Ad Space - leaderboard (728x90)

🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️

🔍 අභිරහස්2026 වෙසක් 164 min read
🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️

🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️

පිටසක්වල ජීවීන් සහ පියාඹන පීරිසි එහෙමත් නැත්නම් UFO ගැන කතා අහද්දී අපිට මුලින්ම හිතෙන්නේ ඒවා හිතළු කතා කියලා නේද? අන්තර්ජාලයේ තියෙන බොඳ වුණු පින්තූර, සහ බොරු සාක්ෂි නිසා මේ බොහෝමයක් කතා ප්‍රතික්ෂේප කරන්න අපිට සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඒ කිසිම ගණයකට අයිති වෙන්නේ නැති, ලෝකයේ අමුතුම UFO සිදුවීම ගැනයි.

මේ සිදුවීම කොච්චර සුවිශේෂීද කියනවා නම්, ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය (Pentagon) පවා මෙය සත්‍යයක් බව නිල වශයෙන් පිළිගෙන තියෙනවා. ලෝක ඉතිහාසයේ වාර්තා වුණු, කිසිම විද්‍යාඥයෙකුට හෝ හමුදාවකට අදටත් බොරුවක් යැයි ඔප්පු කළ නොහැකි එකම UFO සිදුවීම වන්නේද මෙයයි. මේ අබිරහස් සිදුවීම ලෝකය පුරා ප්‍රසිද්ධ වුණේ "2004 Nimitz Tic Tac UFO Incident" යන නමින්.

මේ අබිරහස් කතාව හරියටම ආරම්භ වෙන්නේ 2004 නොවැම්බර් මාසයේදීයි. ඇමරිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත 'USS Nimitz' යුද නෞකා සමූහය, කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ (San Diego) වෙරළට සැතපුම් 100 ක් පමණ දුරින් මුහුදේ යුද පුහුණුවීම්වල නිරත වෙමින් හිටියා. මේ නෞකා සමූහයේ තිබූ 'USS Princeton' නැමති සටන් නෞකාවේ — සැතපුම් 100 ක් එහා තියෙන ගොල්ෆ් බෝලයක්වත් හඳුනාගත හැකි ලෝකයේ බලවත්ම 'AN/SPY-1' රේඩාර් පද්ධතිය තිබුණා.

නොවැම්බර් මාසයේ මුල් දින කිහිපයේ සිටම මේ ප්‍රධාන රේඩාර් තිරය මත ඉතාමත් අසාමාන්‍ය දේවල් සටහන් වෙන්න පටන් ගත්තා. කිසිම ගුවන් යානයකට, කුරුල්ලෙකුට හෝ ස්වභාවික දෙයකට කළ නොහැකි වේගවත් ගමන් රටා මේ රේඩාර් වල සටහන් වුණා. මේ අබිරහස් වස්තූන් අඩි 80,000 ක ඉහළ අහසේ ඉඳන් මුහුදු මට්ටමට එන්න ගත කළේ තත්පරයකටත් වඩා අඩු කාලයක්!

අවසානයේ නොවැම්බර් 14 වැනිදා, මේ ගැන හොයාබලන්න ඇමරිකානු නාවික හමුදාවේ දක්ෂතම 'Top Gun' ගුවන් නියමුවෙකු වුණු කමාන්ඩර් ඩේවිඩ් ෆ්‍රේවර්ට අණ ලැබුණා. ඔහු තවත් දක්ෂ නියමුවෙකු සමඟ F/A-18 සුපර් හෝනට් (Super Hornet) ප්‍රහාරක යානා දෙකකින් අදාළ ස්ථානයට පියාසර කළා. අඩි 20,000 ක් පමණ ඉහළ අහසේ ඉඳන් පහළ බලද්දී ඔවුන් දැක්කේ හිතාගන්න බැරි දර්ශනයක්.

නිල් පැහැති මුහුදේ එක තැනක පමණක්, හරියට ලොකු බෝයිං ගුවන් යානයක් ගිලෙමින් තියෙනවා වගේ ජලය වේගයෙන් කැළඹෙමින් තිබුණා. මේ කැළඹෙන මුහුදු ජලයට මඳක් ඉහළින්, අඩි 40 ක් පමණ දිග අමුතුම හැඩයක වස්තුවක් පාවෙමින් තිබෙනවා ඔවුන් දුටුවා. ඒක හරියටම සුදු පැහැති 'ටික් ටැක්' (Tic Tac) මින්ට් ඇටයක හැඩයට සමාන වුණා.

ඊටත් වඩා පුදුමේ කියන්නේ, ඒ වස්තුවට කිසිම තටුවක්, එන්ජිමක්, දුමක් හෝ පාලනය කරන කුටියක් (Cockpit) කිසිවක් තිබුණේ නැහැ. මෙය කුමක්දැයි ළඟට ගොස් පරීක්ෂා කිරීමට කමාන්ඩර් ෆ්‍රේවර් තම ප්‍රහාරක යානය ක්‍රමයෙන් පහත් කළා. හරියටම ඒ මොහොතේදී, අර අබිරහස් වස්තුවත් ඔහුගේ යානය දෙසට ඉහළට එන්න පටන් ගත්තා.

එය හරියටම ෆ්‍රේවර්ගේ ප්‍රහාරක යානයේ චලනයන් කැඩපතක් වගේ අනුකරණය කරන්න පටන් ගැනීම ඇඟ කිලිපොළා යන අත්දැකීමක් වුණා. ෆ්‍රේවර් එකවරම තම යානයේ වේගය වැඩිකර ඒ අබිරහස් වස්තුව ඉදිරියට යන්නට දැඩි උත්සාහයක් ගත්තා. ඒත් එක්කම කිසිම සද්දයක් නැතුව, ඇසිපිය ගහන වේගයෙන් ඒ 'ටික් ටැක්' හැඩැති වස්තුව අහසට වෙඩි උණ්ඩයක් වගේ අතුරුදන් වෙලා ගියා.

Ad Space - in-article (300x250)

කමාන්ඩර් ෆ්‍රේවර් වහාම මේ ගැන නෞකාවේ රේඩාර් මැදිරියට දැනුම් දෙන්න කටයුතු කළා. ඒත් එක්කම රේඩාර් මැදිරියෙන් ලැබුණු පිළිතුරෙන් ෆ්‍රේවර් සම්පූර්ණයෙන්ම ගල් ගැහිලා ගියා. ඊටත් වඩා බියකරු කාරණය වුණේ — ඒ වස්තුව ආයෙත් රේඩාරයට අසුවුණේ — ෆ්‍රේවර්ගේ සටන් සැලැස්මේ ලියලා තිබුණ, ඊළඟට යන්න නියමිතව තිබුණ රහසිගත 'CAP point' ස්ථානයෙයි.

ඒ කියන්නේ — ඒ වස්තුවට කොහොමහරි දැනගන්න පුළුවන් වුණා ෆ්‍රේවර්ගේ රහසිගත සටන් සැලැස්ම මොකක්ද කියලා. සැතපුම් 60 ක දුරක් තත්පර කිහිපයක් ඇතුළතදී ගමන් කරලා තිබුණු මේ යානයට සමාන කිසිම තාක්ෂණයක් ලෝකයේ කිසිම මිනිසෙක් මෙතෙක් නිපදවා නැහැ.

2017 දී නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත හරහා මුදාහැරිය මේ රහසිගත වීඩියෝව 2020 දී පෙන්ටගනය විසින් නිල වශයෙන් සත්‍ය එකක් බව පිළිගත්තා. ඉන්පසුව 2023 දී කමාන්ඩර් ඩේවිඩ් ෆ්‍රේවර් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දීලා කිව්වේ මේ වස්තුව කිසිසේත්ම ඇමරිකාවට හෝ වෙනත් කිසිම රටකට අයත් තාක්ෂණයක් නොවන බවයි. ඒ ඓතිහාසික සාක්ෂියේ වීඩියෝ දර්ශන අපි පළමු කමෙන්ට් (First Comment) එකේ දාලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම නරඹන්න!

2026 මැයි මාසයේදී — මේ මාසේමයි — ඇමරිකන් රජය නැවතත් සියගණනක් UFO ලිපිගොනු රහස් වර්ගීකරණයෙන් ඉවත් කරලා, ජනාධිපති ට්‍රම්ප්ගේ PURSUE වැඩසටහන යටතේ 'WAR. GOV' වෙබ් අඩවියට මුදාහැරියා. ඒ ලිපිගොනු අතරෙත් — 'Tic Tac' සිදුවීම තවමත් 'විසඳී නැති අබිරහස්' ලෙසයි සඳහන් වෙන්නේ. පෙන්ටගනය මේ වස්තුව සත්‍ය UFO එකක් බව නිල වශයෙන් පිළිගෙන තියෙනවා — ඒත් එයාලා කවදාවත් කියන්නේ නෑ, ඒ අන්‍ය ග්‍රහ ජීවියෙක්ගේ යානයක් කියලා.

එයාලගේ නිල පිළිතුර තාම මේකයි: 'අපි දන්නේ නෑ. අවුරුදු 21ක් අධ්‍යයනය කරලත් අපිට පැහැදිලි කරන්න බෑ. ඒක අපේ රටේ එකක් නෙවෙයි. රුසියාවේ එකක් නෙවෙයි. චීනයේ එකක් නෙවෙයි. ඒත් — අන්‍ය ග්‍රහ ජීවියෙක්ගේ කියලත් අපි කියන්නේ නෑ.'

අවුරුදු 21ක් තිස්සේ ලෝකයේ බලවත්ම හමුදාවටවත් මේක මොකක්ද කියලා හොයාගන්න බැරි වුණා කියලා ඔයා විශ්වාස කරනවද? මේක පිටසක්වල තාක්ෂණයක්ද, නැත්නම් මේක පිටිපස්සේ වෙනත් ලොකු රහසක් හැංගිලා තියෙනවද? ඔයාගේ අදහස කමෙන්ට් කරගෙනම යන්න!! ඒ වගේම මේ කතාව ඔබේ මිතුරන්ටත් කියවන්න දැන්ම Share කරන්න!

ලෝකයෙන් හැංගුණු මේ වගේ තවත් ඇඟ කිලිපොළා යන සත්‍ය කතා සහ අබිරහස් සිදුවීම් ගැන මුල සිට අගට කියවන්න ඔබත් ආසද? එහෙනම් අදම අපේ 'නොකී කතා' (nokikatha . com) වෙබ් අඩවියට ගොඩවෙන්න!

ඒ ඓතිහාසික සාක්ෂියේ වීඩියෝ දර්ශන අපි පළමු කමෙන්ට් (First Comment) එකේ දාලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න 👇👇👇👇

🛸 මුළු ඇමරිකාවම, පෙන්ටගනයම භීතියට පත් කළ 'ටික් ටැක්' අබිරහස: ලෝකයේ කිසිවෙකුට අදටත් විසඳිය නොහැකි සත්‍ය UFO සිදුවීම! ⚠️ - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ග...
🔍 අභිරහස්
Video
1 min

🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ග...

🚨 "මේක ඇත්තම Cockpit Footage එකක්!" - පෙන්ටගනය හොල්ලපු 'ටික් ටැක්' අද්භූත පිටසක්වළ යානයේ සැබෑ Infrared කැමරා දර්ශන සහ ගුවන් නියමුවාගේ පාපොච්චාරණය! 🛸 ඔබ මේ වීඩියෝවේ මුල් කොටසින් දකින්නේ 2004 වසරේදී U...

කියවන්න
🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨
🔍 අභිරහස්
5 min

🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨

🚨 "මගේ දරුවාව කැලෑ බල්ලෙක් අරන් ගියා!" මුළු ලෝකයක්ම රැවටුණු, අහිංසක මවකට හිරබත් කැවූ ඕස්ට්‍රේලියාවේ ලොකුම අබිරහස! 🚨 ඕස්ට්‍රේලියාවේ මධ්‍යම කාන්තාරයේ තියෙන 'උලුරු' (Uluru) කියන්නේ හරිම අද්භූත වගේම කර්...

කියවන්න
🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය..
🔍 අභිරහස්
5 min

🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය..

🔴 අවුරුදු 61ක් පොළොව යට වැළලිලා තිබුණු අභිරහස: කාලයටවත් වසන් කරන්න බැරි වුණු ඒ අඳුරු අතීතය.. හරියටම සවස 6.30 යි. ඒ 1964 අවුරුද්දේ සාමාන්‍ය, තරමක් ශීතල සැන්දෑවක්. ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ එල්මය...

කියවන්න
🚨 අහසට නැගුණු යානය වාෂ්ප වී ගියාද? ලංකාවම හඬවමින් අතුරුදහන් වූ උපාලි විජේවර්ධන මහා අභිරහස! ✈️🕵️‍♂️
🔍 අභිරහස්
5 min

🚨 අහසට නැගුණු යානය වාෂ්ප වී ගියාද? ලංකාවම හඬවමින් අතුරුදහන් වූ උපාලි විජේවර්ධන මහා අභිරහස! ✈️🕵️‍♂️

🚨 අහසට නැගුණු යානය වාෂ්ප වී ගියාද? ලංකාවම හඬවමින් අතුරුදහන් වූ උපාලි විජේවර්ධන මහා අභිරහස! ✈️🕵️‍♂️ 1983 පෙබරවාරි 13 වැනිදා යනු මුළු ලෝකයම ආදරවන්තයින්ගේ දිනය සැමරීමට සූදානම් වූ දවසයි. නමුත් ශ්‍රී ලංක...

කියවන්න
අතුරුදන් වූ දරුවන් සොයා වසර 60ක් පුරා හඬන මුහුදු වෙරළ: ඕස්ට්‍රේලියාවම කඳුළින් තෙත් කළ Beaumont අබිරහස! 🌊💔
🔍 අභිරහස්
6 min

අතුරුදන් වූ දරුවන් සොයා වසර 60ක් පුරා හඬන මුහුදු වෙරළ: ඕස්ට්‍රේලියාවම කඳුළින් තෙත් කළ Beaumont අබිරහස! 🌊💔

අතුරුදන් වූ දරුවන් සොයා වසර 60ක් පුරා හඬන මුහුදු වෙරළ: ඕස්ට්‍රේලියාවම කඳුළින් තෙත් කළ Beaumont අබිරහස! 🌊💔 තමන්ගේ ඇස් මානයෙන් දරුවෙක් එක තත්පරයකට නොපෙනී ගියොත් දෙමව්පියන්ට දැනෙන බිය ඔබ අත්විඳ තිබෙනවා...

කියවන්න
රෙගේ සංගීතයේ රජු බිලි ගත්තේ කුමන්ත්‍රණයක්ද : බොබ් මාර්ලි මරණයේ අද්භූත අභිරහස් 💀👟‼️
🔍 අභිරහස්
4 min

රෙගේ සංගීතයේ රජු බිලි ගත්තේ කුමන්ත්‍රණයක්ද : බොබ් මාර්ලි මරණයේ අද්භූත අභිරහස් 💀👟‼️

රෙගේ සංගීතයේ රජු බිලි ගත්තේ කුමන්ත්‍රණයක්ද : බොබ් මාර්ලි මරණයේ අද්භූත අභිරහස් 💀👟‼️ ලෝකප්‍රකට රෙගේ (Reggae) සංගීත පුරාවෘත්තය වූ බොබ් මාර්ලි සැලකුණේ ලොව පුරා සාමය, ආදරය සහ විප්ලවය පතුරුවාලූ අසහාය කලාක...

කියවන්න