එදා සිඩ්නි වලදී අපේ සුසන්තිකා පැරදුනේ ඇමරිකාවට නෙවෙයි... ඇමරිකාව විද්‍යාගාරයක හදපු 'කෘත්‍රිම යක්ෂණියකට'! - ඔලිම්පික් පදක...

එදා සිඩ්නි වලදී අපේ සුසන්තිකා පැරදුනේ ඇමරිකාවට නෙවෙයි... ඇමරිකාව විද්‍යාගාරයක හදපු 'කෘත්‍රිම යක්ෂණියකට'! - ඔලිම්පික් පදක්කම් 5ක් දිනලා අන්තිමට හිරේ ගිය මේරියන් ජෝන්ස්ගේ ලැජ්ජා සහගත කතාව" 💉⚖️
ක්‍රීඩාව කියන්නේ දහඩිය මහන්සිය මිසක් වංචාව නෙවෙයි. නමුත් ඉතිහාසයේ සමහර දවස් තියෙනවා, බොරුව රජ වෙලා ඇත්ත යට යන. 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙල කියන්නේ අන්න ඒ වගේ, මුළු ලෝකයක්ම අමු අමුවේ රවට්ටපු දවසක්. ඒ වගේම අපේ රටේ දිරිය දියණියකට ලෝකෙම ඉස්සරහ මහා අසාධාරණයක් වුණු දවසක්. මේ කතාව කියවලා ඉවර වෙද්දී ඔබට හිතෙයි "හොරකම් කරලා දිනනවාට වඩා, අවංකව පැරදෙන එකත් නම්බුයි" කියලා.
කාලය 2000 වසරයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පවත්වපු ඔලිම්පික් උළෙලේ, මුළු ලෝකයේම ඇස් යොමු වෙලා තිබුණේ එකම එක කාන්තාවක් දෙසට. ඇය ඇමරිකාවේ මැරියන් ජෝන්ස් (Marion Jones). ඇය දුවන වේගය, ඇගේ ඇඟේ තිබුණු අසාමාන්‍ය මස් පිඬු දැක්කම මිනිස්සු පුදුම වුණා. "මේක නම් මනුස්සයෙක් වෙන්න බෑ, මේ ගැහැණු ළමයෙක්ට කොහොමද මෙච්චර හයියක්?" කියලා විස්තර විචාරකයෝ කෑ ගැහුවා. ඇය සිඩ්නිවලදී කාන්තා මීටර් 100, 200 ඇතුළු ඉසව් 5කින් පදක්කම් දිනාගත්තා. ඇය ලෝකයේ වේගවත්ම කාන්තාව වුණා. මුළු ඇමරිකාවම ඇයව කරේ තියාගෙන ගියා. ඇය කෝටි ගණන් සල්ලි හෙව්වා. ලෝකේ ලොකුම සඟරා වල කවරවල ඇගේ පින්තූර ගියා.
ඒත්... ඒ දිලිසෙන රත්තරන් පදක්කම් පිටුපස තිබුණේ මහා භයානක රහසක්. ඒ මීටර් 200 ඉසව්වේදී, ලෝකයේ බලවත්ම රටවල් එක්ක කරට කර සටන් කරපු, පුංචි රටකින් ආපු කෙල්ලෙක් හිටියා. ඒ අපේ සුසන්තිකා ජයසිංහ. ඇය එදා දිව්වේ ඇඟේ හයියෙන්. බත් කාලා, කට්ට කාලා හැදුණු ඇඟෙන්. ඇය එදා ලෝකෙම පරද්දලා 3 වැනියා වුණා. ලෝකඩ පදක්කම දිනුවා. අපේ රටට ඒක රත්තරන්වලටත් වඩා වටිනවා. නමුත් ඇත්තටම එදා සුසන්තිකා පැරදුනේ කාටද? ඇය පැරදුනේ මේරියන් ජෝන්ස්ට. හැබැයි ඒ මැරියන් ජෝන්ස්ගේ දක්ෂතාවයට නෙවෙයි, ඇමරිකාව විද්‍යාගාරයක හදපු "තහනම් උත්තේජක" (Steroids) වල බලයට.
නිකමට හිතන්න... අපේ කෙල්ල දහඩිය මහන්සියෙන්, කඳුළු හලලා පුහුණු වෙද්දී... මේ ඇමරිකානු කාන්තාව ඒසී කාමරවල ඉඳගෙන ඇඟට බෙහෙත් විදගෙන ඇවිත් අපේ පදක්කම හොරකම් කළා! එදා මැරියන් ජෝන්ස් පෝඩියම් එකේ උඩම ඉඳගෙන, බොරුවට හිනාවෙලා අත වනද්දී... ඇය ඒ හිනාවුනේ අපේ රටේ අහිංසක දක්ෂතාවයකට නේද? ඒක කොච්චර බලු වැඩක්ද?
වසර ගණනාවකට පස්සේ ඇත්ත එළියට පැන්නා. මැරියන් ජෝන්ස් කියන්නේ සුපිරි ක්‍රීඩිකාවක් නෙවෙයි, විද්‍යාගාරයක හදපු "බොරුවක්". ඇය "The Clear" කියලා හඳුන්වන, සාමාන්‍ය පරීක්ෂණවලට අහු නොවෙන ඉතාම දියුණු තහනම් උත්තේජක වර්ගයක් භාවිතා කරලා තිබුණා. ඇගේ ඒ අසාමාන්‍ය වේගය, ඒ යකෙක් වගේ තිබුණු ඇඟ, ඒ ඔක්කොම බෙහෙත්වල ප්‍රතිඵලයක්. FBI එක මේක ගැන පරීක්ෂණ කරද්දී ඇය දිගටම බොරු කිව්වා. "මම නිර්දෝෂියි, මේක මට මඩ ගහන්න කරන වැඩක්" කියලා ඇය ඇමරිකානු උසාවිය ඉස්සරහ අඬ අඬා රඟපෑවා.
නමුත් සොබාදහම සහ කර්මය කාටවත් ණය නෑ. 2007 වසරේදී, සාක්ෂි එක්කම කොටු වුණාට පස්සේ ඇයට ඇත්ත පිළිගන්න සිද්ධ වුණා. මුළු ලෝකෙම බලාගෙන ඉද්දී ඇය උසාවියෙන් එළියට ඇවිත් හඬා වැටෙමින් "මම ඔයාලා හැමෝවම රැවැට්ටුවා.. මට සමාවෙන්න" කියලා සමාව ගත්තා. එදා ඇමෙරිකාව ඇයට සැලකුවේ වීරවරියක්ට වගේ නෙවෙයි, අපරාධකාරියකට වගේ. ඇය දිනාගත් ඔලිම්පික් පදක්කම් 5ම (රන් 3යි, ලෝකඩ 2යි) ආපහු ගත්තා. ඇගේ ලෝක වාර්තා ඔක්කොම මැකුවා. ඇයව මාස 6කට හිරගෙදරට (Prison) යැව්වා. ඇය හම්බකරපු හැම සතේම නඩු වලට වියදම් වෙලා ඇය අන්තිමට බංකොලොත් වුණා.
එදා මැරියන් ජෝන්ස්ගේ පදක්කම් ගැලෙව්වට පස්සේ, 2000 වසරේ මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම (Silver Medal) නීත්‍යානුකූලව අපේ සුසන්තිකාට හිමි වුණා. හැබැයි හිතන්න... එදා සිඩ්නි ස්ටේඩියම් එකේදී, ලෝකෙම බලාගෙන ඉද්දී, පෝඩියම් එකේ දෙවැනි තැනට නැගලා, අපේ සිංහ කොඩිය ඉහළටම යවන්න තිබුණු ඒ "නියම මොහොත" (The Moment) මේරියන් ජෝන්ස් අපෙන් හොරකම් කළා. ඒක ආයේ ගන්න බෑ. ම ජෝන්ස් එදා බෙහෙත් ගහන්නේ නැතුව දිව්වා නම්, සමහරවිට අපේ සුසන්තිකාගේ ප්‍රතිපලය හුගක් හොදට වෙනස් වෙන්න තිබ්බා.
කොහොම වුණත් අද වෙද්දී මැරියන් ජෝන්ස් කියන්නේ ඉතිහාසයේ කුණු කූඩයට ගිය නමක්. හැබැයි අපේ සුසන්තිකා කියන්නේ තාමත් වීරවරියක්. බොරුවට පුළුවන් වේගයෙන් දුවන්න විතරයි, හැබැයි ඇත්තට පුළුවන් ගොඩක් දුර යන්න. හොර කරලා දිනනවාට වඩා, අවංකව පැරදෙන එක කොච්චර නම්බුකාරද කියන එකට මීට වඩා පාඩමක් තියෙනවාද?
👇 එදා සුසන්තිකා දිනපු දවස ඔබට මතකද? එයාට වෙච්ච මේ අසාධාරණය ගැන ඔයා මොකද හිතන්නේ?
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි
පසු සටහන
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. නමුත් අපි මේ කතාවේ තාක්ෂණික පැත්ත ගැන තව ටිකක් ගැඹුරින් කතා කළ යුතුයි වගේ.
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, 'තහනම් උත්තේජක ගත්ත පලියට දුවන්න බෑ, මැරියන් ජෝන්ස් කොහොමත් දක්ෂයිනේ' කියන තර්කය. නමුත් ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපි 'AC කාමරේ හිටියා' කියලා අදහස් කළේ ඇය දුවන්නේ නැතුව නිකන් හිටියා කියන එක නෙවෙයි. ඇයට තිබුණු 'අසාධාරණ විද්‍යාගාර සහාය' (Unfair Lab Advantage) ගැනයි.
සාමාන්‍ය ක්‍රීඩකයෙක් (Natural Athlete) දවසක් උපරිම ශක්තිය දාලා පුහුණු වුණාම, ඒ ඇඟේ මාංශ පේශි නැවත වර්ධනය වෙන්න (Recovery) පැය 48ක් විතර යනවා. ඒ කාලය ඇතුළත නැවත 'උපරිමයෙන්' පුහුණු වෙන්න බැහැ. ශරීරයට විවේකය අනිවාර්යයි. නමුත් මැරියන් ජෝන්ස් පාවිච්චි කළ 'The Clear' වගේ ප්‍රබල ස්ටෙරොයිඩ්ස් නිසා, ඇයට පුළුවන් වුණා මේ ස්වභාවික සීමාවන් කඩලා, කිසිම තෙහෙට්ටුවක්/ආබාධයක් නැතුව දවසට දෙපාරක්, සතියේ දවස් 7ම උපරිම වේගයෙන් පුහුණු වෙන්න
සරලවම කිව්වොත්, අපේ ක්‍රීඩිකාවෝ සතියට පැය 20ක් පුහුණු වෙද්දී, මැරියන් ජෝන්ස් බෙහෙත් බලයෙන් පැය 50ක් පුහුණු වුණා. ඒක මැෂින් එකක් එක්ක මනුස්සයෙක් දුවනවා වගේ අසමාන සටනක්. ඉතින්, බෙහෙත් නැතුව ඇය කොච්චර දක්ෂ වුණත් වැඩක් නෑ, ඇය දිනුවේ බෙහෙත් නිසා ලැබුණු ඒ 'අමතර ශක්තිය' (Artificial Boost) නිසයි. ඒකයි අපි ඒක වංචාවක් කියන්නේ.
අනෙක් කාරණය තමයි ඇය කළ රැවටීමේ තරම. මෙය නිකම්ම 'වරදක්' (Mistake) නෙවෙයි, මෙය සැලසුම් සහගත 'වංචාවක්' (Fraud). මැරියන් ජෝන්ස් මේ තහනම් උත්තේජක ගත්තේ නොදැනුවත්ව නෙවෙයි. ඇය 2000 සිඩ්නි ඔලිම්පික් එකට කලින් ඉඳන්ම, එනම් 1999 සිට වසර ගණනාවක් තිස්සේ ඉතාම රහසිගතව මේ බෙහෙත් පාවිච්චි කළා. FBI ආයතනය මේ ගැන පරීක්ෂණ පවත්වද්දී, ඇය එක දිගටම අමු අමුවේ බොරු කිව්වා. 'මම කිසිම දවසක තහනම් දෙයක් අරන් නෑ, මම නිර්දෝෂියි, මේක මට විරුද්ධව යන කුමන්ත්‍රණයක්' කියලා ඇය මුළු ලෝකයම ඉස්සරහ අඬ අඬා රඟපෑවා.
නමුත් අන්තිමට BALCO විද්‍යාගාරයේ ලිපිගොනු සහ සාක්ෂි එක්ක ඇයව කොටු වුණාම, ඇයට තවදුරටත් බොරු කරන්න බැරි වුණා. 2008 දී ඇමරිකානු ෆෙඩරල් උසාවියේදී (US District Court), විනිසුරු කෙනත් කරාස් (Judge Kenneth Karas) ඇයට දැඩිව අවවාද කළා. ඔහු කිව්වේ මෙයයි: 'ඔබේ වරද බෙහෙත් ගත්ත එක විතරක් නෙවෙයි. ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ දිගින් දිගටම නීතියට සහ රටට බොරු කළා. ක්‍රීඩාවේ ජීවගුණය විනාශ කළා. ඒ වගේම ඔබව ආදර්ශයට ගත්ත දහස් ගණන් දරුවන්ව ඔබ රැවැට්ටුවා.'
විනිසුරුවරයා ඇයට කිසිම සමාවක් දුන්නේ නෑ. ඇගේ බොරුව සහ වංචාව වෙනුවෙන්ම ඔහු ඇයට මාස 6ක සිර දඬුවමක් නියම කළා. ලෝකේ වේගවත්ම කාන්තාව, අන්තිමට හිරගෙදර යකඩ කූරු අතරට ගියේ එහෙමයි.
සමහර අයට තාමත් හිතෙන්නේ 'මැරියන් ජෝන්ස්' කියන්නේ වීරවරියක් කියලා. ඒ අයට මම කියන්නේ මෙච්චරයි:
වීරයෙක් කියන්නේ වැටුණු තැනින් නැගිටින කෙනෙක්ට විතරක් නෙවෙයි. වීරයෙක් කියන්නේ 'වංචාවකින් තොරව' තමන්ගේ දක්ෂතාවයෙන් දිනන කෙනෙක්ට. ඇය ඇමරිකානු උසාවිය ඉස්සරහ ඇඬුවේ පසුතැවීම නිසා නෙවෙයි, 'අහු වුණ නිසා' (Got caught). නැත්නම් අදටත් ඇය ලෝකෙටම බොරු කරගෙන, අවන්ක ක්‍රිඩකයන්ගෙ තැන අරගෙන වැජඹෙනවා.
හොරෙක්ට 'වීරයා' කියන සමාජයක් තියෙනකම්, අවංක මිනිස්සුන්ට තැනක් නෑ. අපි වීරයෝ කරගන්න ඕන වැටුණට පස්සේ නැගිටපු බොරුකාරයෝ නෙවෙයි, අවන්ක මිනිස්සුන්ව. ජය! 👍

ආශ්‍රිත කතා
🔪 සැබෑ අපරාධ▶ Video🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...
🔪 සැබෑ අපරාධ🚴♀️ සහෝදරයෙක්ගේ පිස්සු වැඩකින් විසඳුණු ලෝකයේ අමුතුම අභිරහස! 🤯
🚴♀️ සහෝදරයෙක්ගේ පිස්සු වැඩකින් විසඳුණු ලෝකයේ අමුතුම අභිරහස! 🤯 1995 අවුරුද්ද කියන්නේ ලෝකයේ තාක්ෂණය අද තරම්ම දියුණු නැති කාලයක්. ඒ කාලයේ නෙදර්ලන්තයේ අයින්ඩ්හෝවන් (Eindhoven) කියන්නේ හරිම නිස්කලංක වගේ...
🔪 සැබෑ අපරාධ🎬 සිහින පුරවරයේ අඳුරුතම කතාව: ලෝකයම හෙල්ලූ 'බ්ලැක් ඩැලියා' අභිරහස 🥀
🎬 සිහින පුරවරයේ අඳුරුතම කතාව: ලෝකයම හෙල්ලූ 'බ්ලැක් ඩැලියා' අභිරහස 🥀 1940 දශකය කියන්නේ ඇමරිකාවේ හොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය යුගයයි. ඒ කාලයේ ලොස් ඇන්ජලීස් නගරය හරියට සිහින සැබෑ කරන මායාකාරී ලෝකයක් වගේ. ...
🔪 සැබෑ අපරාධ▶ Videoජීවිත 269ක් බේරගන්න දින 17ක් තිබුණා! 💔 ඔබ මේ ඇත්ත දන්නවාද?
ජීවිත 269ක් බේරගන්න දින 17ක් තිබුණා! 💔 ඔබ මේ ඇත්ත දන්නවාද? 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඔබ නොදකින සැබෑ කාලරාමුව සහ ඊට පසුබිම් වූ සැඟවුණු කතාව. පැහැදිලි බුද්ධි තොරතුරු තිබියදීත් බලධාරීන් මේ මහා විනාශය ...
🔪 සැබෑ අපරාධ▶ Videoමිනිස් වෙස් ගත්තු යක්ෂයෝ! 😱 ලෝක ඉතිහාසයේ බිහිවුණු දරුණුම සහ භයානකම මිනීමරුවෝ 10 දෙනා. මේකෙන් ඔයාගේ ඇඟම හිරිවැටුණේ කාගේ ...
මිනිස් වෙස් ගත්තු යක්ෂයෝ! 😱 ලෝක ඉතිහාසයේ බිහිවුණු දරුණුම සහ භයානකම මිනීමරුවෝ 10 දෙනා. මේකෙන් ඔයාගේ ඇඟම හිරිවැටුණේ කාගේ කතාව ඇහුවමද? අනිත් අයටත් බලන්න අනිවාර්යයෙන්ම Share කරන්න! 👇
🔪 සැබෑ අපරාධ🏦 ලංකාවේ NDB සිද්ධිය වගේම, හැබැයි ඊට වඩා දාහක් ගුණයකින් දරුණු ඉන්දියාවේ මහා බැංකු වංචාව! 🤯💸
🏦 ලංකාවේ NDB සිද්ධිය වගේම, හැබැයි ඊට වඩා දාහක් ගුණයකින් දරුණු ඉන්දියාවේ මහා බැංකු වංචාව! 🤯💸 ලෝකයේ ප්‍රසිද්ධම රතු පලස මත ඇවිදින හොලිවුඩ් සහ බොලිවුඩ් නිළියන්ගේ ගෙල හැඩ කළේ ඔහු නිපදවූ දියමන්ති මාල වලි...