Ad Space - leaderboard (728x90)

පළමු කොටස - "මගේ දුව... මගේ දුව අර මිනීමරුවන් එක්ක හිනාවෙවී කතා කළා!" - වෙඩි වැදී මරණාසන්න වූ පියා දුන් සාක්ෂියෙන් කැනඩා...

🔪 සැබෑ අපරාධ2025 ඉල් 215 min read
පළමු කොටස - "මගේ දුව... මගේ දුව අර මිනීමරුවන් එක්ක හිනාවෙවී කතා කළා!" - වෙඩි වැදී මරණාසන්න වූ පියා දුන් සාක්ෂියෙන් කැනඩා...

පළමු කොටස - "මගේ දුව... මගේ දුව අර මිනීමරුවන් එක්ක හිනාවෙවී කතා කළා!" - වෙඩි වැදී මරණාසන්න වූ පියා දුන් සාක්ෂියෙන් කැනඩාවම කම්පා වෙයි 🎹🏚️

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ, ටොරොන්ටෝ නුවරට ආසන්නයේ පිහිටි 'මාක්හැම්' කියන්නේ ඉතාම නිස්කලංක, ධනවතුන් ජීවත් වන සාමකාමී නගරයක්. මේ නගරයේ අංක 238 දරණ නිවසේ ජීවත් වුණු 'පෑන්' පවුල දෙස පිටින් බලන ඕනෑම කෙනෙක්ට පෙනුනේ "පරමාදර්ශී ආසියානු පවුලක්" විදියටයි.

පවුලේ පියා වූ 'හෑන් පෑන්' සහ මව 'බික් පෑන්' කියන්නේ වියට්නාම සරණාගතයින් විදියට හිස් අතින් කැනඩාවට පැනලා ආපු යුවළක්. ඔවුන් මුලින්ම කැනඩාවට එනකොට ඔවුන් අතේ සතයක්වත් තිබුණේ නැහැ. නමුත් ඔවුන් පුදුමාකාර කැපවීමකින් වැඩ කළා. කාර් පාර්ස් හදන ෆැක්ටරියක දහඩිය මහන්සියෙන් වැඩ කරලා, සතෙන් සතේ ඉතිරි කරලා, ඔවුන් කෝටි ගණනක දේපළ හිමිකාරයින් බවට පත් වුණා. මාක්හැම් නගරයේ කාමර දෙකේ ගරාජයක් සහිත සුඛෝපභෝගී මාලිගාවක් වගේ නිවසක් ඔවුන් මිලදී ගත්තා. ඔවුන් ගමන් ගියේ ඉහළ පෙළේ මර්සිඩීස් බෙන්ස් සහ ලෙක්සස් වර්ගයේ කාර්වලින්.

නමුත් මේ දේපළ, යාන වාහන, බැංකු ගිණුම් මේ සියල්ලටම වඩා හෑන් සහ බික් යුවළ ආඩම්බර වුණේ ඔවුන්ගේ වටිනාම සම්පත ගැනයි. ඒ ඔවුන්ගේ ආදරණීය දියණිය, ජෙනිෆර් පෑන්.

ජෙනිෆර් කියන්නේ ලංකාවේ දෙමාපියෙක් පැතුවොත් පතන්නේ මෙන්න මේ වගේ දරුවෙක්ව. ඇය නිකම්ම දරුවෙක් නෙවෙයි, ඇය "රන් දියණියක්" (The Golden Child). කුඩා කාලයේ සිටම ඇගේ ජීවිතය පිරී තිබුණේ ජයග්‍රහණවලින් පමණයි. ඇගේ කාමරය පුරා තිබුණේ කුසලාන සහ සහතික පත්. ✅ ඇය කතෝලික පාසලේ හැමදාම පන්තියේ පළමු වැනියා . ✅ ඇය සම්මානනීය පියානෝ වාදන ශිල්පිනියක්. පාසලේ ඕනෑම උත්සවයක පියානෝ වාදනය කළේ ඇයයි. ✅ ඔලිම්පික් සිහින දකින අතිදක්ෂ ෆිගර් ස්කේටිං ශූරියක්. ඇය උදේ පාන්දර නැගිටලා පුහුණුවීම්වලට ගියේ අනාගතයේ කැනඩාව නියෝජනය කරන්න. ✅ පාසල් කාලෙන් පස්සේ, කැනඩාවේ පිළිගත් රයන්සන් විශ්වවිද්‍යාලයෙන් ඖෂධවේදය හදාරන්න ඇයට ශිෂ්‍යත්වයක් පවා ලැබිලා තිබුණා.

අසල්වැසියන් පෑන් පවුලට ඉරිසියා කළා. නෑදෑයෝ ජෙනිෆර්ව උදාහරණයට අරන් තමන්ගේ දරුවන්ට බැන්නා. "බලන්න අර ජෙනිෆර් දිහා.. එයා ඉගෙන ගන්නවා, ක්‍රීඩා කරනවා, දෙමාපියන්ට සලකනවා. ඇයි ඔයාලට බැරි එහෙම වෙන්න?" තාත්තා හෑන්, තමන්ගේ දුව ගැන කතා කළේ උද්දාමයෙන්. "මගේ දුව දවසක ඩොක්ටර් කෙනෙක් වෙනවා. එයා තමයි මගේ හුස්ම" කියලා ඔහු නිතරම කිව්වා.

නමුත්, 2010 නොවැම්බර් 8 වැනිදා රාත්‍රියේ මේ සුරංගනා කතාව ලේ විලක් මැද අවසන් වුණා.

වේලාව රාත්‍රී 10.00 පසු වී තිබුණා. ජෙනිෆර් උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටියා. ඇගේ මව බික් පහළ මාලයේ සෝපාවේ විවේක ගනිමින්, රූපවාහිනිය බලමින් පා දොවනය කරමින් සිටියා. පියා හෑන් නින්දට ගොස් සිටියා. මුළු පළාතම නිහඬයි.

හදිසියේම... පෑන් නිවසේ ප්‍රධාන දොර විවෘත වුණා. තත්පර කිහිපයක් ඇතුළත මුහුණු ආවරණය කරගත්, ආයුධ සන්නද්ධ මැරයන් තිදෙනෙක් ගෙට කඩා වැදුණා. එක් අයෙක් අතේ රිවෝල්වරයක් තිබුණා. ඔවුන් නිදාගෙන සිටි හෑන්ව ඇඳෙන් ඇදලා එළියට ගත්තා. බිරිඳ බික්ව සාලයට ඇදගෙන ආවා. මැරයන් ඔවුන්ගේ ඔලුවලට තුවක්කු එල්ල කරලා කෑ ගැහුවා.

ඔවුන් කළේ ඉතාම අමුතු දෙයක්. සාමාන්‍යයෙන් ගෙදරකට පනින හොරු කරන්නේ ඉක්මනට රත්තරන් බඩු ටික අරන් පැනලා යන එක. නමුත් මේ මැරයන් ඊට වඩා සංවිධානාත්මකයි. ඔවුන් ජෙනිෆර්ව උඩුමහලේ පඩිපෙළ අත්වැලට තබා ඇගේ දෑත් පස්සට කරලා, සපත්තු ලේස්වලින් ගැටගැසුවා. ඉන්පසු ඇගේ මව සහ පියා පහළ බිම් මහලට කුදලාගෙන ගියා. ඔවුන්ගේ ඔලුවලට ඝනකම් පොරවනයක් දාලා වැහුවා.

ජෙනිෆර් උඩහමලේ ඉඳන් කෑගහද්දී... පහළ මාලයෙන් මුළු පළාතම දෙදරන වෙඩි හඬවල් ඇහුණා.

ඩිෂුම්.. ඩිෂුම්.. ඩිෂුම්.. 🔫

එක් වරක් නොවේ, පස් වතාවක් වෙඩි තබන හඬ ඇසුණා. ඊටපස්සේ භයානක නිශ්ශබ්දතාවයක් රජ වුණා.

විනාඩි කිහිපයකට පස්සේ මැරයන් පැනලා ගියා. ජෙනිෆර් කොහොමහරි අමාරුවෙන් ඇගේ කලිසම් සාක්කුවේ තිබුණු ජංගම දුරකථනය එළියට ගෙන 911 හදිසි ඇමතුම් අංශයට කතා කළා. ඇගේ කටහඬ වෙව්ලමින් තිබුණා. ඇය හුස්ම ගන්න බැරුව දැඟලුවා. "අනේ ඉක්මනට එන්න... උන් ගෙට පැන්නා... මට වෙඩි සද්ද ඇහුණා... මගේ තාත්තා කෑගහනවා... මාව ගැටගහලා තියෙන්නේ... ප්ලීස් ඉක්මනට එන්න..." ඇය මරණ බියෙන් විලාප දුන්නා.

Ad Space - in-article (300x250)

පොලීසිය සහ ගිලන් රථ සයිරන් හඬ මැද එතැනට එන විට දුටු දසුනෙන් ඔවුන්ගේ ලේ වතුර වුණා. පහළ මාලය හරියටම ඝාතකාගාරයක් වගේ. බිත්තිවල ලේ පැල්ලම් විසිරිලා. ජෙනිෆර්ගේ අම්මා, 'බික්'ගේ හිසට වෙඩි 3ක් වැදිලා. ඇය එතැනම මිය ගිහින්. ඇගේ මුහුණ හඳුනාගන්න බැරි තරමට විකෘති වෙලා. තාත්තා 'හෑන්' ගේ මුහුණට සහ පපුවට වෙඩි වැදිලා. නමුත් හාස්කමකට වගේ ඔහු මැරිලා හිටියේ නෑ. ඔහු හිටියේ ලේ විලක් මැද, මරණයත් ජීවිතයත් අතර සටනක අන්තිම හුස්ම ගනිමින්.

පොලිස් නිලධාරීන් වහාම ජෙනිෆර්ව ලිහා දැම්මා. ඇය හඬමින් උන්නා. "ඇයි මගේ අහිංසක දෙමාපියන්ට මෙහෙම කළේ? අපි කාටවත් වරදක් කරලා නෑනේ" ඇය පොලීසියෙන් ඇහුවා. මුළු කැනඩාවම මේ සිද්ධියෙන් කම්පා වුණා. පත්තරවල සිරස්තල වැටුණේ "අහිංසක ආසියානු පවුලකට වූ විපත" කියලයි. කාටවත් කරදරයක් නැති, ඉගෙන ගන්න ළමයෙක් ඉන්න මේ වගේ වැදගත් පවුලක් විනාශ කළේ කවුද? මේක මංකොල්ලයක්ද? නැත්නම් පරණ තරහක්ද?

පොලීසිය ජෙනිෆර්ට සැලකුවේ අසරණ වින්දිතයෙක් විදියට. ඔවුන් ඇයට ආරක්ෂාව දුන්නා. ඇයව මාධ්‍යවලින් බේරාගත්තා. පොලීසිය හිතුවේ "මේ අහිංසක කෙල්ල කොහොමද තනියම ජීවත් වෙන්නේ?" කියලයි.

නමුත්... දින 3කට පස්සේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) සිටි ඇගේ තාත්තාට සිහිය ආවා. 🏥 එය ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මක හාස්කමක්. මුහුණට වැදුණු වෙඩි පහර හකු ප්‍රදේශය විදගෙන, ඇස ළඟින් ගිහින් තිබුණත්, මොළයට හානි වෙලා තිබුණේ නෑ.

වෙඩි පහර නිසා තාත්තාට කතා කරන්න බැහැ. නමුත් ඔහු වෙව්ලන අතින් පොලිස් නිලධාරියාගෙන් කොලයක් සහ පෑනක් ඉල්ලගත්තා. ඔහුගේ ඇස්වල තිබුණේ වේදනාවට වඩා ලොකු බියක්. ඔහු අමාරුවෙන් ලියපු වාක්‍ය දෙක කියවපු පොලිස් නිලධාරීන් ගල් ගැසුණා.

"මගේ බිරිඳ කෝ?"

"මගේ දුව... මගේ දුව අර මිනීමරුවන් එක්ක හිනාවෙවී කතා කළා මට මතකයි."

පොලිස් පරීක්ෂකවරුන්ගේ ඔලුවට යකඩ පොල්ලකින් ගැහුවා වගේ වුණා. අර අහිංසකව අඬන, පියානෝ ගහන කෙල්ල මිනීමරුවන්ව දන්නවා? පියා සිහිය එන්න කලින් පොලීසිය මේ ගෙදර තව දෙයක් දැක්කා. ඒ තමයි ගෙදර ප්‍රධාන දොරට කිසිම හානියක් වෙලා තිබුණේ නෑ. අගුල කඩලා තිබුණේ නෑ. බලෙන් ඇතුළු වුණු ලකුණක් නෑ. ඒ කියන්නේ දොර ඇරලා තිබුණේ ඇතුළෙන්.

ලෝකයා 'ඔලිම්පික් ශූරියක්' සහ 'වෛද්‍ය සිසුවියක්' ලෙස දැන සිටි ජෙනිෆර්... ඇත්තටම කවුද? දෙමාපියන් හිතාගෙන හිටපු "විශ්වවිද්‍යාල සිසුවිය" ඇත්තටම අවුරුදු 4ක් තිස්සේ කැම්පස් නොගිහින් කොහෙද ගියේ?

ලෝකයක් රැවටූ 'රන් දියණියගේ' වෙස් මුහුණ ගැලවෙන හැටි සහ පොලීසිය ඇයව මානසිකව වට්ටපු හැටි 👇

( දෙවන කොටස කියවන්න -https://m.facebook.com/story.php?story_fbid=122106001179117732&id=61583531982741)

👇 ඊළඟ කොටස බලන්න Page එක Follow කරලා තියාගන්න. ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි.

පළමු කොටස - "මගේ දුව... මගේ දුව අර මිනීමරුවන් එක්ක හිනාවෙවී කතා කළා!" - වෙඩි වැදී මරණාසන්න වූ පියා දුන් සාක්ෂියෙන් කැනඩා... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න