Ad Space - leaderboard (728x90)

මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති - මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️

🔪 සැබෑ අපරාධ2025 ඉල් 206 min read
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️

මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති - මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️

1974 නොවැම්බර් 20 වැනි දින, ෆ්ලොරිඩාවේ මයාමි වෙරළේ හෝටල් සේවකයෙකු අමුතු දෙයක් සොයා ගත්තා. වෙරළ කබනාවේ ගොඩ ගසා තිබුණු ඇඳුම් ගොඩක්. කලිසම, කමිසය, සපත්තු... හැම දෙයක්ම එහෙම තියෙනවා. හිමිකරු? මුහුදේ පිහිනන්න ගිහින් ආපසු ආවේ නැහැ.

පොලීසිය නිගමනයට ආවා - මුහුදේ ගිලිහී ගිහින් ඇති කියලා. සමහරු කිව්වා මෝරෙක් කාලා ඇතිලු. බ්‍රිතාන්‍ය මාධ්‍ය විශාල වශයෙන් වාර්තා කළා, "ජෝන් ස්ටෝන්හවුස් මහතා අභාග්‍යජනක ලෙස මිය ගියා" කියලා. මුළු බ්‍රිතාන්‍යයම කම්පනයට පත් වුණා. ප්‍රධාන පුවත්පත් හැම එකේම මුල් පිටුවේ ස්ටෝන්හවුස්ගේ මුහුණ. “කැබිනට් ඇමති ඛේදජනක ලෙස මිය ගියා” කියන ශීර්ෂ. ටෙලිවිෂන් වල විශේෂ වැඩසටහන්. ඔහු කළ සේවා ගැන කතා. “අනාගත අග්‍රාමාත්‍යවරයා අහිමි වුණා” කියලා දේශපාලන විශ්ලේෂකයෝ කියනවා.

පාර්ලිමේන්තුවේ එදා විශේෂ දිනයක් වුණා. සියලු පක්ෂවල සාමාජිකයින් එක්ව ඔහු වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. කැබිනට් සාමාජිකයින්, අග්‍රාමාත්‍යවරයා, විරුද්ධ පක්ෂ නායකයා හැමෝම කථා කළා. “අපේ සහෝදරයා අහිමි වුණා” කියලා. ඔහුගේ හිස් පුටුව දෙස බලා බලා එක් එක් අය කඳුළු සලමින් කතා කළා.

ඒත් සැබෑ ඛේදවාචකය තිබුණේ ඔහුගේ නිවසේ. භාර්යාව බාබරා සහ දරුවන් තුන්දෙනා අතරමං වුණා. ඔවුන්ගේ ලෝකය බිඳ වැටුණා. මව හිටියේ කඳුළු වලින් ගිලිහිලා. දරුවෝ තේරුම් ගන්න බැරි වුණා තාත්තා තව කවදාවත් ආපහු එන්නේ නැහැ කියන කතාව. නෑයන්, මිත්‍රයන් හැමෝම නිවසට එකතු වුණා. සැබෑ මළ ගෙදරක් වගේ වැලපීමක් තිබුණා.

බාබරා හිතුවා - “මගේ ස්වාමිපුරුෂයා මුහුදේ ගිලිහී ගියා. සිරුර පවා හම්බ වෙන්නේ නැහැ. අවමංගල්‍ය කටයුත්තකුත් කරන්න බැරි වුණා.”.

ඒත් කතාව එතැනින් ඉවරද? 🤔

මේක එක්තරා ත්‍රාසජනක චිත්‍රපටයක් නෙමෙයි. මේ සැබෑ කතාවක්. තව දුරටත් ගියොත්, මේක විසිවන ශතවර්ෂයේ විශාලතම දේශපාලන අපකීර්තියක් වුණු කතාවක්. ජෝන් ස්ටෝන්හවුස් සාමාන්‍ය දේශපාලනඥයෙක් නෙමෙයි. ඔහු බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍යවරයෙක්. තාක්ෂණ සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස සේවය කළ ප්‍රබල චරිතයක්. ඔහුගේ සම වයසේ අය කිව්වා, "මේ මිනිහා අනාගතයේ අග්‍රාමාත්‍යවරයා වෙන්න පුළුවන්" කියලා. එච්චර ඔහුගේ ජනප්‍රියත්වය සහ බලය ඉහලයි.

1957 දී පාර්ලිමේන්තුවට තේරුණු කාලේ, ඔහුට වයස 32යි. තරුණම මාන්ත්‍රී කෙනෙක්. උගත්, දක්ෂ, අභිලාෂකාමී. අප්‍රිකාවේ වර්ණභේද ප්‍රතිපත්තියට එරෙහිව හඬ නැගූ ප්‍රගතිශීලී චින්තකයෙක්. හැමෝම කැමති දේශපාලනඥයෙක්. 1959 දී ඔහු රොඩීසියාවෙන් (සිම්බාබ්වේ) පලවා හැරියේ සුදු සුප්‍රමාසිවාදයට විරුද්ධව කතා කළ නිසා. ඒත් ඒක ඔහුගේ ජනප්‍රියත්වය තව තවත් වැඩි කළා.

ඒත් මොකද වුණේ? 🌊

ස්ටෝන්හවුස්ගේ ජීවිතයේ තිබුණා අඳුරු රහස් කිහිපයක්. සීතල යුද්ධ යුගයේ, චෙකොස්ලෝවැකියාවේ ඔත්තු සේවා සඳහා ඔහු වැඩ කළා කියන චෝදනා තිබුණා. Margaret Thatcher පවා පසුව ඒක ආවරණය කළා. ඒත් ස්ටෝන්හවුස් මරණය දක්වාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒ එක්කම ඔහුගේ ව්‍යාපාර බිඳ වැටෙමින් තිබුණා. ණය £800,000කට වඩා වැඩියි. අද මුදලට සිතනවා නම් මිලියන ගණනක්. බංකොලොත් භාවයේ අද්දර. තවත් රහසක් තිබුණා. ඔහුගේ ලේකම් ෂීලා බක්ලි සමඟ ඔහුට පෙම් සබඳතාවක් තිබුණා. භාර්යාව සහ දරුවන් තුන් දෙනෙක් සිටියදීත්.

ඔහුගේ දේශපාලන ජීවිතයත් අවසන් වෙමින් තිබුණා. අග්‍රාමාත්‍ය හැරල්ඩ් විල්සන් ඔහුව Shadow Cabinet එකට ගත්තේ නැහැ. විල්සන් පසුව පිළිගත්තා, තමන් හැම වෙලාවෙම හිතුවා ස්ටෝන්හවුස් වංචනිකයෙක් කියලා. සියලු දොරටු වැසී යන බව ස්ටෝන්හවුස්ට තේරුණා. විසඳුම? අතුරුදන් වෙන්න. නව ජීවිතයක් පටන් ගන්න. ඒත් කොහොමද?

මහා නාට්‍යය🎭

ස්ටෝන්හවුස් මාස ගණනක් සැලසුම් කළා. ඔහු මහා ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඔහුගේ මැතිවරණ කොට්ඨාසයේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ අනන්‍යතා සොරකම් කළා. ජෝසෆ් මාර්කම් කියන නමින් එක් ගිණුමක් හදලා තිබුණා. ක්ලයිව් මිල්ඩූන් කියන නමින් තවත් ගිණුමක්. ව්‍යාජ ජන්ම සහතික, ව්‍යාජ ගිණුම්, ව්‍යාජ ජීවිත. හැම දෙයක්ම සූදානම්. 1974දී ඔහු මේ හැම දෙයක්ම සැලසුම් කර ඇමරිකාවට නේවාඩුවකට යනවා කියලා. ඔහු යන්නේ මයාමි වෙරළට.

මයාමි වෙරළේ ඔහු කළේ නාට්‍යයක්. ඇඳුම් ගලවලා වෙරළේ තියලා, මුහුදට ගියා වගේ පෙන්නුවා. ඒත් ඇත්තටම? ඔහු මුහුදට ගියේ නැහැ. වෙරළ දිගේ ඇවිද්දා තවත් තැනකට. එතන කලින්ම හංගලා තිබූ අලුත් ඇඳුම් බෑගයක් තිබුණා. වියළි ඇඳුම් ඇඳගෙන, සාමාන්‍ය සංචාරකයෙක් වගේ හෝටලයෙන් එළියට ගියා. කෙලින්ම ගුවන් තොටුපොළට. ගමනාන්තය? ඕස්ට්‍රේලියාව - ලෝකයේ අනිත් පැත්තේ, 9,000 සැතපුම් ඈතින් තිබුණු රට! ඔහු හොර පාස්පෝර්ට් එකක් පාවිච්චි කර වෙන කෙනෙක්ගේ නම් ගෙන ඔස්ට්‍රේලියාවට ගියේ.

ස්ටෝන්හවුස් හිතුවා තමන්ගේ මරණය දවසක් දෙකක් පුවත් වෙයි, ඊට පස්සේ හැමෝම අමතක කරයි කියලා.ඔහු සහ ෂීලා බක්ලි ඕස්ට්‍රේලියාවේ නව ජීවිතයක් ආරම්භ කරන්න සිතුවා. හිරු එළිය, වෙරළ, නිදහස. ඒත් එහෙම වුණේ නැහැ.

නමුත් ඔහු බලාපොරොත්තු වූ ඒ දේ සිදු වුණේ නැහැ.

ඕස්ට්‍රේලියාවේ බැංකු අතර විශාල මුදල් මාරු කිරීමට ස්ටෝන්හවුස් පටන් ගත්තා. ක්ලයිව් මිල්ඩූන් ගිණුමට මුදල් දානවා, ජෝසෆ් මාර්කම් ගිණුමෙන් මුදල් ගන්නවා. ඒත් එක් බැංකු නිලධාරිනියගේ අවධානය යොමු වුණා. මේ මිනිහා දෙවරක් ආවා, වෙනස් නම් දෙකෙන්, විශාල මුදල් එක්කම. ඇය වහාම පොලීසියට දැනුම් දුන්නා.

Ad Space - in-article (300x250)

පොලීසිය හිතුවා මේක වෙන කෙනෙක් කියලා. ඔව්, 1974 වර්ෂයේ තවත් අතුරුදහන් වුණු ප්‍රසිද්ධ පුද්ගලයෙක් හිටියා. ලෝඩ් ලුකාන් කියන සල්ලිකර පවුලේ අයෙක්. ඔහු තම දරුවන්ගේ ආයා මරා දැමීමෙන් පසු පලා ගියා. පොලීසිය හිතුවා ඕස්ට්‍රේලියාවේ සැරිසරන මේ සැක කටයුතු මිනිහා ලෝඩ් ලුකාන් විය හැකි කියලා.

පොලීසිය දිගටම ඔහුව නිරීක්ෂණය කළා. අන්තිමේදී 1974 දෙසැම්බර් 24, නත්තල් සිකුරාදාව ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. පොලීසිය ඇත්ත හඳුනාගත්තා. මේක ලෝඩ් ලුකාන් නෙමෙයි. මේක මිය ගිය බව සැලකූ බ්‍රිතාන්‍ය මාන්ත්‍රී ජෝන් ස්ටෝන්හවුස්! ලෝකය පුදුමයට පත් වුණා.

ඊළඟට වුණේ මොකද්ද? ⚖️

බ්‍රිතාන්‍යය ඔහුව ආපසු ගෙන්වන්න උත්සාහ කළා. ඒත් ස්ටෝන්හවුස් එයට එරෙහිව සටන් කළා. ඔහු ස්වීඩනයෙන් සහ මොරිෂස් වලින් දේශපාලන සරණාගත හිමිකම ඉල්ලා සිටියා. මාස හයක නීතිමය සටනකින් පසු, ඔහු එක්සත් රාජධානියට ආපසු ගෙන එන ලදී.

මෙතන තමයි විහිලුවට කාරණය වෙන්නේ. ඔහු තවමත් පාර්ලිමේන්තු සාමාජිකයෙක්! ඔව්, බ්‍රික්ස්ටන් බන්ධනාගාරයේ සිටියදීත්, ඔහු වෝල්සෝල් නෝර්ත් හි එම්පී කෙනෙක්. කම්කරු පක්ෂය ඔහුව නෙරපා හැරියේ නැහැ. ඇයි? පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ බහුතරය කුඩා වුණා. ස්ටෝන්හවුස්ව දැන් ඉවත් කළොත්, ආණ්ඩුව බිඳවැටෙන්න පුළුවන්.

1975 අගෝස්තු මාසයේදී ඇප මත නිදහස් කරන ලද පසු, ඔහු පාර්ලිමේන්තුවේ කථාවක් පවා කළා! කොච්චර නිර්ලජ්ජිත ආකල්පයක්ද? ඔහු කියනවා මානසික කඩාවැටීමක් හේතුවෙන් "සමාන්තර පෞරුෂයක්" බිහි වූ බව. ඔහු චෙක් ඔත්තුකරුවෙක් බව තරයේ ප්‍රතික්ෂේප කළා.

අවසාන වාරය 🔚

1976 අප්‍රේල් 7 වැනිදා ඔහු අවසානයේ කම්කරු පක්ෂයෙන් ඉල්ලා අස් වුණා. ඔහුගේ නඩු විභාගය දින 68ක් පැවතුනා. ඔහු නීතිඥයෙක් භාවිත කළේ නැහැ, තමන්ම තමන් වෙනුවෙන් පෙනී සිටියා. 1976 අගෝස්තු 6 වැනිදා, ඔහු වංචා, රැවටිලිකාර ක්‍රියා සහ සොරකම් පිළිබඳ චෝදනා 18කට වරදකරු විය. දඬුවම - වසර හතක සිර දඬුවම්. ඔහු වෝම්වුඩ් ස්ක්‍රබ්ස් බන්ධනාගාරයට යවන ලදී.

ඒ වගේම ඔහු Privy Council එකෙන් ඉල්ලා අස් වුණා. ඉතිහාසයේ තමන්ගේ "The Right Honourable" පදවිය ස්වේච්ඡාවෙන් අත්හැරි තුන්වැනි පුද්ගලයා බවට ඔහු පත් වුණා.

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු, ඔහු ෂීලා බක්ලි සමඟ විවාහ වුණා. ඔවුන් ටොටන් නම් කුඩා නගරයක ජීවත් වුණා. ඔහු පොත් කිහිපයක් ලිව්වා, නාට්‍යකරුවෙක් වුණා. ඒත් හැම තැනකම, හැමෝම ඔහුව මතක තබාගත්තේ "මයාමි වෙරළේ මරණයටත් බොරුකර මිනිහා" කියලා.

1988 මාර්තු 25 වැනිදා, ටෙලිවිෂන් වැඩසටහනක රූගත කිරීම් අතරතුර ඔහුට හෘදයාබාධයක් ඇති වුණා. 62 දි ඔහු මිය ගියා.

ජෝන් ස්ටෝන්හවුස්ගේ කතාව අපිට කියලා දෙන්නේ ජීවිතයෙන් පලායන්න බැරි බව. ඔබේ ගැටලු වලින් පලායන්න ඔබ මුහුදට ඇඳුම් පොදියක් දාලා ලෝකයේ අනිත් පැත්තට ගියත්, අවසානයේ සත්‍යය හමුවේ. ඔහුට තිබුණා හැම දෙයක්ම. බලය, තනතුර, කීර්තිය. ඒත් එය සියල්ල අහිමි වුණේ තම ජීවිතයේ ගත් වැරදි තීරණ නිසා.

අද, බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ ස්ටෝන්හවුස්ගේ නම සඳහන් වන විට, කිසිවෙක් මතක තබාගන්නේ නැහැ ඔහු කළ යහපත් කාර්ය. හැමෝම මතක තබා ගන්නේ මයාමි වෙරළේ ඇඳුම් සහ එක් විශාලතම දේශපාලන වංචාව.

සමහර විට, ජීවිතයේ විශාලතම පාඩම මෙයයි - ඔබේ කීර්තිය ගොඩනගන්න වසර ගණනාවක් ගතවෙනවා, ඒත් ඒක විනාශ කරන්න තත්පරයකුත් අඩුයි. 🌊

ඔබ මෙය කියවලා කැමතිද? Share කරන්න, Comment කරන්න.

දිගටම නොකී කතා - Untold Stories පිටුව follow කරන්න!

මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ - 2
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ - 3
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ - 4
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ - 5
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ - 6
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ - 7
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති -  මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ - 8
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න