Ad Space - leaderboard (728x90)

දෙවන කොටස. - "කාර් එක එනවා... ඒක අපිව මරන්න එනවා!" - මියගොස් නැවත උපන් 'පොලොක්' නිවුන් සොහොයුරියන්ගේ ත්‍රාසජනක මතකයන් 🚗...

🔪 සැබෑ අපරාධ2025 ඉල් 234 min read
දෙවන කොටස. - "කාර් එක එනවා... ඒක අපිව මරන්න එනවා!" - මියගොස් නැවත උපන් 'පොලොක්' නිවුන් සොහොයුරියන්ගේ ත්‍රාසජනක මතකයන් 🚗...

දෙවන කොටස. - "කාර් එක එනවා... ඒක අපිව මරන්න එනවා!" - මියගොස් නැවත උපන් 'පොලොක්' නිවුන් සොහොයුරියන්ගේ ත්‍රාසජනක මතකයන් 🚗🩸

(පලමු කොටස කියවන්න - https://www.facebook.com/share/p/1E1X2tytpD/?mibextid=wwXIfr)

අපි කලින් කොටසෙ කතා කළේ 1957 දී කාර් අනතුරකින් මියගිය ජොඇනා සහ ජැකලින්, ඊළඟ අවුරුද්දේ ජිලියන් සහ ජෙනිෆර් ලෙස නැවත උපන් හැටියි. තාත්තා ජෝන් මේක තරයේ විශ්වාස කළත්, අම්මා ෆ්ලෝරන්ස් මේක පිළිගත්තේ නෑ. ඇය හිතුවේ මේ අලුත් දරුවන් දෙදෙනෙක් කියලයි. ඇය පරණ ඡායාරූප පවා හංගලා තිබුණේ දරුවන්ට ඒ ගැන දැනගන්න ඉඩ නොතියා ඉන්න. නමුත් දරුවන්ට වයස අවුරුදු 3 පිරෙද්දී සිදුවුණු දේවල් නිසා ෆ්ලෝරන්ස්ගේ විශ්වාසයත් දෙදරා ගියා.

අද්භූත බෝනික්කන් පරීක්ෂණය

ජොඇනා සහ ජැකලින් මිය ගියාට පස්සේ, ඔවුන් සෙල්ලම් කරපු බෝනික්කන් සහ සෙල්ලම් බඩු පෙට්ටියක් ජෝන් අට්ටාලේ (Attic) දාලා තිබුණා. මේ අලුත් නිවුන් දරුවන් කවදාවත් ඒ බඩු දැකලා තිබුණේ නෑ. ඒවා ගැන අහලාවත් තිබුණේ නෑ. දවසක් ජෝන් කාටත් හොරා මේ පෙට්ටිය අට්ටාලෙන් පහළට ගෙනත් දරුවන්ට දුන්නා. "මෙන්න ඔයාලට සෙල්ලම් බඩු වගයක්" කියලා ඔහු කිව්වා.

පුදුමය කියන්නේ... සාමාන්‍යයෙන් අලුත් බඩු දැක්කම ළමයි අහන්නේ "මේ මොකක්ද?" කියලනේ. නමුත් මේ දෙන්නා එහෙම ඇහුවේ නෑ. ඔවුන් ඒ සෙල්ලම් බඩු අතට ගත්තේ තමන්ගේම නැතිවුණු බඩු හම්බුණා වගේ. ජෙනිෆර් (බාලයා) පෙට්ටියේ තිබුණු එක විශේෂ බෝනික්කෙක් අතට අරන් කිව්වා: "මේ මේරි (Mary)... මේ මගේ බෝනික්කා. මම මේක ගොඩක් හෙව්වා." ඊට පස්සේ ජිලියන් තව බෝනික්කෙක් අරන් කිව්වා: "මේ මගේ සුසෑන් (Suzanne). එයාගේ මූණ කැඩිලා තිබුණේ."

ඒ වෙලාවේ එතැනට ආපු ෆ්ලෝරන්ස් ගල් ගැසුණා. ඇගේ ඇස් උඩ ගියා. ඒ නම්... මියගිය දරුවන් ඒ බෝනික්කන්ට දාලා තිබුණු නම්මයි! 'මේරි' සහ 'සුසෑන්' කියන්නේ කඩෙන් දාපු නම් නෙවෙයි, දරුවන් ආදරේට දාගත්ත නම්. කවුරුත් මේ අලුත් දරුවන්ට ඒ නම් කියලා දීලා තිබුණේ නෑ. ෆ්ලෝරන්ස්ට දැනුණේ තමන්ගේ මැරුණු දරුවන් ආපහු ගෙදරට ඇවිත් වගේ.

හෙක්ස්හැම් නගරයේ මතකයන්

අනතුරෙන් මාස කිහිපයකට පස්සේ පවුල හෙක්ස්හැම් නගරයෙන් ගිහින් 'වයිට්ලි බේ' (Whitley Bay) කියන වෙනත් නගරයක පදිංචි වුණා. මේ නිවුන් දරුවන් ඉපදුණේ අලුත් නගරයේ. ඔවුන් කවදාවත් පරණ හෙක්ස්හැම් නගරයට ගිහින් තිබුණේ නෑ. දවසක් පවුලම හෙක්ස්හැම් නගරයට චාරිකාවක් ගියා. ඒ යන පාරේදී කාර් එකේ හිටපු දරුවන් දෙන්නා එක පාරටම කෑ ගහන්න ගත්තා. "තාත්තේ, අන්න අපි සෙල්ලම් කරපු පාක් එක! අපිට ඔන්චිල්ලා පදින්න යන්න ඕන." "අර තියෙන්නේ අපේ ඉස්කෝලේ! අපි ගියේ අර පාරෙන් නේද?"

ඔවුන් පාරවල්, ගොඩනැගිලි, පාක් එකේ තිබුණු සෙල්ලම් බඩු පවා නිවැරදිව කිව්වා. ඔවුන් කවදාවත් නොගිය පාසලක් ගැන, කවදාවත් නොගිය පාක් එකක් ගැන ඔවුන් දන්නේ කොහොමද? අම්මා ෆ්ලෝරන්ස්ට තවත් මේක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා.

භයානකම සාක්ෂිය

කාර් භීතිකාව හැමදේටම වඩා දෙමාපියන්ව බියට පත් කළේ මේ සිද්ධියයි. දවසක් ඔවුන් පාරේ ඇවිදගෙන යද්දී, අසල තිබුණු ගරාජයක වාහනයක් ස්ටාර්ට් කරලා එන්ජිම රේස් කළා. ඒ සද්දේ ඇහුන ගමන් ජෙනිෆර් සහ ජිලියන් එකිනෙකා බදාගෙන, වෙව්ලමින්, දහඩිය දමමින් කෑ ගහන්න ගත්තා. "කාර් එක එනවා! ඒ කාර් එක අපිව මරන්න එනවා! දුවන්න! ඒක අපේ ඇඟට එනවා!"

Ad Space - in-article (300x250)

ඔවුන්ගේ ඇස්වල තිබුණේ පුදුමාකාර භයක්. හරියට ඔවුන් මරණය අත්විඳලා තියනවා වගේ. සාමාන්‍ය ළමයි වාහන වලට බය වුණාට මෙහෙම "අපිව මරන්න එනවා" කියලා කෑ ගහන්නේ නෑ.

තවත් දවසක් ඔවුන් සෙල්ලම් කරමින් ඉද්දී එක දරුවෙක් අනිත් දරුවාගේ ඔලුව අතගාමින් මෙහෙම කියනවා ජෝන්ට ඇහුණා: "ඔයාගේ ඇස්වලින් ලේ ආවා. ඒකයි ඔයාගේ ඔලුවේ තුවාලේ තියෙන්නේ. ඒ කාර් එක ඔයාව ඉවර කළා." (ඇත්තටම අනතුර වුණු වෙලාවේ ජැකලින්ගේ ඔලුව තාප්පයේ වැදිලා ඇස්වලින් ලේ ඇවිත් තිබුණා). මේ වගේ සියුම් විස්තර පොඩි ළමයි දැනගත්තේ කොහොමද?

අවසානය

වයස 5 සීමාව සහ ආචාර්ය ස්ටීවන්සන්ගේ පරීක්ෂණය මේ සිද්ධිය මුළු එංගලන්තයේම ප්‍රසිද්ධ වුණා. සුප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක් වන ආචාර්ය ඉයන් ස්ටීවන්සන් (Dr. Ian Stevenson) මේ සිද්ධිය ගැන දීර්ඝ පරීක්ෂණයක් කළා. ඔහු ලෝකය පුරා පුනරුත්පත්ති කතා 3000කට වඩා පරීක්ෂා කළ කෙනෙක්. ඔහු මේ පවුලත් එක්ක අවුරුදු ගාණක් කතා කළා. දරුවන්ගේ උපන් ලප ඡායාරූප ගත්තා. මියගිය දරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා එක්ක ඒවා සසඳලා බැලුවා. ඔහුගේ නිගමනය වුණේ මෙය "ලෝකයේ ප්‍රබලතම පුනරුත්පත්ති සාක්ෂියක්" (Strongest Case of Reincarnation) කියලයි. ඔහු මේ ගැන 'Children Who Remember Previous Lives' පොතේ දීර්ඝව ලියලා තියෙනවා.

නමුත් පුදුමයකට වගේ, දරුවන්ට වයස අවුරුදු 5 පිරෙද්දී... හරියට ස්විච් එකක් ඕෆ් කළා වගේ මේ මතකයන් මැකිලා ගියා. එක් දිනක් උදෑසන ඔවුන් නැගිටින විට, ඔවුන්ට අර "පරණ ජීවිතේ" කිසිම දෙයක් මතක තිබුණේ නෑ. "මේරි" සහ "සුසෑන්" බෝනික්කන් ඔවුන්ට නිකම්ම බෝනික්කන් වුණා. කාර් දැක්කම බය වුණේ නෑ. ඔවුන් සාමාන්‍ය දරුවන් විදියට හැදී වැඩුණා. ජිලියන් පසුකාලීනව සම්මුඛ සාකච්ඡාවකදී කිව්වේ "මට පොඩි කාලේ මගේ ඔලුවේ චිත්‍රපටයක් වගේ දේවල් පෙනුණා, ඒත් දැන් මුකුත් මතක නෑ" කියලා.

ජෝන් පොලොක් මියයන තුරුම (1985දී) විශ්වාස කළේ තම දරුවන් දෙවියන් වහන්සේ විසින් නැවත ලබා දුන් බවයි. ඔහු කිව්වේ "මරණය කියන්නේ තිතක් නෙවෙයි, කොමාවක් විතරයි" කියලා.

ලෝකයේ තාක්ෂණය කොච්චර දියුණු වුණත්, සමහර දේවල් තියනවා විද්‍යාවට අහලකවත් යන්න බැරි. මරණය කියන්නේ අවසානයද? නැත්නම් අලුත් ඇඳුමක් ඇඳගෙන ආයේ එන ගමනක්ද? මේ විශ්වයේ අපි නොදන්නා තව කොච්චර දේවල් ඇද්ද? ඔබ හිතන්නේ කුමක්ද?

👇 ඔබටත් මෙවැනි අත්දැකීම් (පෙර ආත්මය ගැන කියන දරුවන්) ගැන අහලා තියෙනවාද? Comment එකක් දාන්න.

අවසානයි .

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

දෙවන කොටස. - "කාර් එක එනවා... ඒක අපිව මරන්න එනවා!" - මියගොස් නැවත උපන් 'පොලොක්' නිවුන් සොහොයුරියන්ගේ ත්‍රාසජනක මතකයන් 🚗... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න