ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අලුත්ම තාරකාවිය Pauline Hanson ද? ඇයට ඡන්දය දීම අපිට වාසිද? 🇦🇺🤔

ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අලුත්ම තාරකාවිය Pauline Hanson ද? ඇයට ඡන්දය දීම අපිට වාසිද? 🇦🇺🤔
අපි කැමති වුණත් නැතත්, 2026 මුල වෙද්දී ඕස්ට්‍රේලියානු දේශපාලනයේ ලොකුම පෙරළිය කරමින් ඉන්නේ Pauline Hanson සහ ඇයගේ One Nation පක්ෂය. Redbridge ආයතනයේ අලුත්ම සමීක්ෂණ (Polls) වලට අනුව ඔවුන් 26% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකට ඇවිත්. පෝලීන් හැන්සන්ගේ පෞද්ගලික ජනප්‍රියත්වය මේ වෙද්දී 38% දක්වා ඉහළ ගිහින් — ඒ කියන්නේ වත්මන් අගමැතිටත් වඩා ඇය දැන් ජනප්‍රියයි!
මේ රැල්ලත් එක්ක අපේ ශ්‍රී ලාංකිකයින් අතරෙත් කතාවක් යනවා "මේ ගෑනි කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේද" කියලා. විශේෂයෙන්ම Cost of living ප්‍රශ්න සහ ගෙවල් කුලී ප්‍රශ්න නිසා, ගොඩක් අය හිතන්නේ ඇය මේ ගෙනියන දැඩි සංක්‍රමණික නීති අපිට වාසියි කියලා. සමහරු හිතාගෙන ඉන්නේ ඇය විරුද්ධ මුස්ලිම් අන්තවාදයට සහ බෝට්ටු වලින් එන අයට විතරයි කියලා.
හැබැයි, අපි හැඟීම් පැත්තකින් තියලා 2026 ඔවුන්ගේ නිල ප්‍රතිපත්ති සහ ඉතිහාසය එක්ක ටිකක් ලොජිකලි හිතලා බැලුවොත්, මේ ජනප්‍රිය රැල්ල අස්සේ අපේ Community එකට හැංගිලා තියෙන අනතුර මොකක්ද?
1. ඉලක්කය වෙනස් වීම පමණයි (1997 අපිට වුණු දේ):
අද ඇය මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කළාට, 1996 ඇය දේශපාලනයට එද්දී පාර්ලිමේන්තුවේදී මුලින්ම කිව්වේ "ඕස්ට්‍රේලියාව ආසියාතිකයින්ගෙන් (Swamped by Asians) යටවෙමින් පවතිනවා" කියලයි. මේක කොච්චර දුරදිග ගියාද කියනවා නම්, 1997 ජූලි මාසේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් (Dandenong) වල ඇයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න ඕස්ට්‍රේලියානුවන්ට පාරට බහින්න සිද්ධ වුණා. ඒ උද්ගොෂණයේ පොටෝ පොස්ට් එකේ දල තියෙනවා . අද උනත් පොලින්ල සුදු ජාතිකයින් නොවන පිරිස් ඉලක්ක කරලා කරන මේ වගේ කතා සමාජගත වෙද්දී, කෝච්චියේදී, පාරේදී, පාසලේදී "සුදු නොවන" අපිට සහ අපේ දරුවන්ට තියෙන ආරක්ෂාව සහ ගෞරවය නිකම්ම නැතිවෙලා යනවා. අද වෙන කාටහරි ගහන මඩේ රස්නය හෙට එන්නේ අපේ දරුවන්ගේ ඇඟට.
දැනටමත් ඔස්ට්‍රලියාවේ දකුණු ආසියානුවන්ට එරහි වර්ගවාදී ප්‍රහාර වැඩිවෙලා තියෙනවා. සමාජ මාධ්‍ය වල සුදු වර්ගවාදීන් දිගින් දිගටම දුබුරු හැම තියෙන මිනිස්සු ඉලක්ක කරගෙන කරන අපහාසවල සීග්‍ර වර්ධනයක් දකිනවා.. පොලින් ගේ ආණ්ඩුවක් පිහිට වුවොත් වැඩියෙන්ම සතුටු වෙන්නේ හා බලවත් මේ වගේ වර්ගවාදී වැඩ කරන මිනිස්සු . ඒ වර්ගවාදී මිනිස්සුන්ට ඉන්දියනුවගෙයි ලංකිකයගෙයි කිසිම වෙනසක් නෑ . උන්ට අපි දෙගොල්ලම ඔස්ට්‍රලියාවට පිටින් කඩාපාත් උන තුන්වෙනි ලෝකේ රටක එකෙක් විතරයි.
2. අපි ඇත්තටම Safe ද? (මෑතකදී මෙල්බර්න් වල වූ "Spot the Westerner" සිදුවීම):
සමහරු හිතනවා "අපි නීත්‍යානුකූලව ආපු අයනේ, අපිට ප්‍රශ්නයක් නෑ" කියලා. හැබැයි මීට මාස දෙකකට කලින් (2025 දෙසැම්බර් 31) One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්ත ලේකම් Bianca Colecchia මෙල්බර්න් CBD එකේ කරපු වීඩියෝ එක දැක්කද? අපේ ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන් පිරුණු පාරවල් පෙන්නලා ඇය අපහාසයට වගේ ඇහුවේ "Spot the Westerner" (මෙතන සුදු ජාතිකයෙක් හොයාගන්න පුළුවන්ද) කියලයි. ඇයට පාරේ යනකොට ඔයා සිංහලද, දෙමළද, බෞද්ධද, ක්‍රිස්තියානිද කියලා පේන්නේ නෑ; පේන්නේ 'සුදු නොවන කෙනෙක්' (Non-westerner) විතරයි.
3. PR හීනය බොඳ වීම (Temporary වීසා වල ඉන්න අයට වදින පහර):
ඔවුන්ගේ අලුත්ම ප්‍රතිපත්ති මාලාවට අනුව රටට එන දිගුකාලීන සහ ස්ථිර වීසා ප්‍රමාණය (Students, Temporary Work, PR සහ Family ඔක්කොම ඇතුළුව) 130,000 ක දැඩි සීමාවකට (Hard cap) යටත් කරනවා. සමහරු හිතන්න පුළුවන් "130,000ක් දෙනවනේ" කියලා. හැබැයි මේකෙන් කියන්නේ PR 130,000ක් දෙනවා කියන එක නෙවෙයි. මේක දැනට දෙන වීසා ප්‍රමාණයෙන් ලක්ෂ 5 හමාරකටත් වඩා වැඩි දැවැන්ත කප්පාදුවක් (a cut of over 570,000 visas). අපි දන්නවා අපේ කොච්චර නම් පිරිසක් දැනටමත් 482 වගේ Temporary visas වල ඉඳන්, දරුවොත් එක්ක PR හීනයක් පස්සේ යනවද කියලා. මුළු වීසා ප්‍රමාණය මේ තරම් දරුණු විදියට කැපුවාම සහ Skilled visa කප්පාදු කළාම, ඒ Temporary වීසා වල ඉඳන් PR එකට යන පාර සම්පූර්ණයෙන්ම වගේ අවහිර වෙලා යනවා. ඒ වගේම Citizenship සහ Welfare ගන්න නම් අනිවාර්යයෙන් අවුරුදු 8ක් බලන් ඉන්න ඕනේ කියලා ඔවුන් යෝජනා කරනවා.
4. ලංකාවේ ඉන්න අපේම පවුලේ අයට වැසෙන දොර:
දැනටමත් අවුරුදු 5-10ක් යන Family Reunion වීසා (ලංකාවේ ඉන්න වයසක අම්මා, තාත්තා, සහෝදරයෝ ගෙන්න ගන්න එක) මේ වීසා කප්පාදුවත් එක්ක සම්පූර්ණයෙන්ම ඇණහිටිනවා. ඒ වගේම අපේ අය වැඩිපුරම එන IT, Engineering, Healthcare ෆීල්ඩ් වල වීසා වලට ලොකුම පහර වදින්නේ මේ ප්‍රතිපත්ති හරහායි.
5. ඇත්තටම Cost of Living එක අඩුවෙයිද?
සංක්‍රමණිකයින් නැවැත්තුවොත් ගෙවල් ප්‍රශ්නෙ විසඳෙයි කියලා හිතුවට, ආර්ථික දත්ත (Treasury modelling) පෙන්වා දෙන්නේ මේ විදියට වීසා කැපුවොත් ඉදිරි වසර 10 තුළ ඩොලර් බිලියන 420ක ණය බරක් රටට එනවා කියලයි. උදාහරණයක් විදියට, Early Childhood (Childcare) අංශ වල සහ සෞඛ්‍ය අංශ වල දැවැන්ත ශ්‍රම හිඟයක් ආවොත්, ඒ සේවාවන් වල මිල ගණන් අහස උසට යනවා. අන්තිමට ඒ බරත් කරගහන්න වෙන්නේ මේ රටේ ජීවත් වෙන පුරවැසියන්ටමයි.
ප්‍රශ්නය තියෙන්නේ මෙතනයි. ඡන්දය දෙන එක තමන්ගේ පෞද්ගලික අයිතියක්. ඒත් තීරණයක් ගන්න කලින් අපි හිතන්න ඕනේ, අපි අමාරුවෙන් දොර ඇරගෙන ඇතුළට ආවට පස්සේ, අපේම අම්මා තාත්තාට, අපේම යාලුවන්ට සහ PR බලාපොරොත්තුවෙන් ඉන්න අපේම අයට අනාගතේදී මේ රටට එන්න තියෙන දොර සම්පූර්ණයෙන්ම වහලා දාන පක්ෂයකට අපේ සහයෝගය දෙන එක කොච්චර දුරට ප්‍රායෝගිකද?
මේ රැල්ල ඇතුළේ අපි නොදැනුවත්වම අපේම කකුලට වෙඩි තියාගන්නවා නේද කියලා දෙපාරක් හිතන්න කාලය ඇවිත්.
මේ ගැන ඔබේ අදහස මොකක්ද? පහළින් කතා කරමු. 👇
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා.
#Australia #SriLankansInAustralia #AusPol #ImmigrationAus #LifeInAustralia #PaulineHanson





ආශ්‍රිත කතා
🌍 භූ දේශපාලනය▶ Video🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸
🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸 ✈️ ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගම...
🌍 භූ දේශපාලනය🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐
🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐 එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ දින 14ක සටන් විරාමය, ආරම්භ වී පැය 48ක් ගතවීමටත් පෙර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා ...
🌍 භූ දේශපාලනය▶ Video🔥 අහසේ රජකරන ලෝකයේ දරුණුතම යුධ ගුවන් යානා! ✈️👑
🔥 අහසේ රජකරන ලෝකයේ දරුණුතම යුධ ගුවන් යානා! ✈️👑 ලොව බලවත්ම රටවල්වල ගුවන් හමුදාවන් සතු සුපිරිම තාක්ෂණයෙන් යුත් ප්‍රහාරක සහ බෝම්බ හෙලන යානා පෙළක් මෙන්න. රේඩාර් වලට අහුවෙන්නේ නැති ස්ටෙල්ත් (Stealth) තාක...
🌍 භූ දේශපාලනය🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨
🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨 ලෝක දේශපාලන කරළියේ මැදපෙරදිගින් ඇහෙන අලුත්ම සහ තරමක් වෙනස්ම විදියේ ප්‍රවෘත්තියක් තමයි මේක. ඉරා...
🌍 භූ දේශපාලනයඉරාන කඳුකරයේ පැය 48ක් සැඟවී සිටි F-15 නියමුවා සොයාගත් තාක්ෂණය
ඉරාන කඳුකරයේ පැය 48ක් සැඟවී සිටි F-15 නියමුවා සොයාගත් තාක්ෂණය පසුගිය අප්‍රේල් මාසයේ මුල ඉරානයේ (Zagros කඳුකරයේදී) අමෙරිකානු F-15E Strike Eagle යානයක් කඩා වැටීමේ සිදුවීම පිළිබඳව ඔබ මේ වනවිටත් අසා ඇති. ...
🌍 භූ දේශපාලනය🚨 ට්‍රම්ප්ට හොඳටම පිස්සු හැදිලද? ලෝකෙම ගිනි තියන්න ද හදන්නේ?😱🔥
🚨 ට්‍රම්ප්ට හොඳටම පිස්සු හැදිලද? ලෝකෙම ගිනි තියන්න ද හදන්නේ?😱🔥 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත්ම සටහන දැක්කම නම්, මේ මනුස්සයට දැන් සම්පූර්ණයෙන්ම සිහි විකල් වෙලා කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා...