Ad Space - leaderboard (728x90)

කෝටි ගාණක් දීලා ගත්ත සිහින මාළිගාවට "අපායෙන්" ලියුම් එවපු අබිරහස් "වොචර්"! (The Watcher) 🇺🇸🏠✉️👀

🔍 අභිරහස්2025 උඳුවප් 186 min read
කෝටි ගාණක් දීලා ගත්ත සිහින මාළිගාවට "අපායෙන්" ලියුම් එවපු අබිරහස් "වොචර්"! (The Watcher) 🇺🇸🏠✉️👀

කෝටි ගාණක් දීලා ගත්ත සිහින මාළිගාවට "අපායෙන්" ලියුම් එවපු අබිරහස් "වොචර්"! (The Watcher) 🇺🇸🏠✉️👀

අපි හැමෝගෙම ලොකුම හීනයක් තමයි කවදාහරි අපේම කියලා ලස්සන ගෙයක් ගන්න එක. ඇමරිකාවේ නිව් ජර්සි (New Jersey) වල ජීවත් වුණ ඩෙරෙක් සහ මරියා (Derek & Maria Broaddus) කියන යුවළටත් ඒ හීනය තිබුණා. 2014 අවුරුද්දේ දවසක ඒ හීනය හැබෑ වුණා. ඔවුන් වෙස්ට්ෆීල්ඩ් කියන හරිම සාමකාමී, පොහොසත් නගරයෙන් මහා මන්දිරයක් වගේ ගෙයක් මිලදී ගත්තා. මේ ගෙදර අංකය "657 Boulevard". කාමර 6ක් තියෙන, ලී වලින් හදපු මේ ලස්සන මාළිගාව ගන්න ඔවුන් ඩොලර් මිලියන 1.3ක් (රුපියල් කෝටි 40ක් විතර) වියදම් කළා. ඔවුන් හිතුවේ "අපේ දරුවෝ තුන් දෙනාට හැදෙන්න මේක තමයි ලෝකේ හොඳම තැන" කියලා.

ඒත් ඔවුන් දැනගෙන හිටියේ නෑ, තමන් මිලදී ගත්තේ ගෙයක් නෙවෙයි, "ජීවමාන නිරයක්" බව.

සිද්ධිය පටන් ගත්තේ ගේ අරගෙන දවස් 3කට පස්සේ. ඩෙරෙක් ගෙදර අලුත්වැඩියා කටයුතු බලන්න ගිය වෙලාවක ලෙටර් බොක්ස් එකේ තිබිලා සුදු පාට ලියුම් කවරයක් හම්බුණා. ඒකේ ලස්සන අත් අකුරින් ලියලා තිබුණේ "නව හිමිකරුවා වෙත" කියලා විතරයි. ඩෙරෙක් ඒක කැඩුවා. ඒක ඇතුලේ තිබුණේ සුබ පැතුමක් නෙවෙයි. ඒක කියවපු ඩෙරෙක්ගේ කොඳු ඇට පෙළ දිගේ හීතලක් ගියා.

ඒ ලියුම පටන් ගත්තේ මෙහෙමයි: "ආදරණීය අලුත් අසල්වැසියනි... 657 Boulevard නිවසට සාදරයෙන් පිළිගනිමි. මගේ සීයා 1920 ගණන් වල මේ ගෙදර දිහා බලාගෙන හිටියා. මගේ තාත්තා 1960 ගණන් වල මේ ගෙදර දිහා බලාගෙන හිටියා. දැන්... මේ ගෙදර දිහා බලාගෙන ඉන්න වාරය මගේ. ඔයාලා ඇයි මෙහාට ආවේ? ඔයාලා දන්නවද මේ ගෙදර බිත්ති ඇතුලේ තියෙන ඉතිහාසය? මම බලාගෙන ඉන්නවා..."

ලියුම ඉවර කරලා තිබුණේ නමකින් නෙවෙයි. "The Watcher" (බලා සිටින්නා) කියලා විතරයි.

ඩෙරෙක් බය වුණා. එයා ඉක්මනට පොලිසියට කතා කළා. ඊළඟට කලින් හිටපු අයිතිකාරයන්ට (The Woods family) කතා කළා. ඒ අය කිව්වා "අපි මෙහේ අවුරුදු 23ක් හිටියා. කවදාවත් ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි අපි ගේ විකුණන්න දවස් කීපයකට කලින් අපිටත් ඔය වගේ විකාර ලියුමක් ආවා. අපි ඒක කුණු කූඩෙට දැම්මා" කියලා.

පොලිසිය හිතුවේ මේක කවුරු හරි ළමයෙක් කරන විහිළුවක් කියලා. ඒත් සති දෙකකට පස්සේ ආපු දෙවැනි ලියුම දැක්කම පොලිසියේ අයත් ගැහෙන්න ගත්තා. මේ පාර ලියුම හරිම දරුණුයි. ඒක එවපු කෙනා (Watcher) ඩෙරෙක් සහ මරියා ගැන විතරක් නෙවෙයි, එයාලගේ පොඩි දරුවෝ තුන් දෙනා ගැනත් හොඳටම දැනගෙන හිටියා.

"ඔයාලා ඔයාලගේ දරුවන්ව මේ ගෙදරට ගෙනාව එක ගැන මම සතුටු වෙනවා. මම කලින් වතාවෙත් ඉල්ලුවේ ඒකයි. මේ ගෙදරට 'අලුත් ලේ' (Young Blood) ඕන වෙලා තිබුණේ. ඔයාලා එයාලගේ නම් දන්නවද? මම දැක්කා ඔයාලගේ දුව අර චිත්‍ර අඳින කාමරේ ඉන්නවා..."

ඒ ලියුමේ තිබුණ භයානකම කොටස මේකයි: "ඔයාලා තාම ගෙදර බේස්මන්ට් එක දැක්කේ නැද්ද? එතන බිත්ති අස්සේ මොනවද තියෙන්නේ කියලා බැලුවද? ළමයි එතන සෙල්ලම් කරන්න බය වෙයි... ඔයාලා උඩ තට්ටුවේ නිදාගෙන ඉද්දි, ඔයාලට ඇහෙයිද ළමයි බේස්මන්ට් එකෙ ඉඳන් කෑ ගහන සද්දේ? මම නම් ඒක අහන්න ආසාවෙන් ඉන්නේ..."

ඩෙරෙක් සහ මරියාට පිස්සු හැදෙන්න වගේ ආවා. කවුද මේ යකා? මූ කොහොමද ළමයින් දන්නේ? මූ කොහොමද ගේ ඇතුලේ වෙන්නේ මොනවද කියලා දන්නේ? ඔවුන් ගේ ඇතුලේ කැමරා හැමතැනම දැම්මා. FBI එකේ වැඩ කරපු රහස් පරීක්ෂකයෝ ගෙන්නුවා. ගේ වටේ ඉන්න අසල්වැසියෝ ගැන හෙව්වා. මේ අබිරහස විසඳන්න ගිය පොලිසියේ ඇස් යොමු වුණේ මේ නිවසට යාබදව තිබුණ පරණ ගෙදරක හිටපු 'ලැන්ග්ෆර්ඩ්' (Langford) පවුල දිහාට. ඒ ගෙදර ජීවත් වුණේ අවුරුදු 90ක වියපත් ආච්චි කෙනෙක් සහ ඇයගේ අවුරුදු 60ක් වයසැති පුතා විතරයි. මේ පුතා ගැන මුළු පළාතෙම තිබුණේ හරිම අමුතු කතා. ඔහු දවස පුරාම ගෙදරින් එළියට නොබැස ඉන්න, මිනිස්සුන්ව ආශ්‍රය නොකරන හරිම අද්භූත චරිතයක්. සමහර වෙලාවට ඔහු හේතුවක් නැතුව අර අලුත් ගෙදර දිහා බලාගෙන ඉන්නවා, රෑට ගෙවල් අස්සේ රස්තියාදු වෙනවා කියලා අසල්වැසියෝ දැකලා තිබුණා.

ඒ විතරක් නෙවෙයි, පරීක්ෂණ අතරතුර පොලිසියට තවත් පිස්සු හැදෙන හෝඩුවාවක් හම්බුණා. ඒ පාරේම හිටපු වෙනත් තරුණ කොල්ලෙක් රෑ එළි වෙනකම් වීඩියෝ ගේම් ගහන පුරුද්දක් තිබුණා. පුදුම හිතෙන දේ කියන්නේ, ඒ ඔන්ලයින් ගේම්ස් වලදී එයා එයාගේ චරිතයට දාලා තිබුණ නම තමයි 'The Watcher'!

පොලිසිය හිතුවේ 'හරි බඩු මාට්ටු, මූ තමයි මේක කරන්නේ' කියලා. ඒත් ප්‍රශ්නය වුණේ මේ කාටවත් විරුද්ධව එකම එක සාක්ෂියක්වත් හොයාගන්න බැරි වුණ එකයි. DNA මැච් වුණේ නෑ. ඇඟිලි සලකුණු නෑ. හරියට මේක කළේ මනුස්සයෙක් නෙවෙයි, හුළඟක් වගේ අදෘශ්‍යමාන බලවේගයක් වගේ.

Ad Space - in-article (300x250)

මේ අතරේ තුන්වෙනි ලියුම ආවා. "ඔයාලා කොහෙද හැංගිලා ඉන්නේ? ඇයි තාම 'අලුත් ලේ' ටික (ළමයි) ගෙදරට ගෙනාවේ නැත්තේ? ගෙදරට බඩගිනියි..."

බ්‍රෝඩස් පවුලේ බිය කොච්චර දරුණු වුණාද කියනවා නම්, රුපියල් කෝටි 40ක් (ඩොලර් මිලියන 1.3ක්) වියදම් කරලා, ජීවිත කාලෙම හම්බ කරලා ගත්ත ඒ මහා මන්දිරයේ, අඩුම තරමේ එකම එක රැයක්වත් පහන් කරන්න ඔවුන්ට හයියක් තිබුණේ නෑ.

හිතන්න... තමන්ගේ ජීවිතේ ලොකුම හීනය හැබෑ කරගෙන ගත්ත ගෙදර, අන්තිමට තමන්ටම යන්න බැරි 'තහනම් කලාපයක්' වෙනකොට ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇද්ද? අලුත ගත්ත ගෘහ භාණ්ඩ, ළමයින්ගේ සෙල්ලම් බඩු ඔක්කොම ඒ ගෙදර වේලි වේලි තියෙද්දි, ඔවුන් පුංචි දරුවෝ තුන් දෙනාවත් කිහිල්ලේ ගහගෙන, ජීවිතේ බේරගන්න දුවනවා වගේ ඒ පළාතම අතහැරලා වෙනත් නගරයකට පැනලා ගියා.

මාස ගාණක් යනකම් ඩෙරෙක් සහ මරියා ජීවත් වුණේ මහා මානසික පීඩනයකින් (Severe Depression). ඔවුන්ට රෑට නින්ද ගියේ නෑ. ඔවුන් පාරේ යද්දිත්, කඩේකට ගියත් හැම වෙලේම ගැහි ගැහි පස්ස හැරිලා බැලුවා 'අර පිස්සා අපි පස්සෙන් ඇවිත්ද? එයා අපි දිහා බලාගෙන ඉන්නවද?' කියලා. ඔවුන්ට පාරේ දකින සාමාන්‍ය මිනිස්සුන්ව පවා පෙනුණේ යක්කු වගේ. 'මේ ඉන්නේ වොචර්ද? අර ඉන්නේ වොචර්ද?' කියන සැකය සහ බිය ඔවුන්ගේ මුළු ජීවිතේම විනාශ කරලා දැම්මා.

අන්තිමට ඔවුන් තීරණය කළා මේ "සාපලත් ගෙදර" විකුණලා දාන්න. ඒත් "Watcher" ගැන ආරංචිය මුළු රටේම පැතිරිලා නිසා කවුරුත් ගේ ගන්න ආවේ නෑ. සමහර අය හිතුවා ඩෙරෙක්ම මේ ලියුම් ලියාගත්තා කියලා (මොකද එයාට මේ ගේ ගත්ත එක ගැන පසුතැවීමක් තිබුණා කියලා කතාවක් ගියා). ඒත් ඒ ලියුම් වල තිබුණ කාන්තාවකගේ DNA එකක් ඩෙරෙක්ගේ පවුලේ කාටවත් මැච් වුණේ නෑ.

අවුරුදු 5කට පස්සේ, 2019 දී ඔවුන් මේ ගෙදර ඩොලර් 900,000කට වික්කා. ඒ කියන්නේ ලක්ෂ ගාණක මහා පාඩුවක් විඳගෙන.

අදටත්... 2025 වෙද්දිත්... "The Watcher" කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ. පොලිසිය ෆයිල් එක වැහුවා. ගෙදර ගත්ත අලුත් අයට තාම ලියුම් ආවේ නෑ කියනවා. සමහරවිට ඒ "වොචර්" තාමත් ඒ පාරේ අයිනක තියෙන ජනේලෙකින් එබිලා, 657 Boulevard ගෙදර දිහා බලාගෙන, අතේ පෑනක් තියාගෙන ඊළඟ බිල්ල එනකම් බලාගෙන ඇති.

මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? ලෝකේ ලස්සනම තැන, ආරක්ෂිතම තැන කියලා අපි හිතන් ඉන්න "නිවස" වුණත් අපායක් වෙන්න පුළුවන්. කවදාවත් නොදන්න පැතිවල ගෙවල් ගද්දි, ඒ ගෙදර ලස්සන විතරක් බලන්න එපා. ඒ ගෙදර ඉතිහාසය සහ "අසල්වැසියෝ" ගැනත් හොයලා බලන්න. මොකද... කවුරු ඔබ දිහා බලාගෙන ඉන්නවද කියලා ඔබ දන්නේ නෑ!

නිකමට හිතන්න... ඔබට ආසාවෙන් හදපු අලුත් ගෙදරට යද්දි මේ වගේ ලියුමක් ආවොත් ඔබ මොකද කරන්නේ? පොලිසියට කියනවද? ගේ දාලා යනවද? නැත්නම් ඒක එවපු එකාව හොයාගෙන යනවාද? 👇🏠😱

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#TheWatcher #TrueStory #Mystery #Creepy #Stalker #Netflix #RealLifeHorror #657Boulevard #SriLanka #Sinhala #NokeeKatha #නොකීකතා

කෝටි ගාණක් දීලා ගත්ත සිහින මාළිගාවට "අපායෙන්" ලියුම් එවපු අබිරහස් "වොචර්"! (The Watcher) 🇺🇸🏠✉️👀 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම ...
🔍 අභිරහස්
5 min

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම ...

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම කම්පනය කළ ඒ ඇඟ කිලිපොළා යන අබිරහස! අයර්ලන්තයේ ගෝල්වේ ප්‍රාන්තයේ තියෙන ටුවාම් (Tu...

කියවන්න
🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️
🔍 අභිරහස්
4 min

🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️

🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️ ගිය අවුරුද්දේ (2025) මුළු ලෝකයම කම්පනය කරපු 'එයාර් ඉන්ඩියා' බිහිසුණු ගුවන් අනතුර ගැන නම් ...

කියවන්න
🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ග...
🔍 අභිරහස්
Video
1 min

🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ග...

🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ගුවන් නියමුවාගේ පාපොච්චාරණය! 🛸 ඔබ මේ වීඩියෝවේ මුල් කොටසින් දකින්නේ 2004 වසරේදී U...

කියවන්න
🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️
🔍 අභිරහස්
4 min

🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️

🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️ පිටසක්වල ජීවීන් සහ පියාඹන පීරිසි එහෙමත් නැත්නම් UFO ගැන කතා අහද්දී අපිට මුලින්ම ...

කියවන්න
🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨
🔍 අභිරහස්
5 min

🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨

🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨 ඕස්ට්‍රේලියාවේ මධ්‍යම කාන්තාරයේ තියෙන 'උලුරු' (Uluru) කියන්නේ හරිම අද්භූත වගේම කර්...

කියවන්න
🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය..
🔍 අභිරහස්
5 min

🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය..

🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය.. හරියටම සවස 6.30 යි. ඒ 1964 අවුරුද්දේ සාමාන්‍ය, තරමක් ශීතල සැන්දෑවක්. ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ එල්මය...

කියවන්න