Ad Space - leaderboard (728x90)

"මුළු ගෙදරම ගිනි ගත්තා... ළමයි 5 දෙනෙක් කාමරේ හිරවුණා... ඒත් ගින්න නිවෙද්දී එකම එක ඇටකටුවක්වත් ඉතුරු වෙලා තිබුණේ නෑ! - න...

🔍 අභිරහස්2025 ඉල් 264 min read
"මුළු ගෙදරම ගිනි ගත්තා... ළමයි 5 දෙනෙක් කාමරේ හිරවුණා... ඒත් ගින්න නිවෙද්දී එකම එක ඇටකටුවක්වත් ඉතුරු වෙලා තිබුණේ නෑ! - න...

"මුළු ගෙදරම ගිනි ගත්තා... ළමයි 5 දෙනෙක් කාමරේ හිරවුණා... ඒත් ගින්න නිවෙද්දී එකම එක ඇටකටුවක්වත් ඉතුරු වෙලා තිබුණේ නෑ! - නත්තල් දා සිදුවූ 'සොඩර්' පවුලේ අභිරහස" 😭🎄

වෙනදා වගේම එදා රෑත් තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවේ දරුවන්ට ටොෆි, චොකලට් මල්ලකුත් අරගෙන. නත්තල් දවස නිසා මුළු ගෙදරම පිරිලා තිබුණේ දරුවන්ගේ හිනා සද්දෙන්. නමුත් කවුරුත් හිතුවේ නෑ තව පැය කිහිපයකින් මේ මුළු ජීවිතයම අළු ගොඩක් බවට පත් වෙයි කියලා. මේ ඔබ අහන්න යන්නේ ලෝකයේ අම්මලා තාත්තලාගේ පපුව හෝස් ගාලා පත්තු වෙන, අදටත් විසඳගන්න බැරි වුණු ලෝකයේ ලොකුම අභිරහසක්. මෙය මිනීමැරුමක්ද? දෛවයේ සරදමක්ද? නැත්නම් අපි නොහිතන භයානක පැහැරගැනීමක්ද?

කාලය 1945 වසරේ දෙසැම්බර් 24 වැනිදා. නත්තලට කලින් දවස. මුළු ඇමෙරිකාවම හිමෙන් වැහිලා. වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ෆේයෙට්විල් කියන ප්‍රදේශයේ ලස්සන ලී ගෙදරක ජීවත් වුණා 'සොඩර්' (Sodder) පවුල. තාත්තා ජෝර්ජ් සහ අම්මා ජෙනී කියන්නේ දරුවන්ට පණ වගේ ආදරය කරපු දෙන්නෙක්. ඔවුන්ට දරුවන් 10 දෙනෙක් හිටියා. එදා රෑ කෑමෙන් පස්සේ, පොඩි ළමයි 5 දෙනෙක් (මොරිස්, මාතා, ලුවිස්, ජෙනී සහ බෙටී) "අම්මේ අපි උඩ තට්ටුවේ කාමරේට ගිහින් නිදාගන්නවා" කියලා උඩට ගියා. දෙමාපියන් සහ අනිත් දරුවන් පහළ මාලයේ නිදාගත්තා. මුළු පළාතම හරිම නිස්කලංකයි.

නමුත් පාන්දර 1.00ට විතර හදිසියේම ගෙදර දුරකථනය නාද වුණා. මේ මහ රෑ කවුද? අම්මා ජෙනී නිදිමතේම ඇහැරිලා ගිහින් ෆෝන් එක ඉස්සුවා. එහා පැත්තෙන් ඇහුණේ කාන්තාවකගේ කටහඬක්. ඇය කාටදෝ කතා කරනවා වගේ නමක් කිව්වා. ජෙනී කිව්වා "ඔයාට නම්බර් එක වැරදිලා" කියලා. එතකොටම අර ගැහැණු කෙනා දුරකථනයෙන් හයියෙන් හිනා වුණා. ඒ හිනාව හරිම අමුතුයි, විකෘති හිනාවක්. ජෙනී බයෙන් ෆෝන් එක තිබ්බා. ඇය ආපහු ඇඳට යන්න හදද්දී දැක්කා සාලේ ලයිට් එක පත්තු වෙනවා. මොකක්ද කියලා බලන්න යද්දී ඇය දැක්කේ ෆියුස් පෙට්ටියෙන් ගිනි පුපුරු විසි වෙනවා. ඇය කෑ ගහන්නත් කලින්... තත්පර ගාණක් ඇතුළත මුළු ගෙදරම ගිනි ගන්න පටන් ගත්තා!

"මගේ ළමයි! මගේ ළමයි ටික උඩ!" ජෝර්ජ් කෑ ගැහුවා. ඔහුට ඕන වුණේ ඉණිමගක් තියලා උඩ කාමරේ ජනේලෙන් ඒ දරුවන් 5 දෙනාව එළියට ගන්න. ඔහු දුවගෙන ගියා ඉණිමග තියෙන තැනට. පුදුමය කියන්නේ... අවුරුදු ගාණක් එකම තැන තිබුණු ඉණිමග එතන නෑ! කවුරුහරි ඒක උස්සලා! ජෝර්ජ්ට පිස්සු වගේ. ඔහු දිව්වා තමන්ගේ ලොරි රථය ගාවට. ඔහු හිතුවේ ලොරිය ජනේලය යටට අරන්, ලොරිය උඩට නැගලා ජනේලෙන් ඇතුළට යන්න. ඔහු ලොරිය ස්ටාර්ට් කළා. ඊයේ හොඳට වැඩ කරපු ලොරිය එදා ස්ටාර්ට් වුණේ නෑ! අනෙක් ලොරිය බැලුවා. ඒකත් ස්ටාර්ට් නෑ! හරියට කවුරු හරි කලින් ඇවිත් ඒවයේ එන්ජින් කේබල් කපලා වගේ. ජෝර්ජ් සහ ජෙනී, තමන්ගේ දරුවෝ 5 දෙනෙක් ඇස් ඉස්සරහ පණ පිටින් පිච්චෙන හැටි බලාගෙන පපුවේ අත් ගගහා කෑ ගැහුවා. මුළු ගෙදරම අළු වුණා.

පහුවදා උදේ... ගින්න නිවුණා. ගිනි නිවන භටයෝ සහ පොලීසිය ආවා. ඔවුන් අළු ගොඩ හාරලා බැලුවේ දරුවන්ගේ මළ සිරුරු හොයන්න. නමුත් මුළු ලෝකයම මවිත වුණේ එතැනදියි. අළු ගොඩේ... එකම එක දරුවෙක්ගේවත් ඇට කෑල්ලක්, දතක් හෝ ශරීර කොටසක් තිබුණේ නෑ! ගෙදර තිබුණු ලිප්, යකඩ බඩු පවා ඉතුරු වෙලා තිබුණා. නමුත් මස් වලින් හැදුණු ළමයි 5 දෙනෙක්ගේ ඇටකටු වාෂ්ප වෙන්න පුළුවන්ද?

පොලීසිය කිව්වේ "ගින්න සැර වැඩි නිසා ඇටකටුත් එක්කම අළු වෙන්න ඇති" කියලයි. නමුත් තාත්තා, ජෝර්ජ් ඒක විශ්වාස කළේ නෑ. ඔහු කළේ පිස්සු හැදෙන වැඩක්. ඔහු සත්තුන්ගේ අමු ඇටකටු ගොඩක් ගෙනල්ලා, තමන්ගේ වත්තේ ලොකු ගින්නක් ගහලා පැය ගාණක් පිච්චුවා. ගින්න නිවුණම බැලුවා... ඇටකටු එහෙමම තියෙනවා! අළු වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි, ආදාහනාගාරයක (Crematorium) මිනියක් පුච්චන්න සෙල්සියස් 2000ක රස්නයක් පැය 2ක් තියෙන්න ඕන. ලී ගෙදරක් ගිනි ගත්තම එච්චර රස්නයක් එන්නේ නෑ. ජෝර්ජ් තේරුම් ගත්තා එක දෙයක්: "මගේ ළමයි පිච්චුනේ නෑ... ගෙදර ගිනි ගන්න කලින් කවුරු හරි උන්ව එළියට අරන්!"

තවත් සාක්ෂියක් මතු වුණා. ඒ පාරේ ගිය බස් රියදුරෙක් දැකලා තිබුණා, ගින්න පටන් ගන්න වෙලාවේ කවුරු හරි වහලේ උඩට "ගිනි බෝල" (Fireballs) වගයක් විසි කරනවා. ඒ කියන්නේ මේක හිතාමතාම කරපු දෙයක්! දෙමාපියන් FBI එකට කතා කළා. FBI ප්‍රධානියා උදව් කරන්න කැමති වුණා. හැබැයි ෆේයෙට්විල් වල හිටපු ප්‍රාදේශීය පොලීසිය FBI එකට එන්න දුන්නේ නෑ. ඇයි ඒ? පොලීසිය මොනවද හංගන්නේ?

Ad Space - in-article (300x250)

වසර ගණනාවක් ගියා. ජෝර්ජ් සහ ජෙනී තමන්ගේ ඉඩමේ ලොකු බෝඩ් එකක් ගැහුවා ළමයින්ගේ පින්තූර දාලා. "මේ ළමයි හොයලා දෙන කෙනෙක්ට ඩොලර් 10,000ක් දෙනවා" කියලා. අවුරුදු 20කට පස්සේ... 1968 දී ජෙනීට අමුතු ලියුමක් ආවා. ඒකේ ලිපිනයක් තිබුණේ නෑ. ලියුම් කවරය ඇතුලේ තිබුණේ ඡායාරූපයක් විතරයි. ඒ ඡායාරූපයේ හිටියේ අවුරුදු 25ක විතර තරුණයෙක්. ඒ පින්තූරේ පිටිපස්සේ ලියලා තිබුණා: "Louis Sodder. I love brother Frankie." ඒ පින්තූරේ හිටියේ එදා අතුරුදහන් වුණු අවුරුදු 9ක් වයසැති 'ලුවිස්' ගේම මූණ! ඇස්, කන්, නහය... ඔක්කොම සමානයි.

ජෝර්ජ් ඒ පින්තූරේ අරන් මුළු ඇමෙරිකාවම හෙව්වා. පුද්ගලික රහස් පරීක්ෂකයෝ දැම්මා. ඒත් ලුවිස්ව හම්බුණේ නෑ. අන්තිමට ඒ අහිංසක තාත්තා මැරෙනකම්ම බලාගෙන හිටියේ තමන්ගේ දරුවෝ කවදා හරි ගේට්ටුවෙන් ඇතුළට එයි කියලා. අම්මා මැරෙනකම්ම ගෙදර කළු ඇඳුම් අඳින්න දුන්නේ නෑ, මොකද ඇය විශ්වාස කළා දරුවෝ මැරුණේ නෑ කියලා.

අදටත් මේක නොවිසඳුණු අභිරහසක්. ළමයි 5 දෙනාට මොකද වුණේ? සමහරු කියනවා ළමයින්ව ඉතාලියට පැහැරගෙන ගියා කියලා. සමහරු කියනවා ඒක දේශපාලන පළිගැනීමක් කියලා. කොහොම වුණත්, නත්තල් දවසේ රෑ ගෙදරින් එළියට ගිය ඒ දරුවෝ ආයේ කවදාවත් ගෙදර ආවේ නෑ.

👇 ඔබ හිතන්නේ මොකද? ඇටකටු අළු වුණාද? නැත්නම් කවුරු හරි ගිනි තියලා ළමයින්ව පැහැරගත්තාද?

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

"මුළු ගෙදරම ගිනි ගත්තා... ළමයි 5 දෙනෙක් කාමරේ හිරවුණා... ඒත් ගින්න නිවෙද්දී එකම එක ඇටකටුවක්වත් ඉතුරු වෙලා තිබුණේ නෑ! - න... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 කැමරා ඉදිරිපිටින් දිවගොස් අතුරුදන් වූ ජර්මානු තරුණයා: ඔහු පණ බේරාගන්නට දිව්වේ කාගෙන්ද? 🚨
🔍 අභිරහස්
3 min

🚨 කැමරා ඉදිරිපිටින් දිවගොස් අතුරුදන් වූ ජර්මානු තරුණයා: ඔහු පණ බේරාගන්නට දිව්වේ කාගෙන්ද? 🚨

🚨 කැමරා ඉදිරිපිටින් දිවගොස් අතුරුදන් වූ ජර්මානු තරුණයා: ඔහු පණ බේරාගන්නට දිව්වේ කාගෙන්ද? 🚨 අදාළ CCTV වීඩියෝව පළමු කමෙන්ට් එකෙන් නරඹන්න. 👇 සිතන්න, ඔබ සම්පූර්ණයෙන්ම නාඳුනන රටක තනි වී සිටිනවා කියා. හද...

කියවන්න
🚨 පොලිස් ඇඳුමින් ඇතුළු වී විනාඩි 81කින් ඩොලර් මිලියන 500කට වැඩි කලා කෘති අතුරුදන් කළ ලෝකයේ විශාලතම නොවිසඳුණු කලා සොරකම ...
🔍 අභිරහස්
4 min

🚨 පොලිස් ඇඳුමින් ඇතුළු වී විනාඩි 81කින් ඩොලර් මිලියන 500කට වැඩි කලා කෘති අතුරුදන් කළ ලෝකයේ විශාලතම නොවිසඳුණු කලා සොරකම ...

🚨 පොලිස් ඇඳුමින් ඇතුළු වී විනාඩි 81කින් ඩොලර් මිලියන 500කට වැඩි කලා කෘති අතුරුදන් කළ ලෝකයේ විශාලතම නොවිසඳුණු කලා සොරකම 🚨 එදා 1990 මාර්තු 18 වැනිදා. මුළු බොස්ටන් නුවරම ගැඹුරු නින්දකට වැටී නිහඬ වී තිබ...

කියවන්න
🚨 කාමරයකට ඇතුළු වූ මිනිසෙක් වාෂ්ප වී ගියේ කෙසේද? CCTV කැමරා ඉදිරියේම සිදුවූ ලෝකයේ අද්භූතම අතුරුදහන් වීම!
🔍 අභිරහස්
7 min

🚨 කාමරයකට ඇතුළු වූ මිනිසෙක් වාෂ්ප වී ගියේ කෙසේද? CCTV කැමරා ඉදිරියේම සිදුවූ ලෝකයේ අද්භූතම අතුරුදහන් වීම!

🚨 කාමරයකට ඇතුළු වූ මිනිසෙක් වාෂ්ප වී ගියේ කෙසේද? CCTV කැමරා ඉදිරියේම සිදුවූ ලෝකයේ අද්භූතම අතුරුදහන් වීම! අපි හැමෝම හිතන්නේ අපේ වටේට ආරක්ෂිත කැමරා තියෙනකොට අපි සම්පූර්ණයෙන්ම සුරක්ෂිතයි කියලා. අපේ හැම ...

කියවන්න
🛸Area 51: ඇමරිකානු රජය වසර 58ක් මුළුල්ලේ ලෝකයෙන්ම වසන් කළ, කාන්තාරය මැද සැඟවුණු අඳුරු රහස 🛸
🔍 අභිරහස්
11 min

🛸Area 51: ඇමරිකානු රජය වසර 58ක් මුළුල්ලේ ලෝකයෙන්ම වසන් කළ, කාන්තාරය මැද සැඟවුණු අඳුරු රහස 🛸

🛸Area 51: ඇමරිකානු රජය වසර 58ක් මුළුල්ලේ ලෝකයෙන්ම වසන් කළ, කාන්තාරය මැද සැඟවුණු අඳුරු රහස 🛸 අහසේ ඉතා ඉහළින් කිසිදු ශබ්දයකින් තොරව පියාසර කරන අද්භූත දේවල් ගැන ඔබ අසා තිබෙනවාද? වෙඩි උණ්ඩවලින් සහ සන්නද...

කියවන්න
⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම ...
🔍 අභිරහස්
5 min

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම ...

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම කම්පනය කළ ඒ ඇඟ කිලිපොළා යන අබිරහස! අයර්ලන්තයේ ගෝල්වේ ප්‍රාන්තයේ තියෙන ටුවාම් (Tu...

කියවන්න
🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️
🔍 අභිරහස්
4 min

🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️

🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️ ගිය අවුරුද්දේ (2025) මුළු ලෝකයම කම්පනය කරපු 'එයාර් ඉන්ඩියා' බිහිසුණු ගුවන් අනතුර ගැන නම් ...

කියවන්න