඒත් අවුරුදු තුනකට පස්සේ එයාට තේරෙනවා මේ අපරාධය කවදාහරි දවසක විසඳන්න නම්, ඒ ගෙදර තියෙන සාක්ෂි ටික ඒ විදියටම තියෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම අර මිනීමරුවාගේ අයිති ලේ පැල්ලම් ටික.

සතෝරු පුතාවත් අරගෙන වෙන ගෙදරකට පදිංචියට යනවා. හැබැයි එයා අර බිරිඳ මැරුම් කාපු, සාක්ෂි පිරුණු ගෙදර අතහරින්නේ නැහැ. ඒ හිස් කාමරයට එයා දිගටම මාසික කුලිය ගෙවන්න පටන් ගන්නවා.

Ad Space - in-article (300x250)

අවුරුද්දක් දෙකක් නෙවෙයි, හරියටම අවුරුදු 26ක්! තමන්ගේ බිරිඳට සාධාරණයක් ඉෂ්ට වෙනකම් එයා ඒ හිස් ගෙදරට ගෙවපු මුළු කුලිය රුපියල් කෝටි ගාණක් (ජපන් යෙන් මිලියන 22ක්).

සමහර දවස්වලට එයා ඒ පාළු ගෙදරට ගිහින්, බිරිඳ මැරිලා වැටිලා හිටපු තැන පැය ගණන් බලාගෙන ඉන්නවා. එයා කවදාවත් ආයේ කසාදයක් බැන්දේ නැහැ. පුතාව තනියම ලොකු මහත් කළා.

මේ අතරතුර එයා පාරවල් ගානේ පත්‍රිකා බෙදුවා. ඒ විතරක් නෙවෙයි ජපානයේ මිනීමැරුම් නඩු සඳහා තිබුණු කාලසීමාව (Statute of limitations) අහෝසි කරන්නත් ඔහු ලොකු සටනක් දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදියට 2010 දී ජපන් රජය ඒ නීතියත් වෙනස් කළා.

ඔහොම යනකොට 2024 අවුරුද්දේදී තාක්ෂණය ගොඩක් දියුණු වුණා. පොලිසිය ආයෙමත් මේ ෆයිල් එක එළියට ගන්නවා. සතෝරු පරිස්සම් කරපු ඒ ලේ පැල්ලම්වලින් ලබාගත්ත DNA සාම්පල, අලුත් තාක්ෂණයෙන් පරීක්ෂා කරනවා.

අන්තිමේදී ඒ ලේ වල අයිතිකාරයාව හොයාගන්නවා. ඇය නමින් කුමිකෝ. වයස අවුරුදු 69ක කාන්තාවක්. ඇය වෙන කවුරුවත් නෙවෙයි, සතෝරු එක්ක ඉස්කෝලේ එකට ඉගෙනගත්ත, එකම ටෙනිස් ක්ලබ් එකේ හිටපු කෙනෙක්.

සිද්ධිය මෙහෙමයි. ඉස්කෝලේ යන කාලේ මේ කාන්තාව සතෝරුට ආදරේ කරලා තියෙනවා. ඒත් සතෝරු ඒකට අකමැති වෙලා. ඊටපස්සේ අවුරුදු ගාණකට පස්සේ පරණ ළමයි හමුවෙන පාටියකදී මේ දෙන්නා ආයෙමත් මුණගැහෙනවා.

එතනදී සතෝරු තමන්ගේ බිරිඳයි දරුවයි එක්ක ගතකරන සතුටුදායක ජීවිතේ ගැන කියද්දී, මේ කාන්තාවගේ හිතේ ලොකු ඉරිසියාවක්, වෛරයක් ඇතිවෙනවා. ඇයට ඕනේ වෙන්නේ සතෝරුට තනියම දරුවෙක් හදාගන්න එකේ දුක තේරුම් කරලා දෙන්න.

ඒකට ඇය තෝරගත්තේ කිසිම පවක් නොදන්න, අහිංසක නමිකෝගේ ජීවිතේ. ඇය බීම බෝතලයකුත් අරගෙන ගිහින් දොරට තට්ටු කරලා, නමිකෝ දොර ඇරිය ගමන්ම මේ ම්ලේච්ඡ අපරාධය කරලා තියෙනවා.

අවුරුදු 26ක් තිස්සේ ඇය ජීවත් වෙලා තියෙන්නේ කවදාහරි තමන්ව අහුවෙයි කියන බයෙන්. අන්තිමේදී 2025 අගභාගයේදී ඇය පොලිසියට ඇත්තම කියනවා.

සතෝරුගේ ඒ අප්‍රමාණ කැපවීම, ආදරය සහ ඉවසීම නැත්නම් මේ අපරාධකාරිය කවදාවත් නීතියේ රැහැනට කොටු වෙන්නේ නැහැ. අදටත් සතෝරු තමන්ගේ පුතා එක්ක එකතුවෙලා බිරිඳව සිහිකරනවා.

මේ කතාව අහද්දී මට හිතුණු එක දෙයක් තියෙනවා.

තමන්ගේ ආදරේ වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන් අවුරුදු 26ක් පුරා හිස් කාමරේකට කුලී ගෙවන්න තරම්, ඒ බලාපොරොත්තුව අතනෑර ඉන්න තරම් හයියක් ඒ මනුස්සයාගේ හිතේ කොහොම තියෙන්න ඇත්ද? ඔයාට හිතෙන්නේ, අද කාලේ මේ වගේ ආදරයක්, මේ වගේ කැපවීමක් කරන්න පුළුවන් මිනිස්සු ඇත්තටම ඉන්නවා කියලද? අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

බිරිඳගේ ලේ පැල්ලම් මැකෙන්න නොදී, ඒ අඳුරු කාමරයට අවුරුදු 26ක් කුලිය ගෙවපු සැමියාගේ ඇඟ හිරිවැටෙන කතාව... - 2
බිරිඳගේ ලේ පැල්ලම් මැකෙන්න නොදී, ඒ අඳුරු කාමරයට අවුරුදු 26ක් කුලිය ගෙවපු සැමියාගේ ඇඟ හිරිවැටෙන කතාව... - 3
බිරිඳගේ ලේ පැල්ලම් මැකෙන්න නොදී, ඒ අඳුරු කාමරයට අවුරුදු 26ක් කුලිය ගෙවපු සැමියාගේ ඇඟ හිරිවැටෙන කතාව... - 4
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න