Ad Space - leaderboard (728x90)

දෙවන කොටස - "ජෙනිෆර්, ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි. හැබැයි දැන් චිත්‍රපටය ඉවරයි!" - දශකයක් පුරා දෙමාපියන් රැවටූ 'රන් දියණ...

🔪 සැබෑ අපරාධ2025 ඉල් 224 min read
දෙවන කොටස -   "ජෙනිෆර්, ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි. හැබැයි දැන් චිත්‍රපටය ඉවරයි!" - දශකයක් පුරා දෙමාපියන් රැවටූ 'රන් දියණ...

දෙවන කොටස - "ජෙනිෆර්, ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි. හැබැයි දැන් චිත්‍රපටය ඉවරයි!" - දශකයක් පුරා දෙමාපියන් රැවටූ 'රන් දියණියගේ' අවසානය 🎭👮‍♂️

(පලමු කොටස කියවන්න -https://m.facebook.com/story.php?story_fbid=122105999223117732&id=61583531982741 )

වෙඩි වැදී මරණාසන්නව සිටි පියාට සිහිය ඒමත් සමඟ, දශකයක් පුරා ජෙනිෆර් ගොඩනැගූ බොරු ලෝකය බිඳ වැටුණා. පොලීසිය ඇගේ අතීතය සහ පසුබිම හාරද්දී හෙළි වුණේ කිසිම කෙනෙක්ට අදහාගත නොහැකි කතාවක්.

දෙමාපියන් ආඩම්බර වුණු, නෑදෑයින්ට පම්පෝරි ගහපු "විශ්වවිද්‍යාල සිසුවිය" ඇත්තටම ජීවමාන නැහැ. ජෙනිෆර් පෑන් කියන්නේ අතිදක්ෂ බොරුකාරියක් .

ඇත්තටම සිදු වුණේ මෙයයි: ඇය කුඩා කාලයේ දක්ෂ වුණත්, 8 වසරේ ඉඳන් විභාග අසමත් වෙලා තිබුණා. ඇය පන්තියේ පළමු වැනියා නෙවෙයි. ඇගේ ෆිගර් ස්කේටිං පුහුණුවීම් අතරමග නතර වෙලා තිබුණා. ඇය උසස් පෙළවත් සමත් වෙලා තිබුණේ නෑ. විශ්වවිද්‍යාල වරම් අහිමි වෙලා තිබුණා. නමුත් තමන්ගේ දැඩි දෙමාපියන් මෙය දරා නොගන්නා බව ඇය දැන සිටියා. පවුලේ ගෞරවය රැකගන්න ඕන නිසාත්, පියාගේ උදහසට ලක්වෙන්න අකමැති නිසාත් ඇය තීරණය කළා "මම බොරු ජීවිතයක් ජීවත් වෙනවා" කියලා.

ඇය කළේ Photoshop භාවිතා කරලා ව්‍යාජ Report Cards හදපු එක. හැම වාර විභාගෙකදීම ඇය A සාමාර්ථ පිරුණු ව්‍යාජ කොළ ගෙදරට ගෙනාවා. දෙමාපියන් ඒවා දැකලා සතුටු වුණා. බිහිසුණුම දේ මේකයි: "මම විශ්වවිද්‍යාලයට තේරුණා" කියලා ඇය බොරු කිව්වා. වසර 4ක් පුරා හැමදාම උදේට ඇය ලස්සනට ඇඳගෙන, පොත් බෑගයත් ලෑස්ති කරගෙන "අම්මේ මම කැම්පස් යනවා" කියලා ගෙදරින් ගියා. හැබැයි ඇය ගියේ විශ්වවිද්‍යාලයට නෙවෙයි, මහජන පුස්තකාලයට. දවල් වෙනකම් පුස්තකාලයේ නිදාගෙන, සටහන් ලියනවා වගේ රඟපාලා, හවසට පීසා කඩේක වේටර්වරියක් විදියට වැඩ කළා. වසර 4 අවසානයේ ඇය "ව්‍යාජ උපාධි සහතිකයක්" හදලා දෙමාපියන්ට පෙන්නුවා. "අම්මේ තාත්තේ මම දැන් උපාධිධාරියෙක්" කියලා ඇය කිව්වා.

ඇය මේ සේරම කළේ ඇයි? එක හේතුවක් දෙමාපියන්ගේ දරාගත නොහැකි බලාපොරොත්තු. අනිත් හේතුව ඇගේ පෙම්වතා වුණු 'ඩැනියෙල්'. ඩැනියෙල් වොන්ග් කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, මැරයන් ආශ්‍රය කරන තරුණයෙක්. දෙමාපියන් ඔහුට කැමති වුණේ නෑ. දවසක් ජෙනිෆර්ගේ බොරුව අතේ මාට්ටු වුණා. තාත්තාට යක්ෂයා ආවේෂ වුණා. ඔහු ජෙනිෆර්ට පහර දුන්නා. ඇගේ ෆෝන් එක ගත්තා. ලැප්ටොප් එක ගත්තා. ඇයව ගෙදර කාමරේ හිර කළා. වයස 24ක් වෙලත් ඇයට පොඩි ළමයෙක්ට වගේ සැලකුවා. කාර් එකේ යන දුර පවා මීටරෙන් මැන්නා.

"එක්කෝ මුළු ජීවිත කාලෙම ගෙදර හිරවෙලා ඉන්න... නැත්නම් අම්මයි තාත්තයි නැති කරලා දේපළත් අරගෙන ඩැනියෙල් එක්ක යන්න." ජෙනිෆර් තෝරා ගත්තේ දෙවැනි පාර. ඇය ඩැනියෙල් මාර්ගයෙන් කුලියට මිනීමරුවන් සොයාගත්තා. ඇය ඔවුන්ට ඩොලර් 10,000ක් දෙන්න පොරොන්දු වුණා. ඔවුන්ට ගෙට එන්න ලේසි වෙන්න ඇය දොරේ අගුල ඇරලා තිබ්බා.

ප්‍රශ්න කිරීමේ කාමරය : තාත්තාගේ සාක්ෂියත් එක්ක පොලීසිය ජෙනිෆර්ව අත්අඩංගුවට ගත්තා. ඇයව ප්‍රශ්න කරන වීඩියෝව අදටත් යූටියුබ් එකේ ප්‍රසිද්ධයි. ඇය තාමත් රඟපානවා. අඬනවා. "මගේ අම්මා තාත්තා මට ඕන... මම කොහොමද එයාලව මරන්නේ?" කිය කියා විලාප දෙනවා.

Ad Space - in-article (300x250)

නමුත් ප්‍රවීණ රහස් පරීක්ෂක බිල් ගොට්ස් (Bill Goetz) ඉතාම සන්සුන්ව ඇගේ බොරුවක් ඇල්ලුවා. "ජෙනිෆර්... ඔයා කිව්වා මිනීමරුවෝ ඔයාගේ අත් පස්සට කරලා පුටුවක ගැටගැහුවා කියලා. එහෙනම් ඔයා කොහොමද සාක්කුවෙන් ෆෝන් එක අරන් 911 ගැහුවේ? අත් බැඳලා කොහොමද ෆෝන් එක ගන්නේ?"

ජෙනිෆර් ගොත ගැහුණා. ඇය කිව්වා "මම කොහොමහරි දඟලලා ගත්තා" කියලා. ඊළඟට පරීක්ෂකවරයා ඔහුගේ අවසන් තුරුම්පුව ගැහුවා. (මෙය පොලීසියට සැකකරුවන් බියගන්වන්න නීතියෙන් අවසර දී ඇති උපක්‍රමයක් - Bluffing). ඔහු ඇගේ ඇස් දිහා කෙලින් බලලා කිව්වා: "ජෙනිෆර්, අපිට බොරු කරන්න එපා. අපි ගෙදර වටේටම තිබුණු සැටලයිට් දත්ත ගත්තා. අපිට තාප තරංග (Infrared) මගින් ගේ ඇතුළේ සිදුවන දේ පෙනෙනවා. මිනීමරුවෝ ගේ ඇතුළේ ඉද්දි ඔයා සාලේ මැද නිකම්ම ඇවිදගෙන හිටපු බවට අපිට වීඩියෝ සාක්ෂි තියනවා. ඔයාගේ තාත්තා සේරම දැකලා!"

ඇත්තටම පොලීසිය ළඟ එහෙම සැටලයිට් තාක්ෂණයක් තිබුණේ නැහැ. එය අමූලික බොරුවක් බව ජෙනිෆර් දැන සිටියේ නැත. ඇය බියට පත් වුණා. ඇගේ ඉරියව් වෙනස් වුණා. ඇය ඇඬීම නතර කළා. ඇය දැනගත්තා තවත් බොරු කරලා වැඩක් නෑ කියලා. "රන් දියණියගේ" වෙස් මුහුණ එතැනින් ගැලවී වැටුණා.

උසාවියේ කඳුළු: නඩුවේ තීන්දුව දෙන දිනයේ, වෙඩි පහරින් දිවි ගලවා ගත් පියා 'හෑන්' සාක්ෂි කූඩුවට නැග්ගා. ඔහු තම දියණිය දෙස බැලුවේවත් නැහැ. ඔහු ඇය දිහා බලන්න පිළිකුල් කළා. ඔහුගේ වචන මුළු උසාවියම නිහඬ කළා: "මගේ බිරිඳ මිය ගිය දවසේ මගේ ජීවිතය නැති වුණා. නමුත් මගේ දියණිය මිනීමරුවෙක් බව දැනගත් දවසේ... මට ජීවත් වෙන්න තිබුණු එකම හේතුවත් නැති වුණා. මම ජීවත් වුණාට මම මැරුණු මිනිහෙක්. මට දැන් පවුලක් නැහැ."

තීන්දුව: තමන්ගේම මව ඝාතනය කිරීම සහ පියා ඝාතනයට තැත් කිරීමේ (Attempted Murder) චෝදනාවට ජෙනිෆර් පෑන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් (Life Imprisonment) නියම වුණා. වසර 25ක් යනතුරු ඇයට සමාව ඉල්ලීමට (Parole) වත් අවස්ථාවක් නැහැ. අදටත් ඇය සිරගෙදර සිට තමන් නිවැරදි බව කියමින් අභියාචනා කරනවා.

අවසානයට යමක්: මෙය හුදෙක් ත්‍රාසජනක කතාවක් පමණක් නෙවෙයි. දරුවන්ගෙන් "පරිපූර්ණත්වය" (Perfection) පමණක් බලාපොරොත්තු වන ආසියානු දෙමාපියන්ට සහ ලංකාවේ අපිට මෙය කදිම පාඩමකි. දරුවෙක්ට දරාගන්න බැරි පීඩනයක් දුන්නම, ඔවුන් ඒ පීඩනයෙන් ගැලවෙන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා. ඔවුන් දෙමාපියන්ට බයේ බොරු ලෝකයක් හදාගන්නවා. අධික පීඩනය නිසා බිහිවන්නේ දක්ෂයෙක්ද? නැත්නම් සමාජයට සහ දෙමාපියන්ට වෛර කරන විකෘති මනසක් ඇත්තෙක්ද?

👇 මේ කතාව ඔබේ හදවතට දැනුනා නම්, දරුවන් ඉන්න දෙමාපියන්ට බලන්න Share කරන්න.

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි.

දෙවන කොටස -   "ජෙනිෆර්, ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි. හැබැයි දැන් චිත්‍රපටය ඉවරයි!" - දශකයක් පුරා දෙමාපියන් රැවටූ 'රන් දියණ... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න