තාත්තගේ පැයක වටිනාකම ❤️👨👦
රෑ බෝ වෙලා, ගොඩක් මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර ආපු තාත්තා කෙනෙක්ගෙන් එයාගේ අවුරුදු 6ක පුතා මෙහෙම ඇහුවා.
"තාත්තේ ඔයාට වැඩ කරනවට පැයකට කීයක් පඩි හම්බෙනවද?"
තාත්තාට ටිකක් කේන්ති ගිහින් කිව්වා "රුපියල් 500යි, ඇයි ඔයාට ඒකෙන් වැඩක් නෑනේ?" කියලා.
පුතා බිම බලාගෙන ඇහුවා "මට රුපියල් 200ක් දෙන්න පුළුවන්ද?" කියලා.
තාත්තාට ගොඩක් කේන්ති ගියා. "සෙල්ලම් බඩු ගන්න සල්ලි ඉල්ලන්නද මගෙන් පැයට කීයද ඇහුවේ? යන්න ගිහින් නිදාගන්නවා!" කියලා තාත්තා සද්ද කරලා කිව්වා. පුතා අඬ අඬම කාමරේට ගියා.
පැයකට විතර පස්සේ තාත්තාට තමන් කරපු දේ ගැන දුක හිතුණා. කාමරේට ගිහින් පුතාට රුපියල් 200ක් දුන්නා. පුතා එකපාරටම හිනා වෙලා, කොට්ටේ යටින් තව සල්ලි වගයක් අරන් එකතු කරලා හදලා තාත්තාට දික් කළා.
"තාත්තේ, මං ගාව කලින් රුපියල් 300ක් තිබ්බා. දැන් රුපියල් 500ක් තියෙනවා. මට ඔයාගේ හෙට දවසේ කාලෙන් එක පැයක් මේ සල්ලි දීලා ගන්න පුළුවන්ද? හෙට රෑට වැඩිය වැඩ නොකර මාත් එක්ක රෑට කෑම කන්න ගෙදර ඉන්නකෝ"
තාත්තාට මුකුත් කියාගන්න බැරුව ඇස් වලට කඳුළු ආවා.
ජීවිතේ ගොඩනගන්න, සල්ලි හොයන්න අපි හැමෝම මහන්සි වෙනවා. ඒත් ඒ දුවන ගමන්, අපි වෙනුවෙන් මගබලාගෙන ඉන්න, අපිට ආදරේ කරන අයට කාලය දෙන්න අමතක කරන්න එපා. ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි! ⏳❤️







