Ad Space - leaderboard (728x90)

⚖️ තමන්ට යුක්තිය නොලැබුණු ගැහැණියක්, කෝටි ගාණකට යුක්තිය අරන් දුන් හැටි...

❤️ ආශ්වාදජනක කතා2026 බක් 185 min read
⚖️ තමන්ට යුක්තිය නොලැබුණු ගැහැණියක්, කෝටි ගාණකට යුක්තිය අරන් දුන් හැටි...

⚖️ තමන්ට යුක්තිය නොලැබුණු ගැහැණියක්, කෝටි ගාණකට යුක්තිය අරන් දුන් හැටි...

මේ ලෝකේ සමහර කතා තියෙනවා අහනකොටත් පපුව පිච්චිලා යනවා. ඒ වගේම ඒ කතා අස්සේ තියෙනවා මුළු ලෝකයක්ම වෙනස් කරපු පුදුමාකාර ශක්තියක්. මේ කතාවත් අන්න ඒ වගේ කඳුළු වලින් ලියවුණු, ඒත් අදටත් කෝටි ගණනක් ගැහැනුන්ට ආරක්ෂාව දෙන කතාවක්.

ඇගේ නම භන්වාරි දේවී (Bhanwari Devi). ඇය ජීවත් වුණේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බොහොම දුෂ්කර ගමක.

ඇය ඉන්දියානු සමාජ ක්‍රමය අනුව 'පහත්' යැයි සම්මත කුලයකට අයත් කාන්තාවක්. නමුත් ඇය රජයේ සමාජ සේවිකාවක් විදිහට ගමේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනයක් කළා.

වර්ෂය 1992. භන්වාරි දේවීට ආරංචි වෙනවා ගමේ ඉහළ කුලයක පවුලක තමන්ගේ මාස 09ක් වුණු කිරි බිළිඳියව, අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකුට විවාහ කරලා දෙන්නයි.

මේක අහනකොට ඔයාටත් පුදුම හිතෙන්න පුළුවන්. ඒත් ඒ කාලේ හැටියට මේක සම්ප්‍රදායිකව කරපු "සංකේතාත්මක විවාහයක්" විතරයි. මේ දරුවෝ දෙන්නා එකට ජීවත් වෙන්නේ නැහැ, ගැහැණු දරුවා වැඩිවියට පත් වුණාට පස්සේ තමයි සැමියාගේ ගෙදරට යන්නේ.

ළමා විවාහ කියන්නේ නීතියෙන් තහනම් දෙයක්. ඉතින් ඇය ගිහින් මේ විවාහය නවත්වන්න කියලා ඒ පවුලේ අයට පැහැදිලි කළා.

නමුත් ඉහළ කුලයේ මිනිස්සුන්ට මේක පෙනුණේ තමන්ගේ තත්වයට කරපු ලොකු නිග්‍රහයක් විදිහට. "පහත් කුලයක ගෑණියෙක් කොහොමද අපිට උපදෙස් දෙන්නේ?" කියන උඩඟුකම ඒ අයගේ ඔළුවල වැඩ කළා.

මේ සිදුවීමෙන් පස්සේ ඔවුන් භන්වාරි දේවී එක්ක ලොකු වෛරයකින් හිටියේ. දවසක් ඇය තමන්ගේ සැමියා එක්ක කුඹුරේ වැඩ කර කර ඉන්නකොට මේ ඉහළ කුලයේ පිරිමි පස් දෙනෙක් එතනට කඩා වැදුණා.

ඔවුන් ඇගේ සැමියාව බිමට සමතලා කරලා, ඔහුට හොඳටම පහර දුන්නා. ඊටපස්සේ ඒ සැමියා බලාගෙන ඉද්දීම, ඒ අසරණ මනුස්සයාගේ කෑගැහිලි මැද්දේ, ඒ තිරිසන්නු පස්දෙනා ඇයව සමූහ දූෂණයකට ලක් කළා.

මේ සිදුවීමෙන් පස්සේ ඇය කඩාගෙන වැටුණේ නැහැ. ඇය නීතියේ පිහිට පතන්න තීරණය කළා. තමන්ට වුණු අසාධාරණය වෙනුවෙන් ඇය උසාවි ගියා.

නමුත් පහළ උසාවියෙන් ලැබුණු තීන්දුව මුළු ඉන්දියාවම කම්පනයට පත් කළා. ඒ විනිසුරුවරයා මේ අපරාධකරුවන් පස්දෙනාවම කිසිදු දඬුවමක් නොදී නිදහස් කළා.

ඒකට විනිසුරුවරයා දීපු හේතුව ඇහුවොත් ඔයාටත් පුදුම හිතේවි. "ඉහළ කුලයක ගෞරවනීය පිරිමින්ට, පහත් කුලයක කාන්තාවක්ව දූෂණය කරන්න බැහැ" කියලයි ඔහු කිව්වේ.

තමන්ගේ ඇස් ඉස්සරහා තමන්ගේ බිරිඳව දූෂණය කරපු හැටි දැකපු සැමියෙකුටත්, ඒ වේදනාව විඳපු බිරිඳකටත් ඒ තීන්දුව කොයි තරම් නම් වේදනාවක් ගෙනෙන්න ඇත්ද? නීතිය කියන දේ සල්ලි වලටයි, කුලයටයි එදා යට වුණා.

නමුත් මේ අසාධාරණය එතනින් යටපත් වුණේ නැහැ. මුළු රටේම ඉන්න කාන්තා සංවිධාන මේ අප්‍රසන්න තීන්දුවට එරෙහිව පාරට බැස්සා.

ඒ අතරින් "විශාකා" (Vishaka) කියන කාන්තා සංවිධානය ඇතුළු තවත් කණ්ඩායම් කීපයක් කෙළින්ම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට (Supreme Court) පෙත්සමක් ගොනු කළා.

ඔවුන් ගියේ හරිම බුද්ධිමත් විදිහකට. මේක නිකම්ම ස්ත්‍රී දූෂණ නඩුවක් විදිහට නෙවෙයි ඔවුන් ඉදිරිපත් කළේ. භන්වාරි දේවී මේ අතවරයට ලක් වුණේ ඇය "රජයේ සේවිකාවක් විදිහට තමන්ගේ රාජකාරිය කරමින් ඉන්න අතරතුර" කියන එක ඔවුන් පෙන්වා දුන්නා.

Ad Space - in-article (300x250)

ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ "වැඩබිම තුළ සිදුවන ලිංගික හිංසනයන්" (Workplace sexual harassment) ගැන කිසිම නීතියක් තිබුණේ නැහැ. මේ අඩුව පෙන්වලා දීලා ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියා.

එතනදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පියවරක් ගත්තා. පාර්ලිමේන්තුවෙන් නීතියක් හදනකම් බලාගෙන ඉන්නේ නැතුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නීති මාලාවක් නිර්මාණය කළා.

ඒක අදටත් නීති ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ "Vishaka Guidelines" (විශාකා මාර්ගෝපදේශ) කියන නමින්. 1997 ඉඳන් අවුරුදු 16ක් පුරාවටම ඉන්දියාවේ වැඩබිමක කාන්තාවකට වෙන ලිංගික හිංසනයකට එරෙහිව තිබුණු එකම නීතිය වුණේ මේකයි.

පසුව 2013 අවුරුද්දේදී තමයි ඉන්දීය පාර්ලිමේන්තුව මේ මාර්ගෝපදේශ පදනම් කරගෙන විධිමත් පනතක් (Sexual Harassment of Women at Workplace Act) සම්මත කරගත්තේ.

අද ඉන්දියාවේ ලොකුම සමාගමක වැඩ කරන නිලධාරිනියකගේ ඉඳන් සාමාන්‍ය කම්කරු කාන්තාවක් දක්වා හැමෝටම වැඩබිම ඇතුළේ යම් හෝ ආරක්ෂාවක් ලැබිලා තියෙන්නේ මේ තීරණය නිසයි.

නමුත් මේ කතාවේ තියෙන කටුකම ඇත්ත මොකක්ද දන්නවාද? මේ මුළු රටකම නීතියක් හැදෙන්න හේතු වුණු භන්වාරි දේවීට අද වෙනකම් යුක්තිය ඉටු වෙලා නැහැ. ඇයට වධ දුන්නු ඒ අපරාධකරුවන් අදටත් නිදැල්ලේ ඉන්නවා.

ඇයට කවදාවත් ඇගේ කඳුළු වලට සාධාරණයක් ලැබුණේ නැහැ. ඒත් ඇය වැටුණු ඒ කඳුළු බිංදු වලින්, අද කෝටි ගාණක් කාන්තාවන්ගේ ඇස් වල කඳුළු පිහදාන්න පුළුවන් ප්‍රබල නීතියක් නිර්මාණය වුණා.

කාන්තාවක් විදිහට තමන් වැඩ කරන තැනදී, මහපාරේදී කොයි තරම් නම් හිරිහැර වලට මුහුණ දෙන්න වෙනවාද? ගොඩක් වෙලාවට රැකියාව නැතිවෙයි කියන බයට, සමාජයෙන් එන නින්දාවට බයේ ඒ වගේ දේවල් කාටවත් නොකියා හංගගෙන ඉන්න අය තමයි අදටත් වැඩිපුරම ඉන්නේ.

ඒත් භන්වාරි දේවී එහෙම කළේ නැහැ. ඇය තමන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් නැගී හිටියා. මුළු සමාජයක්ම ඇයට ඇඟිල්ල දික් කරද්දී, නීතිය පවා ඇයව ප්‍රතික්ෂේප කරද්දී ඇය තමන්ගේ සටන අත්හැරියේ නැහැ.

ඇගේ ඒ නොසැලෙන ධෛර්යය නොතිබෙන්න අදටත් ඉන්දියාවේ මිලියන ගණනක් කාන්තාවන් වැඩබිම තුළ අසරණ වෙලා ඉන්න ඉඩ තිබුණා. එක මනුස්සයෙක්ගේ හඬකට, එක ගැහැණියකගේ හයියකට මුළු ලෝකයක්ම වෙනස් කරන්න පුළුවන් කියන එකට මීට වඩා හොඳ උදාහරණයක් තවත් නැහැ.

අදටත් තමන්ගේ ගමේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන භන්වාරි දේවී දන්නේ නැතුව ඇති ඇය මේ ලෝකේ කොයි තරම් ලොකු වෙනසක් කළාද කියලා. ඒත් ඉතිහාසය කවදාවත් ඇයව අමතක කරන්නේ නැහැ.

"නීතියක් නැහැ, සිස්ටම් එක අවුල්" කියලා අපි කීපාරක් නම් අසාධාරණයන් ඉස්සරහා ඇස් කන් පියාගෙන ඉඳලා ඇත්ද? ඒත් ඇය තමන්ගේ තුවාල වලට අඬ අඬා හිටියේ නැහැ. ඇය කෙළින්ම සිස්ටම් එකට අභියෝග කළා.

සමහරවිට ලෝකය වෙනස් කරන්න ලොකු බලයක් ඕනේ නැහැ. තමන්ට වුණු අසාධාරණය වෙනුවෙන් පාරට බැහැපු එක අසරණ ගැහැනියක්, මුළු රටකම නීතිය වෙනස් කළා නම්, එක හඬකට පුළුවන් ලොකු වෙනසක් කරන්න. ඒ නිසා අසාධාරණය වෙනුවෙන් කතා කරන්න කවදාවත් බිය වෙන්න එපා.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

🎬 ලෝකයෙන් හැංගුණු මේ වගේ තවත් ඇඟ කිලිපොළා යන සත්‍ය කතා සහ අබිරහස් සිදුවීම් ගැන මුල සිට අගට කියවන්න ඔබත් ආසද? එහෙනම් අදම අපේ nokikatha . com වෙබ් අඩවියට ගොඩවෙන්න!

⚖️ තමන්ට යුක්තිය නොලැබුණු ගැහැණියක්, කෝටි ගාණකට යුක්තිය අරන් දුන් හැටි... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න