Ad Space - leaderboard (728x90)

🚨 වෙන කිසිම රටකට නැති ඇමරිකාවට විතරක් තියෙන ලෝකයේ ලොකුම ආර්ථික රහස: ඇමරිකන් සුපිරි ආර්තිකයේ නොකී කතාව 💸

🌍 භූ දේශපාලනය2026 මැදින් 163 min read
🚨 වෙන කිසිම රටකට  නැති ඇමරිකාවට විතරක් තියෙන ලෝකයේ ලොකුම ආර්ථික රහස: ඇමරිකන් සුපිරි  ආර්තිකයේ නොකී කතාව  💸

🚨 වෙන කිසිම රටකට නැති ඇමරිකාවට විතරක් තියෙන ලෝකයේ ලොකුම ආර්ථික රහස: ඇමරිකන් සුපිරි ආර්තිකයේ නොකී කතාව 💸

අපි හැමෝම දන්නවා ඇමරිකාව කියන්නේ ලෝකයේ බලවත්ම, සල්ලි තියෙනම රට කියලා. හැබැයි ඇමරිකාව ට්‍රිලියන ගණන් ණය වෙලා හිටියත්, ඒගොල්ලෝ කිසිම ගාණක් නැතුව සුපිරි ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා කවදාහරි හිතලා තියෙනවද?

මේ මැජික් එකේ නම තමයි "Petrodollar" (පෙට්‍රොඩොලරය). මේක නැති වුණොත් ඇමරිකාවට අද තියෙන ආඩම්බර ජීවිතේ කවදාවත් ගත කරන්න වෙන්නේ නෑ. මේක වෙන්නේ මෙහෙමයි:

📖 කතාව පටන් ගන්නේ 1974 දී...

1970 ගණන් වලදී ඇමරිකානු ඩොලරය ලොකු කඩාවැටීමකට ලක් වෙන්නයි ගියේ. මේ වෙලාවේ ඇමරිකාව ගහනවා සුපිරිම මොළයේ ගේමක්. ඔවුන් සෞදි අරාබිය (සහ පසුව ලෝකයේ අනිත් තෙල් රටවල්) එක්ක රහස් ගිවිසුමක් ගහනවා.

🤝 ගිවිසුම මේකයි: "අපි ඔයාලගේ රටවල් වලට යුධමය ආරක්ෂාව සහ ආයුධ දෙන්නම්. හැබැයි ඔයාලා ලෝකෙට තෙල් විකුණන්න ඕනේ අපේ 'ඇමරිකානු ඩොලර්' වලින් විතරමයි."

මේ තනි තීරණය මුළු ලෝකෙම වෙනස් කළා. ඇමරිකාවට මේකෙන් ලැබෙන වාසි දැක්කම ඔයාට පුදුම හිතෙයි!

🌍 1. මුළු ලෝකෙටම ඩොලර් ඕනේ වෙනවා!

ලෝකෙම දුවන්නේ තෙල් වලින්නේ. ඉතින් ජපානයට, චීනයට, ලංකාවට මේ ඕනෑම රටකට තෙල් ගන්න නම්, අනිවාර්යයෙන්ම ඩොලර් හොයාගන්නම වෙනවා. මේ නිසා ඇමරිකාවෙ මොන තරම් ආර්ථික අර්බුදයක හිටියත්, ලෝකය පුරාම ඩොලරයට තියෙන ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නෑ.

🖨️ 2. උද්ධමනය ලෝකෙටම බෙදලා දීම

ලංකාව වගේ රටක් සල්ලි අච්චු ගැහුවොත් මොකද වෙන්නේ? බඩු මිල අහසට නගිනවා. හැබැයි ඇමරිකාව කොරෝනා කාලේ විතරක් ඩොලර් ට්‍රිලියන 5ක් අච්චු ගැහුවා. ඒත් ඇමරිකාව බඩු මිල ඒ තරම්ම වැඩි වුණේ නෑ. ඇයි ඒ? උන් අච්චු ගහන ඩොලර් ඔක්කොම තෙල් ගන්න ඕන නිසා මුළු ලෝකෙම අරන් යනවා. ඒ කියන්නේ ඇමරිකාවේ ආර්ථික ප්‍රශ්න සහ උද්ධමනය එයාලා හරි ලස්සනට ලෝකෙටම බෙදලා දෙනවා!

💳 3. කවදාවත් ලිමිට් ඉවර වෙන්නේ නැති ක්‍රෙඩිට් කාඩ් එක

සෞදිය වගේ රටවල් තෙල් විකුණලා හොයන ඩොලර් කඳු ගණන් නිකම් තියාගන්නේ නෑ. ඒගොල්ලෝ කරන්නේ ඒ සල්ලි ආපහු ඇමරිකාවටම ණයට දෙන එක (US Treasury Bonds ගන්නවා). ඒ කියන්නේ ඇමරිකාව තමන්ගේ අයවැය හිඟය පියවගන්නේ, පාරවල් හදන්නේ, යුධ අවි හදන්නේ මේ තෙල් රටවල් දෙන ණය වලින්. මේ නිසා ඇමරිකානුවන්ට ඉතාම අඩු පොලියට වාහන ගන්න, ගෙවල් ගන්න ණය ලැබෙනවා.

ඒ වගේම ඒ රටවල් ඇමරිකන් කොම්පැනි වලත් ඔය සල්ලි ආයෝජන කරනවා. ඉතින් ඇමරිකන් ආර්තිකේ තවත් හොදට දුවනව ගල්ෆ් තෙල් සල්ලි නිසා.

Ad Space - in-article (300x250)

💥 එහෙනම් "පෙට්‍රොඩොලරය" නැති වුණොත් ඇමරිකාවට පැවැත්මක් නැද්ද?

මෙහිදී "පැවැත්මක් නෑ" කියන්නේ ඇමරිකාව කියන රට මහපොළොවෙන් මැකිලා යනවා කියන එක නෙවෙයි. හැබැයි ඇමරිකාවෙ මේ "ණයට කන සුපිරි ජීවන රටාව" එදාට කුඩුපට්ටම් වෙලා යනවා. හිතන්නකො අනුන්ගේ සල්ලි වලින් රජෙක් වගේ ජීවත් වුණ මනුස්සයෙකුගේ ක්‍රෙඩිට් කාඩ් එක එකපාරටම කැන්සල් වුණා කියලා. අන්න ඒ වගේ දෙයක් වෙන්නේ.

* ඩොලරයට තියෙන ඉල්ලුම නැති වෙලා ඩොලරය කඩා වැටෙනවා.

* පිටරටින් ගේන බඩු මිල දරාගන්න බැරි විදිහට ඉහළ යනවා.

* ඇමරිකාවට ණය ගන්න වෙන්නේ ඉතාම අධික පොලියකට.

* සාමාන්‍ය ඇමරිකානුවාගේ ජීවන මට්ටම එකපාරටම කඩා වැටෙනවා. අනිත් රටවල් වගේම මහන්සි වෙලා වැඩ කරලා, උපයන ගාණට ජීවත් වෙන්න එයාලටත් සිද්ධ වෙනවා.

කෙටියෙන්ම කිව්වොත්, Petrodollar කියන්නේ ඇමරිකානු ආර්ථිකය කඩා වැටෙන්න නොදී අල්ලගෙන ඉන්න නොපෙනෙන කණුවයි!

ඉරානය පත්තු කරපු ගින්න නිසා පෙට්‍රොඩොලර් අධිරාජ්‍යය දැන් වේගයෙන් කඩාගෙන වැටෙනවා. ග්ල්ෆ් රටවල් වැටෙනවා කියන්නෙම ඇමරිකන් ආර්තිකේ කඩාවැටිම. ඉරානය මේක දන්න නිසා තම ග්ල්ෆ් රට වලට දිගටම පහර දෙන්නෙ🥶

ඒවගෙම දැන් දැන් BRICS රටවල් සහ චීනය වගේ රටවල් මේ ඩොලර් ආධිපත්‍යය බිඳලා, තමන්ගේම මුදල් වලින් තෙල් ගනුදෙනු කරන්න උත්සාහ කරමින් ඉන්නවා.මේකත් Petrodollar වලට තර්ජනයක් .

මේ ගැන තව ප්‍රශ්න තියේ නම් පලහහින් comment කරන්න .

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

🚨 වෙන කිසිම රටකට  නැති ඇමරිකාවට විතරක් තියෙන ලෝකයේ ලොකුම ආර්ථික රහස: ඇමරිකන් සුපිරි  ආර්තිකයේ නොකී කතාව  💸 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🌍 භූ දේශපාලනය
Video
2 min

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...

කියවන්න
🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸
🌍 භූ දේශපාලනය
Video
1 min

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸 ✈️ ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගම...

කියවන්න
🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐
🌍 භූ දේශපාලනය
2 min

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐 එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ දින 14ක සටන් විරාමය, ආරම්භ වී පැය 48ක් ගතවීමටත් පෙර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා ...

කියවන්න
🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨
🌍 භූ දේශපාලනය
2 min

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨 ලෝක දේශපාලන කරළියේ මැදපෙරදිගින් ඇහෙන අලුත්ම සහ තරමක් වෙනස්ම විදියේ ප්‍රවෘත්තියක් තමයි මේක. ඉරා...

කියවන්න
🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫
🌍 භූ දේශපාලනය
6 min

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫 ඔබ සිතන්නේ මේ ලෝකය පාලනය කරන්නේ කවුරුන් කියාද? ලෝකයේ බලවත්ම රටවල ජනාධිපතිවරුන්ද? අගමැතිවරුන්ද? එසේත් නැතිනම් ලෝකයේ සිටින ප්‍රකෝටිපතියන් වන ඉලො...

කියවන්න
⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...
🌍 භූ දේශපාලනය
2 min

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉරාන අත්තඩන්ගුවට ??✈️💥 🚨 මැදපෙරදිග යුද උණුසුම උපරිමයට! ජාත්‍යන්තර දේශපාලනයම කැළ...

කියවන්න