Ad Space - leaderboard (728x90)

ඕස්ට්‍රේලියානු අගමැති පැහැර ගැනීමේ සැලැස්ම සහ එරට ශ්‍රී ලංකිකයන්ට එල්ල වන රතු එළිය 🇦🇺⚠️

🌍 භූ දේශපාලනය2026 නවම් 14 min read
ඕස්ට්‍රේලියානු අගමැති පැහැර ගැනීමේ සැලැස්ම සහ එරට ශ්‍රී ලංකිකයන්ට එල්ල වන රතු එළිය 🇦🇺⚠️

ඕස්ට්‍රේලියානු අගමැති පැහැර ගැනීමේ සැලැස්ම සහ එරට ශ්‍රී ලංකිකයන්ට එල්ල වන රතු එළිය 🇦🇺⚠️

ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාව දිහා බලන ගොඩක් අයට මේ රට පේන්නේ කිරි පැණි ඉතිරෙන, කාටවත් කරදරයක් නැති දිව්‍ය ලෝකයක් වගේ වුණාට, පහුගිය මාස කිහිපය ඇතුළත මේ "සිහින දේශයේ " සිද්ධ වුණ දේවල් ඇහුවම ඇඟ හිරිවැටෙනවා. විශේෂයෙන්ම 2026 අවුරුද්ද උදා වුණේ සාමාන්‍ය මිනිස්සුන්ව විතරක් නෙවෙයි, රටේ බලවත්ම පුද්ගලයා වන අගමැති ඇන්තනි ඇල්බනීස්ව පවා පැහැරගෙන ගිහින් ඝාතනය කරන්න තරම් දරුණු කුමන්ත්‍රණයක් එළියට ඒමෙන් පස්සෙයි. මේ කතාව නිකන්ම ෆේස්බුක් ඕපාදූපයක් නෙවෙයි, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, බුද්ධි අංශ (ASIO) සහ ස්කැන්ලන් පදනමේ (Scanlon Foundation) නිල දත්ත වාර්තා එක්ක තහවුරු වුණ, ලංකාවේ ඉඳන් මෙහෙ එන්න හිතන් ඉන්න හැමෝම දැනගත යුතුම බිහිසුණු යථාර්ථයක්.

මේ ඔක්කොම පටන් ගත්තේ 2025 දෙසැම්බර් 14 වැනිදා සිඩ්නි නුවර බොන්ඩායි (Bondi) වල සිද්ධ වුණ දරුණු ත්‍රස්ත ප්‍රහාරයත් එක්කයි. අහිංසක මිනිස්සු 15 දෙනෙක් මියගිය ඒ සිද්ධියෙන් පස්සේ, ඕස්ට්‍රේලියාවේ හිටපු "සුදු ආධිපත්‍යවාදීන්" (White Supremacists) හෙවත් නව-නාසි කණ්ඩායම් තවත් සක්‍රිය වුනා.

පොලිස් විමර්ශනවලින් හෙළි වුණ විදියට "March for Australia" වගේ නම්වලින් පෙනී සිටින කණ්ඩායම් වල ඉන්න අන්තවාදී කොටස් Discord කියන රහසිගත ඇප් එක හරහා එකතු වෙලා සැලසුම් කරලා තිබුණේ සුළුපටු දෙයක් නෙවෙයි. ඔවුන්ගේ ටාගට් එක වුණේ කෙලින්ම රටේ අගමැතිවරයා. මේ සැලැස්ම කොච්චර දුරදිග ගිහින් තිබුණාද කියනවා නම්, එක් සාමාජිකයෙක් අගමැතිවරයා පැහැරගෙන යාම සඳහා අවශ්‍ය වෑන් රථයක් කුලියට ගන්න ඕස්ට්‍රේලියානු ඩොලර් 10,000ක් දෙන්න පවා පොරොන්දු වෙලා තිබුණා. තව කෙනෙක් යෝජනා කරලා තිබුණේ අගමැතිවරයා එක්ක විවාද කරලා, බැරිම තැන පැහැරගෙන ගිහින් රහසිගත තැනක හිරකරන්නයි. මේ අතරේ මුස්ලිම් පල්ලිවලට බෝම්බ ගහන්නත් සැලසුම් තිබිලා තියෙනවා.

වාසනාවකට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ මේ ගැන ඇහැ ගහගෙන හිටපු නිසා සිඩ්නි වල Nathan Ballesty (27) වගේ සැකකරුවන්ව කොටු කරගන්න පුළුවන් වුණා. පොලිසිය ඔහුගේ ගෙදර වටලලා (Raid කරලා) ගත්ත පරිගණක සාක්ෂිවලින් තමයි මේ මහා කුමන්ත්‍රණය එළියට ආවේ. හැබැයි මේ අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රශ්නය ඉවර වුණේ නැහැ. මොකද මේ පිටුපස ඉන්නේ තනි පුද්ගලයෝ නෙවෙයි, සංවිධානාත්මක ජාලයක්. ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ (ASIO) කියන විදියට 2016 දී මේ වගේ අන්ත දක්ෂිණාංශික තර්ජන තිබුණේ 10%ක් 15%ක් විතර වුණාට, 2025 වෙද්දී ඒක 30%-40% දක්වා ඉහළ ගිහින්. තෝමස් සූවෙල් වගේ අය මෙහෙයවන National Socialist Network (NSN) වගේ කණ්ඩායම්, ජිම් සහ ක්‍රීඩා සමාජ හරහා තරුණයන්ව මේකට බඳවා ගනිමින් ඉන්නවා. 2026 ජනවාරි ඉඳන් රජය අලුත් නීති ගෙනල්ලා මේ කණ්ඩායම් තහනම් කළාට, ඔවුන් තාමත් රහසිගතව ක්‍රියාත්මක වෙන බව තමයි ආරංචිය.

දැන් ලංකාවේ ඉන්න ඔයාලට හිතෙන්න පුළුවන් "ඉතින් අපිට මොකද, ඕවා සුද්දොයි අරගොල්ලොයි බලාගනීනේ" කියලා. අන්න එතනයි අපි හැමෝටම වැරදුන තැන. මේ කතාවේ භයානකම කොටස පටන් ගන්නේ එතනින්. මේ සුදූ වර්ගවාදීන් මේ වනකොට ඉලක්ක කරන්නෙ අහිංසක ආසියානු සංක්‍රමණිකයන්. විශේෂයෙන්ම මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ ඉන්දීය ප්‍රජාව. ගෙවල් ප්‍රශ්න, රස්සා ප්‍රශ්න හැමදේටම වැරදිකාරයෝ විදියට මේ අන්තවාදීන් ඇඟිල්ල දිගු කරන්නේ "දුඹුරු හම" තියෙන මිනිස්සුන්ට. මේක නිකන් කට කතාවක් නෙවෙයි, ඕස්ට්‍රේලියාවේ පිළිගත් ආයතනයක් වන Scanlon Foundation Research Institute එක 2025 දී නිකුත් කරපු Mapping Social Cohesion Report එකෙන් මේ බව අකුරටම ඔප්පු කරලා තියෙනවා.

මිනිස්සු 8,029 දෙනෙක් යොදාගෙන කරපු මේ දැවැන්ත සමීක්ෂණයට අනුව, 2025 වෙද්දී ඕස්ට්‍රේලියානුවන්ගෙන් 30%ක්ම ඉන්දියානු සංක්‍රමණිකයන් දෙස බලන්නේ ඉතාම සෘණාත්මක (Negative) විදියට. ඒ කියන්නේ පාරේ යන සුද්දෝ 10 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ම වගේ ඉන්දියානුවන්ව ප්‍රතික්ෂේප කරන මට්ටමක ඉන්නේ. මේක 2024 ට වඩා 4%ක ඉහළ යාමක්. අමර් සිං වගේ ඕස්ට්‍රේලියාවට ලොකු සේවයක් කරපු සම්මානනීය මිනිස්සුන්ටත් පාරේදී "ත්‍රස්තවාදීන්" කියලා බැනලා යන, කෝච්චිවලදී පහර දෙන, "Curry Muncher" කියලා නින්දා කරන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ මේ නිසයි. මේ තත්වය මේ වනකොට ඕස්ට්‍රේලිවෙ විතරක් නෙමෙ කැනඩව , එන්ගලන්තය වගේ රටවලත් දකින්න ලැබෙනවා.

Ad Space - in-article (300x250)

මෙන්න මේකයි ලංකාවේ ඉඳන් එන්න ඉන්න ඔයාලා හරියටම තේරුම් ගන්න ඕන දේ. අපි මේ කියන්නේ ඕස්ට්‍රේලියාව පාරේ බැහැලා යන්න බැරි තරම් භයානක රටක් වුණා කියලා නෙවෙයි. ඕස්ට්‍රේලියාව කියන්නේ තාමත් ලෝකේ ජීවත් වෙන්න තියෙන හොඳම සහ ආරක්ෂිතම රටක්. හැබැයි අර අපි කතා කරපු දත්තවලින් පෙන්වන 30% ක පිරිස අතර ඉන්න අන්තවාදී සුළුතරයකට අපිව දැක්කම 'මූ ලංකාවේද? ඉන්දියාවේද?' කියලා වෙනසක් පේන්නේ නෑ. ඔවුන්ට අපි ඔක්කොම 'පිටරටින් ආපු දුඹුරු හම තියෙන අය' විතරයි. ඒ නිසා ඉන්දියානු ප්‍රජාව ඉලක්ක කරගෙන තියෙන ඒ සෘණාත්මක ආකල්පවල යම් බලපෑමක් කලාතුරකින් හරි අපිටත් එල්ල වෙන්න පොඩි ඉඩක් තියෙනවා. රජය කොච්චර දැඩි නීති ගෙනාවත්, මිනිස්සුන්ගේ හිත්වල තියෙන ආකල්ප එක රැයකින් වෙනස් කරන්න බැහැ. ඒ නිසා මෙහෙ ඇවිල්ලා පාඩුවේ ඉගෙන ගෙන, රස්සාවක් කරන් ඉන්න ගමන්, මේ 'යටින් දුවන තත්ත්වය' ගැනත් නිකමට සිහිකල්පනාවෙන් ඉන්න එක අපේ ආරක්ෂාවට කොයිකටත් හොඳයි

ඉතින් ලංකාවේ ඉඳන් එන්න ප්ලෑන් කරන යාළුවෙක් ඉන්නවා නම්, නැත්නම් මෙහෙ ඉන්න නෑදෑයෝ ගැන වද වෙනවා නම් මේ ඇත්ත තත්ත්වය එයාලටත් පෙන්නන්න. හීන දකින එක හොඳයි, හැබැයි ඒ හීනෙ ඇතුලේ හැංගිලා ඉන්න මෙන්න මේ වගේ යක්ෂයෝ ගැනත් දැනගෙන ඉන්න එක ඔයාලගේ ආරක්ෂාවට හොඳයි.

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

(Based on: Scanlon Foundation Mapping Social Cohesion Report 2025, ASIO Threat Assessment 2025, & AFP Investigation Reports into Dec 2025 Terror Plots)

#Australia #SrilankansInAustralia #LifeInAustralia #RealityCheck #ScanlonReport2025 #NeoNazi #BreakingNews #Sinhalapost #Lanka #Immigration #StudentLife #SafeTravel

ඕස්ට්‍රේලියානු අගමැති පැහැර ගැනීමේ සැලැස්ම සහ එරට ශ්‍රී ලංකිකයන්ට එල්ල වන රතු එළිය 🇦🇺⚠️ - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🌍 භූ දේශපාලනය
Video
2 min

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...

කියවන්න
🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸
🌍 භූ දේශපාලනය
Video
1 min

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸 ✈️ ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගම...

කියවන්න
🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐
🌍 භූ දේශපාලනය
2 min

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐 එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ දින 14ක සටන් විරාමය, ආරම්භ වී පැය 48ක් ගතවීමටත් පෙර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා ...

කියවන්න
🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨
🌍 භූ දේශපාලනය
2 min

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨 ලෝක දේශපාලන කරළියේ මැදපෙරදිගින් ඇහෙන අලුත්ම සහ තරමක් වෙනස්ම විදියේ ප්‍රවෘත්තියක් තමයි මේක. ඉරා...

කියවන්න
🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫
🌍 භූ දේශපාලනය
6 min

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫 ඔබ සිතන්නේ මේ ලෝකය පාලනය කරන්නේ කවුරුන් කියාද? ලෝකයේ බලවත්ම රටවල ජනාධිපතිවරුන්ද? අගමැතිවරුන්ද? එසේත් නැතිනම් ලෝකයේ සිටින ප්‍රකෝටිපතියන් වන ඉලො...

කියවන්න
⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...
🌍 භූ දේශපාලනය
2 min

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉරාන අත්තඩන්ගුවට ??✈️💥 🚨 මැදපෙරදිග යුද උණුසුම උපරිමයට! ජාත්‍යන්තර දේශපාලනයම කැළ...

කියවන්න