ඉරාන කඳුකරයේ පැය 48ක් සැඟවී සිටි F-15 නියමුවා සොයාගත් තාක්ෂණය
පසුගිය අප්‍රේල් මාසයේ මුල ඉරානයේ (Zagros කඳුකරයේදී) අමෙරිකානු F-15E Strike Eagle යානයක් කඩා වැටීමේ සිදුවීම පිළිබඳව ඔබ මේ වනවිටත් අසා ඇති. මෙහි සිටි එක් නියමුවෙකු වහාම මුදවා ගත්තත්, අනෙක් නිලධාරියාට (Weapons Systems Officer) පැය 48ක පමණ කාලයක් ඉරාන සෙවීම් කණ්ඩායම් වලින් සැඟවී සිටීමට සිදුවුණා. පසුව ක්‍රියාත්මක වූ Combat Search-and-Rescue (CSAR) මෙහෙයුමක් හරහා ඔහුව මුදවා ගැනුණා.
ඉරාන හමුදා සහ ප්‍රදේශවාසීන් මුළු ප්‍රදේශයම සෝදිසි කරද්දී, සතුරු පාර්ශවයට හසු නොවී නියමුවා සිටින ස්ථානය නිවැරදිවම හඳුනාගත්තේ කෙසේද යන්න මෙහිදී අවධානයට ලක්විය යුතු තාක්ෂණික කරුණක්. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම උපකාරී වී ඇත්තේ ඔහු සතුව තිබූ CSEL (Combat Survivor Evader Locator) නැමති උපාංගයයි. මෙය සෑම ගුවන් භටයෙකුගේම ඇඳුමට (survival vest) සම්බන්ධ කර ඇති, යානයෙන් ඉවත් වනවිට (Eject) ඔවුන් සමගම පවතින උපකරණයක්.
CSEL උපාංගය ක්‍රියාත්මක වන ආකාරය:
නිර්මාණය හා කල්පැවැත්ම: ග්‍රරෑම් 800ක පමණ බරකින් යුක්ත මෙය රළු මිලිටරි රේඩියෝවක් මෙන් දිස්වන අතර, මීටර් 10ක් ජලය යටදී වුවද, අධික කම්පනයකදී වුවද ක්‍රියාත්මක වන පරිදි නිපදවා තිබෙනවා. සන්නිවේදන ක්‍රමවේදය:සාමාන්‍ය රේඩියෝ තරංග වලට වඩා හමුදා චන්ද්‍රිකා හරහා දත්ත හුවමාරු කිරීම මෙහි ඇති විශේෂත්වයයි. "තුවාල වී ඇත", "සතුරන් ආසන්නයේ" වැනි පෙර-සැකසූ පණිවිඩ සහ තමා සිටින ස්ථානය (GPS coordinates) මින් යැවිය හැකියි.
සතුරන්ගෙන් බේරීමේ යාන්ත්‍රණය:මෙම සංඥා නිකුත් කරන්නේ ඉතා කෙටි කාලයක් (ultra-short bursts) තුළ වීමත්, සංඛ්‍යාතය (frequency-hopping) නිරන්තරයෙන් වෙනස් වීමත් නිසා, මෙය හඳුනා ගැනීමට හෝ දිශාව සොයා ගැනීමට (triangulate) සතුරු රේඩාර් සහ ඉලෙක්ට්‍රොනික සටන් (EW) පද්ධති වලට ඉතා අපහසුයි.
ක්‍රියාකාරීත්වය: දින 21ක් දක්වා ස්ටෑන්ඩ්-බයි තබාගත හැකි බැටරියකින් මෙය සමන්විතයි. සිතියම් සහ ආරක්ෂිත කලාප (safe zones) පිළිබඳ දත්ත පියාසර කිරීමට පෙර සිටම මීට ඇතුලත් කර තිබෙනවා.
නියමුවා තමන්ට ලැබී ඇති SERE (Survival, Evasion, Resistance, Escape) පුහුණුවට අනුව, යානය වැටුණු ස්ථානයෙන් ඈතට ගොස් කඳුකරයේ සැඟවී සිටිමින්, සතුරන්ට ඉලක්කයක් නොවීම සඳහා ඉතා අඩුවෙන් (පැය කිහිපයකට වරක් පමණක්) මෙම උපාංගය හරහා සංඥා නිකුත් කර තිබෙනවා.
ඔහු මෙම සංඥා නිකුත් කරන අතරතුර ඇමරිකානු මූලස්ථාන මගින් 24/7 ඔහුව නිරීක්ෂණය කර තිබෙනවා. ඊට සමගාමීව CIA සංවිධානය විසින් ඉරානය තුළ "නියමුවා මේ වනවිටත් මුදවාගෙන අවසන්" බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් (deception campaign) ඉරාන හමුදා නොමඟ යැවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සහ රජයේ රූපවාහිනිය මගින් ත්‍යාග පිරිනමමින් නියමුවා සෙවීමේ මෙහෙයුම් දියත් කර තිබුණත්, CSEL තාක්ෂණය හරහා ලබාගත් නිවැරදි ඛණ්ඩාංක (coordinates) මත පදනම්ව විශේෂ බලකායන් සහ හෙලිකොප්ටර් යොදාගනිමින් කළ මෙහෙයුමකින් ඔහුව මුදවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මෙම සිදුවීම හරහා පැහැදිලි වන්නේ නූතන යුධමය තත්වයකදී ඉලෙක්ට්‍රොනික සන්නිවේදන උපායමාර්ග සහ තාක්ෂණයේ භාවිතය කෙතරම් තීරණාත්මකද යන්නයි.
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
#MilitaryTech #Aviation #F15E #CSEL #Technology #WorldNews #MilitaryAviation









