Ad Space - leaderboard (728x90)

ලෝකයම කම්පා කළ ඒ රහසිගත විනාඩි 60: බංකරයෙන් පිටතදී කමේනි බිලිගත් මාරාන්තික මෙහෙයුමේ ඇඟකිලිපොලා යන කතාව!

🌍 භූ දේශපාලනය2026 මැදින් 44 min read
ලෝකයම කම්පා කළ ඒ රහසිගත විනාඩි 60: බංකරයෙන් පිටතදී කමේනි බිලිගත් මාරාන්තික මෙහෙයුමේ ඇඟකිලිපොලා යන කතාව!

ලෝකයම කම්පා කළ ඒ රහසිගත විනාඩි 60: බංකරයෙන් පිටතදී කමේනි බිලිගත් මාරාන්තික මෙහෙයුමේ ඇඟකිලිපොලා යන කතාව!

2026 පෙබරවාරි 28 වැනිදා ටෙහෙරාන් නුවරට උදාවූයේ තවත් එක් සාමාන්‍ය සෙනසුරාදා උදෑසනක් ලෙසයි. එහෙත් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර රහසිගත සේවාදායකයන් සහ ඇමරිකාවේ CIA මූලස්ථානය ඒ වන විටත් ඉරානයේ බලවත්ම මිනිසාගේ අවසන් හෝරා කිහිපය ගණනය කරමින් සිටියා.

වසර 36කට වැඩි කාලයක් ඉරානය පාලනය කළ 86 හැවිරිදි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, 2025 දින 12 යුද්ධයෙන් පසු සැඟවී සිටි අතිශය ආරක්ෂිත භූගත බංකරයෙන් එදින පිටතට පැමිණ සිටියා. (එම බංකරයට ළඟා වීමට විදුලි සෝපානයකින් විනාඩි පහක් ගතවන අතර එය කිසිදු බෝම්බයකට විනාශ කළ නොහැකි ලෙස ඉදිකර තිබුණා).

උදෑසන 8:10 ත් 9:40 ත් අතර කාලයේ පාස්චර් වීදියේ පිහිටි සිය කාර්යාලයේ ඉහළ මාලයේ පැවති මෙම විශේෂ රැස්වීම ඔහුගේ ජීවිතයේ විශාලතම මෙන්ම අවසන් අත්වැරැද්ද බවට පත්වනු ඇතැයි ඔහු කිසිවිටෙකත් සිතන්නට නැතුවා විය හැකියි.

මෙම ඝාතනය එක් රැයකින් සැලසුම් කළ එකක් නොවෙයි. 2001 වසරේ සිටම මීට අඩිතාලම දමා තිබූ මොසාඩ් ඔත්තුකරුවන් කමේනිගේ කෑම බීමවල සිට කසළ ඉවත් කිරීම් සහ ආරක්ෂකයින්ගේ දෛනික රටාවන් පවා සියුම්ව අධ්‍යයනය කර තිබුණා.

ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය සහ ඔවුන්ගේ සුප්‍රකට Unit 8200 සයිබර් බලකාය වසර ගණනාවකට පෙර සිටම ටෙහෙරානයේ රථවාහන කැමරා ජාලය සිය ග්‍රහණයට නතු කරගෙන සිටියා. ඉන් නොනැවතී ඇමරිකාවේ Palantir, Anthropic හි Claude LLM සහ ඊශ්‍රායලයේ "The Gospel" හෙවත් හබ්සෝරා (Habsora) යන අතිනවීන කෘත්‍රිම බුද්ධි පද්ධති යොදාගනිමින් කමේනිගේ සෑම චලනයක්ම ඔවුන් තත්පරයෙන් තත්පරය විශ්ලේෂණය කළා. ඊට සමගාමීව , ටෙහෙරාන් නුවර සියලුම රථවාහන කැමරා හැක් කළ ඊශ්‍රායල සයිබර් බලකාය, කෘත්‍රිම බුද්ධිය (AI) හරහා ඔහුගේ රථ පෙළේ ගමන් මඟ සජීවීව විශ්ලේෂණය කළා

කමේනි එදින උදෑසන රැස්වීමට සහභාගී වන බව ඇමරිකානු CIA සංවිධානය මාස ගණනාවක සෝදිසි කිරීම්වලින් පසු නිශ්චිතවම තහවුරු කරගත් පසු, මාරාන්තික සැලසුම ක්‍රියාත්මක වුණා.

හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයුම ඇරඹුණු අතර, මීට කැනඩා බුද්ධි අංශයේ සහයද ලැබුණු බවට චෝදනා එල්ල වුවත් පසුව ඔවුන් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 6:00 ට රහසිගත ගුවන් කඳවුරකින් ප්‍රහාරක ජෙට් යානා අහසට නැගුණා. ඒ වන විටත් ඇමරිකානු Cyber Command සහ Spacecom ආයතන එක්ව ඉරාන රේඩාර් සහ සන්නිවේදන ජාල සම්පූර්ණයෙන්ම අන්ධ කර දමා තිබුණා.

ඉරාන වේලාවෙන් උදෑසන 9:40 ට පමණ, ඔවුන්ගේ ආරක්ෂක පද්ධති ව්‍යාකූල කිරීමේ අරමුණින් ඩොලර් 35,000ක් වැනි සුළු මුදලකට නිපදවූ (ඉරානයේම ෂාහෙඩ් ඩ්‍රෝන කොපි කර හැදූ) LUCAS ඝාතක ඩ්‍රෝන සිය ගණනක් අහසට මුදා හැරියා.

මේ ඩ්‍රෝන රංචුව අස්සෙන් නිහඬවම ඉලක්කය කරා ඇදී ආ ඊශ්‍රායලයේ F-35 සහ ඇමරිකාවේ යෝධ B-2 ස්ටෙල්ත් යානා, කිසිවෙකුත් නොසිතූ අන්දමින් බංකර් විනාශ කළ හැකි ස්මාර්ට් බෝම්බ 30ක් පමණ කමේනිගේ කාර්යාල සංකීර්ණය වෙත පතිත කළේ පලායාමට කිසිදු ඉඩක් ඉතිරි නොකරමිනි.

Ad Space - in-article (300x250)

හරියටම තත්පර 60ක් වැනි සුළු කාලයක් ඇතුළත තවත් යාබද ස්ථාන දෙකකටද ප්‍රහාර එල්ල වෙද්දී සමස්ත කලාපයම දෙදරුම් කෑ අතර, ප්‍රහාරයෙන් පසු අහසට නැගුණු යෝධ දුම් රොටු චන්ද්‍රිකා ඡායාරූපවල පවා අතිශය පැහැදිලිව සටහන් වී තිබුණා.

දූවිලි සහ සුන්බුන් මැදින් තහවුරු වූයේ ලෝකයම කම්පා කළ පුවතයි. කමේනි පමණක් නොව, ඔහුගේ දියණිය, බෑණා, මුණුබුරා සහ ලේලියද එම ස්ථානයේදීම මියගොස් සිටියා. කමේනි රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවට එක් කටකතාවක් පැතිර ගියද, රාජ්‍ය මාධ්‍ය එය ප්‍රතික්ෂේප කළා. මාර්තු 2 වැනිදා ඔහුගේ බිරිඳද තුවාල හේතුවෙන් මියගියා. ඊට අමතරව ඉහළ පෙළේ නායකයින් 13 ත් 40 ත් අතර පිරිසක් එදින ජීවිතක්ෂයට පත්ව තිබුණා.

රට පුරා සිදුවූ ප්‍රහාරවලින් මිනාබ් සහ නර්මාක් ප්‍රදේශවල පාසල් ළමුන් ඇතුළු සිවිල් වැසියන්ද සමඟ 787ක් පමණ මියගොස් ඇති බව ඉරාන රතු කුරුස සංවිධානය වාර්තා කළා. ඉරාන විදේශ අමාත්‍යාංශය මුලින් මෙම ඝාතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් කමේනි ආරක්ෂිත බව පැවසුවද, මාර්තු 1 වැනිදා අලුයම ඔවුන්ට සත්‍යය ලෝකයට හෙළි කිරීමට සිදුවුණා.

දින 40ක ජාතික ශෝක කාලයක් සහ දින 7ක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර, ඔහුගේ දේහය මෂාඩ් නුවර මිහිදන් කිරීමට සැලසුම් කරද්දී, ඉරානය තුළ මතුවූයේ දැඩි ඛේදවාචකයක් මෙන්ම අමුතුම අර්බුදයක්. සමහර වීදිවල ජනතාව හඬා වැටෙද්දී, ඉස්ෆහාන් සහ ශිරාස් වැනි ප්‍රදේශවල ජනතාව කමේනිගේ ප්‍රතිමා කඩා දමමින් ප්‍රීති ඝෝෂා කළා.

ට්‍රම්ප්, නෙතන්යාහු සහ ආර්ජන්ටිනාවේ ජනපති මිලෙයි ඇතුළු පිරිසක් මෙය සතුටින් සමරද්දී, රුසියාව සහ චීනය මෙය දරුණු අපරාධයක් ලෙස හෙළා දකිනවා.

2025 දී මෙවැනිම ප්‍රහාරයක් වළක්වාලූ ට්‍රම්ප් මෙවර ඊට අනුමැතිය දුන්නේ ඇයි? මෙතරම් තර්ජනයක් තිබියදීත් ඉරාන නායකයින් එකම තැනකට රැස්වූයේ ඇතුළතින්ම ලැබුණු පාවාදීමක් නිසාද?

ඔබේ අදහස අනිවාර්යයෙන්ම පහළින් කමෙන්ට් කරගෙන යන්න! 👇

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

ලෝකයම කම්පා කළ ඒ රහසිගත විනාඩි 60: බංකරයෙන් පිටතදී කමේනි බිලිගත් මාරාන්තික මෙහෙයුමේ ඇඟකිලිපොලා යන කතාව! - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🌍 භූ දේශපාලනය
Video
2 min

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...

කියවන්න
🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸
🌍 භූ දේශපාලනය
Video
1 min

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸 ✈️ ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගම...

කියවන්න
🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐
🌍 භූ දේශපාලනය
2 min

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐 එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ දින 14ක සටන් විරාමය, ආරම්භ වී පැය 48ක් ගතවීමටත් පෙර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා ...

කියවන්න
🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨
🌍 භූ දේශපාලනය
2 min

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨 ලෝක දේශපාලන කරළියේ මැදපෙරදිගින් ඇහෙන අලුත්ම සහ තරමක් වෙනස්ම විදියේ ප්‍රවෘත්තියක් තමයි මේක. ඉරා...

කියවන්න
🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫
🌍 භූ දේශපාලනය
6 min

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫 ඔබ සිතන්නේ මේ ලෝකය පාලනය කරන්නේ කවුරුන් කියාද? ලෝකයේ බලවත්ම රටවල ජනාධිපතිවරුන්ද? අගමැතිවරුන්ද? එසේත් නැතිනම් ලෝකයේ සිටින ප්‍රකෝටිපතියන් වන ඉලො...

කියවන්න
⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...
🌍 භූ දේශපාලනය
2 min

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉරාන අත්තඩන්ගුවට ??✈️💥 🚨 මැදපෙරදිග යුද උණුසුම උපරිමයට! ජාත්‍යන්තර දේශපාලනයම කැළ...

කියවන්න