Ad Space - leaderboard (728x90)

අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා!

❤️ ආශ්වාදජනක කතා2026 මැදින් 73 min read
අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා!

අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා!

දරුවෙක් කියන්නේ අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට තමන්ගේ පණටත් වඩා වටින වස්තුවක්. ඒ දරුවා ඇස් මානයෙන් අතුරුදන් වුණොත් දැනෙන වේදනාව කොයි වගේ ඇද්ද?

මේක චිත්‍රපටයක කතාවක් නෙවෙයි, තමන්ගේ නැතිවුණු පුතාව හොයාගෙන අවුරුදු 24ක් මුළු රටක් වටේ යතුරුපැදියකින් ගිය සැබෑම වීර පියෙකුගේ කතාවක්.

ඔහු නමින් ගුවෝ ගන්ග්ටැන්ග් (Guo Gangtang). 1997 සැප්තැම්බර් 21 වෙනිදා චීනයේ ෂැන්ඩොං (Shandong) ප්‍රාන්තයේ තමයි මේ අවාසනාවන්ත සිදුවීම වුණේ.

එදා ගුවෝගේ වයස අවුරුදු දෙකක පුංචි පුතා, ගුවෝ ෂින්චෙන්, තමන්ගේ ගෙදර ඉස්සරහා මිදුලේ සෙල්ලම් කරමින් හිටියා. එක පාරටම එතනට ආපු නාඳුනන කාන්තාවක් මේ කිරිසප්පයාව උස්සගෙන පැනලා ගියා. මේක මුදල් වෙනුවෙන් ළමයින්ව විකුණන ජාවාරම්කරුවන්ගේ වැඩක්.

තමන්ගේ පණ වගේ හිටපු දරුවා නැතිවුණාම ගුවෝටයි එයාගේ බිරිඳටයි දැනුණේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා වගේ. ගම පුරා හෙව්වා, පොලිසි ගානේ ගියා, පත්තර වලට දුන්නා...

ඒත් කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. අඬලා අඬලා කඳුළු වේළිලා ගියත්, මේ තාත්තා එක තීරණයක් ගත්තා. "මගේ පුතාව හොයාගන්නකම් මම ආයේ ගෙදර එන්නේ නැහැ".

ඔහු තමන්ගේ යතුරුපැදියේ පිටුපස විශාල කොඩි දෙකක් ගැටගහ ගත්තා. ඒ කොඩි දෙකේ තිබුණේ තමන්ගේ වයස අවුරුදු දෙකේ පුංචි පුතාගේ රූපයයි. එදා ඉඳන් මේ තාත්තා චීනය පුරාම යතුරුපැදියෙන් යන්න පටන් ගත්තා. වැස්සද, අව්වද, හිමද කියලා ඔහු බැලුවේ නැහැ.

අතේ සල්ලි නැති වුණාම පාරවල් අයිනේ, පාලම් යට නිදාගත්තා. සමහර දවස් වලට හිඟාකාලා වතුර බීලා බඩගින්න නිවාගත්තා. රළු පාරවල් වල යද්දී අනතුරු වලට ලක්වෙලා ඇටකටු කැඩුණත් ඔහු ගමන නැවැත්තුවේ නැහැ. පුතාව හොයන මේ ගමනට ඔහුට යතුරුපැදි 10ක් මාරු කරන්න සිද්ධ වුණා. ඔහු ගමන් කරපු දුර කිලෝමීටර් ලක්ෂ 5කට වැඩියි! (ඒ කියන්නේ ලෝකය වටේ 12 වතාවක් ගියා හා සමාන දුරක්).

මේ කතාවේ තියෙන සංවේදීම සහ පුදුම හිතෙනම කොටස ඒක නෙවෙයි.

Ad Space - in-article (300x250)

මේ අවුරුදු 24 පුරාවටම තමන්ගේ දරුවාව හොයන ගමන්, ගුවෝ තවත් නැතිවුණු දරුවන්ව හොයන සංවිධාන වලට උදව් කළා. තමන්ගේ පුතාව හම්බුණේ නැති වුණත්, ඔහු තමන්ට ලැබුණු තොරතුරු වලින් වෙනත් පවුල් 100කට වඩා වැඩි ප්‍රමාණයකට තමන්ගේ නැතිවුණු දරුවන්ව හොයලා දුන්නා.

අනුන්ගේ දරුවන් තමන්ගේ අම්මලා තාත්තලාගේ තුරුලේ ඉඳන් සතුටු කඳුළු හලද්දී, ඒ දිහා බලලා හිනාවුණු මේ තාත්තා, ආයෙත් හිස් අත් දෙකෙන් තමන්ගේ යතුරුපැදියට නැගලා කඳුළු පිහදාගෙන තමන්ගේ පුතාව හොයන්න ගියා.

"මම පාරේ ඉන්නකම් මට දැනෙනවා මම මගේ පුතාට කිට්ටුයි කියලා. මම ගෙදර හිටියොත් මට පිස්සු හැදෙයි" ඔහු මාධ්‍යයට කිව්වා.

අවසානයේදී මුළු ලෝකයකම ප්‍රාර්ථනා ඉටු වුණා. 2021 අවුරුද්දේදී, ඒ කියන්නේ දරුවා නැතිවෙලා අවුරුදු 24කට පස්සේ, පොලිසියේ ඩීඑන්ඒ (DNA) පරීක්ෂණයක් හරහා ගුවෝගේ පුතාව හොයාගන්න සමත් වුණා. ළමා ජාවාරම්කරුවන් විසින් මේ දරුවාව වෙනත් පළාතක පවුලකට විකුණලා තිබුණා.

2021 ජූලි මාසයේදී ඒ අපූරු හමුවීම සිද්ධ වුණා. තමන්ගේ දෑතින් මිදිලා යද්දී යන්තම් ඇවිදින්න පුළුවන් වුණු කිරි දරුවා, නැවත තාත්තාගේ තුරුලට එද්දී වයස අවුරුදු 26ක තරුණයෙක්. වයසට ගිහින් සුදු වුණු කොණ්ඩය තියෙන මේ තාත්තා, තමන්ගේ තරුණ පුතාව බදාගෙන මහ හයියෙන් අඬපු හැටි මුළු ලෝකයක්ම කඳුළු පිරිච්ච ඇස් වලින් බලාගෙන හිටියා.

තමන්ගේ ජීවිතේ ලස්සනම කාලය පුතා වෙනුවෙන් මහ පාරේ දිය කරලා හැරපු මේ තාත්තාගේ කතාව, මුළු ලෝකෙටම කියා දුන්නේ මව් සෙනෙහසට දෙවැනි නොවන පිය සෙනෙහස කියන්නේ කොයි තරම් විශ්මිත, නොසැලෙන දෙයක්ද කියලයි.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා! - 2
අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා! - 3
අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා! - 4
අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා! - 5
අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා! - 6
අවුරුදු 24ක් සහ කිලෝමීටර් ලක්ෂ 5ක්: නැතිවුණු පුතාව හොයාගෙන මුළු රටම පීරූ තාත්තා! - 7
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න