Ad Space - leaderboard (728x90)

"නිධානය ගන්න නම් 7 දෙනෙක් බිලි වෙන්න ඕන!" දැනට 6ක් ඉවරයි... ලෝකයේ දක්ෂම ඉංජිනේරුවන් පවා පරාජය කළ ඕක් දූපතේ ඇඟ හිරිවැටෙන ...

🔍 අභිරහස්2025 උඳුවප් 295 min read
"නිධානය ගන්න නම් 7 දෙනෙක් බිලි වෙන්න ඕන!" දැනට 6ක් ඉවරයි... ලෝකයේ දක්ෂම ඉංජිනේරුවන් පවා පරාජය කළ ඕක් දූපතේ ඇඟ හිරිවැටෙන ...

"නිධානය ගන්න නම් 7 දෙනෙක් බිලි වෙන්න ඕන!" දැනට 6ක් ඉවරයි... ලෝකයේ දක්ෂම ඉංජිනේරුවන් පවා පරාජය කළ ඕක් දූපතේ ඇඟ හිරිවැටෙන ඇත්ත කතාව. 💀💰

අපි පොඩි කාලේ ඉඳන් ඕන තරම් අහලා තියෙන්නේ නිධානයක් ගන්න නම් අනිවාර්යයෙන් බිල්ලක් දෙන්න ඕන කියලනේ. ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේවා නිකන් බොරු කතා කියලා. හැබැයි කැනඩාවේ තියෙන "ඕක් අයිලන්ඩ්" (Oak Island) කියන දූපත ගැන තියෙන පරණ අනාවැකියක් අදටත් මුළු ලෝකයම බියෙන් සලිත කරවනවා. ඒ අනාවැකිය තමයි "මේ දූපතේ හංගලා තියෙන මහා නිධානය මතු වෙන්න නම්, පුද්ගලයින් හත් දෙනෙක් මේ දූපතට බිලි වෙන්න ඕන" කියන එක. මේක නිකන්ම කතාවක් විතරක් නෙවෙයි, මොකද මේ වෙනකොට ඇත්තටම මිනිස්සු හය දෙනෙක් මේ නිධානය හොයන්න ගිහින් අවාසනාවන්ත විදියට ජීවිතෙන් වන්දි ගෙවලා ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ නිධානය මතුවෙන්න අවශ්‍ය කරන ඒ "අවසාන බිල්ල" විතරක් වෙන්න පුළුවන් ද?

මේ අබිරහස් කතාව පටන් ගන්නේ අද ඊයේ නෙවෙයි, මීට අවුරුදු 229 කට කලින්. හරියටම කිව්වොත් 1795 අවුරුද්දේ. ඩැනියෙල් මැක්ගිනිස් කියලා අවුරුදු 16ක කොල්ලෙක් මේ පාළු දූපතේ ඇවිදිනකොට දකිනවා හරි අමුතු දෙයක්. එක තැනක පොළව රවුමට ගිලා බැහැලා තියෙනවා වගේම, ඊට කෙලින්ම උඩින් තිබුණ පරණ ඕක් ගහක අත්තක කඹයක් දාපු "කප්පියක්" (Pulley) එල්ලලා තිබුණ ලකුණු එයා දකිනවා. මේක දැක්කම මේ කොල්ලට හිතුණේ මෙතන අනිවාර්යයෙන්ම මුහුදු මංකොල්ලකාරයෝ මොකක් හරි වටිනා දෙයක් හංගලා ඇති කියලා. ඉතින් එයා එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා මේක හාරන්න පටන් ගත්තා. හැබැයි එදා ඒ පටන් ගත්ත හෑරිල්ල අදටත් ඉවරයක් නෑ කියලා ඒ වෙලාවේ කවුරුත් හිතන්න නැතුව ඇති.

මේ කොල්ලෝ සෙට් එක අඩි 10ක් විතර යටට හාරද්දි එයාලට හම්බුණේ පස් නෙවෙයි, ඕක් ලීවලින් හදපු ශක්තිමත් වේදිකාවක්. ඒක කඩලා තව යටට හාරද්දි ආයේ අඩි 20දී තව වේදිකාවක්, අඩි 30දී තව එකක්... මේ විදියට හැම අඩි 10කට සැරයක්ම ලී වේදිකා හම්බුණා. මේකේ තියෙන පුදුම හිතෙනම කාරණේ ඒක නෙවෙයි. මේ පස් අතර තිබිලා එයාලට හම්බුණා "පොල් කෙඳි" (Coconut fiber) තොගයක්. හොඳට මතක තියාගන්න, කැනඩාව කියන්නේ සීතල රටක්. අඩුම තරමේ ඒ පැත්ත පළාතකවත් පොල් ගහක් හැදෙන්නේ නෑ. එහෙනම් මේ පොල් කෙඳි ආවේ කොහෙන්ද? මේක ඈත රටකින් නැව් මාර්ගයෙන් ආපු කවුරු හරි කරපු මහා පරිමාණ වැඩක් කියලා එදා තමයි මිනිස්සුන්ට මුලින්ම තේරුම් ගියේ. මේක නිකන්ම වලක් නෙවෙයි කියලා මිනිස්සුන්ට සැක හිතුණේ එතනදි.

කොහොම හරි මේක හාරගෙන අඩි 90ක් විතර යටට යද්දි ගවේෂකයින්ට හම්බුණා කියලා කියන්නේ අමුතු ගල් පුවරුවක්. ඒකේ කාටවත් නොතේරෙන අමුතු භාෂාවකින් මොනවදෝ ලියලා තිබුණා. ඉතිහාසයේ වාර්තා වලට අනුව මේකේ තේරුම විදියට සැලකෙන්නේ "තව අඩි 40ක් පහළින් පවුම් මිලියන දෙකක නිධානයක් ඇත" කියන එකයි. මේ ගල් පුවරුව පසුකාලීනව අතුරුදහන් වුණත්, මේ පණිවිඩය නිසා මිනිස්සුන්ට පුදුම ගැම්මක් ආවා. නිධානය අත ළඟ කියලා හිතාගෙන කට්ටිය තව වේගයෙන් හාරන්න පටන් ගත්තා. නමුත් එතනින් එහාට තමයි මේ නිධානය හංගපු කෙනාගේ නියම "මොළේ තරම" එළියට ආවේ. ඊළඟ දවසේ උදේ ඇවිත් බලද්දි මුළු වලම අඩි 60ක් විතර උසට මුහුදු වතුරෙන් පිරිලා තිබුණා. වතුර ඉසින්න ඉසින්න ආයේ පිරෙනවා. පස්සේ කාලෙක තමයි හොයාගත්තේ මේක ස්වභාවික වතුර පිරීමක් නෙවෙයි, මහා ඉංජිනේරුමය උගුලක් (Booby Trap) කියලා.

විද්‍යාඥයින් හොයාගත්තු විදියට, මේ වල හදලා තියෙන්නේ අඩි 500ක් විතර ඈතින් තියෙන මුහුදු වෙරළට යටින් සම්බන්ධ කරපු උමං මාර්ග පහක් හරහා. කවුරු හරි නිධානය ගන්න කියලා අර අඩි 90 සීමාව පහු කළොත්, අර උමං මාර්ගවල තිබුණ බාධක කැඩිලා, මුහුදු වතුර පීඩනයෙන් ඇවිත් වල පිරෙන විදියට මේක ඩිසයින් කරලා තිබුණා. බුල්ඩෝසර්, ක්‍රේන් මුකුත් නැති ඒ කාලේ මේ වගේ වැඩක් කළේ කවුද කියන එක අදටත් හිතාගන්න බැරි ප්‍රශ්නයක්. සමහරු කියන්නේ මේක "නයිට්ස් ටෙම්ප්ලර්" වගේ ලොකු රහස් සංවිධානයක වැඩක් වෙන්න ඇති කියලා.

මේ නිධානය පස්සේ ගිහින් සිද්ධ වුණ හිත උණු වෙනම සිද්ධිය වුණේ 1965 අවුරුද්දේ. රොබට් රෙස්ටෝල් කියන ගවේෂකයා තමන්ගේ පුතා සහ කණ්ඩායම එක්ක වැඩ කරද්දි, එකපාරටම වලෙන් ආපු විස වායුවක් වැදිලා රොබට් ක්ලාන්ත වෙලා අර වතුර පිරුණු වලට වැටුණා. තාත්තව බේරගන්න පුතා පැන්නා. එයත් වැටුණා. එයාලව බේරගන්න තව දෙන්නෙක් පැන්නා. විශ්වාස කරන්න, විනාඩි ගාණක් ඇතුළත හතර දෙනෙක්ම එකම මිනී වලක අවසන් ගමන් ගියා. මේ වෙද්දි අර "සාපය" ඉල්ලා සිටින ජීවිත 7න් 6ක්ම සම්පූර්ණ වෙලා ඉවරයි. දැන් කතාවේ හැටියට ඉතුරු වෙලා තියෙන්නේ තව එක බිල්ලක් විතරයි.

Ad Space - in-article (300x250)

අද වෙනකොට ඇමරිකාවේ "ලගිනා සහෝදරයෝ" ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා, ලෝකේ තියෙන ඉහළම තාක්ෂණය අරගෙන මේ දූපත හාරනවා. ඔයාලා සමහර විට ටීවී එකෙත් දැකලා ඇති "The Curse of Oak Island" කියලා මේ ගැන යන වැඩසටහන. ඔවුන්ට රත්තරන් දම්වැල් කෑලි, අවුරුදු සිය ගණන් පරණ කාසි, මිනිස් ඇටකටු සහ පරණ ලී කොටස් හම්බෙලා තියෙනවා. ඒත් තාමත් "ප්‍රධාන නිධානය" තියෙන තැනට අත තියන්න මේ දූපත කාටවත් ඉඩ දෙන්නේ නෑ. හාරන හාරන හැම වෙලාවෙම මැෂින් කැඩෙනවා, වතුර පිරෙනවා, නැත්නම් කාට හරි අනතුරක් වෙනවා. හරියට මේ දූපත පණ තියෙන කෙනෙක් වගේ තමන්ගේ හදවතේ තියෙන රහස ආරක්ෂා කරනවා වගේ වැඩක් තමයි එතන වෙන්නේ.

දැන් මුළු ලෝකයම බලාගෙන ඉන්නේ මේ සටන දිනන්නේ කවුද කියලා. අති නවීන තාක්ෂණය දිනයිද? නැත්නම් අවුරුදු 200ක් පරණ සාපය දිනයිද? සමහර විට අපි හිතනවට වඩා ලොකු, ලෝකයම වෙනස් කරන්න පුළුවන් රහසක් මේ පොළව යට නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ රහස දැනගන්න අපි තව කොච්චර වන්දියක් ගෙවන්න ඕනද කියන එකයි.

නිකමට හිතන්න... ඔයාට චාන්ස් එකක් ආවොත් මේ නිධානය හොයන ටීම් එකට ජොයින් වෙන්න, 'සාපය' ගැන දැන දැනත් ඔයා ඒකට යනවද? (Yes / No) 👇

තවත් දැනගැනීමට follow කරන්න නොකී කතා - Untold Stories

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#OakIsland #MoneyPit #Mystery #Curse #TreasureHunt #History #TrueStory #Sinhala #NokeeKatha #නොකීකතා

"නිධානය ගන්න නම් 7 දෙනෙක් බිලි වෙන්න ඕන!" දැනට 6ක් ඉවරයි... ලෝකයේ දක්ෂම ඉංජිනේරුවන් පවා පරාජය කළ ඕක් දූපතේ ඇඟ හිරිවැටෙන ... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම ...
🔍 අභිරහස්
5 min

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම ...

⚠️ භූමියට යටින් අවුරුදු 80ක් තිස්සේ සැඟවී තිබුණු කුඩා දරුවන් 796ක්... එකම එක සාමාන්‍ය ගැහැනියක් කළ සෙවීමකින් මුළු ලෝකයම කම්පනය කළ ඒ ඇඟ කිලිපොළා යන අබිරහස! අයර්ලන්තයේ ගෝල්වේ ප්‍රාන්තයේ තියෙන ටුවාම් (Tu...

කියවන්න
🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️
🔍 අභිරහස්
4 min

🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️

🛩️ එයාර් ඉන්ඩියා අනතුරින් බේරුණු එකම මනුස්සයාගේ '11A' අසුන පිටිපස්සේ හැංගුණු, මුළු ලෝකයම කම්පනය කළ අබිරහස! ⚠️ ගිය අවුරුද්දේ (2025) මුළු ලෝකයම කම්පනය කරපු 'එයාර් ඉන්ඩියා' බිහිසුණු ගුවන් අනතුර ගැන නම් ...

කියවන්න
🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ග...
🔍 අභිරහස්
Video
1 min

🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ග...

🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ගුවන් නියමුවාගේ පාපොච්චාරණය! 🛸 ඔබ මේ වීඩියෝවේ මුල් කොටසින් දකින්නේ 2004 වසරේදී U...

කියවන්න
🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️
🔍 අභිරහස්
4 min

🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️

🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️ පිටසක්වල ජීවීන් සහ පියාඹන පීරිසි එහෙමත් නැත්නම් UFO ගැන කතා අහද්දී අපිට මුලින්ම ...

කියවන්න
🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨
🔍 අභිරහස්
5 min

🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨

🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨 ඕස්ට්‍රේලියාවේ මධ්‍යම කාන්තාරයේ තියෙන 'උලුරු' (Uluru) කියන්නේ හරිම අද්භූත වගේම කර්...

කියවන්න
🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය..
🔍 අභිරහස්
5 min

🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය..

🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය.. හරියටම සවස 6.30 යි. ඒ 1964 අවුරුද්දේ සාමාන්‍ය, තරමක් ශීතල සැන්දෑවක්. ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ එල්මය...

කියවන්න